Sep 28, 2020

හෝතම්බුවා, උලමා පිස්සා සහ මාර්ග ඵල

 මම......බොහොම බය වුනා. මගේ පණ එපා වුනා. රෑ දොලහට බ්ලොග් එකකට මාව අහුවුනා...

හෝතම්බුවා: මොකෑ බොල. තෝ හොල්මනක්වත් දැක්කද?

බස්සා: හොල්මනක්මත්ම නෙවෙයි. ඒත් ඒ වගේ බ්ලොග් එකක්.

හෝතම්බුවා: මං හූනා කියැන්නැහෙ කිව්වෙ නැහ්ද, තෝ මේ යක්කු ගස් යන ජාමෙ නටන තොයිලෙන් ඕක වෙනව කියලා?

"ඈ බං ඇයි යක්කු රෑ ජාමෙ ගස් යන්නෙ? හොර කුරුම්බා බාන්න වත්ද?" මං අහිංසක විදිහට ඇහුවාම , පැන්නෙ නැතෑ  හෝතම්බුවාට මල.

අම්මපා තෝ  මොන ජාතියක උලමෙක්ද මන්දා? 

ඒක මේ පොදු වැරදි වැටහීමක්. උලම වෙනයි, බස්සා වෙනයි. උලමට බෝදිලිමා කියලත් කියනවා. අපි බස්සො, වංසෙ ඇවිල්ලා " මූකලං". ඔය අතන මෙතන බාන් වල ලගින බස්සොත් එක්ක  පටලව ගන්න එපා. එතකොට උලමා වෙනම කේස් එකක්.ආ තව, සමහර පැතිවල උලමට , යක් කුරුල්ලා කියලත් කියනවා.

අනේ මේ බස්සො තියාගනිං උඹේ වංසෙ කබල් ගෑවිල්ල. ඔච්චර වංසවත් නං මෙහාට ආවෙ ඇයි? 

ආ, එහෙ කස්ටිය දුන්න නෙව ගස් වලට බැස්ටිය. සංරක්ෂිතේ කපල ගම්මාන හැදුව, රට බල්ලට ගියා, බස්සො රට ගියා.

දැන් මොකක් දැකලද උඹ බයවුනේ?

මේං මේක දැකලා:

මේකෙ මොකක්ද බය වෙන්නෙ තියෙන්නෙ?

උඹ නං කියයි. ඇයි සීවරං දෙයියනේ අර ජීවිත කාලයක් අච්චර ලස්සනට පිලිවෙලට ආදරෙන් එකතු කරපු වස්තුව නේද අර ගෙඩි සුපියල් හාරසීයට වික්කෙ?  අර, අර රැව්ල වවාගත්ත ගෝරිල්ලා, වලං කඩේට පැන්න හරකා වගේ එව්වා  කඩන හැටි? හපෝයි මයෙ හිත වාවන්නෙ නැතුවා.

හා, හා උඹ කලබොල නොවී ඉදහං, ඒ පරණ වෑල්, ටියුබ් එක්ස්ෆයර් වෙලා නෙව.

ඈ බං හෝතම්බු, ඔය නිධානෙ රැකපු බහිරවයා, ඕක අත් හරින්න හිත හදාගත්තෙ කොහොමද දන්නෙ නෑ නේද?

මං හිතෙන්නෙ  රහතන් වහන්නසෙ කෙනෙක්ගෙන් බණ අහල මාර්ග ඵලයක් ලබන්න ඇති. එතකොට ඔය ඕන එකක් අත් හැරියෑකි.

මගුලක් කියනවා? එහෙනං අර අරහත් උන්නාන්සෙ පන්සල්, පිලිම අසපු එකතු කරන්නෙ. " මයෙ දානෙට කෙල හලන්නෙ නැතුව, තොපිත් වවාගෙන කාපියව්" කියලත් කිව්වා. අම්මපා මටත් බුද්ධාලම්භන ප්‍රීතිය පහල වුනා කිව්වම.

ආ එයා එහෙම තමා.  ඒක නෙමෙයි, මොකද මේ උඹ ඇක්ස්ෆයර් වෙච්ච ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් ගැන මෙච්චර හාර අවුස්සන්නෙ?

නැ බං හෝතම්බු, මයෙත් ඔය වෑල් නැති වුනාට අනිත්  ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් කලෙක්ශන් එක තියෙනවානෙ? ඈ බං එව්වත්  එක්ස්ෆයර් වෙයිද? 

