May 30, 2021

පැන්ඩෝරාගේ පෙට්ටිය සහ කොරෝනා දේවී

ප්‍රොමේතියස් විසින් මිනිසා මැවුවෙ කොහොමද කියල ගූගල් ට්‍රාන්ස්ලේටරේ  කලේ මෙහෙමයි: සියුස් විසින් මිනිසා නිර්මාණය කිරීමේ කාර්යය ඔවුන්ට ලබා දෙන ලදි. ප්‍රොමෙතියස් මිනිසා මඩෙන් එළියට ගත් අතර ඇතීනා ඔහුගේ මැටි රූපයට ජීවය ආශ්වාස කළේය. පෘථිවියේ ජීවීන්ට වේගවත් බව, කපටි, ශක්තිය, ලොම්, පියාපත් වැනි විවිධ ගුණාංග ලබා දීමේ කාර්යය ප්‍රොමේතියස් විසින් එපිමෙතියස්ට පවරා ඇත.

මේ කතාව අපි, ඔහෙල දන්නව නෙව? ඒත් Stephen Fry මේ ග්‍රීක මිත්‍යා කතා පුරාවෘතයට නව අර්ථකතනයක් දෙනවා. එයා කියනවා සියුස්, මිනිස්සුන්ට දෙන්න එපා කියපු "ගින්දර" කියන්නෙ රූපකයක් ලු(Metaphor). දෙන්න එපා කිව්වෙ, ස්වයං විඥාණය සහ නිර්මාණශීලීත්වයලු. ඊට පස්සෙ, පැන්ඩෝරාගේ පෙට්ටගම ගැනත් කිව්වා. Stephen Fry කතාකරන කොට අහන් ඉන්න ආසයි. සොරි, ආයෙත් වීඩියෝවක් තමා. ඒත් මේක විනාඩි 6 ක් විතරමයි😊. Stephen කියන විදිහට, AI කියන්නෙත් පැන්ඩෝරාගේ පෙට්ටියක් .


මෙන්න දැන් බස්සාගේ වර්ශන් එක: පැන්ඩෝරාට පෙට්ටි කීපයක් තිබ්බා. දැනට දන්නෙ තුනක් ගැන විතරයි. තුන්වෙනි එක ඇරුනෙ, චීනෙ වුහාන් වයිරස් ලැබ් එකේදි. මම නෙමෙයි කියන්නෙ, මෙන්න මෙයා:

දැන් අපි ආපහු යමු, ග්‍රීක පුරාවෘතයට. කුතුහලය මැඩගන්න බැරි වෙච්ච පැන්ඩෝරා පෙට්ටිය ඇරියා.මම නං, පැන්ඩෝරාට වැරැද්දක් කියන්නෙ නෑ, එයත් ලලනාවක් නෙව?  ඇයි කියල ඇහැව්වා? හරි එහෙනං, ඔහෙලත්, මොනවද ඇතුලෙ තියෙන්නෙ නොකියා, සීල් කරපු පෙට්ටියක්, හාමිනාට දීලා බලනවකො පස්සෙ ඇවිල්ලා, උන්දෑ ඇටි කෙහෙල් කාපු රිලවා  cat who ate the canary වගේ ඉන්නෙ නැහ්ද කියල. ඉතිං වැඩේ ජෝන් බාස්ට ගිය විත්තිය දැණගත්ත ගමන් පැන්ඩෝරා පෙට්ටි පියන දඩස් ගාලා වැහැව්වා. පස්සෙ ඇහෙනවලු මොකක්ද සද්දයක් පෙට්ටිය ඇතුලෙන්. ඒ  තමා පෙට්ටියෙ ඉතුරු වෙච්ච අන්තිම දේ: බලාපොරොත්තුවේ සුරංගනාව.

