Jul 7, 2021

ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?

හෝතම්බුවා පාවිච්චි කරන්නේ රජකාලෙ කම්පූටරයක්. දුවන්නෙ වින්ඩෝස් 7, එක දවසක්, ඉන්ටනෙට් සම්බන්ධ වෙන්නෙ නෑ  කියල කිව්වා. මම පාස් වර්ඩ් වෙනස් කරල කියලත් චෝදනා කල නිසා, මම ගියා උන්දැගෙ කම්පූටරේ බලන්න. ඕං ඉතිං, ගිහින් රී-ස්ටාර්ට් කරල එහෙම වින්ඩෝස් ලෝඩ් වෙනකං හිටියා. පස්සෙ මං කිව්වා "ගිහින් තේකක් බිලා එඤ්ඤං, ලෝඩ් වුනාම කියපං" කියලා. ඒක එහෙම වුනාට , ඒ  හෝතම්බු කම්පූටරේට වෙන ඉහෙන් බහින ලෙඩක් නෑ. ඩෙස්ක්ටොප් එකේ පැත්තක "This copy of Windows is not activated" කියන වෝටමාක් එක පවා තියනවා.
ඒකටත් එක්ක බකුසු  කම්පූටරේ. උන්දෑ උපන් ගෙයි ලෙඩා.ඔය හතිලව්ව, අනිවා සුමානෙකට සැරයක්වත් කහිනවා, කාරනවා, හිරවෙනවා. ඔහොම වෙච්චදාකා, මම නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්න කොට ඇයි කියල, අහැව්වා හෝතම්බුවා. මම කිව්වා කම්පූටරේ මලා කියලා. ආයෙ කිව්වා "බලපං බං, අර උඹේ ගල් යුගේ මෝල තියෙන්නෙ යස අගේට? අපට තමා පුෂ්, පුෂ්" කියලා. හෝතම්බුවා "තූ.තූ,තූ" කියල තුන්පාරක් කෙල ගැහැව්වා.

වින්ඩෝස් 11 අත්හදා බලන්න ගිහින් වෙච්ච ඇබැද්දිය ගැන මම කිව්ව නෙව? ඒ ලෙඩේ හොඳ වෙන කොටම, දැන් ආයෙ වෙන ලෙඩක් ආව. මම භාවිතා කරන්නෙ මල්ටිපල් බූට් සිස්ටම් එකක්. එදා වේල ටුවර්ස් දුවන වින්ඩෝස් 10 එකයි, එයාගෙ බැකප් එකයි තව ඔන්ලයින් බැංකු සඳහා කැටලීනා එකයි කැටලීනාගෙ බැකප් එකයි විතරමයි. 

හොඳට තිබ්බ කැටලීනා හිටපු ගමන් ලෙඩ ඇඳට වැටුනා. බොහොම කඩිසර ලෙස වැඩ කරමින් හිටි උන්දෑ, හිටපු ගමන් නොන්ඩි ගහන්න ගත්තා. ඊට පස්සෙ ඉන්ටනෙට් නැතුව ගියා. ඇත්තටම මේක ලෙඩ දෙකක්. ඕකට කියන්නෙ මල්ටි බැරල් මයලෝමා වගේ බරසාර නමක් , මහිතේ? ලංකාවෙ නං, ඔය වගේ "ඉහල පැලැන්තියේ" ලෙඩක් හැදුනාම "ආසිරි එකේ නැවැත්තුවෙ මෙයා, සේලයින් එකට විතරක් විසිදාහයි" වගේ කතා කියල ආතල් ගන්න ක්‍රමවේදයක් තියනව නේද?

