Dec 14, 2018

ඔ‍ටුව, පිටඔ‍ටුව, හොර්ටන් තැන්න සහ ගූගල් අර්ත්VR


  • පිටකො‍ටු ගිය බස්සා
බස්සා කැමති තැන් අතරින් පිටකො‍ටුව ඉන්නෙ සෑහෙන උඩින්. අහා! පිටකො‍ටුව, මගේ ප්‍රථම ප්‍රේමය.පිටකො‍ටුවට , ඒකටම ආවේනික වූ පෞරුෂත්වක් තියෙනවා - a city with a character indeed, I must say. ගිණි ගහන අවුවේ වුනත්, පිටකො‍ටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකො‍ටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්‍ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.

එදාට අර ලූණු කොල තට්‍ටුව  බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකො‍ටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකො‍ටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.

  • පිටකො‍ටු පුරාණය
අපේ යටත් විජිත ඉතිහාසය හොයන කෙනෙකුට පිට කො‍ටුවත්, ඒ අවටත් නිධානයක්. ඩච් මියුසියම් එක, ගෑස් පහ හන්දිය, කයිමන් දොරකඩ, කොඩි ගහ මේ එයින් කීපයක් විතරයි.
කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

මේ මම කොහේදිද පොතක දැක්ක කවියක්. මම මේක ජන කවියක් කිව්වාම, වතාවක් ඇනෝ මීයක් මයෙ ඇඟට ගොඩ උනා, ඕක කවුරු හරි අපතයෙක් ලියපු රිකන්ඩිෂන් කවියක් කියලා.

අනේ මන්දා , මං දන්නෙ නෑ ඔව්වා. මං බස්සෙක් මිසක් ඉතිහාස විශේෂඥයෙක් නෙමෙයි නෙව? ඒ කොහොම වෙතත්, අද කුරුඳු නැති කුරුඳුවත්ත, ඉස්සර සරුසාර කුරුඳු වගාවක් බව ඇත්ත නං, කොළඹ, කො‍ටුවක් තිබිල තියනවා.කො‍ටුවක් නං කො‍ටු තාප්පෙකුත් තියෙන්න එපැයි. ඒ මදිවට රා විකුණලත් තියනවා. ඒ කාලෙ හිටපු බස්සොත්, ඒ රා බීල තියනවා. කොළඹ ට්‍රෑම් කාර් දුවලත් තියනවා. කරත්ත තිබිලත් තියනවා. ඒ කරත්ත වල බැඳපු ගොන්නුත් ඉඳලා තියනවා. තව ඉතිං, කරත්ත කාරයොත් රා බීල, ඉඳහිට ආප්ප කාල, කො‍ටු පැනලත් තියනවා. ඒකත් වෙනම ආතල් එකක් වෙන්ටෑ?
  • යූ-ටියුබ් සමග පාන් කෑම
සමහරවිට අද මෙව්වා වෙනස් වෙලා ඇති. ඒක එහෙම නං, මං දැනගෙන හිටිය පිටකො‍ටුවෙ මතකය, මමම තියාගන්නම්. කලින් පෝස්ට් එකේ එක්තරා මානවිකාවක් ලියලා තිබ්බා, එයාට ටිවී එකේ කුකරි ප්‍රෝග්‍රෑම් දිහා බලාගෙන ඒ කෑම කනව කියලා හිතාගෙන, මෙලෝ රහක් නැති පාන් කන්න ඇහැකි කියලා. ආන්න දැක්කද පවර් ඔෆ් ඉමැජිනේෂන්! මට එහෙම සුපර් පවර් එකක් නැති නිසා, පොඩි හැලුප් එකක් ගන්න වුනා.
  • තැපෑලෙන් ආ පෙට්ටිය සහ හෝතම්බුවාගේ රබර් ඇස
පහුගිය සතියෙ තැපලා ගෙනාව මගේ VR පෙට්ටිය. ඕකත් අරගෙන හොර බළලා වගේ කාමරේට රිංගන්න යනකොට මාට්‍ටු වුනා ගෙදර ඉන්න හෝතම්බුවට:

හෝතම්බු: ඔහොම හිටපං, මොකක්ද ඒ පාර ගත්ත අටංපහුර.

"මේක මේ පිචැර් බලන ගැජමැටික් එකක්. පට්ට ලාබයි, ගෙඩි සුපියල් එකසිය විසි පහක් විතරමයි" මං අහිංසක විදිහට කිව්වා.

