Feb 9, 2014

මගේ නොවන මගේම අහවල් එක


www.thesaleslion.com/wp-content/uploads
/2013/02/blogging-employees1.jpg
අපි දැං මේ  තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොට, කොට  දුකසේ බ්ලොග් ලියනව නේද? එතකොට ඔහෙලා හිතන්නෙ මේව්ව අපේ කියලද?

බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ  ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා කණෙන් තට්ටකින්  අල්ලලාම එලියට දැම්ම නෙව, මෙන්න මෙහෙම:






දැං මේකා කියන්නෙත් නෑ, මං වයලේට් කොලේ උගේ අහවල් එකද කියලා,  ඉතිං මොකේදෑ දං වළඳන්නෙ?

අපි වගේ  හුදී ජනයාට මේ වගේ අකරතැබ්බයක් වුනාම , අනිත් අය කරනදේ මාත් කොලා - අහල බැලුව දන්න අයගෙන්. ඔන්න එකෙක් කියාපි, ඕක ජාවා ඉස්කිරිප්ට් ලෙඩක් කියලා. තව එකෙක් කිව්වා  මැල්වෙයාය, හොර සයිට් එකකට ලින්ක් එකක් ඇතිය, අරකය මේකය , ඔය වගේ ආරළු-බුරුළු තොගයක්. මං ඉතිං ඔය දන්න කියන ගැජට්-බැජට්, ජාවා ඉස්කිරිප්ට් තියන එව්වා අයින් කරලා බැලුවා . ම්හු.. මේකා කියන්නෙම  කලින් කියපු සිංදුවමයි.

මෙන්න බකුසු මැතඩ් එක. (බාගදා, මේක මට කලින් තව කවුරු හරි හොයාගෙනත් ඇති )

1. ඉස්සෙල්ලාම ගත්තා බැකප් එකක්. ටෙම්ප්ලේට් එක නෙමෙයි බ්ලොග් එකේ - XML  එක

2. කලින්  වේලි, වේලි තිබ්බ wordpress බ්ලොග් එකකට  ඔක්කොම පෝස්ට් ටික export  කලා - මේ අමතර පියවරක්. ඒත් වෙච්ච සැන්තෑසිය අනුව බොලොගර්ව  මට සතේකට සුවර් නැත :)

3. බ්ලොග් එකට ලොග් වෙලා, හැදුව   තව අලුත් බ්ලොග් එකක්. ඒකට import කලා කලින් එකේ පොස්ට් ඔක්කෝම.

4. වැදගත්ම කොටස : කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක. 
කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් වෙනස් කලා, අගට '1" දාලා, දැන්  අලුත් එකට , පරණ එකේ ඇඩ්‍රස් එක කොපි කලා.

දැන් අලුත් එකයි , පරණ එකයි දෙකම තියනවා. පරණ ඇඩ්‍රස් එකට පෙන්නන්නෙ අලුතෙන් හදපු එක නිසා, ඒක බ්ලොක් වෙලා නෑ. පරණ එක බැකප් එකක් විදිහට තියනවා. මට ඇඩ්මින් විදිහට ලොග් වෙන්න ඇහැකි නිසා අවුලක් නෑ. දැං ඉතිං හිමීට , අනික්  ගැජට්-බෑජට් පරණ එකෙන් අලුත් එකට ගෙනෙමින් පවතිනවා .

උන්නු හැටියට මලා මදැයි, කිව්වලු :)


ප.ලි: 

දැං හරි, අවුල ජාවා ස්ක්‍රිප්ට් තමා. තිබ්බෙ  පේජ් වල දාපු එකක.
අවවාදය : නිකං දෙන  බඩුවල හිල් තිබිය හැක

අනුග්‍රහය - බුරා :)


18 comments :

  1. "කණෙන් තට්ටකින් අල්ලලාම එලියට දැම්ම"
    හුගක් බස්සන්ට උන්ගේම කන් නොවන කන් වගේම කෑලි දෙකක් ඔලුවෙ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් සමහර බස්සන්ට එහෙම තියනවා තමයි. ඒත් මට නං ඒවා පේන්නෙ අං වගෙයි. මං එහෙම "අං" නැති බස්සෙක් :)

      Delete
    2. tufts of feathers resembling horns.

      අං එන්න චාන්ස් එකකුත් නෑද්ද?

