Jan 2, 2019

පයිලට් බස්තියං සහ යක්කු

බස්ස කියන්නෙ නිසාචර පක්සියා බව ඇත්ත.  ඒත් ඔය රට්‍ටු කියන්නැහෙ, බස්සො හෝම්පොලවල් වල ඉඳන්  මහ රෑ මිනිස්සු බයකරනව කියන කතාව නං අමූලික බොරු.  මිනිස්සු අපට කටකතා නොකියැයියෑ, මේ ඩිස්නියත් අපි ගැන එහෙම කියන කොට?

බස්සො එක්ක යක්කුන්ගෙ සම්බන්ධයක් නෑ කියල මං කියන්නෙ නෑ. දැං බලාන්ට,මයෙ අසල්වාසියා යකෙක්. හරියටම කියනව නං යකින්නක්, කට්ට කලුයි. රෑට හිනා වෙනවා, දත් ටික විතරයි පේන්නෙ. මයෙ වැඩි පයුරුපාසානයක් ඇත්තෙ නෑ, උන්දෑ එහෙන් එනවා දැක්කොත් මං මෙහෙන් ලුහුටලා යනවා. යකා දන්නවා ඔය විත්තිය. කුරුමානං අල්ලලා හරියටම අපි එලියට එන වෙලාවටම කොරිඩෝවට එනවා. ඒ විතරක් නං බැරියෑ, මට පෙන්නන්නම බැරි, අර පු* ක්‍රැක් එක පේන්න බාගෙට අඳින එක. ඒත් මං හෝතම්බුවාට කිව්වා, ලංකාවෙ යක්කුන්ව බය කරන්න පු* පෙන්නුවාට, මෙහෙ උන් පු* පෙන්නන්නෙ අපිට කියලා.




කට වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ රස නහර අතරට
ඇස් වැහුවට වැඩක් නෑ, මං රිංගන්නෙ සිතිවිලි අතරට

යක්කු ගැන හින්දම නෙවෙයි, ජයන්ත චන්දසිරි බස්සොන්ගෙ රසනහර වලට රිංගන්න දන්නවා. ඇස්වහක් කටවහක් නෑ හොඳට රස වින්දා. අග ටයිටල්වල තියෙන විදිහට නං ඇත්ත කතාවක්ලු. ඔව්වා විස්වාස කරනවද කියලා මයෙන් ඇහැව්වොත්, මයෙ උත්තරේ වැට උඩ. ඒත් ඒ කතා රස විඳින්න ඒක බාදාවක් නෙමෙයි. ඕකට කියන්නෙ විභීෂණ රසය කියලයි කියන්නෙ. කාලෙකට ඉස්සර රෝසි අක්කලෑ කලනත් ලිව්වා ඔහොම කතාවක්, එයාගෙම අත්දැකීමක්.

හ්ම්.. මගෙ අත්දැකීමක් නේද? කාලෙකට ඉස්සර මං හිටියා බෙස්මන්ට් එකක. ඒක නං බෙනයක්ම තමා. ඒක ඇරිච්චාවෙකො, ඕකෙ එන්ට්‍රන්ස් එකේ තියනවා ආවරණයක්. මං හැමදාම කෝපි බොන්නෙ ඔතන, එක්තරා දෛවෝපගත දවසක මධ්‍යම රාත්‍රියේ , බැදපු බිත්තර ගිල්ල බකමූණා සුපුරුදු කෝපි වඩිය බොන්න එලියට ආවා.  පැන්නෙ නැතෑ යකා,වහල උඩින් ඇවිත් මයෙ ඉස්සරහට. කට්ට කලුයි,ලයිට් එලියට ගිනිකණ වැටිච්ච උගෙ ඇස් රතු පාට දිලිසුනා. බකමූණා එතනම සෙල්මුවා  වුනා, ඒත් බයක් හිතට ආවෙ නෑ. ඇයි බොලේ මේක හෝම්පොලක් යෑ, ජනාකීර්ණ නගරෙ නෙව. රවාගෙන හිටිය යකා, විරිත්තලා  චෑස් ගාලා සද්දයක් දාලා , වලිගෙ වන, වන යන්න ගියා.