මේක මේ ගහපු ගමන් හුටස්ගාලා වැඩකරන එකක් නං නෙමෙයි. මට ඕන වුනේ Google Earth VR රන් කරන්න. Google Earth VR තියෙන්නෙ Steam වල, HTC Vive වලට. Steam එකවුන්ට් හදලා, SteamVR ඉන්ස්ටොල් කරලා සැහෙන දුකක් විඳලා, දැන් වැඩ නං කරනවා.

කෙලින්ම උඩින් ගිහින් බැස්සෙ පිටකො‍ටුවට. මං ඉතිං පක්සිය නෙව, පියෑඹිල්ල ඉතිං අපිට උරුම වෙච්ච් දෙයක්. Street view update වෙන්නෙ කොහොමද කියලා තාම තේරෙන්නෙ නෑ. කම්පුටරේ බලනව වගේ නෙමෙයි, වෙනම අත්දැකීමක්, ඔලුව හරවලා වටේම බලන්න පුළුවන්, පාරවල් දියේ යන්න ලේසියි. මං කැමතිම දේ, මිනිස්සු -අපේ කස්ටිය නිරික්ෂණය කරන එක කරන්න කිසි තහනමක් නෑ. ප්‍රයිවසි නිසා මූණු බොඳකරලයි තියෙන්නෙ. ඒත් උන්නු හැටිය මලා මදැයි?
  • ලෝකාන්තය සහ කැලෑ ගිණි
හප්පේ තවකොච්චර තැන් වලට යන්න තියනව්ද? : හොර්ටන් තැන්න, ගෙලිඔය, නාවලපිටිය, මැද මහනුවර. පොඩිකාලෙ, ගෙලිඔය ඉස්ටෙසමට උඩහින් නෑඳෑ ගෙදරකදි කාපු සැමන් බැදුමක රහ තාමත් මතකයි.ඉති එහේ නොගිහින් කොහොමද? ඕන වෙලාවක , ප්‍රයිවෙට් බස් එකක එල්ලිලා පිටකො‍ටු ගිහින් ඉස්සො වඩේ කොටා බාන්න ඇහැකි ඔහෙලට මේකෙ ගේමක් නැතුව ඇති වුනාට, මේ හිමේ සට,සට ගාලා වෙව්ව, වෙව්ල ඉන්න ඝර්මකලාපීය මූකලං බස්සෙකුට මේක දාහක් වටිනවා.

බොහෝ කාළෙකට ඉස්සර වතාවක් , අපි නඩයක් ගියා හෝර්ටන් තැන්නෙ ගිණි නිවාරණ සතියකට.කොළඹින් රෑ තැපැල් කොච්චියෙ නැගලා ,ඔහියෙන් බහින කොට පාන්දර. පට්ට හීතලේ ඉස්ටේසම ලඟ තිබ්බ පෙට්ටි කඩේකින් තේ බිව්වා. ඊට පස්සෙ බඩු මුට්‍ටුත් කරගහගෙන දැන් නඩේම ගාටනවා පයින්. ඒ පැත්තෙ අයට හොඳ සද්දෙට හූ කියන්න පුළුවන්. ඇහුවාම කියන්නෙ අපොයි තව ටික දුරයි, හූවක දුර කියලයි. මොන හූවක්ද?යනවා,යනවා ඉවරයක් නෑ. අන්තිමට රේන්ජ්ර්ගෙ බංගලාවට යනකොට අපට පාං කියාගන්න බෑ.දැන් ඔහෙල හිතන් ඉන්නෙ , අපි නැවතුනේ ගෙස්ට් හවුස් එකේ කියලද? පිස්සුද? නවාතැන "අල බංගලාව". ඒක හැ'ගර් එකක් වගේ ලොකු මඩුවක්, නිදා ගන්න ඇඳන් දාලා තිබුණා.ජීවිතේ පලවෙනි පාර, හොඳ හීතලක් අත් වින්ද. අපි නිදා ගත්තෙ මේස් දාගෙන. උදේ නැගිටලා බලන කොට අපේ උයන අප්පු, ලිප ලඟ ගිණි තපිනවා. එහෙ පොල්තෙල් විකුණන්නෙ රාත්තල්