      Delete
    3. මං හිතන් ඉන්නෙ මට අං නෑ කියලයි, ඒත් බලන ඔහෙලට තමා ඒක පේන්නෙ. අං ඇවිල්ල වගේ පේනව නං කියන්ට, ඈ? :)

      Delete
    4. බස්සන්ට පොඩි tail එකක් නම් තියනව

      Delete
  2. මට නම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ. එහෙම රිකවර් කරගන්න පුළුවන් බව දැනගෙන ඉඳීම දැනට ඇති මම හිතන්නේ... මම බැලුවා මගේ රීඩිං ලිස්ට් එකේ බස්සගෙ පෝස්ට්ම තියෙන්නේ ඇයි කියලා. එහෙනම් මේකයි හේතුව.

    තාම වර්ඩ් වෙරිෆිකේශන් තියනවා...

    ReplyDelete
    Replies
    1. // එහෙම රිකවර් කරගන්න පුළුවන් බව දැනගෙන ඉඳීම දැනට ඇති //

      හොඳටම ඇති. එහෙම එකක් උනොත් කියන්නකො. මං පිංතූරත් එක්කම දාඤ්ඤං " "මෙතෙන්ට කොටන්න" කියලම.

      ඔන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලා.

      Delete
  3. @pra jay,
    try this one.

    https://www.tumblr.com/

    it will help u to follow all the comments ( ex: http://haresheranga.tumblr.com/)

    ReplyDelete
  4. Geez guys, why u wanna use widgets for that.!? Just use Notify me option.. Blogger will e-mail u.. :)

    ReplyDelete
  5. හහ්, කොහෙද බොල මකබෑවිල හිටියෙ? :)
    Notify me??? ඒ මොකක්ද? අදමයි ඇහැව්වෙ.

    ReplyDelete
    Replies
    1. මෙයත් මේ දවස්වල ලෝකේ වටේ ගියාලු...:D

      Delete
    2. Pazza & Buratheno,
      Thanx but ...um.. still unenlightened.
      Incapable of being blog-literate, I reckon.

      Delete
    3. @Pra Jay,

      Comment box එකට පහළින්, publish button එක තියෙන පේළියේ දකුණු පැත්තෙන් තියෙනවා checkbox එකක් Notify me කියලා.. Comment එක publish කරන්ට කලින් මේ checkbox එක click කරලා තිබ්බොත් ඔයාගෙ comment එකට එන replies හැම එකක්ම subscribe කරලා තියෙන e-mail එකට එනවා.. එතනින් ඔයාට හොයාගන්ට පුළුවන් මොන මොන බ්ලොග්වල මොන මොන පෝස්ට්වලටද ඔයා comment කරලා තියෙන්නෙ කියලා..

      Delete
  6. @ Bura,
    Man save us !!!!!
    who gonna save our inbox then?
    මම නම් ඒක ෆලෝ නොකරන්නේ මගේ මේ බ්ලොගර් එකවුන්ට් එක තියෙන්නේ මගේ ඔෆීසියල් ඊමේල් එකෙන්මයි. මගේ අටෝරාසියක් ගැජට් වල මේල් ක්ලයන්ට් හෙම මේක. ඉන්ටර්නෙට් එකෙන් ලොග් වෙලා මේල් බලනවා වගේ නෙමෙයිනේ මේල් ක්ලයන්ට් වල ඊ මේල් එන්න ගත්තම. අම්මෝ හොඳ පණ එපා වෙනවා.

    ReplyDelete
  7. ඇති යම්තම් මේකට ලොග් වුනා. උඩ කොමන්ටුත් ඩිලීට් වෙලාද එතකොට? මම දැක්කා අද ගොඩාක් බ්ලොග් වලට ස්පෑම් ඇටෑක් ඇවිත් කියලා. එහෙම මොකක් හරි එකක්ද බස්සෝ?

    ReplyDelete
    Replies
    1. තාම හරියටම සුවර් නෑ. කිව්වෙ, මට සයිට් එකේ ඕනර්ෂිප් එක තියනවාද කියලා එයාලට දැනගන්ට ඕනෙයි කියලයි. බලමුකො මොකද වෙන්නෙ කියලා

      Delete
    2. හී...හී...මෙයාට ඕනර්ෂිප් නැද්ද කොහෙද...

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code