Dec 10, 2018

බස්සා, නත්තල සහ උම්බලකඩ

නත්තල අතලඟ. වින්ටරේ හොට ලඟ. නත්තල කිව්වාම ඔහෙලට මතක් වෙන්නෙ නත්තල් පප්පව නේද?  නත්තලට කව්ද අපි වගේ දෙකයි පනහෙ බස්සොන්ට තෑගි දෙන්නෙ? ඒක නිසා මං කරන්නෙ , නත්තලට මං, මටම තෑගි තැපැල් කරගන්නවා. ඒ කරලා, තැපැලා එනතුරු මග ‍රැකගෙන ඉන්නවා. බලන්න එපෑයැ, තැපලා අර ලියුම් මල්ලයි, පාර්සලුයි කරගහගෙන එන ලස්සන, නත්තල් පප්පා පරාදයි. වැඩේ කියන්නෙ අපේ නත්තල් පප්පල සැට් එකම මේ දවස්වල ඉස්ට්‍රැයික්. මං හිතන්නෙ  ආණ්ඩුවත් එක්ක වලි, වැඩි පඩි ඉල්ලලා. මුංව දීයා කන්න, හරියටම ඉස්ට්‍රැයික් පටන් ගත්තෙ නත්තල් උත්සව සමය අල්ලල  නෙව.

මේ දවස්වල හැම තැනම සේල්. ඔන් ලයින් ගත්ත පොඩි, පොඩි බඩු ඔක්කොම තැපෑලෙ හිර වෙලා. එහෙම කියල පුළුවනෑ, ගියා කඩේ, ගත්තා  පරණ ෆෝන් එකක් : Nokia Lumia 1520. ගෙනාවමයි කරපු ගොන්කම තේරුනේ. හාඩ්වෙයා ස්පෙක්ස් නියමයි ඒත් OS එක මෙලෝ රහක් නෑ - වින්ඩෝස් මොබයිල්. ඒ මදිවට ගඩොල් බාගයක් විතර බරයි. ඉතිං මොකේ දෑ දං වලඳන්නෙ? ඔක්කොටම හපන් අපේ හෝතම්බුවා ඉන්නෙ , ඔය වගේ මට කෙල වෙනකං, හිනා වෙන්න. මට තේරුනා මේක නං මොබයිල් ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි බව.

මං සැලුනද පිංවතුනි? නෑ, දා ගත්තා Tune in ඔක්කොම සිංහල ඔන් ලයින් රේඩියෝ ටියුන් කරගත්තා. කනෙක්ට් කලා බ්ලූටූත් ස්පීකරේට. නියම කොලිටි වෙබ් රේඩියෝ එකක්, දැං අහනවා ලංකාවෙ රේඩියො එකසිය ගානට.
ඕං ඔය  පහුගිය සෙනසුරාදා හැන්දෑවේ මම දෙකක් නමාගෙන ,කකුල් දෙක පුටුව උඩට අරගෙන අහනවා රේඩියෝ. මතක විදිහට Neth FM. කාලෙකින් අහපු හිතට අල්ලලා ගිය සිංදුවක්. යූ ටියුබ් ගිහින් සිංදුව හොයන කොට, මෙන්න බොලේ අහනවා සිංහල එකද හින්දි එකද කියලා. එතකොටයි පිංවතුනි මට වැඩේ තේරුනේ. ඔරිජිනල් එක හින්දි සිත්තරපට ගීයක්.කොපියක් වුනත් අපේ ගොබිලත් අවුල් නෑ. හින්දි සිංදුවෙ විෂුවල් ලස්සනයි. ඒක බැලුවාම වෙනම කතාවක් හිතේ මැවෙනවා. ඒත් මට හිංදි තේරෙනවයෑ? මං කලේ දෙගොල්ලන්ටම සාධාරණේ ඉස්ට කොරන එකයි. ගත්තා සිංදු දෙකම , එකට අනලා ගැහුවා කලවම් කොත්තුවක්:

ආ දන්න පිංවතෙක් කියනවද ලපල්ල කියන්නෙ මොකක්ද කියලා. අර අපේ ගොබිලා කියන්නෙ උන්දෑ සිහින, සිහින වින්දා කියලා?
මං ලපල්ල නොදන්නවා වුනාට කිරිපල්ල නං දන්නවා. "තොපි ආයෙ අපේ පොඩි එකීගෙ කිරිපල්ල අතගාල තිබුනොත් , ආයෙ දෙකක් නෑ, මං කපනවා තොපේ හික් මීයා". අටමා තමා කියා දුන්නෙ.


මං හිතන්නෙ මට ලැබිච්ච හොඳම තෑග්ග තමා මේක:
HP Windows Mixed Reality Headset VR1000
Walmart එකේ පන්සිය ගාණක්. අඩුම Amazon එකෙත් තුන්සි ගාණක්. Black Friday ඩීල් එකක් තිබ්බා එකසිය විසි ගාණට. දැක්ක ගමන් කෙ‍ටුව උඩ පැනලා. පැය ගාණෙන් ඔක්කොම විකිණිලා ඉවර වුනා.

VR headset මාකට් එකේ උඩින්ම ඉන්නෙ Oculus Rift, HTC Vive එව්වා way out of my league. මේක මං වගේ දුප්පත් බස්සෙකුට හොඳටම හොඳා. හැම අවුරුද්දෙම කොම්පුටරේ අප්ඩේට් කරනවට වඩා, මේක හොඳ අත්දැකීමක්.තාම සර්ව සම්පූර්ණයි කියල කියන්න බැරි උනත්, VR අනාගතය හොඳ වෙන ලකුණු තියනවා.

මට වෙලාවකට හිතෙනවා අපි  නවීන තාක්ෂණයට ඇබ්බැහිවෙලා වැඩිද කියලත්. ආයෙ හිතෙනවා, ඔන්න ඔහෙ තියෙන එකේ , පාවිච්චිකලාම මොකද වෙන්නෙ කියලා. නවීන තාක්ෂණයට නැත්නම් හරි අපි ඔහෙලා මෙහෙම හරි කතා කරන්නෙ කොහොමද?
යූටියුබ් කුකින් වීඩියෝ නිසා මගේ සූප ශාස්ත්‍ර ඥාණය තරමක් වැඩි දියුණුවෙලා තියෙනවා.මගේ පරිප්පුවයි, පොල් සම්බෝලෙයි නරකයි කියන්නමත් බෑ.පොල්සම්බෝලේට ගන්න මිරිස් කබලෙ ටිකක් බැදලා ගන්න ඕනෙ, යන්තං දුඹුරු පාට වෙනකං. එතකොට තමා රහ. මම නම් ඈඹුලට දෙහි, තක්කාලි දෙකම දානවා, ඒත් වැදගත්ම දේ සියඹලා, නියම රස එන්නෙ එතකොට.

