Jan 26, 2018

බස්සා සහ බොහිමියානුවා

හෝතම්බුවා: බස්සො බොහිමියානුවෙක් කියන්නෙ කව්ද?

බස්සා: : බොහිමියානුවෙක්  කියන්නෙ ‍තෝ වගේ එකෙකුට. හම්බුවෙනකොට  පාටි දාලා, කාක්කොන්ට ආප්ප අරං දීලා, දැන් කෙලවුනාම, ගලේ පහරපු බලලා වගේ, විරිත්ත,විරිත්ත ඉන්න එකෙකුට.

හෝතම්බුවා: : අනේ විහිලු නැතුව කියපංකො බං

බස්සා: නෑ මම කිව්වෙ බාගෙට ඇත්ත. අර්ථදැක්වීම අනුව, බොහිමියානුවෙක්  කියන්නෙ අසම්මත/ අමුතු ජීවන රටාවක් ගතකරන, බැඳීම්  අඩු, "හෙට මැරුණත් හිතට සැපයි , අද ජොලි කරලා" තියරියට ජීවත් වෙන, හැපී ගෝ ලකී පොරවල් වලට.සංගීතෙ තමා උන්දලාගෙ ආහාරෙ. බයිට් එක තමා ආදරේ.ආදරේ  කිව්වෙ
අර අහවල් වැඩේට.
https://i.pinimg.com/736x/97/fc/ab/97fcab860e3bfbddb6210cdf51d21705--portrait-art-portrait-paintings.jpg

හෝතම්බුවා: : එහෙම බලාගෙන ගියා ටොලාත් බොහිමියානුවෙක් නෙ? බැන්ජො, ගිටාර්, ගෑණු හුටපට , ඔක්කොම තිබ්බ නෙව?

බස්සා : හෑ, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ටොලා පාර්ට්- ටයිම් බොහිමියානුවෙක් කියලයි මට හිතෙන්නෙ?

Bohemianism කියන්නෙ උප-සංස්කෘතියක්, ලයිෆ්-ඉස්ටැයිල් එකක්.
කතාවෙ හැටියට වර්තමාන යුරෝපීය bohemianism වල ආරම්භය  ගැන සඳහන් වෙන්නෙ "French imagination with roving Romani people"කියල. මෙතන romani people කිව්වෙ යුරෝපියන් අහිකුණ්ටිකයො. ඒ අය විස්වාස කරනවා ඔවුන් පැවත එන්නෙ ඉන්දියාවෙන් කියලා.

Bohemianism මාර ඉස්ටැයිල් එකක් කියලා හිතන අයත් ඉන්නවා. හැබැයි, වැරදිලාවත් එහෙම අයට අහිකුණ්ටිකයො කියන්න යන්න නං එපා, දමලා අරී හොම්බ රිවට් වෙන්න. මට හිතෙන විදිහට , bohemianism වල core concept එක බැඳීම් අඩු , සරළ ජීවිතේ කියලා. ඕන්නං " හිතූමතේ ජීවිතේ" කියලත් කිව්වෑකි. මේ concept එක නං මිනිස් සමාජේ එක , එක කාල වල , එක එක තාලෙට අත්හදා බලල තියනව නෙව? සමහරු සෑසනේට ගියා, සමහරු සෙමනේරියට ගියා, සමහරු හිපියො වුනා. මේ සාවියෙ කස්ටිය නං homeless ගියා. 

සමහරු කියනවා, අපි හැමෝම තුලම බොහිමියානුවෙක්  ඉන්නවලු. ඒකලු අපි bohemianism වලට හොරෙන් ලව් කරන්නෙ. හෑ, මොකක්, මං කියන්නෙ බොරුයි කිව්වා? හහ්, ඔහෙල ඔය කතාව මූණු පොතේ කිව්වොත්, ඔහෙලව මැරෙන්නෙ කූඹි කාලා. බොරු කියන්නෙ මොකැටෑ,  ආස වුනට, මං ෆුල් ටයිම් බොහිමියානුවෙක් වෙන්න නං පට්ට බයයි. ඒකට හේතුව, හැමදේටම මිලක් තියන මේ සමාජ රටාවද මන්දා?