ගාණට, ගෙන්නෙ ෂොපින්බෑග් වල, පොල්තෙල් බටර් වගේ මිදෙනවා

සමගි පෙරමුණ ආණ්ඩුවෙ, වගා සංග්‍රාමය කාලෙ හෝර්ටන් තැන්නෙ අල වැව්වලු , වගුරු බිමේ. අල නං බැස්සලු එකසිය ගාණට, ඒවා ගබඩා කරන්න හදපු එක තමා පස්සෙ "අල බංගලාව" වුනේ. වැඩේ අලම වෙලා අත්හරින්න වෙලා තියෙන්නෙ, මෙහෙ අල බහිනකොට නුවර එළියෙ වතුර හිඳිච්ච නිසා :)

ගිණි නිවාරණේ කිව්වට අපි නිවපු ගින්නක් නෑ. හතර වටේ කරක්ගහපු එක තමා කලේ. දවසට එක ගානෙ අපි එක එක පැති කවර් කලා. ඒ ගියේ කැලෑ ගිනි තියනවද බලන්න. කැලේ කොටි හපුව ඉන්න බවට අපිට කලින්ම අනතුරු හඟවලා තිබ්බෙ. කොටිය කිව්වට එහෙ ඉන්නවයි කියන්නෙ අඳුන් දිවියා- කොටියගෙ පොඩි එකා. අපිට කොටියා හම්බ වුනේ නෑ, කොටියගෙ බෙටි විතරයි. අපේ නඩේ ගුරා කෝ‍ටුවකින් එව්වා විශ්ලේෂණය කරලා කිව්වා, කොටිය මෙතනින් මාරු වෙලා තියෙන්නෙ සැහෙන වෙලාවකට කලින් බව. මට නං විස්වාස කලේම නෑ, කොටියට මලබද්ධය නං . අනික ඌ තාම බ්‍රෙක්ෆ්ස්ට් එක අරගෙනත් නැත්නං. කොහොම උනත් ඌ බස්සොන්ට අකමැති ඇති, එලියට ආවෙම නෑ.එක අතකට නාපු එක හොඳා, නැහ්නං මේක ලියන්න බස්සෙක් නෑ.
  • රේන්බෝ ට්‍රවුට් සහ පින්ක් සැමන්
අල බංගලාව අසලින් ගලාගෙන ගිය දොල පාරක්
තිබුණා, වතුර පලිඟු වගේ. ඕකෙන් නාලා ආවාම බත් මරන්න පුළුවනි. මං හිතන්න සීතලට වැඩිය බඩගිනි වෙනවා.ජීවිතේ පලමු වතාවට, මීදුම් තට්‍ටු විදිහට ගලනවා දැක්කෙ එහෙදි, උදේ පාන්දර. මීදුම මැදින් තැන, තැන තාරකා වගේ දිලිසුනේ මුවෝ, ගෝන්නුන්ගෙ ඇස් කියලයි නේවාසික රේන්ජ්ර්තුමා කිව්වෙ. එතුමා බොහොම ප්‍රියමනාප, ප්‍රායොගික, "දැකුම්-කලු" හාදය, අපට දුන්නා බැදපු මාලු. එව්වා රෝස පාටයි. බ්ලැක් පූල් හරි චිමිනි පූල් වල ඉන්න මාලු ජාතියක්. අපිට ආවේණික මාලුවෙක් නෙමෙයි, ගෙනත් බෝකරපු එකෙක්. මාර රහයි.
මෙහෙ තියනවා පින්ක් සැමන්, සොක් අයි සැමන් කියලා දෙකක්. ආන්න ඒ වගේම රහයි. හෝර්ටන් තැන්නෙ ඉබේ වැවෙනවා වැල් ගො‍ටුකොල, ඉන්න කං කෑවෙ එව්වා සම්බල් හදලා.

සැමන් කිව්වාම, ඔය සැමන් මාලුවා බිත්තර දාන්න එන්නෙ මේ සාවියටලුනේ. මෙහෙ වාසගම "සැමන්" කියල තියෙන රතු ඉන්දියානුවොත් ඉන්නව කියන්නෙ. අර අපේ "ඌරු වරිගෙ වන්නිලෑ ඇත්තො" වගේ වෙන්ටෑ. අපේ එපාට්මන්ට් එකෙත් ඉන්නව රතු ඉන්දියානුවෙක්. මං හිතුවෙ පිල්ලෙක්(පිලිපීන) කියලයි. රොකට් එකක් ඇදලා ගිටාර් එක ගහල ජොලියෙ ඉන්නෙ.කල්ලො වගේ නෙමෙයි, හරි

ඩීසන්ට්.

