Nov 30, 2014

ලුණු දෙහි


බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර  ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා මැජික් ලාම්පුවක්  පරණ පොතක්. පොතක් කිව්වට , මේක පොත් රාජයෙක්. විසාල පොතක්. හොඳට බයින්ඩ් කරලා , හදලා තිව්නෙ කලු කඩදාසි වලින්. මේ කලු කඩදාසි ඇතුල් පි‍ටු පුරවලා තිබ්බෙ, පත්තර වලින් කපා ගත්ත එක එක ලිපි.

curious owl

ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, අත්-බේත්, හප්පේ ඒකෙ තිව්න  ජාති. දැක්ක ගමන් බස්සට තේරුනා මේක නං  බකුස් පරම්පරාවෙන්, පරම්පරාවට උරුම වෙච්ච මහාර්ඝ පුස්ථක රත්නයක් බව. ඌ පටස් ගාලා ඒක යටි මඩි ගහගත්තා.

දැං  කම්පනා කරන කොට හිතෙනවා, කවුරු හරි අපේ පරම්පරාවෙ ඉස්තිරි රත්නයක්, බොහොම මහන්සිවෙලා එකතු කරපු පත්තර  ලිපි එකතුවක් බව. ඔය දැං කාලෙ ඉන්න , බතක් , පරිප්පුවක්වත් හරියට උයා ගන්ට බැරි බවලත්තු වගේ නෙමෙයි. ඉස්සර කාළෙ මෑණිවරු , තමන්ගෙ දෝණියැන්දලාට ගෙදර දොරේ වැඩපල හොඳට පුරුදු පුහුණු කලා නෙව.

මෙන්න මේ පොතේ තමා අපේ සාම්ප්‍රදායික ලුණුදෙහි ගැන තීරු ලිපියක් තිබ්බෙ. ලියල තිබ්බෙ කුස්සි අම්මා කෙනෙක් ලියන විදිහට.හදන ක්‍රමය ගැන ඒ හැටි මතකයක් අද නැති වුනත්., මෙන්න මේ කොටස නං මතකයි:
කෑම සංරක්ෂණය කල රට කුස්සියක්
සහ  කෑම ඉදෙන කන්වත් ඉවසිල්ලක්
නැති වණ්ඩු ආප්පයො සැට් එකක්

"වාරෙට දෙහි යහමින් ඇති කාළෙට, කරන්න හොඳ දෙයක් තමා ලුණුදෙහි දාන එක. ඔය වෑංජනේකට ලුණු ඇඹුල් මදි පාඩුවක් තියේනං, ලුණුදෙහි ගෙඩියක්  අරන්, ලූනු, මිරිස් කපලා සම්බෝලයක් හදාගෙන බතත් එක්ක හාමු කොරල ගත්තාම පංකාදුයි"



පොඩිකාලෙ ලමයි කැමති පැණිරස කෑම වලට උනාට , බස්සා කැමති වුනේ ඇඹුලට. (පස්සෙ තමා 'පැණි' වලට රස වැ‍ටුනෙ). ගමේ තිබ්බ ගස්වල සියඹලා විතරක් නෙමෙයි, අහල පහල වතුවල ඇඹුල් පළතුරුත්,කඩවල තිව්ව සියඹලා, ලුණුදෙහි  සෑහෙන ප්‍රමාණයක් බකුසු බඩට ගියා මයෙ හිතේ.

ලුණු කියන්නෙ විජලකාරකයක්. මේක  උදව්වෙනවා කෑම කල්තියා ගන්න. ක්‍රමය සරලයි. ලුණු දාලා වේලනවා. ලුණුදෙහි, කරවල වලදි එහෙම උනාට, ජාඩි වලදි මේ ක්‍රමේ පොඩ්ඩක් ඉතර වෙනස් වෙනවා. ජාඩි වලට ලුණුයි , ගොරකයි දෙකම දානවා. වතුර ගතිය එහෙම්ම තියනවා. ඔය ජාඩිවතුර රස කාරකයක් විදිහට මාළුපිණි වලට පාවිච්චි කරන්නත් ඇහැකි.