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන කතාව bohemianism වලටත් අදාල වෙනවද?ඔය කියන තරම්ම bohemianism ආතල්ද? ඉන්ටනෙට් එකේ, නං කියන්නෙ වර්ථමානෙ bohemianism වඳවෙලා නෑ, underground ගිහිල්ලා කියලයි.දැන් ඔය හිපි ‍රැල්ල වුනත්, ආවා, ගියා නෙව? bohemianism underground ගියේ ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්ණෙ නිසා වෙන්න බැරිද?. ප්‍රධාන සමාජෙ එක්ක ජීවත්වෙන කොට, හිතූමතේ ඉන්න බෑ නෙව?ඒ කියන්නෙ bohemianism පවතින්න නම්, ඒකට හරියන පරිසරක් තියෙන්නෙ ඕනෙ - ඒ කියන්නෙ sub culture එකක්. මොකෑ නැත්තෙ?එහෙම තැන් තියනවා.

ඔහෙලා අපි නොහිතන තවත් බොහිමියානුවො සෙට් එකක්, මේ අපේ  නහය යටම ඉන්නවා. ඒත් අපි උන් ඉන්නවද කියලා වගේ-වගක් නෑ වගේ ඉන්නෙ. මිනිස්සු නිරීක්ෂණය කරන එක, ඉස්සර ඉඳන් මගෙත් ප්‍රියතම විනෝදාංශයක්. ඒත් එහෙම පිට ඉඳන් නිරීක්ෂණය කරල හරියට තේරුම්ගන්න බැරි අපූරු උප සංස්කෘතියක් තමා කොළඹ මුඩුක්කු. නාට්ටාමිලා. පදික වෙළෙන්දො,  නැත්නම් කොළඹ කාක්කො, මදාවියො, ගණිකාවො,පාදඩයො,සහ හිඟන්නො  එන්නෙ මේ  පරිසරයෙන්. මං මේ ලිස්ට් එකෙන් "හොරු" කියන එක හිතාමතාම අත් ඇරියා. හොරකම social norm එකක් වෙච්ච සමාජයක, ඒ ගැන කතා කරලා වැඩක් නෑ නෙව?

Bohemians were associated with unorthodox or anti-establishment political or social viewpoints, which often were expressed through free love, frugality, and—in some cases—voluntary poverty.
- Wikipedia -
මෙන්න මේ කතාව ඇත්ත නං, මේ අය බොහිමියානුවො නෙමෙයිද? මේක  ලෝකයක්, ඇතුලෙ ලෝකයක්. ඒ ලෝකෙදි,  පිටදී ජන්ම වෛරක්කාරයො වෙච්ච, බොහෝවිට එකක නොපෑහෙන  සිංහල, දෙමල, මුස්ලිම් අනන්‍යතාවය , දිය වෙලා යනවා. ඔවුන්ගෙ බාසාවත්- බජාර් බාසාව, සිංහල, දෙමල, ඉංග්‍රිසි මිශ්‍රණයක්. . මේ මිනිස්සු අන්ත දුගියොමත් නෙමෙයි, හැබැයි ඔවුන් සැප විඳිනව කියලත් කියන්න බෑ.( ඒක වෙනම ආතල් එකක්.)

මේ අය ගැන විස්තර හොයා ගන්න අමාරුයි. මොකද අපි ඉන්නෙ, උන් නොදැක්කා, නොඉයින්නවා ගාණට. ඔන්න එතකොට උන්ට තද වෙනවා. ඉඳලා හිටලා, අපේ පර්ස් එකට විදලා, පිට නැති කමිසයක් විකුණලා, උනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා අපිට මතක් කරලා දෙනවා. හරි, හරි මාමස්‌මි,  ආනමාළු ඉමිතියාස්, පොට්ට නවුෆර්ලත් එහේ තමා. ඒත් අපි ඔහෙල නොදන්නව උනාට පිටකො‍ටුවෙ එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කරන්න මූලික වෙලා තියෙන්නෙ බජාර් එකේ  අයියලා. සමිතියෙ භාන්ඩාගාරික ලීලා ස්ටෝර්ස් එකේ දෙමල මුදලාලි. සාමාජිකයො "පූස පියදාස", "පොලොං ගුණේ" . මතක විදිහට කියන්නෙ, සිළුමිණ අතිරේකයක තිබ්බෙ, හෙව්වා ඒ ලින්ක් එක දැන් හොයා ගන්න බෑ. එත් මුදලාලි ස්වේච්චාවෙන්ම භාණ්ඩාගාරික වුනාද, භාණ්ඩාගාරික කෙරෙව්වද කියන එක නම් ශුවර් නෑ. ලීලා ස්ටෝර්ස් එකේ ෂම්මුගම් තම්බයියා සින්නදුරේ මුදලාලි හින්දු බැතිමතෙක්. ඒ විස්තරේ නං මෙතන තියනවා.ඔය ඉතිං "අවුල් වන්නට පෙර"