එකම අවුල  පොල් බිඳිල්ල තමා. ඇස් ගණන් කරලා හරි දාරෙ හොයලා, කුරුමානම් අල්ලලා පොල් ගෙඩියට පත බෑවම  ඒක බිදෙන්නෙ හරහට නෙමෙයි, දික් අතට, නැත්නම් රුයිතෙට. 
ඊයෙ මං හැදුවා පොල් සම්බලයක් ඩයිනමයිට් වගේ, ඒත් රසයි.  පොල් සම්බලේ රස වැඩිකරගන්න  උම්බලකඩ දාන්නම ඕනෙ. උම්බලකඩ කියන්නෙ ලාබ දෙයක් නෙමෙයිනෙ.
යූටියුබ් එකේ "අපේ අම්මා" කියල දෙනවා උම්බලකඩ හදන විදිහක්. සරලයි, වේලන්නෙ අව්වෙ නෙමෙයි. ඊට කලින් සැරේ අපේ අම්මා එලියෙ වේලපු උම්බලකඩ පූසො අරං ගිහින්.ඒ නිසා මේ සැරේ කියල දෙනවා අව්ව නැතුව හදන ක්‍රමේ. ඒක  මේ වින්ටරේ වෙව්ලන අපි වගේ බස්සොන්ට නියමෙට ගැලපෙනවා.
මගේ පලවෙනි උම්බලකඩ බැච් එක ලිපේ. අපේ අම්මගෙ ගෑස් ලිප්, කුකුල් දැල් මැතඩ් එකනම් මට කරන්න බෑ. අපේ  ගෑස් නෑ ඔක්කොම ඉලෙක්ට්‍රික්. අවන් එකක් තියනවා ටයිමර් නෑ. මේ ලඟදි  පහල තට්‍ටුවෙ සිරියන් කස්ටිය ගේ ගිණි තිබ්බා උයන්න ගිහිල්ලා.
ඔය ඔක්කොම කිරල, මැනලා සලකලා බලල තමා මේක ගත්තෙ: හොද ඩීල් එකක් , සාමාන්‍ය ගාණෙන් බාගයයි. රෝස් කරන්න , බේක් කරන්නත්  පුළුවන්. 
මේක halogen convection oven එකක්. මං හිතන්නෙ ඔහෙ සිංගර් එකේ තියනවා.ටයිමර්, උෂ්ණත්ව පාලනය තියනවා. හොඳම කොටස  වටේටම වීදුරු - උයන එක ට මොකද වෙන්නෙ කියල පේනවා. 

දැන් මේ වෙනකොට ආං එයා උම්බලකඩ වේලනවා,කුස්සියෙ.

29 comments:

  1. හැරී පොටර්ට නම් කෙලින්ම බස්සාම නත්තල් කාර්ඩ් එකක්

    ReplyDelete
    Replies
    1. නැහ්, මතක විදිහට හැරීගෙ බස්සා වැඩකලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ :)

      Delete
    2. http://harrypotter.wikia.com/wiki/Owl_Postal_Service

      Delete
  2. https://www.youtube.com/watch?v=E8d5C8kPlJA

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=Li8GrxE1jfg

    ReplyDelete
  4. ඔහේ ගේ ගිනි තියන එකක් නෑ ගේ පුපුරවයි වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑහ්, ඒකනෙව ටයිමර් තියෙන එකක් ගත්තෙ. පැයකට පස්සෙ ඉබේම ඔෆ් වෙනවා.

      Delete
  5. මෙන්න අපේ අම්මා බලන් උයන්න ඉගෙන ගත්තු තවත් එක්කෙනෙක් හම්බුණා. :D

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මගෙ උම්බලකඩ කාපු හොර පූසො සැට් එක අහුවුනොත් , අම්මපා ගහනව පොල් බෑයෙන්.

      ඒ චැනල් එක නරක නෑ. රෙසිපි එක සිංහල, ඉංග්‍රිසි දෙකෙන්ම දාන එක මං කැමති දෙයක්, නැත්නම් කඩේ ගිහින් උළුහාල්. සූදුරු, මාදුරු කියල හොයන්නයෑ?

      Delete
    2. ඔව්, ඔබ හරි. මමත් ගොඩක් වෙලාවට ඒ චැනල් එක බලනවා, ඒකයි අරම කිවුවෙ. සමහර වෙලාවට උයන්න කම්මැලි වෙලා මෙලෝ රහක් නැති පාන් එහෙම කන දවසට, චැනල් එක දාගෙන, ඒක බලාගෙන කනවා, ඒ කෑම කනවා කියලා හිතාගෙන. :P

