Dec 20, 2020

We will "meat" again!

මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.  මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා.  ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ? 

සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි. 

මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:

නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක්  ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.

කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind

අම්මා:

සිංදු වලට කැමති මායා:

හා " meat " හොයාගෙන මෙතන්ට ආපු කස්ටියට මෙන්න මේක:

මගේ අතීසාර දමිල මිත්‍රයෙක් ටික කාලයක් අපිත් එක්ක හිටියා. උම්බලකඩවත් නොකන, භාජනවල කලින් මස් උයල තියනවා කියලා, කෑම කඩවලින් කෑම නොකන මෙයා, මාව බයිට් කරන්නෙ "ඈ බං, උඹ හරි මස් ගොයියා, නේද?" කියලයි. දවසක් මුන්දෑ "වෝක්" එකකට ගිය අල්ලපනල්ලෙ, හෝතම්බු ෆ්‍රීසර්  එකෙන් කුකුලා සින්ක් එකට දාලා, අයිස් දියවෙන්න. ගෙදර ආපු දමිල මිත්‍රයා මට කියනවා " කුකුල ඉන්නවා සින්ක් එකෙන් බෙල්ල එලියට දාගෙන" කියලා.

අපේ ගෙවල් ලඟම Costco එකක් තියනවා. තඩි රෝස් කුකුලා ගෙඩි සුපියල් 7.99 යි. ඒකව ගෙනැල්ලා ආයෙ හොඳට ලුණු-ඇඹුල් දාලා පොඟවලා අර ගැජමැටික් එකේ දාලා ස්කින් එක කරකරනවා. තව එකෙන්ම අල තීරු කිලෝ 2ක විතර පැකට් එකකුත් ගෙනාවා. තෙල් ඕනෙ නෑ. රාත්තල් කාලෙ hot-dog,
beefසහ Polish Sausage එකක් 1.50 ගානෙ ගේනවා. හෝතම්බු ඕකට කියන්නෙ"ඕං යනවා කිඹුලා කන්න" කියලයි. ඔන්න ඔහොමයි බීෆ්/පෝක් hot-dog අස්සෙ ගෙදර එන්නෙ, තනි කරම මස් කරල. ඇයි දෙයියනේ, නැත්නං කොහොමද , අසරණ මාංස බක්සක පක්සියාගෙ දොලදුක නිමෙන්නෙ? එක වංගියක් ඔහොම හොරෙන් පෝක් කුට්ටියක් ගෙනත් මාට්ටුවෙලා, "හා දෙයියො එව්ව බලා ගනීවි" කියලා හෝතම්බු කිව්වා. 

Is Ignorance really bliss?


කොච්චර නොබල ඉන්න හැදුවත්, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කොරෝනා පැණිය ගන්න ආපු ජන ගංගාව ගැන නිව්ස් එකක් බැලුනා. ආයෙ හිත හොඳටම පෑරුනා. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. ඒ වගේම  desperate වුනාම  rational විදිහට නොසිතන එකත් සාමාන්‍ය මිනිස් ගතියක්. ඕකට, එච්චරම පරාර්ථකාමී නැති, අපේ සමාජ මානසිකත්වයත් එකතු වුනාම, අර්බුදයකට හොඳ වට්ටෝරුවක්.

කොරෝනා පාලනය කරන්න බැරිවෙලා තියෙන්නෙ, අපේම නරක පුරුදු නිසා කියලයි කියන්නෙ. පැණිය ගන්න ආපු ජන ගංගාව හිටිය හැටි දැක්කාම, ඇති වෙච්ච හැඟීම සුභවාදී එකක් නම් නෙවෙයි. චීනෙ අල්ලපු වැටේ ඉඳලත්, කොරෝනා සාර්ථකව පාලනය කරගත්ත, හොංකොං වගේ රටවල් එහෙම කලේ කලින්ම ආරක්ෂක විධිවිධාන තරකරගත්ත නිසයි.

එතකොට ඔච්චර දියුණුයි, ක්‍රමානුකූලයි කියන බටහිර රටවලට වුනේ මොකක්ද? මේක ටිකක් සංකීර්ණයි. ආර්ථිකෙයි, ආරක්ෂාවයි බැලන්ස් කරනවා කියන එක "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්. පෞද්ගලික මට්ටමෙන් ගත්තාම මේක තේරුම් ගන්න ලේසියි. දැන් ඔය කොරෝනා එක, එක අයට බලපාන්නෙ වෙනස් විදිහට කියනවනෙ? සමහරුන්ට බොහොම අසාධ්‍ය/ මාරාන්තික වෙනවා, අනෙක් අයට බොහොම මෘදු ලෙස හැදෙනවා, සමහරුන්ට හැදුනා කියල දන්නෙත් නෑ. දැන් ඔය කොරෝනා විරෝධී/පෙලපාලි යන කස්ටිය ඉන්නවා නෙව? මේ හැමෝම හිතන්නෙ, තමන් ඉන්නෙ අර මෘදු ලෙස හැදෙන ගොඩේ කියලයි. කාටද  අසාධ්‍ය වෙන්නෙ, කාටද  මෘදු ලෙස හැදෙන්නෙ කියලා කවුරුවත් කලින් දන්නෙ නෑ,හැබැයි මේ හැමෝම රෝගය පතුරවනවා. මම දැක්කා සමහරු මුලදි කියනවා, අයියෝ, ෆ්ලූ සීසන් එකට අච්චර-මෙච්චර මැරෙනවා කියල. ඔන්න දැන් සෞඛය බලධාරීන් කියන්නෙ, දැනටමත් ෆ්ලූ සීසන් එක වගේ දහ ගුණයක් මැරිල කියලා.