 බොහිමියානු ජීවිතේ මෙච්චරම ආතල් නං , අපි හැමෝම බොහිමියානුවො  නොවෙන්නෙ ඇයි?මේකට උත්තරේ හොයන්න, අපි මුඩුක්කු ආතල් එක ගැන හොයලා බලමු.මේ ගැන මට ලැබිච්ච විස්තර බොහොම ටිකයි. " මචං " චිත්‍රපටියයි, අභාවප්‍රාප්ත මහාචාර්ය රත්නපාල සූරීන්ගෙ පොතුයි ඇරුනාම මේ අය ගැන දන්න අය බොහොම ටිකයි ඉන්නෙ. අරූ දැන් ලියන්නෙ නෑ .ආ, දුමින්ද සිල්වා , දැන් හිරේ නේද?
ඔන්න ඔය නිසයි , මට මුඩුක්කු හොයාගෙන ඉන්දියාවට යන්න වුනේ. "Slumdog Millionaire " තමා මෙයාලව පුම්බල ගත්තෙ. දැන් NGO පොර, කනවා උදව් කරන්න. ආ සුද්දොත් එනවා බලන්න,ඒක වෙනම සයිඩ්-ලයින් tour-guide බිසිනොස් එකක්.

මේ මුම්බායි වල "ධරාවි":
මෙතන පොලිටිකල් ගේමකුත් තියනවා කියල හිතෙන්නෙ බස්සොන්ටයි, කූඹින්ටයි විතරද? නැහ්නං "ignorance is bliss"  කියල කියමුද? කතාවෙ එක තැනක කියවෙනවා. ධරාවි බිල්ඩින්/ රිලොකේෂන් ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙන බව. අද ධරාවි කියන්නෙ ‍ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් එකක්. පොඩි පහේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක්. හැබැයි, වැස්සට උතුරන කුණු කාණු, බෝවෙන රෝග , කුඩු, අපචාර , ලමා ශ්‍රමය, එහෙම්මයි. ( human and environmental exploitation ).

මේ බොහිමියානු ආතල් එකේ අනිත් පැත්ත:
විවේචන තිබ්බත් , ගෝටා විතරයි කොළඹ මුඩුක්කු ගැන දෙයක් කරන්න මුල පිරුවෙ.  අපේ දේශපාලන මතවාද වෙනස් වුනත්, ඒ ගැන නොකිව්වොත් ඒක අඩුවක්. එත් ඒකෙන් වැඩක් වුනාද කියන්න මං දන්නෙ නෑ. මොකද ඒ පරිසරය, මුඩුක්කු සංස්කෘතියේම කොටසක්.මට හිතෙන්නෙ bohemianism, සමාජවාදෙ වගේ කියලයි. ඈතින් ඉඳන් ලව් කරන්න නං මරු. ගන්න හොඳ දේවල් බොහොම තියනවා, ඒත් සම්පූර්ණයෙන් ගත්තොත් හුටා තමයි. , බොහිමියානුවො යැපෙන්නෙ ප්‍රධාන සමාජයෙන්. තනියම පැවැත්මක් නෑ

මොනව වුනත් ධරාවි, අපේ මුඩුක්කු වලට වඩා දියුණුයි.
දැන් අපි   ධරාවි ආදර්ශෙට ගෙන අපේ මුඩුක්කු දියුණුකරන යෝජනා කීපයක් බලමු.:

හිටං තුමා: ආ, හරි අපි ඕකට කොමිසමක් පත්කරමු

හිටපු රජා: හා, දවල්ද?

අගමැටි : අපි , ඔය මුඩුක්කු ප්‍රදේශයෙ කාර් පැක්ටරියක් දාමු

ටිල්වින් සිල්වා: අනේ අපිටත් චෑන්ස් එකක් දීලා බලන්නකො.

හැන්දෑවේ කලුවරට‍
බෑං ගා අඬ‍ාගෙන
හෝන්දු මාන්දුව
බිත්තියට වාරු වෙන කල
දොරපලුව,
කලු සුරුට්ටු ගඳ පළමුව
පිපිරුනු කලු නියපොතු ඇති
නාකි නහර පය දෙවනුව
ගෙට අරගෙන.........
කොරවක්කෙක් මෙන් වකුටුව
එළිපත පැන එයි ඇතුළට.....
නාට්ටාමි සැම්සනයා
හෙවත් අපේ තාත්තා.