ලඟදි අහුවුනා " පින්ක් සැමන්" ඩීල් එකක්. කෙ‍ටුවා පටස් ගාලා. වින්ටරේ කෑම ඉස්ටොක් එකට ගත්තෙ, ටින් 12යි. මඤ්ඤොක්කාත් තැම්බුවා,දැන් කෑම ලෑස්තියි. උඩින් ගිහින් හෝර්ටන් තැන්නට බහින්න විතරයි තියෙන්නෙ. මෙදා පොටේ නං බස්සා එක්කෝ ඇතිවෙනවා, නැහ්නං නැතිවෙනවා.




I dream all year, but they're not the sweet kind
And the shivers move down my shoulder blades in double time

  • මැංචෝසන් චාරිකාව
ටික වෙලාවක් මන්කි-බිසිනොස් පාරක් දැම්මාම, ටියුටෝරියල් ඕනෙ නෑ.  මන්කි බිස්නස් කිව්වෙ, අර හරියට දන්නව වගේ ,ඔබන්න තියෙන හැම බටන් එකම ඔබලා අනාගෙන ඉගෙන ගන්න ක්‍රමය. දැන් හරි, ලෝක බෝල මගෙ අතේ.

අර ලෝකාන්ත ප්‍රපාතෙ පහල තියෙන්නෙ , ඕකෙන් පැන්නාම වැටෙනවයි කියන තේ වත්තෙ පැක්ටේරිය වෙන්ටෑ? ඕකත් මට කාළයක ඉඳලා තිබ්බ ප්‍රශ්ණයක් තමා.

35 comments:

  1. හුඟක් සෙනග නැතිවෙලාවට පිටකොටුවේ හෝල්සේල් කඩ බලමින් යාම මාත් කැමති දෙයක්

    https://www.threadless.com/forum/post/972501/the_onion__owls_are_assholes_design_idea_critique_requested/

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ඒක නං නියමයි.

      Delete
  2. පිටකොටුවෙ ළූණු වීදියෙ වැස්ස දවසට වගේම වැස්ස නැති දවසටත් කීප පාරක්ම නන්නත්තාරෙ ගිහිල්ල තියෙනව මම. ඇත්තම කිවුවොත් පාර වැරදිලා තමයි.

    ඔහේ VR වලින් ගූගල් බලල කොයි වෙලේක හරි ලෝකාන්තෙන් පහලට වැටිල තමයි නවතින්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔහේ අර අන්තිමට "හැක්" ගාන එක නිසා මට තවත් පරණ කතාවක් මතක් වුනා. මම බොහෝ කාළෙකට ඉස්සර පන්නිපිටියෙ එක්තරා කුප්‍රකට ආයතනයක වැඩකරද්දි ඒකෙ හිටියා අපූරු චරිත දෙකක්. දැන් නං ඒ පෝස්ට් එක වඳවෙලා ගිහිල්ලත් ඇති. අපි හැමෝටම තේ හදන එක එයාලගෙ රාජකාරියෙ කොටසක්. එක්කෙනෙක් නූස්, කාළවර්ණයි. උන්දැ ගල් ආඳා, ලිස්සල යනවා, සුරුස් ගාලා. අනිකා බොහොම ප්‍රසන්න හාදයා( නෑ, නෑ Praසන්ன නෙමෙයි. කලින් හාදය නං ඔහෙලගෙ කුලයෙ. ඔය රට්‍ටු දෙමළ නයා කියන්නෙ කට කහනවයටයෑ? :)

      මම මේ කියපු දෙවෙනි හාදයා බොහොම තැන්පත් නිවුණු කෙනෙක්. හැබැයි කිති. කවුරු හරි නම කියල කතා කරල ඇඟිල්ලක් ඉළ පැත්තට දික් කලොත්, ඉස්සා වගේ පැත්තට පැනින්නෙ "හුක්.." කියාගෙන.
      හෝර්ටන් තැන්නෙ , අල බංගලාවෙ අපි වතාවක් සතියක් නැවතිලා හිටියා. ඒකත් ලස්සන කතාවක්. පුළුවන් උනොත් පස්සෙ මේ පොස්ට් එකටම අමුණලා දාන්නම්.

