May 24, 2014

ජනතාව අවදි කරන්නෝ

http://www.prikol.ru/wp-content/gallery/july- 2012/big-cats-58.jpg
බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)
හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව,  කාලය කියන එක එච්චරම  වටිනා සාධකයක් බව  පේන්න නෑ. බොහෝ විට ස්වයං ‍රැකියා කල  අපේ පැ‍රැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:
" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"

ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:
ඇටි කුකුළා - බුක් ගෑම
ගං කුකුළා - හැඬලීම

මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත්   , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක්  අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?

ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ  Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා,  හඳුංකූරු  සීනු ඔරලෝසුව.
http://upload.wikimedia .org/wikipedia/ commons/e/eb/ IncenseAlarmClock.JPG
මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:

මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:
http://www.japanese-i ncense.com/sb3.jpg
නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව.  මේ අනුව  කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි  අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු  යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.  

මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව. 

හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක

දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල  බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.

මං සාමාන්‍යයෙන් බුදියන්නෙ  කොටස්  දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම,  හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.

දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:

1.තඩි LED clock  එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.

2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .

සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.

දැං බලන්නකො , මේ සුද්දො අතරෙත්  ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?


අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක  නං අති සාර්ථකයි.  වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:
1. ලොකු snooze button එකක් - පලවෙනි සැරේ පටෝන් ගාල තඩි බාලා, ආයෙ ඇහැපියෝ ගන්න
2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න. 

අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි..

27 comments:

  1. ඔබේ ක්‍රමය වැරදියි.

    මගේ මුල්ම ජොබ් එකේ මට නයිට් ඩියුටි තිබුණා රෑ 10 සිට උදේ 10 දක්වා. මං නිදා ගන්නේ දවල්ටත් කාලා දෙකත් පහුවුණාට පස්සේයි. නින්දෙන් නැගිටලා උදේට කනවා වාගේ රෑ බත් පිඟාන කාලා වැඩට යනවා.

    ReplyDelete
    Replies
    1. සමහර විට වැරදි වෙන්න ඇති, ඒත් මේක මට හරියනවා. රෑ තිස්සෙ නිදි මරලා ආවම, බොහෝ වෙලාවට උදේට මට ඇස් ඇරන් ඉන්න බෑ. ඉතිං ඒත් මගේ කැමැත්ත නෙමෙයි , කරන්න දෙයක් නැති කම. මෙතන වැදගත් කොටස අර දෙවනි නිදි වඩිය, ඒක තමයි ඇත්තටම රෑට ඇහැරිලා ඉන්න උදව් වෙන්නෙ.

      මම කකාගෙ ක්‍රමන අත්හද බලා නැති නිසා , ඒක මටත් හරියනවද දන්නෙ නෑ. ඒත් දැං මට මේක පුරුදු වෙලා නිසා , වෙනස් කරන්න කැමති නෑ

      Delete
    2. කකාගෙ ක්‍රමය හරියනවා උදේ 10ට ෂිෆ්ට් එක ඉවර වෙන කෙනෙකුට.. ඒත් උදේ 6ට 7ට ෂිෆ්ට් එක ඉවර වෙන කෙනෙකුට ඒක ගැලපෙන්නෙ නෑ.. මම නයිට් අදින කාලෙ ෂිෆ්ට් එක ඉවර කලේ උදේ 7.30ට.. 8 වෙද්දි ගෙදර ආවට නිදාගන්ට බෑ, ඇඳට පැන්නත් නින්ද යන්නෙ නෑ.. මොකද බයෝසයිකල් එකේ ඒ වෙලාව නිදාගන්න වෙලාවක් විදියට අප්ඩේට් වෙලා නැති හන්දා.. ඉතිං අර බස්සා වගේම කාලා පොඩ්ඩක් කැරකි කැරකි ඉන්ට වෙනවා නිදිමත එනකං..

      Delete
    3. බුරා , ස්තූතියි පැහැදිලි කිරීමට. මමත් ඉස්සර පටන් ගත්ත එකදිගට එක වඩියට නිදාගෙන. ඒත් සමහර වෙලාවට පාන්දර ජාමෙ එනවා දරුණු නිදිමතක්. පස්සෙ අනිත් අය ගෙන් අහගෙන තමා මේ ක්‍රමේ පටන් ගත්තෙ. මේ කොටස් දෙකේ ක්‍රමේ අමතර වාසියකුත් තියනවා. පලවෙනි නිදි වඩියෙ කාලය අඩු-වැඩි කලෑකි, අවශය්‍ය නම් , රෑ නිදිමත හැදෙන්නෙ නැතුව.

