Nov 27, 2026

මගේ ආදරණීය හොල්මන - මෝහිනී

මොහිනී උඹ, නංගියේ මම පිස්සුවෙන් වගෙ හොයනවා
උඹව හෙට රෑ හම්බ වෙනකල් පාර හැම තැන දුවනවා
හන්දියේ කණ ලයිට් එලියට පාලු ලයිමක් පේනවා
එතන ඇලපිලි, අකුරු අඩුවුන අමුතු ලියුමක් තියනවා

මෝහිනී හෙට ඉඳන් ආයෙත් හන්දි ලඟ මුර කරනවා
දරුව දීලා අම්මා ගාවට හිතේ හැටියට නටනවා
සාරි පටලන් එන්න මට බෑ, පහසු ගවුමක් අඳිනවා
පැයට දාහයි, බල කරන් නෑ, ප්‍රශ්ණ අපටත් තියනවා

ඇත්තටම බැරි නැද්ද උඹටත් දචස් කුලියක් කරන්න
පැලේ ඉඳගෙන, හේනෙ කුඹුරේ අව්වෙ දහඩිය හලන්න
දැනන් තිබුනට, මහත්තයො උඹ ලෝකයට ගතු කියන්න
මටත් වැරදුන තැනක් තිබුනා, අතීතයෙ උඹ නොදන්න  


ඉසුරුමුනියේ පෙම් යුවළ ගැන ඉතිහාස පොත පිරික්සූ
ආදරේ ප්‍රතිමූර්ති හොය, හොය මඟින් හැරුණා මිනිස්සූ
දුකක් හිතුනේ නැත්ද උඹටත් මටත් වෙන්නට පොරොන්දූ
යන යකා කොරහත් බිඳන් යයි, කිවා ඒ කල මිනිස්සූ

හැම එකාගෙම වැරදි තියනව, මතක් කරලා බලාපං
ටිකක් හැරිලා ආයෙමත් උඹ ජීවිතේ ගැන ලියාපං
නොකී දේවල මගෙත් තිබුනා, කියන්නෑ තව හිතාපං
මලක් පිපුනට ගහයි දන්නේ, දරාගත් හැටි අසාපන්

ගෙන්දගම් ගිණි යහන ඇවිලෙයි කොටුවෙ ආමර් වීදියේ
ගුණසිංහ පුර මාන අහුලන, කාසි පුසුඹද ගැන්සියේ
ඉරා දුක-සැප ඉරා කැරකෙන, ඔහේ රිය සක ජීවිතේ
කතා නොකරට, ඇස් වලින් උඹ ලන්සු තියපන් නංගියේ 

Ajith Sanjeewa Perera  ගිහින් ලැයික් එකක් දාන්න.


හොල්මන් කතා කියවන්න:

(ඡායාරූප, නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙන්)

3 comments:

  1. Replies
    1. තෑන්ක්ස්! කලින්ම ආවට. ඒක ලස්සනට කියනව, වීඩියෝව බලපං.🙏
      ඒත් ක්‍රෙඩිට් එක යන්න ඕනෙ ලියපු හාදයට තමයි.😁

      Delete
  2. පෝස්ට් එක නොබලා කමෙන්ට් කරනා පාඨකයින්ට:
    මේ කවි මම ලියපුවා නෙමෙයි. වීඩීයෝවෙන් උපුටා ගත්ත ඒවා නිසා "සීසර්ගෙ දේ සීසර්ට දෙන්න"

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code