කොරෝනා ආවෙ ස්වාභාවිකවද, වලක්වන්න පුළුවන්කම තිබිලත් ලෝකෙටම ව්‍යාප්ත වෙන්න ඇරියද? මේ ව්‍යවසනය වෙළදාමක් විදිහට භාවිතාවෙනවද? මේ ප්‍රශ්ණ වලට අපිට කවදාවත් උත්තර  නොලැබෙන්න ඉඩ තියනවා. නිවුස් එකක් දැක්කා, රුසියාව කියල තියනවා වැක්සීන් එක ඩොලර් 9 වගේ  "සාධාරණ" මිලකට ලංකාවෙ ආණ්ඩුවට විතරක් දෙනවා කියලා, අනේ මන්දා?  Wiki Leaks අවශ්‍යතාවය, මට නං තදටම දැනෙනවා. Wiki Leaks වලට විස්තර දුන්නෙ, ඉහල තැන්වලම ඉන්න, හෘද සාක්ෂියක් ඇති මිනිස්සු, අද ඒ අයට ඒ ඉඩ ප්‍රස්ථාව නැති කරලා. සැබෑ "enemies of humanity" ඉන්නෙ එලියෙ කියල හිතෙන්නෙ මට විතරමද? They say "Karma is a bitch". In a true British way, let's say " Oh, f*** sake, there is no karma..

කියන විදිහට, අපට වැක්සීන් එක නොමිලේ ලැබෙන පාටයි. පැණිය කෙසේ වෙතත් වැක්සීන් එක ගැන පවා මගේ නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. වැක්සීන් කියන්නෙ බේතක් නෙමෙයි. ගැරන්ටී එකක් නෑ, ආරක්ෂාව සදාකාලික නෑ, කාල සීමාවක් තියනවා. ඒ ඔක්කොටම වඩා, ඕක ගහගත්ත අයට එන "false sense of security" , වඩා භයානක වෙන්න පුළුවනි. වැක්සීන් ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියනවා:


මට කියන්න තියෙන්නෙ, ආයෙත් JR කියපු දේම තමා " තමුන්නාන්සෙලාගේ ආරක්ෂාව තමුන්නාන්සෙලාම සලසා ගත යුතුයි".

හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

6 comments:

  1. බල්ලො මගෙ ෆේවරිට් ජීවින් කොහොමත්. බස්සො ෆේවරිට් බ්ලොගර්ස්ලා.
    බස්සො කලාත්මක නැතිවුනාට කාල ඉන්නවනෙ.
    Merry X'mas, වෙරි happy N'year!

    ReplyDelete
    Replies
    1. \\බස්සො කලාත්මක නැතිවුනාට කාල ඉන්නවනෙ\\
      ආයි අහල, කනවා මොනවද,හිටු කියලා.

      Pra Jay පවුලටම merry X'mas and happy New Year!

      Delete
  2. බස්නායක ස' පැනික් වෙන්ඩෙපා ටූල්ස් පාවිච්චි කරන්ඩ.

    Wishing you and your හෝතඹු family and of course අර 'නම්බ ඩාල්' ඩෑල් එකටත් peace, health, happiness, and prosperity in the coming year. Merry Christmas Bro!.

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. පැනික් වෙනවමත්ම නෙමෙයි, හැබැයි ටිකා..ක් විතර අවුල්. කොහොමත් අපිට මාසයක් ලොක් ඩවුන්. මට හිතෙන විදිහට ඒක හොඳ දෙයක්.

      හැට්ටර් පවුලටමත්, ටැට්ටරේටත් merry X'mas and happy New Year!

      Delete
  3. අපි කොහොමත් වැඩිපුර ගන්නෙ emotive decisions නිසා නිවැරදි තොරතුරු නැති තැන මිනිස්සු අසරන වෙනවා. පොඩි බබෙක් කිව්වොත් 'ඉස්සර මගේ කොන්ඩෙ දිගයි, මන් උඩදි පිච්චුනා' කියල ඔන්න අහවල් අජටාකශගාමියා අපේ රටේ ඉපදිලා කියලා වහාම නිගමනයට එන මිනිස්සු, ඔයාට දියුන වෙන්න බැරි එහා ගෙදර එක්කෙනා යන්තරයක් මතුරලා වල දාලා කියලා කිව්වොත් ඒක උඩින්ම පිලිගන්න මිනිස්සු, ලන්කාවෙ සම්භවය තියෙන පිට රටක හැදී වැඩුනු දරුවෙක් ලෝකේ පිලිගත්ත විශේශ දෙයක් කලාම ඔන්න ලන්කාවට කීර්තියක් කියලා උඩ පනින මිනිස්සු: මේ හැම දෙයක්ම ඉතාම ලොජිකල් නේද. Self esteem, self worth කියන දේ ඉතාම අඩුවෙන් තිබීම එක හේතුවක් මේකට. (හුඟක් අය තමන්ගෙ self-esteem හදා ගන්නවා වෙනුවට ඒක තියෙන අනිත් අය, ජාතීන් හෝ රටවල් තමන්ගෙ සතුරා කරගෙන). මේකට desperation කියන දෙයත් එකතු වුනාම සමීකරනය සම්පූර්නයි. මේවා ගැන කතා කරන එකම රිදී ඉරක් තමයි. Hope to 'meat' in the new year.

    ReplyDelete
    Replies
    1. මට කෙලින්ම කියන්න නොහැකි වුන දේ ලිව්වාට බොහොම ස්තූතියි, ලෝටස්.
      ඔව්, අලුත් අවුරුද්දෙ ආයෙ හමුවෙමු. එතෙක්, ඔබටත්, පවුලේ සැමටත් merry X'mas and happy New Year!.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code