      හැබැයි පොඩි දෙයක්. සාමාන්යෙන් අපේ අම්මා එකේ, දාන්න ඕන ඔක්කොම ටික දාල පර්ෆෙක්ට් වෙන්න ඉවුවට, ඔය තුනපහ එහෙම එකක් දෙකක් අඩු උනාට ලොකු අවුලක් නෑ. කල්පනාවෙන් කරන්න ඕන ඉතින් චිකන් කරි එකට චිකන් අඩු කරලා බෑ. :D

      Delete
    3. \\සමහර වෙලාවට උයන්න කම්මැලි වෙලා මෙලෝ රහක් නැති පාන් එහෙම කන දවසට....\\

      5-Minute Crafts

      Delete
  6. Replies
    1. ස්තූතියි. අර ඉවුම්-පිහුම් කවියයි, පිංතූරෙයි දෙකම නියමයි.

      Delete
  7. බස්සා ලපල්ල ගැන අහල තියෙන්නෙ නියම කෙනාගෙන්. ඊළඟ ආත්මෙටත් මතක හිටින්න ඔය කියලා දීලා තියෙන්නෙ… :D

    පොල් බිඳින එක තමයි මටත් බැරිම වැඩේ. මෙහේ තියෙනවා ගාපු පොල් පැකට් කරලා. හැම වර්ගයම හොඳ නෑ. අමුතු රසයි. ඒත් ඉන්දියාවෙ කේරළයෙන් එන එකක් තියෙනවා, ඒක හොඳයි. මං ඉස්සර පොල් බින්දෙ බිම තියලා මන්නෙන් ගහලා. අතේ තියාගෙන පතොරියං එකක් දෙන්න බයයි පොලේ බිමට වැටිලා අත දෙපලු වෙයිද කියලා. අන්තිමට කුස්සියේ ටයිල්වල කෑලි නැති වෙනකොට මිදුලට අරන් ගියා. ඊට පස්සෙ උනේ හරියට අර කොස් ඇට තලනවා වගේ. මන්නෙන් කොටනකොට පොල් ගෙඩිය අහකට පනිනවා. අන්තිමේදි තරහටම මිටියක් අරගෙන ගහලා උන්දැ සුන්නද්දූලු වෙලා ගියාට පස්සෙ පොල් බිඳිල්ල නතර කළා.

    මැසිම උම්බලකඩ වේලලා ඉවර වෙනකොට ලයිට් බිල බස්සට හිනාවේවි. ;P

    ReplyDelete
    Replies
    1. ගාපු පොල් කිව්වෙ Shredded/ desiccated coconut ද? මාත් ගෙනාව, හරි යයිද මන්දා? වැඩේ අමාරු උනත් ඒ වෙලාවෙ ගාගත්ත පොල් වගේ නම් වෙන එකක් නෑ. ඒත් රොටියක් පුච්ච ගන්න, මැල්ලුමක් හදන්න නං වරදක් නැති වේවි.

      ආන්න ඒකටත් එක්ක මැදපෙරදිග. මං ඒ රටවලට පෞද්ගලිකව අකමැති වුනාට, ගාපු පොල් නං කිසිකරදරයක් නෑ. ඕන ඉන්දියන් කඩේකින් පොල් ගත්තාම, එවෙලෙම ගාලා දෙනවා. ඒකට පොරක් ඉන්නවා මෝටරයක් හයි කරපු හිරමන් තලයකුත් තියාගෙන.

      මම විදුලි බලයට වෙනම නොගෙවනවා වුනත්, ඒ කතාව හරි. පැය දහ , දොලහක් අවන් එකේ වේලන එක ප්‍රැක්ටිකල් නැති නිසා මම ක්‍රමේ වෙනස් කලා. මුල් පැය වේලනව හැලජන් අවන් එකේ. ඊට පස්සෙ දවසක් තියෙන්න අරිනවා, ලෝ පවර් ෆුඩ් ඩ්‍රයර් එකක.

