Feb 19, 2018

බස්සා සහ අලිබබා

චන්දෙන් පස්සෙ විස්තර බලාකියා ගන්නත් එක්ක මං මැද මූකලාන දිහාවට පියෑඹුව නෙව, ඊයෙ හැන්දෑකොරේ.අම්මට හුඩු ඔය ඉන්නෙ, මැද මූකලානෙ සිංහරාජ හතර ගාතෙන් දපා තියලා. පොල් කට්ටෙන් චංද ජයපැන් බීලා, සලු වෙලා.

සිංහයා: ආ, වරෙන්, වරෙන් බෂ්ෂො. උම්බලට ඉතිං අපිව මතක් වෙන්න චංදයක් තියෙන්නම ඕන නේද?

බස්සා: අනේ  එහෙම නෑ බොස්. මේ දවස්වල බිසී

සිංහයා: අනේ පලයං යන්න. මං නොදන්නවද බොගේ හැටි.

බස්සා:  එහෙම නෙවෙයිනෙ බොස්. දැන් අලි වංසෙ වැඩ පෙන්නන කාලෙ. ආරංචි ඇති නෙව, අර මියන් කුමාර. මේං මෙච්චර පැටියා. අපවත් කලේ නැතෑ නායක උන්නාන්සෙ කෙනෙක්ව. මං මේ අහිංසක පක්සියා , හොඬ වැලෙන් දෙකක් පත බෑවොත්, කම්මුතුයි නෙව?

සිංහයා:  ඒක නෙමෙයි , මොකද මං ගැන කියන්නෙ , පස්ස බිම ඇණිච්ච අර හොර අලියා?

බස්සා: ආ එයා නං තවම කියන්නෙ පරණ සිංදුවම තමා. මයෙන් ඇහැව්වා , ජනතාවට ඕනෙ නිලකාස හොර තඩියව ආයෙ ගේන්නද කියලා?

සිංහයා:  ඈ ඕකා එහෙම  කිව්වද?  ඇයි මිනිස්සු මට විතරක් හොරා කියන්නෙ? ඇයි අලිය බැංකුවට කෙලියෙ නැත්ද? දැන් බලාපං බෂ්ෂො, විජය රජ්ජුරුවො  කියන්නෙ කව්ද? පල් හොරෙක් නෙව? ඉතිං හොරකම මයෙ වැ‍රැද්ද වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික ක්‍රීඩාව නෙව?

බස්සා:බලාගෙන ගියාම,ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.

සිංහයා: බෂ්ෂො උඹ අහල තියනවද අලිබබා සහ හොරු හතලිහ ගැන. දැන් අලිබාබා නෙව, කතාවෙ වීරයා?

 බස්සා:ඔව්

සිංහයා:  හා, දැන් කියපං, අලිබබා කියන්නෙ කව්ද? හොරුන්ගෙනුත් හොරකං කරපු හොරෙක් නෙව? ඉතිං මං කලෙත් ඒකම නෙව?

බස්සා:: හෑ, ඒ මොන හොරුන්ගෙන්ද ඔබතුමා හොරකං කලේ?

සිංහයා:  ඇයි වාහෙ, ජනතාවගෙන් නෙව? හා, හොඳයි කියපං බලන්න , ජනතාව කියන්නෙ හොරු කියලා, පැරා කිව්වද, නැද්ද?

 බස්සා: එහෙමම නෙවෙයි කිව්වෙ, රජයේ සේවකයො කියන්නෙ කම්බ හොරු ‍රැලක් කියල නං කිව්ව තමා.

සිංහයා: ඒක නෙව කියන්නෙ? එතකොට , තව සහෝදරවරු කියන්නෙ , තාම චෑන්ස් එකක් නොලැබිච්ච හොර මුලක් කියලත් කිව්වෙ නැත්ද?

බස්සා: එහෙම කතාවකුත් කිව්ව නං තමා. ඒත් සැකයේ වාසිය විත්තියට හින්දා, කොහොමද ටක්කෙටම කියන්නෙ සහෝදරවරුත් එහෙමමයි කියලා?

සිංහයා: අනේ පලයං බස්සො යන්න,හුහ් , අපි නොදන්න සහෝදරවරු .දැන් බලාපං,අර අපේ රජගෙදර රිලවා. චෑන්ස් එක ලැබිච්ච ගමන් කාගෙන, කාගෙන ගියෙ  මහසෝන වගේ.හා, එතකොට උඹ සුදනා වෙන්න එන්නෙ, ඇත්ත කියපං උඹ හොරා කාලම නැද්ද?

බස්සා: ම්... පොඩි කාලෙ පාලු වත්තෙන් හොර කුරුම්බා බීලා නං තියනවා.

සිංහයා: හා ඔය එන්නෙ. වෙන, වෙන?  

