May 3, 2021

විකල්ප තාක්ෂණය - NiMH බැටරි

මේ ඉන්නෙ poor man's VR කන්ට්‍රෝලර් බානක්. ප්‍රශ්ණෙ තමා එයාල බැටරි කනවා වළඳනවා. සාමාන්‍යයෙන්  එලාම් ඔර්ලෝසු වගේ එව්වට විසඳුම රී-චාර්ජබල් NiMH බැටරි වුනාට, මේ දෙන්නට ඒක එච්චරම හොඳ විසඳුමක් නෙමෙයි. හේතුව, ඔය කන්ට්‍රෝලරේ අවශ්‍ය පමනට වඩා "ස්මාර්ට්" වීමයි.

ඔය කන්ට්‍රෝලරේ වැඩ කරන්නෙ AA බැටරි දෙකකින්. බැටරි බැහැගෙන එනකොට, ඉස්සෙල්ලාම අනතුරු හඟවනවා. ඒත් ඇහුවෙ නැත්නම්, කෙලින්ම ඔෆ් කරලම දානවා. මේක නරක දෙයක් නෙමෙයි, එහෙම කරන්නෙ කන්ට්‍රෝලරේ ආරක්ෂාවට. නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ 1.5V බැටරි වෙනුවට 1.2V NiMH පාවිච්චි කරන්න ගියාමයි. කන්ට්‍රෝලරේ මොනිටර් කරන්නෙ බැහැගෙන යන වෝල්ටීයතාවය. දැන් හිතාගත්තෑකි නේද  කන්ට්‍රෝලරේ 1.2V NiMH බැටරි කන්නෙ ඇයි කියලා?

ගූගල් VR වලින් පිටකොටුවට බැහැලා ඇවිදින කොට, මරදානෙ පරණ පොත් කඩේට යන්න ඉස්සෙල්ලා කන්ට්‍රෝලරේ ඔෆ් වෙන එක කොහොමවත් සොඳුරු අත්දැකීමක් නෙමෙයි. " ඈ බොල #*&^#@ , ආයිත් කෙලියා නේද. තාප්පෙට" කියල තමා කියවෙන්නෙ.

1.5V   රී-චාර්ජබල් බැටරි දැන් තියනව වුනාට, ඒ තාක්ෂණය තවම මෝරල නෑ. අනෙක් අතට, ඒවා වලට විශේෂ චාජර් ඕන කරනවා. NiMH බැටරිවල අඩුපාඩු තිබුණත්, ඒවා හැම අතින්ම ආරක්ෂාකාරීයි. මේ තියෙන්නෙ, අවුරුදු 18 පරණ මැක්ස්වෙල් NiMH බැටරියක්,  ධාරිතාව ටිකක් අඩුවෙලා ඇති, ඒත් තාම වැඩ.අඩු වෝල්ටීයතාවෙ ප්‍රශ්ණෙට විසඳුම තමා, ඔය උඩින් තියෙන ගැජමැටික් එක.

ඒක 3.3V charge pump එකක්. බොහොම සරලයි, කකුල් තුනයි. වෝල්ටීයතාවය අඩු වුනොත් වැඩි කරලා , වැඩි වුනොත් අඩු කරලා, සෑහෙන පරාසයක් ඇතුලත 3.3V වලම පවත්වාගෙන යනවා. දැන් එතකොට මොකක්ද ප්‍රශ්ණෙ?

ප්‍රශ්ණෙ තමා, මම ගෙන්න ගත්තෙ, වැලම සුපියල් හයේ චීන කොපිය. ඔව්, වොව් "ආයෙත් නෑමක් තමා." එහෙම නොවෙන්න නම්, අනිවාර්‍යයෙන්ම ටෙස්ට් කරන්න ඕනෙ. ජාලෙ තිබුණා, රුසියන් කාරයෙක් මේකට මැරෙන තුරුම දසවධ දෙන හැටි, සබ් ටයිටල් දාගෙන බැලුවත්, මට අවශ්‍ය විස්තර ඔක්කොම එතන තිබ්බෙ නෑ( Russians, really know how to torture).  අනික, චීන පූසෙකුට වඩා , VR කන්ට්‍රෝලර් එකක්, බොහෝ මිල අධික නිසා, මටම ටෙස්ට් කරන්න  ඕනෙ වුනා.


ඉස්සෙල්ලම කලේ  VR කන්ට්‍රෝලර් එක ගන්න ධාරාව මනින එකයි. 40 - 50 mA, අවුලක් නෑ, specs වලට අනුකූලයි. සොයා ගත් අනෙක් දත්ත:

Buck mode 3.3V to 5V - Very good, no ripples at all - අදාල නැත

Boost mode - 3.3V to 1.8V - OK, but average 

Output cutoff - 1.2V -  එතරම් ප්‍රයෝජනයක් නැති විය හැක. 


Failure mode - dead short  - Bad, නමුත් භාවිතය boost mode  නිසා හානියක් නැත.

Parasitic current draw - 0.3 mA , පාවිච්චියෙන් පසු බැටරි ගලවන නිසා ප්‍රශ්ණයක් නැත.