      Delete
    2. මං මෙතන කියලා තියෙන්නෙ shredded ගැන බස්සා. ඒත් මං දවසක් දෙකක් desiccated වලිනුත් හදලා තියෙනවා, වෙන කෙනෙක් හැදූ එකක් රසට තිබුනු නිසා. එයා කිව්වෙ ඒකට වතුර ටිකක් ඉහලා මයික්‍රොවේව් කරලා ගත්තම හොඳට තියෙනවා කියලයි. ඒ උනාට මං හැදූ දෙපාරම අමුතු රහක් දැනුනා.

      මෙහෙත් මෙල්බර්න් පැත්තෙ නම් අර කිව්ව විදියට පොල් ගත්තාම ගාලා දෙන තැන් තියෙනවා කියලා නංගි දවසක් කිව්වා. ඒ වගේම පොල් බෑයවල් විකුණන තැනුත්. ඒත් පර්ත්වල නෑනෙ අනේ. මෙහෙට එන්නෙ වතුර අඬන්නෙ නැති වේලිච්ච, ගුඩු වෙච්ච පොල්.

      උම්බලකඩ ව්‍යාපාරය සාර්ථක වේවා කියලා පතනවා. මොකද උනේ කියලා පස්සෙ කියන්න. රහ ගැන හෙම. මෙහෙත් දැන් උම්බලකඩවලට කිට්ටු කරන්න බෑ. ගිනි ගණන්. ඒ නිසා උම්බලකඩ නොදා හාල්මැස්සො බැදලා අරන් කලවම් කරනවා, සම්බෝලෙ තෙල් දාලා. හාල්මැස්සොත් හැම ජාතියම හරි යන්නෙ නෑ. හොඳ පිරිසිදු ඒවා දැම්මම විතරයි රස. මෙහේ ආසියානු කඩවල තියෙනවා ඉකන් බිලිස් (නම හරිද මන්දා) කියලා හාල්මැස්සො වගයක්. ඒක බැදලා දැම්මම නම් නියමයි. ඒ වගේම කූණිස්සො බැදලා මිශ්‍ර කළාමත් රසයි. හැබැයි හොඳට සෝදලා ගන්න ඕන. සමහර ජාතිවල හරියට වැලි.

      Delete
    3. පලවෙනි වතාව නිසා පොඩි, පොඩි අත්වැරදි වුනා. එකක් මාලු ටිකක් වැඩිය තැම්බුනා. මම ටයිමර් දාගෙන විනාඩි 6යි තැම්බුවෙ, එකත් වැඩියි.

      අනික ගත්ත මාලුවා, බලයම නෙමෙයි -ටූනා. ලුනු , ගොරක, දෙහි දාලා ටිකක් වැඩියෙන් පොඟවලා හෝදන්නයි තිබ්බෙ. මෙහෙ මාලු වල තෙල් ගතිය වැඩියි, ලංකාවෙ බලයා වගේ නෙමෙයි. නරකමත් නෑ, ඒත් ඊලඟ සැරේ ඔයිට වැඩිය හොඳට හදන්න ඕනෙ.

      Delete
    4. බසු හාමි ඉන්නේ ට්‍රම්ප් දේසේ නේද? ඔය මාළු වල තෙල් වැඩි කියල ලිවුවම මටත් මතක් වුණා කතාවක්. සමාවෙලා ඉවසන්ට ඒකත් කියන්නම්.

      ජපානෙ ඉන්නකොට මිරිස් මාළු උයන්න හදන හැම දවසකම මාළු එක කටේ තියන්න බැහැ, හේතුවක් හිතා ගන්නත් බැහැ අම්මගෙන් අහපු රෙසිපි එක ඒ විදියටම කරලත් මාළු එක අප්සට්. එක දවසක් කෝමහරි වැරදිලා වගේ අහම්බෙන් මාළු එක උණු වතුරේ හේදෙන්න දාල (හිතලා කරපු දෙයක් නෙවෙයි, වින්ටර් කාලේ ටැප් එකේ නොදැනුවත්ව වගේ උණු වතුර තමයි භාජනේට ඇවිත් තියෙන්නෙ) ගන්න අමතක වෙලා ගොඩක් වෙලා තිබිල තමයි දැක්කෙ.