දැං මට තියන පුරස්නෙ. මෙහෙ යක්කු එක්ක අපි කතා කරන්නෙ මොන බාසාවෙන්ද ? දැං  මෝහිනීව ගමුකො. ඔහෙලා දන්නව නෙව උන්දැගෙ  මායම , අර රෙද්ද කැඩෙන්න එන කතාව.  දැන් මෙහෙදි යකෙක් " හේ, මෑන් වට්ස්' අප්" කියල ඇහැව්වොත්, මං අහන්නෙ ඕන බස්සෙක් හොල්මං වෙන්නෙ නැත්ද?


නත්තල් නිවාඩුවත් ඉවරයි, හෙට වැඩ. නිවාඩු කාලෙත් ඉවරයි, හෙට වැඩ. නිවාඩුවට ජෙට් එකක් එලවන්න පොඩි ට්‍රයි එකක් දුන්නා. Digital Combat Simulator කියන්නෙ පට්ට flight simulator කරන කොම්පැනියක්. ඔය උඩ උඩ වීඩියො එකේ තියන්නෙ. ක දැක්කාම මාව හොල්මං වුනා. මට දැන ගන්න ඕනෙ වුනේ මේ  රියලිස්ටික්  ග්‍රැ‍ෆික් ඇත්තද කියලා. අපි ඉතිං උප්පත්තියෙන්ම පියාඹන කට්ටිය නෙව? කතාව ඇත්ත,මාත් හරිබරි
ගැහිලා කොක්පිට් එකේ වාඩි වෙලා ඕන පු*ක් ප්‍රිති වෙසක් කියලා "ෆ්ලයි" බටන් එක එබුවා. දැන් ජෙට් එක යනවා හෙමීට. නිකං ඩවුන්ලෝඩ් කර ගත්ත නිසාද කොහෙද උන්දලා මට දුන්නෙ පරණ රුසියන් ජෙට් එකක්.  මං වට පිට බැලුවා. කෝ බොලේ මේකෙ සුක්කානම? කෝ ඇක්සලේටරේ? දෙප‍රැන්ද මැද්දෙන්  උඩට ආපු ,  වයිවාරන්න  බටන් තියෙන පොල්ලක් විතරමයි තිබුනෙ. ටික වෙලාවකින්  ජෙට් එකේ හොට පාත් වෙලා  ඩවුන්ද පල්ලං ගමන පටන් ගත්තා.  රෙද්ද්ක් ඇඳගෙන ඒ වීඩියෝ එක නං දාන්න බෑ.

දැං ඔහෙලා දන්නව නේද ඇයි බස්සො ප්ලේන් එලවන්නෙ නැත්තෙ කියලා. වැරදිලාවත් ඔහෙලා ගොඩ වුන ප්ලේන් එකේ කැප්ටන් බස්සෙක් නං, පටස් ගාලා බෙල් එක ගහලා බැහැලා , වෙන ප්ලේන් එකක නගින්න, ඈ?
බඹට පපට, බඹට පපට පට,පට, පට...
ඕං එහෙනං, අපි අපේ පොරොන්දුව ඉස්ට කොලා, ආයිබෝවංඩ. ආයෙ එන නත්තලට හමුවෙමු. හැමෝටම සුභ නවවසරක්!

25 comments:

  1. මේ බ්ලොගර් නං දැන් හරිම ඇණයක්. පබිලිස් කලා විතරයි, පටස් ගාලා බ්ලොක් කලා. උන්දලාගෙ බොට්ටො කෙලින්නෙම පිස්සු. මට හිතෙනවා වර්ඩ් ප්‍රෙස් යන්න. ඒත් ඇඩ්‍රස් මාරු වෙන එකයි, මං කොහොමත් යලට, මහට ලියන එකයි වෙච්චි, කොහොමත් එකයි.

    ReplyDelete
    Replies
    1. I vaguely remember a long time ago his Owlness having some dealings with a "nail".

      Delete
    2. Yeah. many many moons ago when the dinosaurs ruled the earth,I supposes.By the way,owls suffer from long term memory loss. Err... Anyway,I rest my case here, my learned friend.