දැන්, වැඩේ ජෝන් බාස්ට ගිය විත්තිය දැණගත්තම , දඩස් ගාලා නූනත්, චීන්නුත් පැන්ඩෝරගෙ පෙට්ටි පියන වැහුව නෙව? එතකොට කෝ, බලාපොරොත්තුවේ සුරංගනාව?  එයා ඉන්නව, හැබැයි චීනෙ නෙමෙයි, ඉන්දියාවෙ. නම "කොරෝනා දේවි"

වීඩියෝ එකේ "Play this in YouTube" කොටන්න
Meanwhile,  in a galaxy far far away:
Alien 1:That's it, I'm outta here. What's wrong with this hopeless earth people? How long will it take them to wipe-out humanity?  
Alien 2: C'mon mate , have some faith. They are working so hard for that. Just give them few more years, they will do it

14 comments:

  1. https://sudirende.medium.com/who-opened-pandoras-box-the-answer-will-surprise-you-d7220000b32d

    ReplyDelete
    Replies
    1. බොක්ස් කියන්න මොකක්ද කියන වර්ශන් එකක්.
      Funnily enough, ලංකාවෙ ඒකට තියන එක තේරුමක්

      Delete
    2. ලස්සන කොටසක් තියෙනවා ඒකේ 'If the things coming out of the box meant they could then affect people, wouldn’t keeping Hope inside prevent hope from helping? I thought they should have let Hope out so it could reach people too'.

      හැබැයි ඉතින් නිකන්ම දීලා දානවට වඩා නම් හොඳයි තමන්ටම 'Hope" හොයාගන්න ඉඩ ඇරිය එක.

      Delete
    3. @Pra Jay

      Curiosity kill the cat කියල තියන නිසා හොයන්න නොගියට, ඇයි එහෙම කියන්නෙ කියන විචිකිච්චාව නං නොඅඩුවම තිබ්බා. බයිබලයෙ ආදම් සහ ඒවා ආවෙ කොහෙන්ද කියල, දැන් අපිට හිතා ගත්තෑකි.

      Adam said, “Gladly, Lord, what do You want me to do ?”
      God said, “Go down into that valley”
      Adam said, “What’s a valley ?”
      God explained it to him. Then God said,“Cross the River."
      Adam said, “What’s a river ?"
      God explained that to him, and then said, “Go over to the hill …”
      Adam said, “What is a hill ?”
      So, God explained to Adam what a hill was.He told Adam, “On the other side of the hill you will find a cave”
      Adam said, ‘What’s a cave ?'
      After God explained, He said, “In the cave you will find a woman”
      Adam said, “What’s a woman ?'. So God explained that to him, too.Then, God said, ‘I want you to goforth and multiply"
      Adam said, “How do I do that ?”
      God said “Geez …” (under his breath)
      And then, just like everything else, God explained that to Adam as well.So, Adam goes down into the valley, across the river, and over the hill, into the cave, and finds the woman.In about five minutes, he was back.God, his patience wearing thin, said angrily, “What is it, now"

      Adam said “What's a headache ?

      Delete
    4. අන්තිම වචනය headache කියලා sureද? Adam ඇත්තටම ඇහුවෙ එහෙමද?

      (ප්‍රාජේට දීපු රිප්ලයි එකට පැන්නට සමාවෙන්න මම agnosticද කියල sureම නැහැ. නමුත් ප්රශනයක් අහන්න හිතුනොත් අහන් නැතුව ඉන්න අමාරුයි, අවාසනාවට).

      Delete
    5. මෙහෙ එහෙම භේදයක් නෑ, ඕන කෙනෙකුට ඕන ප්‍රශ්ණයක් ඇහැව්වෑකි.

      ඔය සංවාදෙ යන වෙලාවෙ, බකමූණෙක් තහනං ගහේ ඉඳලා අහගෙන තියනවා. ජනප්‍රවාදෙ කියවෙන්නෙ එහෙමයි.