Soft start - Not implemented

Deep sleep mode - තවුසෙට පයිත්තියන්ද?

සංකීර්ණ වැඩියි, නැතුවට කාරි නෑ

නිගමනය - safe to use but not the best.

සමහර වෙලාවට, සරල දේ හොඳම ක්‍රමය වෙනවා. මේ තියෙන්නෙ එහෙම එකක්: රී-චාර්ජබල් මේස ලාම්පුවක්. ඒකෙ තියෙන ඩිස්ප්ලේ එකට වෙනම 3V බොත්තම් බැටරියක් තිබ්බා. මම කලේ ඒක ගලවලා, Li-Ion බැටරියෙ සප්ලයි එක ඩයෝඩ් දෙකක් හරහා ඩ්‍රොප් කරලා දීපු එකයි. 






3.3V charge pump දෙකක් ටෙස්ට් කර ගත්තා. දැන් තියෙන්නෙ VR කන්ට්‍රෝලර් මදේ ගලවලා එව්වා ඔබන්න විතරයි. Wish me Good Luck 😜

Disclaimer: මේ පරීක්ෂණ සඳහා කිසිම බස්සෙකුට හානි නොකල බවටත්, මෙහි සිටින සියලුම පූසන්, චීනයේ සිට ආවේ තැපෑලෙන්  බවටත් සහතික වෙමි.

 Walpurgis Night  (මායාකාරීන්ගේ රාත්‍රිය -"වල්-පූගස්නාහ්ෆ්")
Long Live paganism!
VALHALLA calling me

16 comments:

  1. මේ පෝස්ට් එක කියවන්ට කියලා ලින්ක් එක ක්ලික් කල සැනින් මට මවුසියා දිගේ ආපු අධිබල විදුලි ධාරාවක් වැදුනා කියහංකො. තාම අත හිරිවැටිලා ගානයි..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ, මී ලෝඩ් ඒ විදුලි ධාරාව, අර කලින් රත් වෙච්ච කන්ඩෙන්සර් ටික උරා ගනීවි😂

      Delete
    2. බොට හැමදාම කියනවා පෝස්ට් එකක් පබ්ලිෂ් කරාට පස්සෙ ආයෙ ඒ්කෙ තියෙනේවා කපන්ට කොටන්ට යන්ටෙපා, අලුතෙන් කෑලි බෑලි එල්ලන්ට යන්ටෙපා කියලා.. බෝ අහුවෙද්දෙංකො වෙලාවක..

      Delete
    3. මාව "මීහරක් කූඩැල්ලා" කාපු කතාව කිව්වාම, අර උන්නාන්සෙයි, ඇබිත්තයො සැට් එකයි, මට වට කරලා නෙලුව. ඉතිං මං, "වලි නං වලි" කියන්න, "වල්හාලා" ගෙනත් එල්ලුවා.

      Delete
  2. රීචාර්ජබල් AA බැට්රි හරි කරදරයි. බැස්ටියන්තුමා ලිස්සලයනවා වගේ වගේ එකපාරටම චාර්ජ් එක නැතිවෙනවා.
    ( තේරුනේ බැට්රි ගැන විතරයි. ඒත් මොනවත් ලියන්නෙ නැතුව වැටක් ගැහුවොත් අසෝල්ට් ඇන්ඩ් බැටරි වලට ලක්විය හැකි නිසා ඕක ලියල දැම්මා )

    ReplyDelete
    Replies
    1. ඇල්කලයින් බැටරි තරම් හොඳ නෑ තමා. ඒත් එහෙම එව්වා වීසිකරලා ආයෙ, ආයෙ අලුතින් ගන්න තරම් හැකියාවක් සඤ්ඤක බස්සොන්ට නැත.

      බැටරි නැති අසෝල්ට් නං, ඕං අපිටත් ඕන පදං. තනි තට්ටෙන් බාල්කෙක එල්ලලා බොක්සිං ගහනවා කියලත් කිව්වා.

      Delete
  3. එතකොට හැම AA බැට්ටියම 1.5 නෙමෙයිද?

    අර ඔසිලස්කෝප්පෙ කීයක් උනාද?

    ReplyDelete
    Replies
    1. දැනට වැඩිය ජනප්‍රිය නැති NiCd සහ NiMH රීචාර්ජබල් AA බැට්ටි තමා 1.2V.

      ඔසිලස්කෝප්පෙ ඊබේ එකෙන් යැංකි සුපියල් පනහාකට විතර තමා ගත්තෙ.

      Delete
    2. මටත් දැක්ක ගමන් ඇහැ ගියේ ඔසිලස්කෝප්පෙට ...

      Delete
    3. මේකෙ 2MHz තමා උපරිම -DSO Coral 112A
      https://jyetech.com/dso-coral-112a-oscilloscope/

      මම හිතෙන්නෙ දැන් 80$ වලට 100MHz එකක් ගන්න ඇහැකි කියලයි.