      "හපොයි මාළු එක අමතක වුනානේ" කියල අරන් ආයේ හෝදලා උයල බැලුවම කන්න පුළුවන්. පස්සේ තමයි තේරුණේ ඒ මාළු වල තෙල් ගතිය නිසා, එක පාරක් හෝදලා ඉවුවට මදි. උණු වතුරෙන් කිහිප පාරක් සෝදලා ගන්ට ඕන.

      සමහර විට ඔය පැත්තේ මාළුත් එහෙම වෙන්න ඇති, සීතල වතුරේ ඉන්න පුළුවන් වෙන්න ෆැට් ලේයර් එකක් හැදෙනවා ඇති මාළුන්ට. මොකෝ ජැකට්, කෝට් අඳින්න කියලයි :D

      Delete
    5. බොහොම ස්තූතියි ටිප් එකකට. ඒ වැඩේ හරියන්න ඉඩ තියනවා.

      //මොකෝ ජැකට්, කෝට් අඳින්න කියලයි //

      මොකෑ නැතුව , සමහරු අඳිනවා :)

      මේං ඇඳපු එකෙක්

      ට්‍රම්ප් අපේ ලොකු අයියා. අපි ඉන්නෙ අර පංච මහා විල් වලින් එකක ඉවුරෙ.

      Delete
    6. ආ... මේ දවස් වල හිමේ ඇත්තේ එහෙනම් නේද.

      ටූනා මාළු උණු වතුරේ දාල තිවුවම ඒකෙම ටිකක් තැම්බිලා ලා රතු පාට වෙනව. ගණන් ගන්නෙපා එහෙම උණාට. තව මගේ ටිප්ස් ටිකක් කියනවා නම්,

      1. Tortilla ෂීට් (microwave එකේ දාන ටයිප් එක) අරගෙන microwave කරලා කෑලි කපලා කොත්තු හදන්න පුළුවන්
      2. දුඹුරු පාට සීනි වලින් වටලප්පන් හදන්න පුළුවන්. මේ වගේ පෙනුම, සුපිරි වෙළඳසැල් වල තියෙන්න ඕන (මම ඔහේ ඇවිත් නෑ, නමුත් ඇති කියලා හිතනවා)

      https://www.amazon.co.uk/dp/B01BV6CYQ4/ref=asc_df_B01BV6CYQ457490222/?tag=googshopuk-21&creative=22110&creativeASIN=B01BV6CYQ4&linkCode=df0&hvadid=310771714967&hvpos=1o6&hvnetw=g&hvrand=5061843059016127210&hvpone=&hvptwo=&hvqmt=&hvdev=c&hvdvcmdl=&hvlocint=&hvlocphy=9060163&hvtargid=pla-564824184901&th=1&psc=1

      Delete
    7. D.G.M බස්සාDecember 15, 2018 at 11:41 AM
      හිටපු ගමන් හිම වැටෙනවා සමහර වෙලාවට වහිනවා. දෙකම එකයි, කොහොමත් සීතලයි.

      දැන් මටත් හිතෙන්නෙ උණු වතුරෙන් හොඳට හෝදන් එක තම බේත. දැන් දෙන්නංකො රම්පෙට පොරි හැලෙන්න :)
      මම කරපු වැරුද්ද රස වෙනස් වෙයි කියලා පාවිච්චි කලේම පට්ට සීත ඇල් වතුර.

      ඔහෙට පිං සිද්ද වෙනවා මූකලං බස්සට ආයෙ මාලු රස බලන්න අවස්ථාව දුන්නට.