බස්සා: නෑ, ඉතිං අර සිංදුවකුත් තියෙන්නෙ " අපි ඔක්කොම හොඳ හොරු, ඔක්කොම රජවරු - තුන් සිංහලයම නෑදෑයෝ" කියලා. ආන්න ඒක කියන හාදයගෙ, හිතට අල්ලලා ගිය සිංදුවක් තියනවා. මාත් ඉතිං යූටියුබ් එකෙන්ම උස්සලා ඒකට පිංතූර දැම්මා, එඩිටින් ඉගෙන ගන්නත් එක්කලා. ඔහෙලට කියන්න, මේ හොරකං කරන එකත් ඉල ඇදෙන වැඩක් නෙව? පෝස්ට් එක ලියන්න ගියේ පැයයි. අර මලදානෙ දවස් දෙකක් තිස්සෙ එඩිට් කලා කියහංකො. ඊට පස්සෙ, විඩියෝව ආයෙ 100mb වලට වඩා අඩු වෙන්න එන්කෝඩ් කරන්න ඕනෙ. නැත්නම බ්ලොගර් දාන්න බෑ කියනවා.හොඳයිද ? වීඩියෝ කෑලි වල අයිති කාරයො නඩු නොදැම්මොත් ඉස්සරහටත් බලමු ඈ.


25 comments:

  1. හෙහ් හෙහ් හොරු විසින් සොරුන්ගෙන් එකෙක් හොරකම් කිරීමට තෝරා ගැනීම තමයි මැතිවරණ කියන්නේ

    ReplyDelete
  2. Replies
    1. තෑන්ක්ස්. ඒක නෙමෙයි, කෝ අඹ ගෙඩි කතාව?

      Delete
    2. නොදැක්කා වගේ යන්න ඕනා...
      නැත්තම් බැහැනේ... හි හි..
      (ඉන්නකෝ ඩිංගිත්තක් .. මට අවසානයක් හොයාගන්න බැරුව ඉන්නෙ. හිතන් හිටපු අවසානේ හරි නෑ කියල හිතෙනවා දැන්.. කොටස් දෙකක් ලියලා තියෙන්නේ.. ඒත් ඒ විදිය මහ ගොන් වගේ හිතෙනවා.. ආයේ පොඩ්ඩක් කල්පනා කරලා ඉක්මන්ට ඉවර කරන්න ඕනා ඒක. කොහොම උනත් ඔයාවත් ඒක ගැන අහපු එක සතුටුයි. මං හිතුවා ඒක වැඩක් නෑ, කට්ටිය කියවන් නෑ කියලා...)

      Delete
    3. මොකෑ නොකියවන්නෙ? කියවල, හොර බලල්ලු වහේ හිමිහිට ලුහුටලා යනවා :)

      Delete
    4. ඔව් අනේ.. ඒකේ අන්තිම ඒවට කිසිම කොමෙන්ට් එකක් නැහැ. මං හිතා ගත්තා වැඩක් නැතුව ඇති කියලා. කිසිම එන්කරේජ් එකක්වත් නෑනේ කාගෙන්වත්. ඉන්නකො, මං ආයේ ඒක ලියලා දාන්නම්කො.

      Delete
    5. Guilty as charged :)
      අනිත් අය ගැන කවර කතාද? මේ බ්ලොග් ලියන අපි පවා ඒ වැ‍රැද්ද කරනවා. ඒත් අපට අමතක වෙනවා, ඔය වචන දෙකක් කොටන්න බැරි නං, බ්ලොග් ලියන අය කොහොමද ලියන්න උනන්දු වෙන්නෙ කියලා.

      දොරකඩ ගහේ මූකලං බස්සා වන මම, කම්මැලිකමට ත‍ටු පොරවාගෙන ඉඳීමේ කැත පුරුද්ද අතහැර, බලන සෑම පොස්‍ටුවකට කමෙන්‍ටුවක් කොටන බවට, සකල වෘක්ෂවාසී සියලු බස්සන්, බකමූණන් වෙනුවෙන් පොරොන්දු වෙමි.

      බොරුවක්, වංචාවක් නම් අල්ලපු ගහේ ඉන්න බකමූණෙකුට හෙන ගහන්න ඕනෙ.

      Delete
  3. අනේ පලයන් බශ්ශෝ යන්න , අපි නොදන්න ඡන්ද , ඉන්න හොරුන්ට වඩා හිටපු හොරු හොඳා

    ReplyDelete
    Replies
    1. මට ඉස්සර යාළුවෙක් කිව්වා " බස්සො, උඹ හොරා කන්න පුරුදු වෙන්න එපා බං. කෑවොත් ඒකෙ රහ වැටෙනවා" කියල. මාත් ඉතිං මෝඩ බකමූණා නෙව , හා කිව්වා? බලහං, අපිට හිටියෙම ඔය වගෙ නසරාණි යාළුවොම තමා. ඌ කාලා, මට තමා එපා කිව්වෙ.