      Delete
  4. මේව කියෙව්වම අපිට එක එක ජාති ගන්න හිතෙනවනෙ... මට මේ දවස් වල පවර් ටූල් උණක් හැදිලා තියෙන්නේ ... ඒ අස්සේ VR ගන්න ගියොත් ගෙදර ඉන්නත් බැරි වෙන තත්වයක් එන්ඩ පුළුවන්.. සුපියල් 50-100 කෑලි නම් ඉතින් ඔන්න ඔහේ කමක් නෑ කිව්වහැකි .. ඒත් VR පෙට්ටියක් ඔළුවේ ඔබාගෙන ගේ මැද්දේ අතපය වනන්න ගත්තොත් නම් ගෙදරින් පන්නන්න ඉඩ තියෙනවා .. හෙහ් හෙහ්...

    මම දැන් කාලයක් NiMH එකයි 18650 එකයි පාවිච්චි කරනවා. පොඩි පොඩි දේවල් වලට නම් NiMH අවුලක් නැහැ. නමුත් VR වගේ සෙන්සිටිව් ඒවාට හරි වෝල්ටේජ් එක දෙන්න එපෑ.. Anyway I wish you luck. ලක් එක වැඩ කලේ නැත්නම් අපි අලුත් VR එකක් ගමු...

    ReplyDelete
    Replies
    1. 18650 කියන්නෙ ලිතියම්-අයන් බැටරියක් නේද? මටත් බොහොම ඕනෙකමක් තියනවා ඔව්වා සැට් එකක්ම ගෙන්න ගන්න. ඉස්සර වගේ නෙමෙයි, දැන් බැටරි ඔන්-ලයින් ගෙන්න ගන්න අමාරුයි.

      ආයෙ VR පෙට්ටි ගන්න බැහැ. ඒ දවස්වල HP VR1000 ගත්තෙ 125$ CAD වලට. දැන් ඒ ගාණට ඊබේ එකේ සෙකන්ඩ් හෑන්ඩ් කන්ට්‍රොලර් එකක් වත් ගන්න බෑ. දැන් ඒ වගේ ඩීල් නෑ. දැක්ක ගමන්, මම කෙටුව උඩ පැනලා 😂. කාක්කොන්ට ආප්ප දැම්මා වගෙයි බඩු ඉවර වුනේ. මේකෙ එකම අවුල තියෙන්නෙ හයිබ්‍රිඩ් කේබල් එකේ. පස්සෙ, ඒ ප්‍රශ්ණෙත් විසඳගත්තා, දැන් ස්පෙයාර් කේබල් තියෙනව . තව ඊබේ එකෙන් සුපියල් 25 කට ගත්ත, සෙකන්ඩ් හෑන්ඩ් ස්පෙයාර් හෙඩ්-සෙට් එකකුත් තියනව😜

      මලත්, කන්ට්‍රෝලර් දෙකම එකටම මැරෙන එකක් නෑ නේද? හැබැයි ජෝඩුව,කොයි වෙලාවෙ බැලුවත් ඉන්නෙම එකට🤔

      Delete
  5. මී හරක් කූඬැල්ලත් විකල්ප බලශක්ති ප්‍රභවයකි...

    ReplyDelete
    Replies
    1. හප්පේ අපෙ බාප්පුච්චා දැක්කා වගේ සංතෝෂයි😊. කොහොමද අද්දියාපන කටයුතු? හොඳින් කෙරෙන්න ඇතැයි බලාපොරොත්තු වෙනවා.

      ඔහෙට කියන්න ඩ්‍රැකියෝ. අපේ රිටිගල ජය... මැතිතුමා මාව ඇණ ගහන්නමයි ලැහැස්ති වුනේ. තව දිගට ගියා නං, නිදි එලවනවා මාව පංචතන්තරෙන්.

      අපේ වත්ත පහල වෙලේ ඇනකොන්ඩො උන්නද කියලත් ඇහැව්වයි කියහංකො. හුංගො, මගුරො. කොක්කු, ගෙම්බො නං උන්නා. ආ, තව ඉඳලා හිටලා කබරයෙකුත් කැරකිලා ගියා මිසක්කා අපිට කොයින්දෑ ඇනකොන්ඩො?

      Delete
    2. අධ්‍යාපන කියන්නෙ, නොකෙරෙන්නෙ අධ්‍යාපනය විතරයි. “එසයින්මන්ට් ගොඩක් මැද වවුලෙක් බුදියාය“

      ඇණ නැති කොන්ඩො උන්නැද්ද? මයෙ හිතේ උංගෙ සයිස් එක හැටියට එක එක නං තියෙයි. ටින්ටස් ඇන කොන්ඩො, පරාළ ඇන කොන්ඩො එහෙම...

      Delete
    3. හෙහ්. හෙහ් රිටිගල පරාල-ඇණකොන්ඩා මැතිතුමා. නරක නෑ ඒ නම. වැඩේ කියන්නෙ ඔය ඉඳලා හිටලා වැටක්, ඇණයක් ගැහැව්වාට, යමක්-කමක් දන්න වැදගත් මනුස්පයා ( බටර් පාර 😜)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code