නාස් දෙපුට්ටෙන් හොටු රැල්
කබල් කමීසෙට උර උර
හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව
පුරුද්දකට ඔහේ අඳින
බොත්තම් නැති කොට කලිසම
අතින් අල්ලගෙන හැලි හැලි
සිලි බෑගේ මක්කාදැයි
උනන්දුවෙන් එබී බලයි
වේස දයාගේ කොලුවා
හෙවත් අක්කගේ දරුවා.

කෝටු කකුල් දෙක පෙනි පෙනි
රතු කොට කලිසම ඇඳගෙන
ඉර අව්වේ දවල් දවසෙ
අත් වැඩ දී හෙම්බත් වී
කොල්ලන් රැල වට කරගෙන
හොක් හොක් ගා හිනාවෙවී
බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...
මදාවි ආනන්දපාල
හෙවත් අපේ පැටි අයියා.

ඉස්කෝලේ ගිහින් එද්දි
බුලත් බංකුවේ ඇසිඩගෙ
හෙවත් අපේ අම්මාගේ
සොහොන ළඟදි
කණස්සල්ලට පිපිරිලා
ඇස්බෝල තාම ඇඬුවත්...
කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
විද්දියාව පොත කියවයි
පස්ස පේලියේ රමණී......

හෙවත් මම හෙවත් හිච්චී....

- ගයාත්‍රි කුමාරි ගරුසිංහ -

එත් බස්සො ඇත්ත කියයිද?මේ ගැන ඔහෙලා මොකක්ද හිතන්නෙ?
ඔහේල කවදාවත් බොහිමියානු බස්සෙක් දැකල නැත්තෙ ඇයි කියලා , දැන් ඔහෙලට තේරෙනවා ඇති. මේකෙන් අදහස් කරන්නෙ නෑ, මම බොහිමියානු සංස්කෘතිය ප්‍රතික්ශේප කරනවා කියල. ඒකෙ කොටසක් අරගන්නවා - අර බැඳීම් අඩු කොටස, ආන්න ඒක.

“We are all just prisoners here, of our own device”



22 comments:

  1. අනේ මන්දා බස්සෝ...බැඳීම්, බැඳීම් සහ බැඳීම්. හැම ගැහැනියක් සහ මිනිහෙක්ම ඇතුලේ හැබෑ බොහිමියානුවෙක් ඉන්නවා. ඒ සතාට හුස්ම දෙන්න ගොඩක් අය බයයි. ඒ නිසා නිකන්ම ඒ බොහොමියානුවා ඔක්සිජන් විරහිතව මිය යනවා. විඳින්නේ නැතිව විඳවනවා. මම ඒ බොහොමියානුවාට එදත් මනාපයි, අදත් ආසයි. ඒ රසයට බොහෝ අය ආසයි..ඒත් බයයි. මේවා වාඩිවෙලා ටෝක් කරන්න ඕන දේවල් බිජ්ජෝ.

    ReplyDelete
    Replies
    1. එකඟයි.
      අරූව මෙහෙම හරි දකින්න ලැබෙන එක කොච්චර දෙයක්ද?

      Delete
    2. අරූ සෑර්, ඔය බොහිමියානුවා කියන එකාට ඔක්සිජන් එනවා අර ඇල්කොහොල් කියන ජාතියෙන්. බොරුද මං කියන්නේ.
      බස්සෝ LCBO කඩේ ඔව්ව තියෙනවා විකුණන්ඩම. බොරු නෙවේ සැටිපිකෙට් ඇත්ත

      Delete
    3. LCBO, Lock out/ Tag out ගැන කියන විදිහට නං හැට්ටර් මල්ලිත් ටැට්ටර් රෙපයාර් කරන්නෙ මේ සාවියෙ වගේ?

      ඉතිං,ඉතිං කොහොමද විට්ටර් අයියට?නෑන හින්දා උසාවි යන්නත් වුනාලු නේද?