එකම හොඳේ, කැටලීනාට තියනවා "ටයිම් මැෂීන්" එකක්. අනිත් අවුල තමා, මම වින්ඩෝස් 11 දාන්න බයෝස් සෙටින් වෙනස් කරපු එක. සෑහෙන තොයිලයක් නටලා ලෙඩේ හොඳ කර ගත්තා. බයෝස් වල වෙන, වෙනම "යූසර් ප්‍රොෆයිල්" හැදුවා. එකම අවුල, රෙස්ටෝර් කරල. "මම අනිත් ඔක්කෝම හැදුවා, ටයිම් මැසිමෙ පාටිශන් එක උඹම රෙපයාන් කරගනින්" කිව්ව එකයි. ඒක නොකර ටයිම් මැෂීමෙ මෝල හිටින්න ඉඩ තියනවා. 

ටයිම් මැසිමෙ 850Gb තියනවා, මට එච්චර කොපි කරන්න ඉඩක් එහෙ නෑ. වින්ඩෝස් වලින් AFPS ෆයිල් සිස්ටම් කියවන්න බෑ. මෙතෙන්දි මට උදව්වට ආවෙ මෙන්න මෙයා: Paragon Hard Disk Manger වැඩ නං හරිම හෙමින් , දැන් වරු ගානක් තිස්සෙ තාම බැකප් ගන්නවා. ඒත් නිකං ඉන්න මට, ඔහොම මඳෑ!

මේක එයාලගෙ 25 වෙනි ඇනිවසරි එකට නිකං දෙන එකක්. බැකප් සහ පාටිෂන් මැනේජර් දෙකම එකට තියනවා. මගේ "එදා වේල" බැකප් ඇප් එක Macrium Reflect වුනත්, මේ කරන වැඩේ එයාට කරන්න බෑ. මම හැමදාම Giveaway of the day   ගිහින් බලනවා. නිකං දෙන හැම එකම නොගත්තාට, ඉඳලා හිටල හරි, මේ වගේ වැදගත් එව්වත් නිකං ලැබෙනවා.

හෝතම්බුවා මට උගේ කිසිම දෙයක් හදන්න දෙන්නෙ නෑ. මේ ලඟදි කියනවා, මම උන්දැගෙ කැඩිච්ච ඇම්ප්ලිෆයර් එක උස්සන් දුවනවා දැක්කලු හීනෙන්. ඔය කතාව පොඩි කාලෙදි අපේ ගෙදර ඈයොත් කියල තියනවා, මට යමක් අහුවුනොත්, ඒක ඉවරයි කියලා. හැබෑටම, ඔහෙලටත් එහෙම හිතෙනවද, ඈ?

ඉන්ට-ගැලැක්ටික් "ටග් ඔෆ් වෝ" කොම්පිටිෂන්, රනරප් සෑ...ර්!

වීඩියෝ එක බලන්න "මෙතනට"  කොටන්න.

39 comments:

  1. බොලා දෙන වදවල හැටියඩ ඔය කම්පූටරේ ඔහොම ඉන්න එකත් ලොකු දෙයක්.

    හැබෑටම බොලා ඔය කම්පූටරේ තියන් ඉන්නෙ අහවල් එකකටදෑ? ප්‍රෝග්‍රෑමින් මොනාහරි කරනව ද? නැහ්නං ඩිසයින් වැඩ? ඒත් නැහ්නං ඇනලිසිං වැඩ?

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රෑමින්. ඩිසයින්? ඒ මොනවද? තියාගෙන ඉන්නෙ ජාලගත වෙන්න තමා. තව ඔන්ලයින් ෂොපින්, ක්‍රෙඩිට් කාඩ් බිල් පේමන්ට් වගේ බරසාර දේවලුත් කරනවා. ෆිල්ම් බලනවා, පත්තර කියෝනවා, ඕප-දූප හොයනවා. ඉඳලා හිටලා ගේම් එකකුත් ගහනවා. බත් නොකා හිටියෑකි, ඒත් මේක නං නැතුව බෑ

      Delete
    2. ඉතිං යකඩෝ ඔය දේවල් ටික වින්ඩෝස් 98 වලිනුත් කරන්ට පුළුහං නෙව. මක්කටැයි ඔය වින්ඩෝස් 10, 11, 21, 31 ඔක්කෝමයි, රටේ ලෝකෙ තියෙන හැම ආචස් පූචස් එකමයි, ඒ මදිවට බැකප්ස් හැටහුටාමාරකුයි දාගෙන නහින්නෙ? ඇහුවොත් කියන්නෙ නං 'මට ඉත්තෑ අමාරුවක් නෑ' කියලා.