අනිවා ඩෙෆා. ආයි මොනවද බඩුම තමා!

මාව නිකම්ම දියවුනා.....


පසු සටහන: කස්ටිය, නැති තැන උන්දව හඳුන්වල තියෙන්නෙ "Parts Maniac" කියන ආදර නාමයෙන්. ඉස්සර ඉලෙක්ට්‍රොනික්ස්  රෙපයාර් වලට හිටිය පතාක යෝදයෙක්ලු. ඔක්කොම අල්ලල දාලා පිටරට ගියාලු. මේ යෝදයා මෙහෙම දෙයක් අත්හැරියා නං ශුවර් එකටම සෝවාන් වෙලාවත් ඇති කියල තමයි හිතෙන්නෙ. 

"පිංවතුනි, මෙව්වාවත්  ආදුරුසෙට අරගෙන, දැන්වත් සසර බැමි අතාරිමු" කියල මං කිව්වම " මං අතාරිනවා එකක් බොගෙ ඔලුවට, මේ කෝපි මැසින් දෙකෙන් එකක් කුස්සියෙන් අස් නොකොලොත්" කියල කිව්ව නෙව ගෙදර ඉන්න මේ අසම්ජ්ජාති හිකනලා.....

27 comments:

  1. ගෙදර ගිහිං බලන්ඩ වෙන්නෙ. ඔපිස්සෙකේ අර මීඩියා කොටස් පෙන්නන්නෙ නෑ. එව්ව නැතුව කියෙව්වහම තනිකර අහස පොළොව...

    ReplyDelete
    Replies
    1. මීඩියා ඇතුව කියෙව්වත් ඒහෙම දැනේවිද මන්දා? අර වැටවල් ගහන කොම්පැණියෙ ලොකු මාත්තියාගෙ චෝදනා මුඛයෙන් ගැලවෙන්න කරපු ගැලවිජ්ජාවක් මේක :)

      Delete
    2. ඉතිං ගැලවිජ්ජා නැතුව සිරා දෙයක් ලියමුකො

      Delete
    3. සිරා කමෙන්ට් එකක් බුරා ගෙන්... (හෙණ පරණ එකකි)

      BurathenoFebruary 2, 2015 at 1:50 AM
      සෙවනැලි රකුස් හොල්මන් සැරිසරන වනේ
      වයර්වුඩ් ගසක බසු බෙනයක් තිබෙනු පෙනේ
      බස්සෙක් නොමැති මුත් බසු ගඳ තදට දැනේ
      බස්සා කොයිබ ගියෙදෝ පියඹලා අනේ

      සීතල කාලයට හිටගෙන බුදියෑම
      හොටයෙන් කොට කොටා චෙරි බෙරි ගෙඩි කෑම
      සොයමින් හැලප අහුමුළුවල රිංගීම
      මේ වැඩ මිසක් නොකෙරෙති බ්ලොග් එක ලීම

      Delete
    4. අහා මගේ මිත්‍ර බුරා! ඉන්න තැනක හතර මහ නිධානෙ පහල වෙන්න ඕනෙ. මට " රොමාගෙ වාසනාව" පොත ලැබුනෙත් උන්දට පිං සිද්ධවෙන්න.උන්දෑ එහෙම පිටින්ම ඇවිදින පුස්තකාලයක්.

      මට සමහර වෙලාවට හිතට අමාරුයි, ජොලියෙන් හිටපු ඒ කාලෙ ගැන මතක් වෙනෙ කොට.

      සාමල, අමරල පොත් තුල තව ඇත ... වෙන වෙන අය හා යාළු වෙතේ...
      යාළුවො අද නැත, වෙන අය එහි ඇත
      කාළය මැව් වෙනසක අරුමේ....

      මේක තමා යථාර්තය. මූණ දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ

      Delete
    5. ඒක තමයි දුකයි, Especially, GoT කාලෙ ගැන හිතනකොට. මොරි නටා ගැනත් හරිම nostalgic. මොකක්ද ගෝරිල්ලෙක් ගැන මේකෙත් ලියල තිබුන නේද?

      Delete
    6. Prince of Moonshine, Bura and the Who-must not be named. Beetle, Bindhi , Rear Gate. The list goes on and I simply can't recall all names. All just vanished to thin air. By the way "Nari Mota" moved to boreal forest. Yeah, heard that on the grapevine.