      Delete
    4. බකුසුහාමි සෑර් ඔහෙට කියන්ඩ, අපි ඉතින් ගමේ චාරිස්තර වලට හැදුණු වැඩුණු එවුන් නොවැ.
      කැලේ යන්ඩ ඉස්සරින් පුල්ලෙයාරේට කොළ අත්තක් එල්ලලා හිටං නොවැ අපි පටන් ගන්නේ.
      ඒන් ඒ පුරුද්දට ඔහෙලගෙ රටට ආව වෙලාවටත් ඉතින් LCBO දේවාලෙට ගිහින් පඬුරක් එහෙම පේ කොරල හිටං තමා හැට්ටර් වැඩ පටන් ගන්නේ.
      එකසිය ගානට හාරසිය ගණන්වල ටැට්ටර් පදින්ඩ වෙනවානේ ඔහේ ආපුවාම හිටං.

      ඔය සින්දු විට්ටර් අපේ අයිය නොවේ ඒ කොහම උනත් අර ලෙලුන් කොලුවා නං .. මක්කටෙයි ඉතින් එව්වා ඌටත් වයසට ගියාම තේරෙයි.

      Delete
    5. අද ඉරිදා නිසා මම නං හීනියට සුට්ටක් ගත්තා. ඔව්, වොව් නැ‍ටුං තෙල් තමා. ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා , දෙකක් ලඟ, ලඟ නමා ගත්තා.

      ඔහෙට කියන්න හැට්ටර් මලයො. අර කට්ටකාඩුවෙ ලොකුමලයා, කොච්චිමිරිසා, ඉයන් සෑර් සහ එකී නොකී මෙකී සක්‍රීය බ්ලොග් ලියන අයට පිං. ඔහෙලා ලියන නිසා නෙව අපි කියවන්නෙ.

      අම්මපා මං හිතුව සින්දු විට්ටර් ඔහෙගෙ අයියා වෙන්න බෑ කියලා. ඒත් විට්ටර් ගොයියා අර ටැට්ටරේ ගත්තා නෙව? ඉතිං මට ටැපලුනා

      Delete
    6. හැට්ටරේ....සමහර වෙලාවට සමහර ඔක්සිජන් කඩෙන් ගන්න බැහැ බං. ඒවා ස්ට්‍රීට් එකෙන්ම තමයි හොයාගන්න වෙන්නේ. ඇත්තටම මචෝ ජීවිතේ රහම කොටස් මුන ගැහැන්නේ ස්ට්‍රීට් එකේ. ස්ට්‍රීට් එක මාර ට්‍රීට් එකක් බං. හැබැයි බස්සා කියනවා වගේ අත තියන්න බය තැනුත් තියෙනවා. ඒ කිව්වේ ඇතුලේ ඉන්න බොහිමියානුවා එලියට ගන්න වෙන්නේ, අපිට ඕන වෙලාවට විතරයි. මට නම් හැට්ටරේ ස්ට්‍රීට් එක ගැන නම් මාර ලල් අත්දැකීම් ටිකක් තියෙනවා.

      Delete
  2. තෝ තාමත් බ්ලොග් එක ලියනව ද? :-O

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු, මේ අපේ බුරම්පි නෙව? කොහෙද බොලං ගිහින් හිටියෙ? ලියනවා, ඔන්න ඔහේ අවාරෙට කජු වැටෙන්නැහෙ. දැන් ඉතිං බහින කලාව තමා

      Delete
  3. අර ෆ්ලැමින්කෝ නැටුම දැක්කහම මට Asterix in Spain මතක් වුනා.. Olé!

    ReplyDelete
    Replies
    1. යූටියුබ් එකේ වැඩිම කමෙන්ට් ලියල තියෙන්නෙ මේ යෝදිගෙ වැනිල්ල ගැන :) කාලෙකින් දැක්කෙ නෑ එහෙම වැනිල්ලක්.

      වැනිල්ලයි,මියුසික් විතරක් තිබ්බනම් තමා අගේ. කොහෙද ඒ අස්සෙ අර එකෙකුට බඩේ අමාරුවක්ද කොහෙද හැදිලා විලාප තියන්න තිබා ගත්ත නොවැ?

      Delete
  4. https://en.wikipedia.org/wiki/Bohemian_Grove

    බොහිමියානුවන්ට අවුල් බස්සෝ හුඟක් වටිනවා

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අර Owl Shrine එක නං නියමයි

      Delete
  5. https://www.youtube.com/watch?time_continue=103&v=DCKhBp-VV1M

    මේ සින්දුව අහලා බලපන්. අහලා විතරක් මදි බලලත් හිටපන්.