ගමේ කුස්සියෙ , ඔය නොයෙක් ක්‍රම වලට කල් තියාගන්න  හදපු දේ තිබුණා. වැලි කොස් ඇට, අ‍ටුකොස්, වේලපු දෙල් වගේම දුම් මැස්සෙ පුවක් කොලපුවක එල්ලාපු කිතුල් පැණි මුලක්, දෙකක් එහෙමත් තිබුනා.  දර ලිපෙන් ගෑස් ලිපට මාරු වෙච්ච අදකාලෙ කුස්සිය, එදා ගැමි ගෙදරක තිබ්බ කුස්සියට වඩා සැපපහසු තැනක් වුවත්, ඒ එක්කම, ලුණු දෙහි, ජාඩි, අ‍ටුකොසුත් අභාවයට ගියා කියලයි මට හිතෙන්නෙ.


ජාඩි කාපු නරියෙක්

හෙරලි පොලොස්
දෙල්, අ‍ටුකොස්
ජාඩි හොඳිත්
එක්ක ගුඩුස්

ඔය කවිය " කොරලි හොඳිත්"  කියලත් කියනවා. පරණ දේවලට. පාරම්පරික කෑම, බීම වලට මගේ බොහොම කෑදර කමක් තියෙනවා.පැරණි  කෑම කල්තබා ගැනීම කියන්නෙ කලාවක්. මේක අධි-ශීතකරණයක කෑම ඔබන එකට වඩා වෙනස්. උදාහරණයක් විදිහට බල මාලු වලත්, බල කරවල වලත් රස අහසට-පොලොව වගේ වෙනස්. මෙහිදි යම් බැක්ටීරියා ක්‍රියාවලියක් සිදුවෙලා රසය වෙනස් වෙනවා. මේ බැක්ටීරියා ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියලා මෙන්න මේ මිල අධික කෝපි වර්ගය ගැන කියෙව්වාම දැණගන්න ඇහැකි.


Kopi Luwak

කෝපි හදන යන්තරේ
මං කොහේ හරි දැක්කා, ආහාර වීදුරු බෝතල්වල හුලං නොයන සේ අසුරන ක්‍රමයක්, නැපෝලියන් බොනපාට්ගෙ කස්ටිය දියුණු කලා කියලා.. බඩගින්නේ යුද්ධ කරන්න බැරිබව , හොඳට කාපු බීපු  බොනපාට් උන්නැහේ දැණගෙන ඉන්න ඇති.






මේ තියෙන්නෙ තියෙන්නෙ එන්ගලාන්..තෙ "බුදු අම්මෝ" රජ කුස්සියක් - Windsor Castle kitchen . 1819








මේ රජකාලෙ සුද්දන්ගෙ පාන්බාස් කෙනෙක්. "People of the upper crust" කියන කියමන ඇවිල්ලා තියෙන්නෙ පාන් ගෙඩියෙ උඩ කොටස ගියේ බලවතුන්ට වීම නිසයි කියලා මං කොහේ හරි දැකලා තියනවා







හා, එන්න, එන්න ලාබයි. දෙක පනහයි




මං  දැන් මේ මොකක් ගැනද කියාගෙන ආවෙ.......?
ආ, හරි ලුණුදෙහි ගැන නෙව? මයෙ ගාව තිව්නා ඔරිජිනල් ලුණු දෙහි ටිකක්. මං ඕක බොහොම අරපරිස්සමට තමා පාවිච්චි කොලේ. මාත් එක්ක ඉන්න අනිත් හෝතම්බුවගෙ බොනපාට් යාලුවො මේක හොරා කාලා. මං කලේ බෝතලේ හංගපු එක. මුංව දීයා කන්ට, උන් ඒකත් හොයාගෙන ආයෙ කාලා. මං ඒ වංගියෙ කලේ ලුණුදෙහි හදපු  එකයි. අවුවෙ වේලන්න විදිහක් නෑ. අර තම්බල හදන හොර ක්‍රමේ රසට මං කැමති නෑ. මං හැදුවෙ අවන් එකේ. රස්නෙ අඩුවට දාලා යන්තන් දොර ඇරලා වේලගත්තා. පස්සෙ ලාබෙට ඩිහයිඩ්‍රේටර් එකක් ලැබෙන කොට , පෙරහැර ගිහින් ඉවරයි. නරකම නෑ. පොඩි පැඟිරි රහක් නං තියේ. හොඳම වැඩේ කියන්නෙ අර කලින් ලුණුදෙහි හොරා කාපු , හොර බළල්ලු සැට් එක නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බලන්නෙ :)


20 comments:

  1. දැන් කෝ අර පොත..??