      Delete
  2. ඔය එලාම් ඔක්කොටම වඩා හරි යන එකක් තියෙනව .බස්සියෙක්

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතිං කොහොමත් නිදාගන්ට ලැබෙන්නෙම නෑ නෙවැ, කන්දොස්කිරියාව හන්දා.. එලාම් ඕනම වෙන එකක් නෑ.. :-P

      Delete
    2. බින්දි , ඔය බුරා දීල තියෙන්නෙ උත්තරේ :)

      Delete
    3. මචං, බින්දි එලාම්/වෑර්ලස් පටලෝගෙන නේද?

      එලාම් -ඉඳහිට බෙරිහන් දෙන එක
      වෑර්ලස් - නන් ස්ටොප්, කන්දොස්කිරියාව

      Delete
    4. අපේ ලොක්කි කියන්නේ මෙහෙමයි මගේ උදෑසන එලාම් එක ගැන
      ''චුටි මණික රත්තරන් නැගිටින්නකෝ '' ඒ 6.30 ට.
      ''සුදු දෝනි නැගිටින්න පරක්කු වෙනවා ''6.45
      ''දුව නැගිටින්න '' 6.50
      ''දෙන්නම නැගිටිනවද නැද්ද '' 7.00
      තාත්තට නම් එයාගේ ෆෝන් එකේ එලාම් එක හයේ ඉඳන් වදිනවා . මගේ එලාම් එක වදින වෙලාව වෙද්දී උන්ද නැගිටලා .

      Delete
    5. බින්දිගෙ අන්තිම කමෙන්ට් එක මාව මතක මං පෙතේ අතීතයට අරන් ගියා. අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා, ලෝකෙ කිසිම එලාම් එකකට අම්ම කෙනෙක්ට තරඟයක් දෙන්න බැරි බව.

      මං හිතෙන්නෙ, අර ක්‍රමක්-ක්‍රමයෙන් ඇගෙසිව් වෙලා අන්තිමට මහ හයියෙන් බෙරිහන් දෙන නූතන එලාම් , ආදර්ශෙට අරං තියෙන්නෙ අම්මලාව වෙන්න ඇති.

      ආ, බින්දිට එක ස්ටෙප් එකක් අමතක වෙලා - මානසික අල්ලස් දීම

      " නැගිටපංකො, කොලුවො. මේ කිරි තේකත් නිමෙනවා "

      Delete
    6. අපේ ලොක්කිට කන බොන එව්වා හරියන්නේ නැහැ . කන්න නොදෙන තරමට ආස වෙයි උදේට . පොඩි නම් ''ඔන්න උදේට කන්න වෙලා මදි වෙයි '' කිව්වම පොඩ්ඩක් එක ඇසක් විතරක් හරි ඇරලා බලයි.

      Delete
  3. මට නං ඔය කිසිම එලාම් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ මගෙ එලාම් එක ඔලුවෙ තියෙන්නෙ.කිසිම කරදරයක් නැතිව උදේ පාන්දරට ඇහැරෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම පාන්දර ඇහැරෙන්න හැමෝටම බෑ. ඒකත් එක්තරා හැකියාවක්. අර බුරා කියල තියෙන්නෙ බයෝ-ක්ලොක් එක කියල,

      Delete
  4. 6.30ට නැගිටින්න මම එලාර්ම් තියන් ඉන්නේ 6 ඉදන්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හරි ක්‍රමය. කොටස් වශයෙන් තමා ඇහැරෙන්න ඕන :)

      Delete
  5. බස්සට තියෙන්නේ ඔය කොටස් දෙකට නිදලා ඇහැරෙනකොට වෙන රටවල ඉන්න ලස්සණ ගෑනු ලමයි දෙන්නෙකුට කියලා ඇහැරෙන්ට ඕනි වෙලාවට කෝල් කරවගන්ට.:)

    අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි...:D

    ReplyDelete
    Replies
    1. දැන් එලාම් එක බෙරිහන් දෙන කොට. ස්නූස් එකට තඩි බෑවාම, යස අගේට කට පියාගන්නව නෙව

      කෝල් කරවා ගන්ට? හහ්, නැතුවට කාරියක් නෑ.මට මයෙ එලාම් එකම හොඳා :)

      Delete
  6. ///බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි //
    මට පේන්නෙ " හොර" ට වෑඩිය තියෙන්නෙ කපටිකම. හොර කුරුම්බා වගේ පොඩි දේකට වරද පෑනල පිලිඅරගෙන චෝදනා deflect කිරීම. ( හොර කුරුම්බාබීම අන් දේවල් වලට euphemism එකක් ලෙස ලියා ඈත්නම් නම් සමාවෙන්න )

    //එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්//

    මේ කියල තියෙන්නෙ ඒක වයිබ්‍රේට් වෙනව කියලද? එහෙම නෑත්නම් වයිබ්‍රේටර් ලෙසත් යොදා ගත හෑකි කියලද? :-D

    ReplyDelete
    Replies
    1. හා, "ලෝකය"ත්(euphemism) ඇවිත් තියන්නෙ ? :)

      වයිබ්‍රේට් වෙනව නෙව . නැතුව වයිබ්‍රේටර් එක ලෙස යොදා ගන්නෙ , කොන්ක්‍රීට් අනන්නයෑ :p

      Delete
    2. "ලෝකය"ත් ????

      Delete
  7. මට නම් එලාම් එක තිබ්බම ඇහැරෙනවා. ඒත් මම කෝකටත් කියල ඔරලෝසු දෙකකට වෙලාවල් දෙකක් තියාගන්නව. එකකට 4.30 නම් අනිත් එකට 4.45 විතර. මම ඉතින් එලාම් තියල නැගිටින්නෙ ට්‍රිප් එකක් යන්න නිසා අගේට ඇහැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මගෙත් එහෙම බැකප් එලාම් සෙට් කිරිල්ලක් තිබ්බා. මගෙ තිබ්බා කරන්ට් එක ගිහිල්ලා, ආයි ආවොත් රී-සෙට් වෙන ඔරලෝසුවක්. දැන් නම් බැකප් නෑ.

      Delete
  8. මම හිතුවේ බස්සනට ඔරලෝසු ඕනේ නෑ කියලා. සාමාන්‍යෙන් බස්සෝ කොයිවෙලේත් ඇහැරිලා ඉන්න ජාතියේ කට්ටියක්නේ.
    ඒ වුනාට මේ බස්සා බස්සෙක්ම නෙවෙයිද කොහෙද?

    මගේ යාළුවෙක් හිටියා ඌත් බස්සාගෙ ජාතියේ. උගේ එලාම් වලට ඇහැරෙන්නේ අපි අල්ලපු ගෙවල් වල ඉඳලා. බෝම්බ ගැහුවත් ඌට ඇහෙන්නේ නෑ නිදාගත්තම.

    ReplyDelete
    Replies
    1. බස්සො ඇහැරිලා ඉන්නවා රෑට. දවල්ට වලස්සු වගේ බුදියනවා. අර ඉන්නවයි කිව්ව යාලුවා බස්සෙක්ද, බැස්සියෙක්ද? :)

      Delete
  9. මම 9ට වැඩට ඉන්න ඇහැරෙන්න ඔන්න එලාම් තියන විදිහ
    උදේ 6
    6.30
    7.30
    8.00
    8.15
    8.30

    වැඩේ කියන්නේ ඔය මොනවා කරත් වෙලාවට වැඩට යන්න බැරි එක නොවැ

    ReplyDelete
    Replies
    1. යකඩෝ, මං හොඳයි නෙව ? මට නං යන්නෙ විනාඩි හතේ කෑලි , වැඩිම උනොත් තුනයි :)

      Delete
  10. අපි ඉතින් ෆිට් එකේ ඉන්න කැමති බව බොරුවට ගෙදර උන්දැට පෙන්නගෙන ඉන්න බුවාලා වෙච්චි :D මේ ගැජට් එක බස්සා පාවිච්චි කරනවානම් පොඩි වයිබ්‍රේට් එලාම් පාරකුත් තියෙනවා...

    http://www.fitbit.com/flex#helps-you-zzz

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code