      Delete
  3. මිස්ට බකුසු සෑර්,
    ඔහේ කන්ඩ ඇත්තේ රේන්බෝ ට්‍රවුට් එවුන් වෙන්ටෑ. නුවරඑලියට ආපු සුද්දෝ දඩයමේ ගියා අලි, ගෝන්නු මරන්ඩ. ඉතින් ආතල් මදි උනාම මාලු අල්ලන්ඩත් ඕනේ උනාලුනේ. ඉතින් ඒකටලු අර ජාතිය රටින් ගෙනත් බෝකෙරුවේ. ඔන්න ඔහොමයි මං අහපු විදියට කතන්දරේ. ඔහෙලගේ රටේ සුපර් මාරකැට්‌ටු වල ඕකුං ඕනෙනං පීන පීන ඉන්නවත් ඇති මයෙ හිතේ.
    මේ ඒක නෙවෙයි ඉස්ප්‍රින් කාලේ අර වත්ත පිටිපස්සේ වවපු මඤේඤොක්කා ගස්වල කොළ උඩට හිම වැටිල බොහොම අලංකාරෙට ඇති නේද?

    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. හරි, එයා තමා සතා . විකිපිඩියා තමා කිව්වේ. සමහර විට සුපර්මාකට් වල ඇති. මීට කලින් උනන්දුවෙන් බලල නෑ නෙව. ඒත් මම දන්න පින්ක් / සොක් අයි එක්කම ඉන්නවා.

      මොන කොලද? කොලයක් බේතකටවත් හොයාගන්න නෑ.ගස් කඳන් නම් එහෙම තමා. කේක් එකට අයිසිං දැම්මවගේ.

      Delete
    2. ඔන්න ඔන්න ඉතිං ගහ දන්න අපටත් කොලේ වහන්ඩ හදනව. ඕක හොඳටම ලස්සන පාලොස්වක පෝයට මඤේඤොක්කා යායට හඳ පෑව්වම සෑර්. ඔහේ නොදන්නවට මැක්සිකෝවට වැඩියෙන්ම මඤේඤොක්කා පටවන්නේ කැනඩාවෙන් බකුසු සෑර්.
      හැට්ටර්ල ඉතින් කලුනේ. විකී සුද්දකිව්වම ඇත්ත.
      Have fun my friend!
      Myself Hattor.

      Delete
    3. //මැක්සිකෝවට වැඩියෙන්ම මඤේඤොක්කා පටවන්නේ කැනඩාවෙන් ...//

      කිරි අප්පට බල්ලො බුරපි. ලෝකේටම පරිප්පුව දෙන්නෙ මෙහෙ කියල දැනගෙන හිටිය, මඤ්ඤොක්කා කතාව දැනගෙන හිටියෙ නෑ බොලේ. පරිප්පු තාක්ස්නේ පිටිපස්සෙ නං , ඉන්දිරාගාන්ධි එලවලා, මෙහාට ආපු පන්ජාබියො ඇති කියලයි මයෙ අනුමානය. මඤ්ඤොක්කා සෙල්ලම කොහොමද මෙච්චර දියුනු වුනේ. කොහොම වුනත්, මට නං සතු‍ටුයි. මඤ්ඤොක්කා තම්බලා, සැරට ලුණුමිරිසක් තලා ගත්තාම....

      Delete
    4. ඔන්න ඔන්න සෑරුත් හැට්ටර්ගේ කතා සීරියස් අරගෙන

      Delete
  4. ඒ ගැජමැටික් එක නම් නියමයි. යුද්දෙ කාලෙ තිබුන නම් එහෙම අපට ලැබෙන්න තිබුනා රම්පෙට පොරි හැලෙන්න. ඇත්තටම බස්සො එහෙම රටවල් වල ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැද්ද ඕකෙන්? එහෙම නැත්නම් ඒක වලක්වන්න මොකද්ද ගූගල් පප්පා කරලා තියෙන්නෙ? (ගොං ප්‍රශ්ණයක්ද මන්දා)

    පිටෝටුව ඉස්සර වැඩ කරන කාලෙ බොහොම ආසාවෙන් යන තැනක් වෙලා තිබ්බා යාළුවොත් එක්ක. විශේෂයෙන්ම අවුරුදු කාලෙට තෑගි ගන්න, සාරි ගන්න එහෙම. අර ගෆූර් බිල්ඩිම දැන් කඩලා දාලද?

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්ණෙම ආවා. මම දන්නෙ අධිආරක්ෂිත කලාප තියෙන බවත්, සමහර රටවල් ප්‍රයිවසි ඉෂූ නිසා ගූගල් ස්ට්‍රීට් වීව් තහනං කරල තියෙන බවත් විතරයි. ඒත් මේක නියම ‍ටුවරිස්ට් මාකටිං ටූල් එකක් නිසා ගොඩක් අය ඉඩ දෙනවා.