      As sad as it may sounds, It's a "circle of life" thing and I finally came to a term with that.

      Delete
    7. Hopefully, resurrection in someway somewhere somehow is not impossible.

      Delete
    8. Yeah, may not be impossible yet not practical. We were so close and the same time, worlds apart. Felt so close, but knew almost noting about each other. It was a different kind of relationship and that was the beauty of it. Unbounded by wealth, education and the social status, we were friends. That surreal experience, almost like being in a fantasy movie, is worth the world to me.

      Delete
    9. //We were so close and the same time, worlds apart. Felt so close, but knew almost noting about each other. It was a different kind of relationship and that was the beauty of it. Unbounded by wealth, education and the social status, we were friends. That surreal experience, almost like being in a fantasy movie, is worth the world to me.//
      මේං මේක හින්දම තමයි අත්නොහැර දිගටම එල්ලිලා ඉමු කියල කියන්නෙ...

      Delete
    10. අනේ මන්දා? ඔය එල්ලිලා ඉන්න කතාව කිව්වාම වව්ලා නං කිව්වේ " ගොයියෝ පරිස්සමින්" කියලයි.

      සිරාවටම, මම යලට මහට හරි කොටන්නෙ ඒකයි.

      Delete
  2. It's 4.35am. Just finished watching "John Carter", (again). Man, you gotta love these fantasies.

    ReplyDelete
    Replies
    1. එඩ්ගර් රයිස් බරෝස් ගෙ නෙ... ආයි අහන්ඩ දෙයක් නෑ ඒ ෆැන්ටසි ගැන නං. මාත් ආයෙ බලන්ඩෝනෙ. තව ඒ වගේ පොතක් තිබුණා "සඳුගේ දියණිය" වගේ නමක් තියෙන, ස්වතන්ත්‍ර. අරක තරම්ම නෑ.

      Delete
    2. ඔය කියන්නෙ, බරෝස් ගොයියගෙ "මාර්ස්" සීරීස් එකේ දෙවන පොත ගැන වෙන්ටෑ .
      A Princess of Mars

      Delete
    3. මට පුදුමයක් වුනා ඒ කාලෙ ජෝන් කාටර් මූවී එක බොක්ස් ඔෆිස් ෆ්ලොප් එකක් වුනා කියල ඇහුවාම. මං හුගක් ආසාවෙන් කිහිප වාරයක් බලපු එකක්. මට පස්සෙ තේරුනා ඇයි මං මේතරම් ඒකට කැමති කියල. ටීනේජර් කෙනෙක් විදිහට හුගක් ආසාවෙන් කියවපු පොතක් A Princess of Mars( ගාමිණී හෝල් සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩේකින් ගත්ත ) ටාර්සන් පොත් තරම්ම කැමති. ටාර්ස් ටාර්කාස් තමයි ෆේව් කැරැක්ටර්. මං මූවි එකට කැමති වුනේ ඔක්කොමවගේ කැරැක්ටස්, සත්තු, සීනරි, වාහන මං අවු 25කටත් ඉස්සෙල්ල පොත කියවනකොට visualize කරපු විදිහට තියෙන නිසා.
      මුල් පොත කියවල හරි කුතුහලයකින් හිටියෙ ඉතින් ඊට පස්සෙ මොකද වුනේ කියල. මූවි එකේ අවසානය පොතට වඩා හොදයි. පස්සෙ adult කෙනෙක් විදිහට වෝලෝර්ඩ් ඔෆ් මාර්ස්, Thuvia වගේ පොත් කියවනකොට මුල පොත කියවනකොට වගේ ත්‍රිල් එකක් ආවෙ නෑ. ඉවර කලෙත් නෑ මගෙ හිතේ. ඒත් ඒවා මූවීස් විදිහට ආවොත් මං එන්ජොයි කරයි. අවාසනාවකට ජෝන් කාටර් ෆ්ලොප් වුනාම trilogy එක කරන එක කැන්සල් වුනා මගෙ හිතේ.
      ෆ්ලොප් කිව්වට එහෙමට ෆේල් වුනේ නෑ. ඒවුනාට ඒක අති විශාල වියදමක් කරල හැදුව නිසා ප්‍රොෆිට් නෑ මං හිතන්නෙ. ඒකයි ෆේල්

      කොයි එකටත් සීරීස් එකම ආයිත් කියවන්න ඕනෙ. (කොයිතරම් ඒවා ගැන එහෙම හිතාගෙන ඉන්නවද? ) ගුටෙන්බුර්ග් තියනවද?