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා. නියමයි. මට මතක් වුනේ දුහුළු මලක්. ස්තූතියි අරූ

      ඔන්න මාත් වෙනින් සිංදුවකට මාරු කලා

      Delete
  6. හොඳට වැදුනා. බොහිමියානුවෙක් වෙන්න හීන දකින ඉඳල හිටල දෙකක් නමාගෙන හිතෙන්වත් බොහිමියානුවෙක් වෙන එක වැඩි දෙනෙක් කරනවා. ඒකට ලේබල් එකක් ඇති බවක් වත් නොදැන. අනික් පැත්ත තමයි බාහිර උත්තේජන නොමැතිව හිත දියුණු කිරීමෙන් ඒ වගේ තත්ත්වයකට යන එක. නියම පෝස්ට් එක බස්සා සර්.

    ReplyDelete
  7. බොහෝම කාලෙකින් බකමූණු කතා පැත්තෙ ගොඩවැදුනා.
    බස්සා තවමත් බ්ලොග් එක ලියන එක ගැන ගොඩක් සතුටුයි.
    පැරණි බ්ලොග් මිතුරන් අතරින් තවමත් කියවන්න දෙයක් ලියන්නෙ බස්සා විතරයි වගේ.

    "බොහීමියානුවා"
    බස්සා හොඳින් පැහැදිලිකරලා තියෙනවා.

    බස්සාගෙ පැහැදිලි කිරීම කියවනකොට මට නම් මතක් උනේ "පරසතුමල්".මම හරිද මන්දා. මට හිතෙන්නෙ ඔය "ඛලීල් ජිබ්‍රාන්" දර්ශනයම තමා කියල; ගී පොතයි, මී විතයි, කාන්තාවයි.
    වෙන විදිහකින් කිව්වොත්, සාහිත්‍ය රසයයි, මධු විතයි, ලිංගිකත්වයයි.

    ඕෂෝ ගෙ දර්ශනයත් මේ වගේම නේද?

    සමහරවිට බෞද්ධ දර්ශනයේ එන වර්තමානයේ ජීවත්වීම සංකල්පයත් මේ වගේම අදහසක් කියලත් හිතෙනවා.

    බස්සා ලියන දෙයක් කියවන්න මම කවදත් ආසයි. කමෙන්ට් එකක් නොලිව්වත් අවස්තාවක් ලැබුනම මේ පැත්තෙ ඇවිත් ලියල තියෙන දෙයක් කියවනවා.
    දිගටම ලියන්න.

    අලුත් අවුරුද්දට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම සතු‍ටුයි, ආයෙ මුණ ගැසීම. දැන් පරණ අය වැඩිදෙනෙක් ලියන්නෙ නෑ. මාත් ලියනවා, ඔය නොලියන ගාණට.

      "පරසතුමල් වල සුවඳ අතීතේ" කියල මං කැමතිම සිංදුවක් තියනවා. මං හිතන්නෙ ඒක පරසතුමල් චිත්‍රපටියෙන්. ගී පොතයි, මී විතයි, කාන්තාවයි ගැන ඕමාර් ඛයියාම් කියන පර්සියානු කවියාත් ඔහොම දෙයක් කිව්වා නේද?

      ඔව්, ඕෂෝ නැත්නම් රාජනීෂ් ගෙ දර්ශනයත් මෙයට කිට්‍ටුවෙන් යනවා. එහෙම කිව්වෙ, මූලික සිද්ධාන්තය සැහැල්ලු ජීවිතයක් වුනාට, සුළු වෙනස්කම් තියෙන නිසයි.

      ඔබටත් අලුත් අවුරුදු සුභ පැතුම්!

      Delete
  8. අර ගයාත්‍රි ගේ කවිය නම් ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. හිස් අහසෙ , වාර්ෂික ලිපිය දාලා සඳරුවා :). ඒක බැලුවාම , එහෙම හරි දාපු එක කොච්චර දෙයක්ද කියල හිතුනා

      Delete
  9. මං මේ ලිපිය දෙතුන් පාරක් කියෙව්වා මට හරියටතේරුන් නැති නිසා.. දාන්නේ මොකද්ද කමෙන්ට් එක කියලත් කල්පනා කලා. මං හිතන්නේ මට ආසයි බොහිමියානුවෙක් වෙන්න.. එතකොට දුකක් නැති වෙයි නේද, අද දවසේ ජීවත් වෙන්න විතරයි එයාලට ඕනා.. අපිට වගේ බලාපොරොත්තු , ටාගට් නැහැ. ජීවිතය ලැබීමක් නොලැබීමක් ගැන ලොකුවට එයාලට දැනෙන් නැතුව ඇති..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code