Sep 7, 2015

මාතෘකාවක් නැත

http://i.imgur.com/7rdT2.jpg
කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා.  මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල්  පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත්  පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව  වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට  " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.

http://oddstuffmagazine.com/wp-content/uploads/2013/06/Shibas15.jpgමටත් දැන් හොඳටම තේරෙනවා, පෝස්ට් එකක් ලියන්න දැං උනන්දුවක් නෑ කියලා. මේක තමයි බ්ලොග් ලෝක ධර්මතාවය.  
බැරි නං , ඊළඟ පරම්පරාවට ඉඩ දීලා , වැඩේ "අප්පුච්චා" කරගන්නෙ නැතුව , නම්බු පිටින් පැංසොං ගන්න එක හොඳයි නෙව? නැහ්ද, මං අහන්නෙ?ඔය අතරෙ ඉන්නවා, මන්දගාමීව උනත් කොලිටිය අඩු නොකර උඩුගං බලා පීනන උදවියත්. ඒ අයට මගේ ප්‍රණාමය පුදකරන ගමන්, සාමානය මූකලං බස්සෙක් වෙච්ච  මට, සමාව දෙන මෙන් ඉල්ලා සිටිනවා.

හැලප ගිලින්න ගිය වෙලාවක, අහම්බෙන් මේක හම්බ උනා. ලස්සනයි, දක්ෂතාවයයි දෙකම එකට පිහිටන්නෙ කලාතුරකින් නිසා ,මේක දාන්න හිතුනා. 



මේක නැගලා ගිය නිසා තව හොයන කොට ඊළඟ එක හම්බ වුනා.



නිරීක්ෂණය: මේකප් වලට සැබෑ වෙනසක් කල හැක.



http://36.media.tumblr.com/ee74d03c930984593d269c9f4357d861/tumblr_n5rjo9B6e21rc2ymzo1_250.jpg


                    
http://static.tumblr.com/49934f483911da65dfa759f6c0ae2681/hytmavm/wLzmtqxkx/tumblr_static_tumblr_m1o3bbflsd1qfhzsvo1_500.jpgපරීක්ෂණය:   මේකප් නොදාපු බස්සෙක්















මේකප් දාපු බස්සෙක්



29 comments:

  1. බස්සා මේකප් දැම්මට පස්සේ කොට වෙලානේ :D

    ReplyDelete
    Replies
    1. කොට, කොට ඉඳලම කොට වෙලා :)

      Delete
    2. තටු ටිකේ ක්‍රීම් ගෑව පාර කොටවෙලා තමානේ. :P

      Delete
    3. මේකප් දැම්මට පස්සෙ නෙවෙයි බොලන්, ඒ බස්සා පිහාටු ටික trim කරලා.. ඒකයි ඔය කොට වෙලා වගේ පේන්නෙ..

      Delete
    4. @ පොකු

      :p

      @බුරා

      ආන්න යමක් කමක් තේරෙන හාදයෙක් :)

      Delete
  2. // මේක තමයි බ්ලොග් ලෝක ධර්මතාවය. //

    නෑ බොල, මේක තමා පොදු ලෝක ධර්‍මතාවය.. ඕක තේරුම්ගත්තු එකා පීක් එකේදිම සමුගන්නවා, හරියට සංගා රිටයර් වුනා වගේ.. නැත්තං ඉතිං අර සනා බෝයි එල්ලිලා හිටියා වගේ ඉඳලා අන්තිමට හැමෝටම එපා වෙලා තමා ගෙදර යන්ට වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. සංගා පැත්තක තියමුකො, මං දන්න හාදයෙක් හිටියා, එයා නයිට් කෙනෙක්. පීක් එකේදි සු‍ටුස් ගාලා අන්තරස්ධාන වුනා :)

      Delete
    2. ආන්න යමක් කමක් තේරෙන හාදයෙක්.. ;-)

      Delete
    3. එහෙම හාදයෙක්,කාලෙකින් දකින්න ලැබීම සතුටක්

      Delete
  3. මේකප් එකෙන් වහන්න යන්නෙත් සැබෑ ලෝක ධර්මතාව තමයි බශ්ශෝ.

    ReplyDelete
    Replies
    1. එහෙයි, අපෙ හාංදුරුනේ :)

      Delete
  4. පැංසොං යන එකෙයි මේකප් වලයි සම්බන්දෙ මොකක්ද කියල මංවගේ මැන්ටල් ගොලුබෙල්ලෙකුට කියල දෙනවද

    ReplyDelete
    Replies
    1. අම්මපා, ඒ වංගියෙ ගොඉලුබෙල්ලට ඇන්දද? මං හිතුවෙ මැංටල් මටයි කියලයි :)

      Delete
    2. see comment in

      http://bassigenawathana.blogspot.com/2015/09/blog-post_8.html

      Delete
    3. අන්න මාත් උත්තර බැන්දා :)

      Delete
  5. //වැඩේ "අප්පුච්චා" කරගන්නෙ නැතුව// නවතම ආත්තෝපදේශය.

    ReplyDelete
    Replies
    1. නූතන ආත්තෝපදේශ, මේ දැං ගොඩ බෑවෙ :)

      Delete
  6. හෙහ් හෙහ්, ලියන්න දේවල් නැති වෙනවටත් වැඩිය කාලය හරස් වෙන වෙලාවලුත් එනවනේ බං..

    මම මේ කල්පනා කලේ මේකා ලියාගෙන ආවේ එකක් අවසන් කලේ එකකින්.. ඔන්න ඔහොමවත් ලියහං බං එක්කෝ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වොත් , ඕන බස්සෙක් මඤ්ඤං වෙනවා.අර කිව්වැගෙ , ඔන්න ඔහේ ,අවාරෙට කජු වැටෙන්නැහෙ ලියලම දානවා :)

      Delete
  7. දැන් උඹ මේකප් දාලද නැද්ද හා???

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තෙ? යාන්තමට දානවා :)

      එකෙ වැ‍රැද්දක් කියනවා නෙමෙයි, සැබෑ වෙනසක්, එච්චරයි

      Delete
  8. (අර වීඩියෝ දෙක බැලීමෙන් පසු )

    මොකක් ගැනද බං පෝස්ට් එකේ තිබුනේ

    ReplyDelete
  9. ඇත්ත කතාව තමා බස්සා ගෑනු ලමයව මේකප් නැතුව දැකීම. :P
    සංසාරෙත් එපාවුනාලු...:D

    ReplyDelete
    Replies
    1. ගෑණු ලමයි, මේකප් නැතුව දැකීම , සතර පෙර නිමිත්තක් කියල ඔය රට්‍ටු කියන්නෙ :)

      Delete
  10. මළ කෙළියයි.එන නොවැම්බර් වලට මටත් තුන පිරෙනවා නොවැ බොලං බස්සෝ.

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ හැලපෙ කලබොල වෙන්න කාරියක් නෑ, ඒක මේ නිකං කටකතාවක් විතරයි :)

      Delete
  11. ඒ සින්දු කියන්නේ සෝමතිලක සොහොයුරියන් දෙන්නා ය.

    http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-sunday.html

    .

    ReplyDelete
    Replies
    1. හුටා! කතන්දර මෙයාලව හොයාගෙන තියෙන්නෙ 2013 වල නෙව?
      reinventing the wheel :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code