      දුඹුරු පාට සීනි! බීට් රූට් වලින් හදන එක නේද? අප්පෝ තියෙනව, ඕන පදං.

      Delete
    8. I took the liberty of mentioning your adventure in the latest post. Sorry mate, couldn't help it. Hope, you don't get mad. Just like you guys, I'm not active in blogging anymore. To be precise, I'm "retired." Just in case if you wonder, why the hell a retired blogger is writing a post every week, well, I guess old habits die hard. It will change soon, though.

      Thanks again for all the help.

      Delete
    9. ආ මං ගැන කිවුවට කමක් නෑ. දිගට ලියනවා නම් ඒකෙ හිලවුවට කුණුහරුපෙන් බැන්නත් කමක් නෑ,
      මොකෝ මමත් කරන්නේ ලියනවට වඩා කියවන එක.

      ඉතින් මේ දීපන්කරේ තනිවෙලා ඉන්නකොට කියවන්න, කවුරු කවුරුහරි සිංහලෙන් මොනව හරි ලියනවා නම් එච්චරයි.

      බීට් රූට් නෙවෙයි නේද? කේන් සුගර් වෙන්න ඕනි. පොඩ්ඩක් බලන්නකෝ සාමාන්යෙන් සීනි විකුණන අහල පහලම තියනවා දුඹුරු පාට ඇලෙන සුළු එකක්. මුලින් පොඩ්ඩක් හදල බලන්න කෝකටත්.

      මාළු වැඩේ හරියන්න කියලා පතනවා. :)

      Delete
    10. බීට් රූට් නොවෙනත් ඇහැකි. නානාප්‍රකාර දුඹුරු සීනි දැකලා තියනවා බේකින් අයිල් වල. හොයා ගත්තෑකි. වැදගත්දේ හොඳ පැණි වෙනුවට මේ සීනි පාවිච්චි කරලා වටලප්පන් හදන්න පුළුවන් එකයි.

      බ්ලොග් වලටත් එක්ස්ෆයරි ඩේට් තියනවා. කාළයත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් නොවී ඉන්න සටන් කරනවට වඩා වෙනස පිලිගන්න එක ලේසියි. ඒකයි දැන් ලියන්නෙ නැත්තෙ, ඒත් තාම කියවන එක අත්හැරලා නෑ.

      Delete
    11. මාළු කරිය ගොඩ. උණු වතුරෙන් හේදුවා, හේදිල්ල, කොටිම්ම හෝතම්බුවා එතනින් ගියේ නහය වහගෙන. හැදුව ඇඹුල් තියල් එකක්, මට නං කොහොමත් අවුලක් නෑ. ඒ තියා හෝතම්බුවාත් කිව්වා දැන් පිලී ගඳ නෑ කියලා.

      හම්මේ ඉතිං මේ පොඩි දේ නොදැණනෙ මෙච්චර කල් මාළු නොකෑවෙ. පොඩි වුනාට මේකත් ගේම් චේන්ජර් එකක්.

      Delete
    12. //හෝතම්බුවා එතනින් ගියේ නහය වහගෙන//
      //හෝතම්බුවාත් කිව්වා දැන් පිලී ගඳ නෑ කියලා//

      හරි වැඩක්. ගඳ හොඳ නෑ, කන්න හොඳයි. අනේ අනිච්චං ඒකෙත් හැටි. බස්සා නිසාම හොඳයි, මම උණා නම් නොදී කනවා, තනියම. :D
      බස්සට කියන්න, මමත් ඕක අහම්බෙන් ඉගෙන ගන්නකම්, යෙන් පන් හයදාහක වත් මාළු ගෙනැත් උය උය විසි කරන්න ඇති.

      තව එකක්. මම කොහේ හරි දැක්ක, මාළු උයද්දි ළූණු දාන්න එපා කියල තියනවා. හේතුව දන්නේ නෑ හැබැයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code