      Delete
  4. අඩේ බස්සො ආයේ ලියලා නේ!
    මම හිතුවේ කනේ ශොට් වලට පෝස්ට් විතරක් වැටෙනවා කියලා එහෙම නේ කලින් කියලා තිබ්බේ.
    එහෙම බස්සොන්ට විතරක් බ්ලොග් ලියන්න !
    එව්වා කොහෙද! මාත් ලියන්න ඕනේ අච්චාරුවක් හරි..
    ඒක නෙමෙයි ඊයෙ ඇඹුල් තියල් පාර්සල් එකකුයි පොලොස් පැපොල් කැරට් දාපු අච්චාරු පාර්සල් එකකුයි හම්බ වුනා ඒක කාලා ලිවර් එක විතරක් නෙමෙයි ඔක්කොම බොයිලින් ලෙවල් හින්දා බ්ලොග් කියෝනවා මේ.
    හා හා බස්සො ඕවා කන්නෙ නෑ නෙව ඔය කරවල කෑල්ලක් හෙම තෙල් දාල ගත්තට නේහ්? 😋😋😋😋

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්දෑ පූසො මාළු? අපි යනවැයි මූදු? :)

      Delete
  5. https://www.theguardian.com/environment/2015/feb/06/owl-attacks-joggers-and-steals-their-hats

    කපුටෝ දවල් හොරකං කරනවා
    බස්සෝ රෑ හොරකං කරනවා

    ReplyDelete
    Replies
    1. ආන්න මොලේ තියෙන බස්සෙක් :)
      මට තියෙ ප්‍රශ්ණෙ ඇයි තොප්පි හොරකමේ ගියේ ඇයි කියලයි

      Delete
    2. දේසපාලුවෝ වගේ Feather (or hat) one's own nest ට තමයි

      http://uk.businessinsider.com/why-owls-are-stealing-hats-in-oregon-2015-3?

      Delete
  6. තොටයි, අර අරූ කියන වලවෙට්ටුවාටයි දෙන්නටම බ්ලොග් එක ලියාන්ට මතක් වෙන්නෙ මොකක් හරි දේශපාලන කුණුගොඩක් ඇවිස්සුනාම තමා නේ ද?

    ReplyDelete
    Replies
    1. https://www.stokesstores.com/en/owls-garbage-can.html

      Delete
    2. https://en.wikipedia.org/wiki/OWL_Party

      Delete
    3. @ Buratheno
      ඇයි බොල, මාස දෙකට ගෙඩි පිටින් පෝස්ට් දෙකක්ම දැම්මෙ?

      අරූ, සඳරූ ආයෙ ඔහොම හරි ලියන්න ගත්ත එක නං මාරයි

      @ Pra Jay

      ආන්න දැක්කද, අහිංසක පක්සියාට මඩ ගහපු ලස්සන :)

      Delete
    4. https://www.tripadvisor.com/LocationPhotoDirectLink-g190737-d7683578-i138752118-Forest_Owl-Bedford_Bedfordshire_England.html

      Delete
  7. සිරිපාල ගොයියා අගමැති වුනාම අපිත් බශ්ෂෝ වගේ වැඩ පටන් ගන්නවා දවල්ටත්.
    රෑට ඉතීම් කොහොමත් අපි බුදිය ගන්න එකනේ.

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙ ‍රැ ජාමෙ. මං ඉතිං බස්සා නෙව. කෝපි බිබී එලි වෙනකං ඉන්නවා. දවල්ට බුදි, නැහ්නං මලා. හෙට වැඩ.

      Delete
  8. අඩේ වීඩියෝ එක ප්ලේ කරාට මට සද්දේ ඇහෙන්නේ නෑනේ.. මොකක්වත් අවුලක්ද මංදා..

    ඉතින් ඉතින්.. මහා මුකලානේ සිංහරාජ තෙමේ මොකැයි ඉස්සරහට කොරන්න හිතන් ඉන්නවා කියුවේ? :)

    ReplyDelete
    Replies
    1. යූටියුබ් එකේ අනිත් වීඩියෝ වල සද්දෙ ඇහෙනවාද? සමහර විට විඩියෝ එකේ වොලියුම් ස්ලයිඩර් එක වැහිලා ඇති. විඩියෝ එක ෆුල් ෆ්‍රේම් කරන්නම වෙනවා, ඒක වෙනස් කරන්න.

      සිංහරාජ කිව්වා, අලියට නං චැන්ස් එකක් දෙනවා කියලා. කෙලවුනාම හෙලි කොට්ට උරේ පටෝල ඇරියට. රජකමට විද්ද නරියව නං හම ගහල හමෙන් කෝට් එකක් මහ ගන්නවා කිව්වා.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code