      ගපූර් බිල්ඩිම? ඒක කොහෙද තිබ්බෙ?

      ඔන්න වීඩියෝ එක අප්ඩෙට් කරලා ටිකක් කොලිටි වැඩි කරලා දැම්මා. කොහෙද මේ බ්ලොගර් ලිමිට් කරනවනෙ 100MB වලට

      Delete
    2. ගෆූර් බිල්ඩිම තිබ්බෙ පරණ කස්ටම් හවුස් එකයි, හාබර් එකයි අතරෙ. ඔයා ඔය දාලා තියෙන කළු සුදු පින්තූරෙ තියෙන්නෙ ඒක.
      වීඩියෝ එක ආපහු බලන්න ඕන.

      Delete
    3. අප්පට හුඩු, නියම අයිකොනික් බිල්ඩිමක් නෙව. ජාතික වස්තුවක් විදිහට සුරකින්න ඕනෙ. මේං තියනවා රෙපයාර් කරනව. අනාගන්නෙ නැතුව හොඳට කරයි කියලා ප්‍රාර්ථනා කරමු.

      මෙතනට කොටන්න

      Delete
    4. මම දන්නෙ නෑ, මට ඔයාගෙ බ්ලොග් එක මිස් වුනේ කොහොමද කියලා? නියමයි, ඔක්කොම හෙමීට කියවන්න ගන්න ඕනෙ

      Delete
    5. මං ඉස්සර කොටුවෙ වැඩ කරපු කාලෙ හරිම ආසාවෙනුත් දුකෙනුත් බලාගෙන හිටිය තැනක් තමයි ඔය බස්සා. ඒකයි අර පින්තූරෙ දැක්ක ගමන්ම ඒ ගැන ඇහුවෙ. මොන හේතුවක් නිසාද මන්දා ඕක කඩලා දාන්න යනවා කියලා ඒ කාලෙ කියනකොට මට හරිම දුකක් දැනුනෙ. ඒක රෙපෙයාර් කරන බව ඔයා මේ කියනකම් දැනගෙන හිටියෙ නෑ. පුදුම සන්තෝසයි. ඒක ආපහු අර පින්තූරෙ තියෙන විදියට පණ ගහලා ගත්තොත් කොහොමට තියේවිද? කොටුවෙ කාර්ගිල්ස් එක වගේ රතු පාට ගාලා තිබුනට අර පින්තූරෙ පේන විදියට නම් ඉස්සර තිබිලා තියෙන්නෙ සුදු පාටට වගේ. ඔය වගේම බිල්ඩිං ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා. සුද්දගෙ ගෘහ නිර්මාණ ශිල්පයනෙ. බස්සා කිව්වා වගේ අනා ගන්නෙ නැතුව ගොඩ දා ගනීවි කියලා බලාපොරොත්තු වෙමු.

      බස්සො ඉතින් දවල්ට ඇස් ඇරගෙන ඉන්නෙ නෑ නෙව. ඒ හින්දා වෙන්න ඇති...හී...හී...

      Delete
    6. කළු සුදු පින්තූරෙක රතු පාට සොයන්න ගිය මං… ;P

      Delete
    7. නෑ, ඔයා හරි, ඒකෙ තිබිල තියෙන්නෙ සුදු පාට තමා, ආං ආයෙ ගාලා සුදු. පේන විදිහට කීප සැරයක් සංරක්ෂණ වැඩ වලට වහල තියනවා. ගූගල්ට අනුව නම් දැන් ඔපන් ෆො බිස්නස්.

      මේ ගැන අළුත්ම තොරතුරු දන්නෙ කො‍ටුවෙ වැඩ කරන අපේ මිත්‍රයො තමා. කවුරු හරි මේක දැක්කොත් හරි විස්තරේ දාවි.

      Delete
  5. පිට කොටුවෙ ඇවිදින එක වගේම විනෝදාංශයක් තමා ගූගල් ස්ට්‍රීට් වීව් දිගේ ඇවිදින එකත්. ඔය පෙට්ටියෙ ආධාරෙන් ගම්පහ පැත්තෙ ආවොත් අපේ ගෙදෙට්ටත් ගොඩ වෙලා යන්ඩ ඕනෙ ඈ....