    ReplyDelete
    Replies
    1. ඒක අනිත් එවුන් අරං ගියා :)

      Delete
    2. http://lukehoney.typepad.com/the_greasy_spoon/2011/03/the-great-kitchens-at-the-brighton-pavilion.html දැකල තියනවද?

      බුර් නම් ගිහිල්ල ඇති

      Delete
    3. කීප වතාවක්ම බ්‍රයිට්න් ගිහින් තිබුනට මෙතැනට ගිහිල්ලා නෑ.

      Delete
    4. මං බ්‍රයිටන් ගිහිල්ල තියෙන්නෙ එක පාරයි ( ඒ රටටම ගියෙ දෙපාරයි ) ඒත් පැවිලියන් එකට ගියා.

      මං ලන්ඩන්වලනම් කකුල් ගෙවෙනකම් ( ඇත්තටම ෂූ කට් ) ඇවිද්ද.මුල පාර ටියුබ් වරදියි කියල බයට ඕනවටත් වඩා ඇවිද්ද :-D මං නැවතිලා හිටිය එක ගෙදරක අය අවු 25 - 30 ක් එහෙ( මං සුමාන 2යි ) . ඒත් මං තරම් ලන්ඩන්වල තැන් දැකල නෑ suburb එකක ඉඳලත්. සමහර තැන් අහලත් නෑ
      අපේ අය සහ ඔවුන්ගේ ආකල්ප ගැන දුක හිතුන.
      මා ගැනත් දුක හිතුන ඕනකම තිබුනට ඇතිවෙන්න අවස්තා නොමැති එක ගැන.
      Hey, I'm not saying Bur is like that OK. From his writing I'm sure he is not. I'm just sad that people who have read about things, love to travel and see don't have enough opportunities and people who have opportunities don't make use of and appreciate them. A funny world, eh?

      Delete
    5. ඒකට හේතුව opportunities පාවිච්චි නොකිරීම හා appreciate නොකිරීමම නෙවෙයි Pra Jay. වියදම (සාපේක්ෂව) අධික වීම, කාලය පිළිබඳ ගැටළු (සමහර වෙලාවට සැමියාටයි බිරිඳටයි holidays වැටෙන්නෙ කාල දෙකකට), වෙනත් වගකීම්, වැඩ රාජකාරි (ලංකාවෙ වගේ හිතුන හිතුන වෙලාවට නිවාඩු දාන්ට බැරිය) වගේ නොයෙක් හේතු බලපානවා..

      ලංකාවෙ ඇතුළෙ අපි නොගිය තැන්, නොඅහපු තැන් කොච්චර තියෙනවද. :-)

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. I guess u are correct on the whole.
      But those guys I referred to, have no problem with expenses. They live in a suburb, travel daily to Central London for business. Most of those places are a long or short walk away from their place. The simply have no interest. In fact ,when I paid a visit for the second time ( then I didn't stay with them ) they asked why I visit this miserable country ( I also have issues with the country I live in but I understand why tourists visit here !!) . They'd rather gossip with SLankan friends than learn the culture & history or visit places of the country they've been living in for nearly 3 decades. Sad ! Sadder that I can't change places with them :-D

      Delete
    8. Well, in that case, they might enjoy gossipping more than travelling, eh Pra Jay!

