Jun 1, 2014

මල් වඩම් අනවශ්‍යයි

http://www.hacknmod.com/wp-content
/uploads/2008/11/hard-drive.jpg
අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ  නෑ. ඔය පොඩි  කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.

W.D Caviar  (උපත- 2007 විපත- 2014)



මම නෙමෙයි මයෙ හාඩ්  ඩිස්ක් එකක්. අවුරුදු හතයි, මාස තුනයි. කම්පුටර්  වසර වලින් ගත්තාම, මේක  ගල් යුගේ  තරම් වයසක්. .මේක බූට් ඩ්‍රයිව් එක. ඒක තමා මට කෙලවිච්ච තැන.

ඉස්සර කාලයක් තිබ්බා, අවුරුද්දට තුන් හතර පාරක්වත් , හාඩ් ඩිස්ක් ෆෝමැට් කරනවා, OS රී-ඉන්ස්ටෝල කරනවා. ඒ කාලෙ , ඒකට ලෑස්තිවෙලාම යි හිටියෙ, ඔක්කොම ආවුද ආම්පන්න තිවුණා. පස්සෙ , පස්සෙ , පස්සෙ ඔය OS ස්ටේබල් වෙන්න ගත්තාම , ඒ " හොඳ" පුරුදු නිකම්ම නැති වෙලා ගියා. ආන්න එතන තමා මට වැරදුනේ.

සියලු සංස්කාරක ධර්මයෝ, නැසෙන සුළුය. 

OS ඉන්ස්ටෝල් කරන එක එච්චර අමාරු දෙයක් නූනාට වස කම්මැලි වැඩේ. එච්චර නං මඳෑ, තව අටෝරාසියක් අත්‍යාවශ්‍ය පොඩි පොඩි  කෑලිත් ඉන්ස්ටොස්ල් කරන්න එපෑය. ඉස්සර , මේ කරදරෙන් ගැලවෙන්න කරපු දෙයක් තමා , ඩ්‍රයිව් ඉමේජ් එකක් ගෙඩිය පිටින් සේව් කරගන්න එක, ඩ්‍රයිව් කිව්වට ඇත්තටම OS එක තියෙන පොඩි පාටිෂන් එක විතරයි

ඉස්සර පාවිච්චි කලේ Acronis True Image
දැන් නං එව්ව ඔනෙ නෑ, වින්ඩෝස් වලම තියනවා. ඒ නිසා ,  මේ වංගියෙ සිස්ටම් ඉමේජ් එකක් හදලාම තියා ගත්තා 

මේ වෙච්ච අකරතැබ්බෙ , පෝස්ට් එකක් කලේ, ඔහෙලගෙනුත් නොදන්න දෙයක්, උපදේශයක්  ලැබෙයි කියල හිතලයි :)

මට නං රිකවර් කරගන්න තරම් වටින  දෙයක් තිබ්බෙ නෑ. ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ  විහිලුවක් නෙමෙයි, ඇත්තටම මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්න විදිහ. (zip-lock  බෑග් එකක දාන්න ඕනෙ)

16 comments:

  1. ගොනා සහ තණකොළ වගේ බං.

    ReplyDelete
    Replies
    1. මං ඔලුව කස,කස අත්ත දිගේ එහාට මෙහාට සක්මන් කරල බැලුව, ඔහෙට කියන්න හැලපෙ , මං නං මේ උපහැරණෙ තේරුනේ නෑ :)

      Delete
    2. ඔය කියලා තියෙන්නෙ උඹ ගොනා කියලා.. :-P

      Delete
  2. සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව SSD එකක් අරන් දාගනින් බං.. recovery ඕ‍නෙත් නෑ backup ඕනෙත් නෑ.. Data corrupt වෙන්නෙත් නෑ..

    Data recovery සම්බන්ධයෙන් මගේ දැනුම අල්පයි, අංශුමාත්‍රයි.. ඒක profession එකක් විදියට කරන මගේ යාළුවෙක් ඉන්නවා, ඕන්නං මං අහලා කියඤ්ඤා..

    පලි: මට මතක් වුනේ බං ඒ කාලෙ DVD එහෙමත් නැති කාලෙ, අපි external hard disk එකක් තියාගෙන, ඒකෙ backups තියාගෙන මොන දුකක් වින්දද නේද.? මතක් වෙනකොටත් හිනායනවා.. :-D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අපි නම් දැන් SSD ... speed එකත් හොඳයි නේ...

      අවුරුදු හතක් කියන්නේ බුදු අම්මේ සෑහෙන කාලයක් නෙ. ඒ අතින් ඉතිං පාඩු නෑ නේද?

      Delete
    2. @ Buratheno ,

      ඔයා ඔහොම කීවට බස්සා ටිකක් ලෝබ ඇති , ඒකනෙ මේ පෝස්ට් එක දාල තියෙන්නෙ. කවුරු හරි දුක හිතිල එකක් අරන් දේවි කියල හිතිනවද දන්නෙ නැහැ :)

      Delete
    3. @ බුරා
      ස්තූතියි මචං. SSD වල මැකෑනිකල් පාට්ස් නැති එක ඇත්ත. ඒත් එව්වත් ෆේල් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ නේද? ස්පීඩ් එක නං සුපිරි, ඒත් කොස්ස කැපෑසිටි එක.

      @නිරෝ
      ඔව් අවු. 7 කියන්නෙ , SSD එකක වුනත් ජිවිත කාලයක්.

      @සොන්යා

      මූ මහ කුම්මැහි බස්සා කියල නං ලෝකයා කියනව. අපි ඒකට කියන්නෙ අරපරිස්සම කියල :)

      Delete
  3. මල්වඩමක් එවන්ටයි බැලුවේ...:)

    ReplyDelete
    Replies
    1. හහ්, නෑ ඕනෙ නෑ, හත් දවසෙ දානෙට ආවම ඇති :)

      Delete
  4. "මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්න විදිහ"
    මේක පොඩ්ඩක් විස්තර කරමුකෝ ආයිබෝං

    ReplyDelete
    Replies
    1. මේකෙ තියරි එක නං හරියටම පැහැදිලි කරන්න අමාරුයි. සීතල වුනාම, හාඩ් ඩිස්ක් විතර්ක් නෙමෙයි, හීරිච්ච CD, DVD පවා ටිකක් හොඳට රීඩ් කරනවා.

      මේක දිගටම කරන්න පුළුවන් වැඩක් නොවන බව තේරෙනවා නෙව? එක සැරයයි, නැත්නම් දෙකයි. පටස් ගාලා පුළුවන් ඩේටා ටික කොපි කරගන්න ඕනෙ.

      එක දෙයක්. සීතල වුනාම , බැ‍ඳෙන ජල වාෂ්ප ගැන පරිස්සම් වෙන්න ඕනෙ. හාඩ් ඩිස්ක් එකක් නම් , මං කරන්නෙ zip-lock බෑග් එකක දාලා සීල් කරලා freezer එකේ දාන එක. පැය බාගයක් ඇති. 100% නූනත් බොහෝ විට හාඩ් ඩිස්ක් එක වරක් හරි ස්ටාට් වෙනවා. ඔය උඩ තියෙන්නෙ සම්පූර්ණ විස්තරේ.

      Delete
    2. හරි බෝම ඉස්තූතියි!

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code