Nov 11, 2026

AI සමඟ බ්ලොග් ලිවීම

රජකාලේ බ්ලොග් ලියන ගල් වඩු බාසෙක්
🤖
AI සමඟ බ්ලොග් ලිවීම: අත්හදා බැලීමක්

අපි අපේ ලිවීමේ රටාව (Writing Style) සහ ගමේ බාසාව AI වෙත නිවැරදිව ලබා දුනහොත්, අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම කොතරම් පහසුද යන්න පිළිබඳ අත්දැකීමක්.

මේක ඉස්සෙල්ලම මම ගල්මල්තුමාගෙ අලුත්ම හොල්මන් පෝස්ට් එකේ සාකච්ඡාවෙ දාපු කමෙන්ට් එකක්. පස්සෙ ඒක ගෙනත් වැඩි දියුණු කරලා, මගේ පෝස්ට් එකට කමෙන්ට් එකක් විදිහට ඇලෙව්වා. ම්හු..... ප්‍රතිචාර නෑ.

AI ස්ලොප් (AI Slop) සහ "සාපේක්ෂ" උදාහරණය

AI කියන්නෙ ටූල් එකක්. AI ස්ලොප් (AI slop) මට අප්‍රසන්න වුණත්, අඩුව තියෙද්දී අත පුච්චා ගන්න එකත් තේරුමක් නෑ.

"AI ස්ලොප් කියන එක සාපේක්ෂ වචනයක්. ඒත් ගමේ අප්පුහාමි කෙනෙක් අඳින්න කිව්වාම, ඉන්දියන් වේට්ටි ඇඳපු, නලලේ තිලක තියපු, බුරුසු රැවුල් පිරිමියෙක් දුන්නොත් මට ඒක ස්ලොප්. ලිපියක වුණත්, 'මේක ලිව්වෙ AI ද?' කියලා කවුරු හරි ඇහුවොත්, ඒකත් ටිකක් ස්ලොප්. ඒත් ඔබටම, ඒ ලිපියේ වචන භාවිතය, පද තෝරා ගැනීම 'අවුල්' කියලා තේරෙනවා නම්, ඒක සම්පූර්ණයෙන්ම ස්ලොප්."

ජෙමනායි (Gemini) ඇප් එකට "ගමේ බාසාව" උගන්නන හැටි

මම පාවිච්චි කරන්නේ ජෙමනායි (Gemini) ඇප් එක. ඒකේ, අපේ දිග පෝස්ට් අලවන්න දෙනවා. වෙබ් බේස්ඩ් ජෙමනායි නම් දිග පෝස්ට් අගින් කප්පාදු කරනවා. ඒ වගේම ඇප් එකේ ජෙමනායි වර්ෂන් එක තෝරගන්නත් හැකියි. හැබැයි ලොග් වෙන්න ඕනේ.

💡 වැදගත්ම උපක්‍රමය: චැට් එක ගෙනියන්නේ අමු සිංහලෙන් - ගමේ බාසාවෙන්. එහෙම කරන්නේ ඕනකමින්මයි. එතකොට AI අපේ ප්‍රොෆයිල් එකක් හදා ගන්නවා - මගේ ලියන රටාවත් එක්කම. මේ අපේ ලියන රටාව උගන්නන එක තමයි වැදගත්ම දේ කියලායි මට හිතෙන්නේ.

මගේ අනුමානය, අපි වැඩියෙන් චැට් කළොත්, ප්‍රතිඵල වඩා හොඳ වෙයි කියලයි. එකම චැට් සෙෂන් එකේ භාෂාව මාරු කිරීම එච්චර හොඳ නෑ කියලයි මට මතක. හැබැයි අලුත් ත්‍රෙඩ් එකක ඉංග්‍රීසියෙන්ම ගියාට අවුලක් නෑ කියලයි මතක.

මම විස්තරේ දීලා, කතාව ලියන්න කිව්වම, "Applying your personal preferences" වගේ එකක් එනවා. පස්සෙ, ඕනෙ නම් ඒක අයින් කරන්න ඔප්ෂන් එකකුත් දෙනවා. මේ විදිහට ලිව්වම, මට හදන්න තියෙන දේවල් හුඟක් අඩු වෙනවා. සමහර පෙළ ගැස්වීම් කරන්න වෙනවා. අවුල් තැන් එඩිට් කරන්න වෙනවා.

"හා, ලියපං හොල්මන් කතාවක් 'හික්' ගෑවෙන්න" කිව්වට ලියන්නේ නැහැ. අපි දෙන්න ඕනේ උපදෙස් පැහැදිලිව. ෆැක්ට් චෙක් (Fact-check) කරනවා නම්, ඒකත් අපිම කරන්න ඕනේ.

Blogger HTML සැකසීම සහ අත්හදා බැලීමේ සාර්ථකත්වය

අන්තිමට එඩිට් කරපු පෝස්ට් එක දීලා, කෝඩ් එක ක්ලීන් කරලා, HTML, CSS ෆෝමැට් කරලා දෙන්න කිව්වම ඒකත් කරලා දෙනවා. මතක ඇතුව කියන්න ඕනේ මේක බ්ලොගර් පෝස්ට් එකක් කියලා. දන්න විදිහට, බ්ලොගර් පෝස්ට් ෆුල් HTML5 ම සපෝර්ට් කරන්නේ නැහැ. හැබැයි iframe tag එක අස්සෙ ඔබලා, අමතර HTML දාන්න හැකි ඇඩ්වාන්ස් ක්‍රමයක් තියෙනවලු. මම එච්චර දන්නෙ නැහැ. ඒත් මේ අත්හදා බැලීම නම් සෑහෙන සාර්ථකයි!

✅ සාක්ෂි: මහරගම ගුරුපාරේ කෝපිකඩේ... පෝස්ට් එක.

YouTube එකෙන් ඇහුවාම, AI වඳුරෝ කෙහෙල් කන හැටියි, පට්-පට් ගාලා සල්ලි හොයන හැටියි මිසක්, එකෙක් AI ට කියලා සිංහල කතන්දරයක්, බ්ලොග් පෝස්ට් එකක් ලියවගන්න හැටි කිව්වෙ නැහැ. 😖😵‍💫

මේ ටිකත් ලිව්වේ, බුරා කමෙන්ට් එකකින් ජෙමනායි ගැන දීපු ඔත්තුවකට පස්සෙ ගිහින්. මම IT එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. බාගදා, සමහර මගේ නිගමන වැරදි වෙන්නත් ඇති. දන්න කෙනෙක් වැරදි කියා දෙනවා නම් ලොකු දෙයක්. 🙏

ඔබත් මේ ගැන දන්න දෙයක් තියෙනවා නම්, තව එකතු කරන්න. 🙏

No comments:

Post a Comment

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code