      Delete
  2. http://eastonaviation.com/corporate-travel/are-owls-posing-a-threat-to-american-air-travel/

    ReplyDelete
  3. මිස්ට බක්ස්,

    බස්සො කෝම උනත් බස්සොන්ගේ ලොක්කෝ නං යක්කු. අඩුම ගානේ ඉංගිරීසියෙන්වත්.
    මං කියන්නේ මේකයි.
    බස්සොන්ගේ නායකයා තමා බස්නායක. හරිනේ.
    ඔන්න මං ඒක ඉංගිරීසියෙන් ලියනවා. Basnayaka. ඉතින් ඕක සුද්ද කියවනේ බස්න යකා කියලනේ. නැද්ද.

    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් ට්රූ :)

      Delete
    2. නවසීලන්තේ හැමිල්ටන් නගරයේ 1995 වගේ කාලෙ හිටපු අය දන්නවා එහෙ හිටපු මදනායක හෙවත් මදන යකා ගැන. ඒ නම දැම්මේ හැමිල්ටන් ඉස්පිරිතාලෙ දොස්තර සුද්දෙක්. මදන යකා ගැන කථා බොහොමයි.

      Delete
    3. ඉතින් ලියන්නකො ඉයන්

      Delete
  4. ෆ්ලයිට් සිමියුලේටර් නම් භාවිත කරන්න ලැබිලා නෑ, හැබැයි එයාපෝට් එකක් පේන දුරකින් බස් එකේ හෝ කෝච්චියේ යන වෙලාවක, ප්ලේන් බාන හැටි හා ඉහලට යන හැටි නම් බලන් ඉන්න හරි ආසයි.

    මෙහෙ ඉන්න කළු පාට උදවියත් අඳින්නේ ටිකක් අමුතු විදියට තමයි. හැබැයි ඉතින් ලෝකය මවපු දෙවියෝ, කෝටු අපේ වගේ නෙවෙයි කිසි ලෝබකමක් නැතුව ඉස්සරහ, පස්ස ඔක්කොම වැඩියෙනුත් එක්ක අගේට ඔවුන්ට ලබා දීල තියනවා, හරියට අපිට දෙන්න තිබුණු ටිකක් ඔවුන්ට දීල වගේ. ඒ නිසා ඔය මොක ඇන්දත් එයාල හැඩයි. :D

    ජපානෙත්, මළවුන් සෑහෙන්න සමීපයි සාමාන්‍ය ජන ජීවිතයට. ඉතින් අපි එක පාරක් කතා වෙනකොට ඔය හොල්මං ගැන එහෙම, අපිත් කතා වුණා ඒ හොල්මනක් ආවොත් අපි කොහොමද මූණ දෙන්නෙ කියල.

    ඔන්න සමුරායි ලොගුවක් ඇඳන් ලොකූකූ හොල්මනක් එනවා, "සුමිමසෙන් හෝ හෝ හෝ" කියාගෙන. (Excuse me)
    එතකොට අපි කියනවා "ගොමෙන්නේ. චොත්තෝ... නිහොන්ගෝ වකරනයි" කියල. (Sorry, only a little Japanese is understood)

    එතකොට හොල්මන යන්න යයි නේ. ඒ නිසා අපි ඒ කාලේ හොල්මන් වලට බය නෑ ටිකක් වත්.

    ReplyDelete
    Replies
    1. හුටා ජපන් යක්කු ගැන මට අමතක වුනා නෙව? මේක හොඳ ක්‍රමවේදයක් අත්හදා බලන්න :)

      Delete
  5. අපොයි බස්සෝ, මේක ඉස්සෙල්ලම පබිලිස් කොරපු දවසෙ මේ පැත්තට ආවට බ්ලොගේ අයින් කරලයි කියලා තිබ්බ නිසා දවස් කිහිපයකින් ආයෙ ආවෙ.

    ඝරසරප බලන්න හරිම ආසාවෙන් හිටියෙ වෛශ්ණාවී බලන්න ගිහින් ට්‍රේලර් එක දැක්කම. ඒත් ප්‍රචාරණය අඩු වෙච්ච නිසා අමතක වීමෙන් මග හැරුනු එක ගැන හරිම දුකයි. වෛශ්ණාවී නම් වැඩක් නෑ. ඒක ඉවර වෙච්ච විදියට මං කැමති නෑ. ඉවර උනාද නැද්ද කියලවත් හිතාගන්න බෑ. මං හරි ආසයි ජැක්සන්, කමල්, ශ්‍රියන්ත රඟපාන ජයන්ත චන්ද්‍රසිරිගෙ කතා බලන්න.

