Jun 30, 2015

බස්සා සහ නෝවාගේ නැව

කාලෙකින් , අර  ලියපු මටවත් නොතේරෙන ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා නෙව?  ගරිල්ලා ගොරිල්ලා ඇටෑක් එන්න ඉඩ තිබුනත්, ඕන පාං බාගයක් දෙකයි පනහයි කියල ලියලම දානවා.

If it's not broke, don't fix it කියල කිව්වෙ සුද්දා. ඒත් බස්සො 
කියන්නෙ සුද්දො ජාතියක් නෙමෙයි නෙව? ඒ නිසා මේ යස අගේට 
වැඩ කරන දේවල් වලට හෙනහුරු දසාව ලබන එක  " හවුස් බස්තියං" 
වල  සාමාන්‍ය සිද්ධියක්.


මගේ දුප්පත් ගොන්පීතර රාජයාටත් , ඔය සංසිද්ධියෙන් ගැලවීමක් නෑ.
 හිටපු ගමන්, ෆයිල්ස් විතරක් නෙමෙයි, පාටිෂන් පිටින් අතුරුදහන්
 වෙනවා. අනික, දැන් ඉස්සර වගේ නෙමෙයි, 
වින්ඩොස්  බූට්  ප්‍රොසිඩියර් එක සංකීර්ණයිපොඩී දෙයක් එහා මෙහා 
වෙච්ච  ගමන් නෝ වින්ඩෝස්. මෙහෙම සන්තෑසියක්, 
ලෝක විනාසෙට වඩා හොඳ වෙන්නෙ  බොහොම සේසයකින්. 
ඇයි, ඉතිං අපි  ලෝකෙ දිහා බලන, පත්තර, ප්‍රවෘත්ති බලන   ජනේලෙ
 වින්ඩෝස් නෙව.

ඔන්න දැන් තමයි මේ 
විනාසෙන්  ගොඩ න්න " නෝවගේ නැව" 
නැත්නම්  බැකප් ඕනෙ වෙන්නෙ. මම නොයෙක් බැකප් ඇප්ස් 
අත්හදා බලල තියනවා.
 මේක මට හොඳම එක. මං කියන්නම් ඇයි කියල:

1. වේගය - 64 බිට් වර්ශන් එක දා ගත්තාම  රොකට් එක වගේ 

බැකප් එක ගහනවා

2. වැඩි තොරොම්බල් නෑ, සිම්පල් ඉන්ටෆේස් එක . සරලයි, තේරුම්

 ගන්න පහසුයි.

3. 
Differential බැකප් සපෝට් කරනවා.  බැකප් ප්‍රොෆයිල් එක 
කස්ටමයිස් කරන්න ඇහැකි.

4. ‍ෆ්‍රී වර්ශන් එකක් තියනවා.ඒකෙ 
full / differential බැකප් 
විතරයි. ඒත් ඒක හොඳටම ඇති.  නූල් සූත්තර නෑ, එක්ස්ෆයරිඩෙට් නෑ,
 නියම  නොමිලේ දෙන එකක්. 

5. බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් එකක් විදිහට වැඩ කරනවා. උන්දැට ජොබ් එක

 බාර දීලා, තමුන්ගෙ වැඩ ඕනෙ එකක් කලෑකි.

6.බැකප් ෆයිල් සයිස් එක. අනිත් බැකප් ඇප් වලට වඩා පොඩියි. 
පාටිෂන් එකේ සයිස් එකට නෙමෙයි, තියන ෆයිල්ස් ටික විතරක් 
කම්ප්‍රෙස් කරලා ගහනවා. ඒ වගේම ආයෙ රෙස්ටෝ කරද්දි, සමාන , 
හෝ අසමාන ඕනෙම  සයිස් පාටිෂන් එකකට දා ගත්තෑකි.

7.බැකප් ෆයිල් එක මවුන්ට් කරන්න ඇහැකි. හදිස්සියෙ, ෆයිල් එක, දෙකක් හෝ 
ෆොල්ඩර් එකක් අවශ්‍ය වුනොත් එහෙම මවුන්ට් කරලා කොපි කර 
ගත්තෑකි.

මෙන්න භාණ්ඩෙ බාගන්ටෝ:



Macrium Reflect Free

දැන්, ඔහෙල අහයි නෙව, ඇයි  "වින්ඩෝස් රිකවරි" තියෙන්නෙ කියලා. පේන විදිහට "වින්ඩෝස් රිකවරි" කියන්නෙත්  කප්පාදු කරපු  ඉන්ක්‍රිමෙන්ටල් බැකප් ඇප් එකක් කියලයි හිතෙන්නෙ. කප්පාදු කරලයි කිව්වෙ, කිසිම කන්ට්‍රොල් එකක් අපිට නොදෙන නිසයි.වින්ඩෝස් රිකවරි , කොහොමටවත් බස්සොන්ට ගැලපෙන ජාතියක් නෙමෙයි. වින්ඩෝස් රිකවරි රන් කරන්නෙ කොහොමද වින්ඩෝස් බූට් වෙන්නෙවත් නැති කොට :) 

 ඒ එක්කම,මං ඔය නිකන් දෙන දෙමල පත්තරේ සොෆ්ට්වෙයා ඉන්ස්ටොල් කරන්න ගිහිල්ලා, ඒවත් එක්ක බෝනස් විදිහට එන ස්පයිවෙයා අයින් කරන්න ගියාම, වින්ඩෝස් රිකවරි ෆේල් වෙලා තියනවා. Macrium Reflect තාම   එලකිරි වගේ වැඩ.