      Everyone has their own different ways to enjoy their life ne... :-D

      Delete
    9. හා , ලන්ඩන් ගිය නැට්ට නැති වඳුරු මොටා :)

      Delete
  2. බස්සා ‘Thanksgiving’ එකට 'ලුණු දෙහිද' හැදුවේ? :P

    //ඔය දැං කාලෙ ඉන්න , බතක් , පරිප්පුවක්වත් හරියට උයා ගන්ට බැරි බවලත්තු වගේ නෙමෙයි.//

    හැබෑට මෙහෙම උදවියත් ඉන්නවද? :O

    //(පස්සෙ තමා 'පැණි' වලට රස වැටුනෙ)//

    අපරාදේ කියන්ට බෑ. ඇත්තම කියලා.:)

    අද පෝස්ට් එක 'ලුණු දෙහි' වගේමයි. බතුයි, ලුණු දෙහියි විතරක් කාලා නැති හන්දා රස හරියටම කියන්ට බෑ. :D:D

    ReplyDelete
    Replies
    1. අද පොස්ට් එක ලුණුදෙහි වගේ කිව්වෙ, කියෝල ඉවර වුනාම මූණ ඇඹුල් වෙනවද? :)

      Delete
  3. //Some critics claim more generally that kopi luwak is simply bad coffee, purchased for novelty rather than taste//

    ReplyDelete
    Replies
    1. Good or bad , as they say "beauty is in the eye of the beholder". Or rather , shall I say " tongue of the beholder " :)

      Delete
  4. මේ වගේ පෝස්ට් ලියලා අපි වගේ හුදී මහජනයාගේ රස නහර අවුස්සන එක හරිම අසාධාරණයි ගොයියෝ.
    අපිට ලුණුදෙහිත් නෑ. අච්චාරුත් නෑ.
    ඒව නම් කමක් නෑ කියමුකෝ.
    අපිට හැලපා, වැලිතලප, කිරි ටොපී, වගේ ඒවාවත් නෑ නේ. පෙරේදද කොහෙද පාන් ගෙන්න කඩේට ගියාම දැක්කා තල වලට පැනි දාලා නිකම් චොකලට් ස්ලැබ් වගේ එකක්. එවෙලේම ගත්තා. ආයේ රෑට කෑවෙත් නෑ. ඒක කාලා දැම්මා වයින් වීදුරුවකුත් එක්ක. ඉතිරි කෑල්ල ඊයේ උදේ පාන්දරම කෝපි බොන ගමන් කාලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. ලුණු දෙහි හදන්න එච්චරම අමාරු නෑ. සේල් දැම්මාම ගන්න ඩිහයිඩ්ඩ්‍රේටර් එකක්. උශ්ණත්වය පාලනය කරන්න පුළුවන් එකක් නං වඩාත් හොඳයි. දෙහි වාරෙට , දෙහි අරගෙන හතරට පලලා , ලුණු යහමින් දාලා වේල ගන්න. කැට ලුණු තමයි හොඳ. වැදගත්ම කොටස, වේලිච්ච දෙහ් වලට ආයෙ දෙහි ඉස්ම දාලා පැසවෙන්න තියන එක, ඊට පස්සෙ, වීදුරු බෝතලේක දාලා , කොච්චි හෝ සැර අමු මිරිස්, ගම්මිරිස් ඇට ටිකක් දාලා වහල මාසයක් දෙකක් තියල කෑමට ගන්න. කල්යද්දි ඕකෙ දියර ගතිය වේලෙන ගතියක් තියන නිසා, මං නං විනාකිරි (පොල් විනාකිරි හෝ රයිස් විනෙගර්) සහ ඔලිව් ඔයිල් එහෙමත් එකතු කරනවා.

      Delete
    2. පැසවලා? පැසවන්නේ කොහොමද? බස්සෝ ඔයා කවදා හරි හොඳ භාර්යාවක් වෙනවා. මේ ඇත්තමයි. :D:D

      Delete
    3. මං හිතන්නෙ පදම් කරනවා ( marinate) කියන එකයි හරි වචනෙ

      Delete
  5. බස්සෝ අදමයි මේ පැත්තට අාවේ......................... හරි අගේ අැති බ්ලොගයක්.............. අපි දිගට ම ඒන්නම්............. අද බ්ලොගය පුරාම අැවිද්දා................. සතුටුයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරු‍ටු. මං ඉතිං මූකලං බස්සෙක් නෙව, ඔය තියෙන දෙයක් කාලා, හොඳට ත‍ටු පොරෝගෙන නිදන්න තමා කැමති. ඉඳලා හිටලා හිතුනාම ඔය මොනවා හරි කුරු‍ටු ගාලා දානවා

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code