      Delete
  2. ෂා.. Stephen Fry මරුනෙ. අන්තිමට අහන ප්‍රශ්නයට මම කැමතියි, 'Do we give these creatures self knowledge, self consciousness'?. ඉතින් අපි (humans) හිතුවට අපිට ඒවා තියෙනවා කියලා අපිටත් ඒවා නැහැනේද.

    දෙවෙනි විඩියො එක පස්සෙ බලන්න ඕනෙ. Corona Goddess නම් වැඩ කරන්නෙ නැහැ වගේ (I mean the video).

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා ගැන මතභේදයක් තියනවා තමයි, ඒත් මිනිස්සුන්ට "අලුත් දේ නිපදවීමෙ හැකියාව" තියනවනෙ. තාම කෘතීම බුද්ධිය/රොබෝ ල නිපදවන්නේ මිනිසුන් විසින් සැලසුම් කල දේවල් නෙව?

      Corona Goddess වීඩියෝ එක "play this in YouTube" ලින්ක් එක ඔබලා YouTube තමයි බලන්න වෙන්නෙ. නැත්නම් YouTube එකේ Corona Devi කියල ගහල හොයන්න.

      හැබැයි මේක "නිර්මානශීලී බව වෙනත්ම මානයකට ගෙන යෑමක්". තිස්තුන් කෝටියක්ම ඉන්න එකේ , ඔන්න ඔහෙ ....

      Delete
  3. වැරැද්දක් තියේ මට පෙන්නාලා දෙන්ට
    ඒකට රොස් නොවී මහතුනි අහගන්ට
    තිස්තුන් කෝටි හිටියේ පෙර කල්පෙකට
    225 යි ඉන්නේ දැන් අපට!

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ වෙන දේ ගැන පුදුම හිතෙනවා
      බොරු ඔක්සිජන් ටැංකි, ජාලේ දාගෙන විකුණනවා
      තිස්තුන් කෝටියක් දෙයියො බලන් ඉන්නවා
      වයිරස් වලටත් දැන් දෙවි වරං ලැබෙනවා

      ස'වයිවල් ඔෆ් ද ෆිටස්ට් කිව්වෙ ඩාර්වින් ගොයියා
      තුණ්ඩුවලට එන්නත් දෙන්නෙ, අපෙ ප්‍රනාන්දු අයියා
      ඉන්දියාවෙ වැඩැම්මෙව්වෙ කොරෝනා දෙයියා
      හිතට දුකයි නොකන එකට මෙවුන්ව නයියා

      ලෝකයෙ අදටත් තියෙන්නෙ කැලෑ නීතිය
      නැති, බැරි නං වඳවිය යුතු බවයි රීතිය
      වැටහෙයි, දැණුනම උඹටත් මරණ භීතිය
      මම "කොරෝනා දේවි", මේක මගේ භුක්තිය

      Delete
  4. අනාගත AI සහිත රෝබෝට්ටේකුට මොනවගේ Hopes තියෙයි ද ? බලාපොරොත්තු ලොජිකල් ද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ දෙකම, නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්ණ දෙකක්. බලාපොරොත්තු කිව්වාම, එය නිශ්චිත නැති නිසා. තාර්කිකද නැද්ද කියන්න අමාරුයි.

      අනාගත AI සහිත රෝබෝට්ටන් කියන්නෙම රැබිට් හෝල් එකක්. මම බස්සෙක් නිසා, එහෙ යන්න අදහසක් නෑ😜

      Delete
  5. මගේ කැමතිම ලේඛකයෙක් ස්ටීවන් ෆ්‍රයි කියන්නේ. මෙයාගේ Mythos, Heroes කියලා පොත් දෙකක් තියෙනවා. සුපිරි.

    ReplyDelete
    Replies
    1. අහල තියනවා මිතිල, ඒත් මගෙ කම්මැලිකමට වැඩිය ගැලපෙන්නෙ වීඩියෝ. අනික එයාගෙ කටහඩ, ඒක බෝනස් එක.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code