      Delete
    4. අහා ගාමිණී හෝල් සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ. ආයි මොකටෑ හංගන්නෙ, අර වටපිට බලලා අත යටින් ගන්න පොත් එහෙමත් තිබ්බා. පිටකොටුවෙ දෙවන හරස් වීදියෙ පරණ යකඩ බඩු මුදලාලිලාතාම ඉන්නවද මන්දා? උන්දලයි, සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ මුදලාලිලයි රේඩියෝ කඩයි තමා මාව අනුභව කලේ. හප්පා එහෙමත් කාලයක්.

      Delete
    5. ජෝන් කාටර් මූවී එක ගැන කියපු දේ spot on. පොතක් කියවන පාඨකයා විෂුවලයිස් කරන දේ දුන්න මූවීස් කියන්නෙ බොහොම අහඹු සිදු වීමක්.

      අනික අර අර පැණි බේරෙන Victorian London style සීන් ටික. ටොප් හැට්, වලිග කෝට් කොබල්ස් ගල් අල්ලපු වැසි බර වීදී. අස්ප කරත්ත, බට්ලර්ලා ඉන්න මන්දිර වල බේ වින්ඩෝස්. I Call it "Literature Orgasm." මට හිතෙන්නෙ මේවා රස විදින්න දන්නෙ නෑ කියන්නෙ ඒක උන්දලාගෙ අවාසනාව :)

      Delete
    6. I think the main reason for flop is the extraordinary amount of money spent on making. It needed to be an extraordinary success too to make profits and it did not.

      There are many period series you would like then.
      1. Sherlock Holmes
      2. Sanditon
      3. Downton Abbey
      4. Outlander
      Many many more.
      By the way, a movie about Holmes sister is out.

      Delete
    7. 1 & 4 done. Holmes' sister? I'm not sure, sounds sketchy to me. Movies of one of the great novels, I enjoyed so much- The Moonstone by Wilkie Collins, didn't live upto my imaginations.

      Thanks, must check the rest.

      Delete
    8. 2 n 3 are just Victorian, no fantasy.
      There's something called Ripper Street i'd like to watch. I like victorian paraphernalia but favourite stories come from earlier times e.g. Vikings, Last Kingdom

      Delete
    9. Librivox is another nice place for public domain classics. I started to listen to The Pickwick Papers audio book.

      Librivox

      Delete
    10. I have been told so much about audio books, maybe I will try it when I'm very old. Right now I don't even like e books although I do read classics from public domain and also download and read free online comics.
      But, for true enjoyment, I need the smell and feel of paper. I don't even have a Kindle.

      Delete
    11. Point taken. Nothing beats the good ol' paper book. I remember the days, where having a personal study was a thing. But digitizing the literature has it's own advantages which can't be achieved by any other.

      Bura once summarize it as follows:

      or this

      Delete
  3. /ගුටෙන්බුර්ග් තියනවද?/

    FreeRead. Gutenberg හොදයි ඒත් හොයන්න ගියාම ටිකාක් අවුල්. ඒත් ඕඩියෝ බුක් තියනවා. ඔය FreeRead එකේ මුලට(root) ගියාම සේරම කස්ටිය ඉන්නවා. මගේ ෆේවරිට් EPUB.

    ReplyDelete
  4. පිටෝටුවෙ රේඩියෝ කඩ කිව්වම ලොකු සෑර් ඒකකින් ගෙඩි සුපියල් තිස්පාකට ගත්ත කෑල්ලකින් සුද්ද ඩොලර් ලක්ෂ දෙකාමාරක් ඉල්ලපු වැඩක් ගොඩදාල දුන්න කේස් එකක් මතකෙට ආව සර්.පොත්කඩ පේළියත් කරපු උදවු අමතක වෙන්නෙත් නෑ බස්නායක සෑර්.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔහෙ පලයං! බලන් ගියාම හැමෝටම පොත් කඩ පේලිය සහ පිටෝටුව සෑහෙන්න උදව් කරල නෙව? ලිව්ව නං තමා අගේ අර කතාව. Down the memory lane කතා කොහොමත් සුන්දරයි

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code