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලම වහ වැ‍ටුනෙ ජයන්තගෙ දඬුබස්නාමානයට. එදා ඉඳලාම ෆලෝ කලා.

      ඝරසරප බලන්න. ලස්සන කතාව. මොකක්ද කියන්නෙ? හ්ම්.."A horror story with a dash of romance"කිව්වොත් හරි මයෙ හිතේ. මේක ඇත්ත කතාවක් ඇසුරින් කරපු නිර්මාණයක් කියලයි කියන්නෙ. ඒකට අදාල පත්තර පි‍ටු අයින් කරලා හොයා ගන්න අමාරුයි ඉන්ටනෙට් එකේ. සමහර විට මේ කතාවෙ කියවෙන අය ජීවත්වෙන නිසා වෙන්න ඇති.ඒත් පොඩි ඔත්තුවක් දෙන්නම්: කතාවෙ පත්තර කාරයා - නෝමන් පළිහවඩන. පල්ලිය රඹුක්කන දොඹේමඩ කුඩාගම පල්ලිය.

      Delete
    2. යූ ටියුබ් එකේ ඝරසරප තිබුණ, අපේ බස්සගේ කමෙන්ට් එකත් දැක්ක නිසා මම ඊයෙ බැලුව. මම බලපු එක නම් වැඩිය වීඩියෝ කොලිටි නෑ, කතාව නම් ලස්සනයි, හරිම සංවේදී කතාවක්.

      Delete
    3. බොහොම ස්තුතියි දෙන්නටම. අද බලන්න ඕන සොයාගෙන.

      Delete
    4. වෙලාවකට හිතෙනවා ඝරසරප එකේ කලුකුමාරයා වගේ යක්කු කියනතරම් කලු නෑ කියලා, සමහර මිනිස්සුත් එක්ක සසඳලා බලන කොට.

      ඔව් යූ-ටියුබ් එකේ එක කොලිටි නෑ, තමා. ඒත් බලන්න බැරි තරම් නරක නෑ.

      Delete
    5. මම බැලුවට පස්සෙ තවේකක් හම්බුණා. ඒක අරකට වඩා කොලිටි. මම දෙකම දානවා මෙතන. කැමති එකකින් බලන්නකෝ මියුරු තුමී.

      https://www.youtube.com/watch?v=oent6j0FyhM&t=2549s
      https://www.youtube.com/watch?v=OZF5PvK35xs&t=5515s

      Delete
    6. මං බැලුවා එමා. ඔය කොයි එක හරි කොලිටි එකක් තමයි බැලුවෙ. හරිම ලස්සනයි. බස්සා කිව්වා වගේ පත්තර පිටු අයින් කරලා. මොකුත් හොයාගන්න බැරි වුනා.
      දෙන්නටම ස්තුතියි හොඳේ.

      Delete
  6. රුසියාවෙ නත්තල ජනවාරි මැදලු. ඒ නත්තලටත් එකක් ලියන්න

    ReplyDelete
    Replies
    1. එකට දෙකක්ම ලියන්ඤං, මදන-යකා ගැන ලියනව නං.

      Delete
  7. මට මතක් අනේ අර කල්ලන්ගෙ ප්ලේන් ෆිල්ම් එකක් තිබ්බා. soul plane. ඒකෙ පයිලට් එන්නෙ ස්නූප් ඩොග්. පොර උස් තැන්වලට බයයි. ඉගන ගෙන තියෙන්නෙ සිමියුලේටර් එකකින්. කෝපයිලට් ගෙ නම "ගේමන්" පොර කියනව මගෙ නම එහෙම උනාට මම ගේ නෙමෙයි, I like pussy as you do කියල.

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ්. හොඳ කතාවක් වගේ. හොයාගෙන බලන්න ඕනෙ. ස්තූතියි ඔත්තුවට.

      Delete
  8. හොද සටහනක් වගේම චිත්‍රපටයත් බැලුවා . ඊලග සටහන බලාගෙන ඉන්නවා .වෙලාවක හම්බවෙමු .

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code