මෙන්න මගේ බැකප් ප්‍රොෆයිල්/ඩෙ‍ෆිනිෂන්  එක:

1. හැම මාසෙම ෆුල් බැකප් එකක්

2. සුමාන දෙකකට සැරයක් differential බැකප් එකක්

full  බැකප් දෙකක් තියා ගන්න. differential හතරක් තියා ගන්න කිව්වාම , ඇප් එක එව්වා මැනේජ් කරනවා.

මේ ඉන්නෙ හාදයා  windows task scheduler එකේ



Difference between Full, Incremental and Differential Backup


මේ විස්තර දැණගන්න අත්‍යාවශයම නෑ, ඒත් මගේ අත්දැකීමෙ හැටියට Incremental ,Differential  සමහර වෙලාට එච්චරම විස්වාස නෑ, ඒත් ෆුල් බැකප් දෙකක් හැමවිටම තියෙන නිසා  ඒ දෙකෙන් එකකට රොල් බැක් කරගන්න පුළුවනි.

ආ තව එකක්, වින්ඩොස් සහ වර්ක් ෆයිල්, ඩවුන්ලෝඩ්ස් ඔක්කොම මැලේ අච්චාරුව වගේ එකම පාටිෂන් එකේ දා ගන්න එපා. වෙනම පාටිෂන් හදලා වින්ඩෝස් ඉස්ටොලේෂන් එක වෙනම පාටිෂන් එකක තියලා,ඒක විතරක් පාටිෂන් බැකප් එකක් ගන්න.සිස්ටම් බැකප් කියල එකක් තිබුණත්, මෙහෙම කලාම, වින්ඩෝස් සහ බූට් ලෝඩර් ඔක්කොම  බැකප් වෙනවා, වැඩේ  ෂුවර්

මතක ඇතුව  රෙස්කිව් මීඩියා එක සීඩී එකකටම බර්න් කරගන්න. ලිනක්ස් නැත්නම් වින්ඩෝස් PE දෙවිදිහිටියම කරගන්න  ඇහැකි වුනත් , මං  කැමති වින්ඩෝස් PE වලට.


ප.ලි:

සියලුම නැටි ඇති/ නැති  වානර සාමාජිකයන් වෙත සංවේගයෙන් දැණුම් දෙමි. සති අන්තයේදි  නොන්- ටැක්නිකල් පෝස්‍ටුවක් ලිවීමට අදහස් කරමි.

මාත්තුරුකාව - සන්නාලියන්ගේ ගීතය සහ ගහ මුල විප්ලවය

10 comments:

  1. මේවා පිං අතේ වැඩ ඈ!
    [හොඳ සිංහලෙන් තේරෙන්නම කියන එක විසේසයෙන් ;-) ]

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් කියල හිතෙනව නං, එච්චරයි

      Delete
  2. මාත් ඉතින් හැමදාම දාගන්නවා කියලා හිතාගෙන ඉන්නවා විතරලු ඉතින්..

    ReplyDelete
    Replies
    1. මේ ඩිජිටල් මෙව්වා, කිසිම විස්වාසයක් නැති ජාතියක්. හුටස් ගාලා වාෂ්ප වෙච්ච දාට තමා , මෙහෙම එකක අගේ දැනෙන්නෙ. ඔක්කොම ප්‍රෝගෑම් එක්ක වින්ඩෝස් ගෙඩි පිටින් ආයෙ රෙස්ටෝ කරන්න යන්නෙ විනාඩි පහලොවයි.

      කොහොමද , ආයෙ වින්ඩෝස් මුල ඉඳලා ඉන්ස්ටෝල් කරලා, අත්‍යාවශය ඩිවයිස් ඩ්‍රිරයිවර් හොය හොයා දාලා, අනිකුත් අඩුම කුඩුම ප්‍රෝග්‍රෑම් දාන්න ගියාම තියෙන සනීපෙ?

      Delete
  3. මකා දැමීමට භාජනය වීමට ඇති භීතිය නිසා කමෙන්ට් කිරීමන් වැලකුණු බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙම හරි කමෙන්ට් කරපු එකම මඳෑ :)

      Delete
  4. අනේ ඔය ටෙක්නිකල් එව්වා ගැන නම් උනන්දුවක් නැතුවා.

    නෝවා ගැන කවියක් කියන්නම් අහගන්ට බශ්ශෝ.

    නෝවා නැවක් හැදුවා
    මිනිස්සු නෝවාට හිනා වුනා
    නෝවා ඔවුන්ට හඬ ගැසුවා
    කවුරුත් නැහැ ඔහු ගැන තැකුවේ

    (ඕකේ තව තියෙනවා.මට මතක නැහැනේ අප්පා.)

    ReplyDelete
    Replies
    1. නෝවගෙ කතාව අහල තිබ්බට , මේ කවිය නං කලින් අහල නෑ

      Delete
  5. මං නං බැකප් කියල කොරන්නෙ තියෙනතරං ෆිල්ම් ආදිය ඩීවීඩි වලට ගහලා අරං තියන එකයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් එහෙම කරනවා. ඒත් ඩීවීඩී වලට නෙමෙයි, අමතර හාඩ් ඩිස්ක් වලට.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code