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව. මේ පෙට්ටිය ගූගල් වීව් ඊළඟ අදියරට ගෙනියනවා. මෙව්වා දැන්. දැන් හුදී ජනයාට දරන්න ඇහැකි ගාණට අඩු වේගන එනවා, විශේෂයෙන් උත්සව සමයේ වට්ටම් නිසා . ඇත්තටම මොබයින් ෆෝන් එකක් මේ වගේ හතර ගුණයක්.
      ඒත් තව අඩුවෙන්න ඕනෙ, අධිවේගී ඉන්ටනෙට්, මධ්‍යම බලැති පරිඝණකයක් වගේ මූලික අවශ්‍යතා නිසා.

      Delete
  6. Replies
    1. ඒක අගේ කරන්න ඕනෙ හැකියාවක් නෙව? :)

      Delete
    2. කලින් පෝස්ට් එකේ කමෙන්ට් එක දැක්කේ දැන්. මම මේ පෝස්ට් එක දැක්ක ඊයෙ. නමුත් ඔය ගැජමැටික් එක්ක මගේ එච්චර ඇයි හොඳයියක් නැති නිසා වැඩිය ඇතුලට ගිහින් කියෙවුවෙ නෑ. පස්සෙ තමයි දැක්කෙ මගේ ගැනත් තියනවා නේද කියල.

      අර හෝතඹුවා මොන රටේද?

      මගේ ඉමජිනේෂන් නම් වෙලාවකට වදයක්. දවල් හීන බල බල වෙන සිහියෙන් ඉන්නකොට එක එක විකාර වැඩ වෙනවා නිතරම. :D

      Delete
    3. මට හිතෙන්නෙ ඔය හැකියාව ගින්දර වගේ දෙයක්. අගේ ඇති සේවකයෙක්, ඒත් උන්දැ ස්වාමියා උනොත් නම්, බඩුම තමා :)

      වෙන කොහේද? හොතම්ඹුවාත් අපේ රටේ තමා. නරක හාදයෙක් නෙමෙයි. ඒත් මට ඌත් එක්ක කොමන් ග්රවුන්ඩ් එකක් හොයාගන්න අමාරුයි. පුදුමයක්යෑ, ඌ හෝතම්බුවා, මම බස්සා :)

      ඉතිං මං කරන, කරන එක ඌට පේන්නෙ ඇදේට. ඌට ඕනෙ එව්වා හෝතම්ඹු ක්‍රමේට මට කියල කරවන්න. හුහ්, අපි අහුවෙයි ඕවට.

      ඒත් හෝතම්බු චිකන් කරිය නං මසුරං.

      Delete
    4. // මගේ ඉමජිනේෂන් නම් වෙලාවකට වදයක්. දවල් හීන බල බල වෙන සිහියෙන් ඉන්නකොට එක එක විකාර වැඩ වෙනවා නිතරම //

      මට පේන්නෙ එමාත් අර ‘Anne of Green Gables‘ එකේ ඉන්න Anne Shirley වගේ එක්කෙනෙක්. එයැයිටත් තියෙන්නෙ ඔහොම ඉමැජිනේෂන් එකක් තමා. :-D

      Delete
    5. හෑ.. බලන්න ඕන ෆිල්ම් එක හොයාගෙන, නත්තල් නිවාඩුත් එන එකේ. තැන්කුයි ඔත්තුවට.

      Delete
    6. Film එක? චෑ චෑ, වැඩක් නෑ. පොත කියවන්ට. පොත තමා ලස්සන.

      මෙන්න මෙතන තියෙනවා පොත ඩවුන්ලෝඩ් කරගන්ට ඕන නං.

      ඔයාට Film එකත් බලන්ට ඕන නං, 1985 CBS එකෙන් ගහපු 2-episode mini series එකක් තියෙනවා. ඒක තමා ලස්සන. 2016 ෆිල්ම් version එකකුත් තියෙනවා, ඒක අර තරම්ම ගති නෑ.

      Delete
    7. පොත ඩවුන්ලෝඩ් කරගත්ත, අපේ ලයිබ්‍රරි එකෙත් තියනවා, යන ගමන් අද අරන් යන්න හැදුවෙ, හාඩ් කොපියම කියවන්න පුළුවන් එතකොට. මේ දවසුත් කළුවර, සීතල එකේ. :)

      බොහොම ස්තුතියි ලින්ක් එක දැම්මට. :)

      Delete
  7. තොගෙ තියෙන මහ වස කැත පුරුද්දක් තමා පබ්ලිෂ් කරපු පෝස්ට් එකක් ආයෙ ආයෙ එඩිට් කරන එක, ආයෙ ආයෙ කෑලි අලුතෙන් එකතු කරන එක. එහෙම කරන්ටෙපා, එතකොට පෝස්ට් එක මුලින් කියවපු අයට පස්සෙ දාපු කෑලි මිස් වෙනවා. කලින් කියවලා කමෙන්ට් දාපුවා වෙනස් වෙනවා. මිනිස්සු හොල්මං වෙනවා.

    එක්කො පබ්ලිෂ් කරන්ට කලින් ඔක්කොම ලියලා, දහදොළොස් වතාවක් කියවලා, ඔබට ෂතුටුයි දැන් වගේ හිතුනට පස්සෙ පබ්ලිෂ් කරහං. එහෙම නැත්තං පබ්ලිෂ් කරපු පෝස්ට් එකකට ආයෙමත් කෑලි එල්ලන්ට හිතෙනවනං අලුතෙන් තව පෝස්ට් එකක් දාහං, අර කලින් පෝස්ට් එකට extension එකක් විදියට.

    ReplyDelete
    Replies
    1. මමත් හැබැයි පබ්ලිෂ් කලාට පස්සේ ස්පෙලින්ග් වැරදි එහෙම දැක්කොත් හදනවා. හැබැයි අලුත් දේවල් එකතු කරන්නේ නෑ ලොකුවට.

      Delete
    2. සහතික ඇත්ත, ඒත් ඒ කැත පුරුද්ද නං අතාරින්න අමාරුයි. ලියලා දහ දොලෙස් වතාවක් කියවලා, එහ්? හුහ්, එච්චර ඉවසීමක් තිබ්බ නං මෙලාට සෝවාන් වෙලා. අනික එකා, එකා කමෙන්ට් කරන කොට තමා , අනික් කොටක් මතක් වෙන්නෙ. අර දෙමළ නයා මැතිතුමා තමා හොර්ටන් චාරිකාව ගැන ලියන්න උනන්දුව දුන්නෙ.

      කලිං කියවපු අය හොල්මං වෙන පොයින්ට් එක ගැන සම්පූර්ණයෙන් එකඟයි, එ ගැන සමාව ඉල්ලනවා. මේ ගැන හිතේ තියාගෙන ඉන්නම්, ආයෙ එහෙම නොකර ඉන්න. ස්තූතියි.

      Delete
    3. තෝ නත්තලට කලින්ම වැඩ ඇල්ලුව ද? මට පේන්නෙ මේ කමෙන්ට් එක දාලා තියෙන්නෙ දෙකතුනක් නවාගෙන වගේ. එච්චරට වැදගත් විදියට ලියලා තියෙන්නෙ. අන්තිමට ස්තූතියි කියලත් තියෙනවා. :-O

      Delete
    4. අද බොන්න බෑ, රෑ වැඩ . හෙට අන්තිම දවස. ඊට පස්සෙ නත්තල් නිවාඩුව. කැලි එල්ලන්නෙ නැතුව, extension එකක් විදියට අලුත් පොස්ට් එකක්, ඒක තමා ක්‍රමය. හරි ඔලුවට දමා ගත්තා. ස්තූතියි(අමුවෙන්ම)

      Delete
  8. මේක දැකල මට ආයේ VR පෙට්ටියක් ගන්ඩ හිතුනා. මේ තියෙන්නේ Google Card Board ආපු කාලේ ලියපු එකක්
    https://biththiya.blogspot.com/2014/10/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. මගේ VR සෙට් දැන් අවු 3 ක් පරණයි. HP VR1000 wired සහ Oculus GO. දෙකේම හොඳ සහ නරක තියනවා. HP VR1000, WMR-Windows Mixed Reality. ඒක 6-axis. අවුල - weakest link එක තමා cable එක. මගේ cable එක මලා වොරන්ටි ඉවර වෙලා මාසෙකින් :( . cable එක signal conditioning chip තියෙන, active cable එකක්. අලුත් cable එකක්, මම සම්පූර්ණ සෙට් එක ගත්ත ගාණටත් වැඩියි. පස්සෙ යාන්තං වෙන ක්‍රමේකට ගොඩ දාගත්තා.

      ඒ නිසා ගන්නව නං, වයර්ලස් එකක් ගන්න කියල තමා කියන්න තියෙන්නෙ. හැබැයි දැන් ඕවා ඔක්කොම අස්ප ගණන්.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code