      Delete
    3. දැන් මේකට ඇබ්බැහි වෙලා, එතකොට ආයෙ පස්සට යන්න අමාරුයි. සමහර ඇප්ස් කියනවා "මේක රන් කරන්න, අරක-මේක ඕනෙ" කියලා. වින්ඩෝස් 98 කැතයි. මං හිතන්නෙ නෑ යූ-ටියුබ් දුවාවි කියලා. 4K නං කොහොමත් දුවන එකක් නෑ. වින්ඩෝස් 11 නිකන්නෙ දැන්නෙ, ඉතිං කොහොමද නොගෙන ඉන්නෙ?🤔

      Delete
    4. ඉතිං බාං, නිකං දෙනවා කියලා දෙන හැම අලබෝලෙම ගිලින්නැතුං අර හෝතඹුවා වගේ ස්ටේබල් OS එකක් දාගෙන, ෆිලුම් බලාන්ට අවශ්‍ය කරන සොෆ්ට්වෙයා එකක් දෙකක් දාගෙන නිවීහැනහිල්ලෙ ඉඳින්කො.

      Delete
    5. ඒම කරන්න හිත හදාගන්න අමාරුයි. යූ ටියුබ් පැත්තෙ යන්න බෑ, වින්ඩෝස් 11 ගැන කතාව. නිවීහැනහිල්ලෙ ඉන්න කොට කිසි ගතියක් නෑනෙ?

      Delete
    6. බ්ලොග් කියවනවා කියල ලීවේ නැති එක කැතයි හැබැයි

      Delete
    7. හැබෑටම, කැතයි නේන්නං? ඔව්, වොව් බ්ලොග් කියවනවා, ලියනවා.

      බුරාගෙ ප්‍රශ්ණෙ වින්ඩෝස් 98 වලින් කරන්න බැරි දේවල් මොනවද කියල නෙව? මට එහෙම ටක්කෙටම කියන්න මතක නෑ. ඒත් හොඳට හිතල බැලුවොත් ඕන පදම් ඇති. සමහර දේවල් අපි ග්‍රාන්ටඩ් කියල ගන්න, බොහොම පොඩි දේවල් වුනත්, ඒව නැති නං ඇඟෙන් කෑල්ලක් නෑ වගෙයි. කම්පූටරේ විනෝදයට අමතරව, සීමා මායිම් වැට කඞුලු නැතිව විශ්ව දැණුම සපයනවා. ඒ යන ගමනට, මම කැමතියි. අනාගෙන, කඩාගෙන අලුත් දේ අත්හදා බලන එකත් ඒ දැණුම සෙවිල්ලෙම කොටසක්.

      Delete
    8. හලි හලී, ඔහේ ඉතිං Win98 එකේ එල්ලෙන්ටෙපා. මම ඒක ගත්තෙ උදාහරණෙකට විතරයි. මට කියන්ටෝනැවුනේ stable system එකක් දාන් නිවිහැනහිල්ලෙ ජාලගත වෙවී ඉන්න කියන්ටයි. ඒත් ඉතිං "ඒකෙ කිසි ගතියක්" නැහැල්ලුනෙ. ඒ මදිවට "අනාගෙන, කඩාගෙන අලුත් දේ අත්හදා බලන" එකත් ඥානගවේශනයෙ කොටසක්ලුනෙ. තමතමන්ගෙ ආතල් කමන්ටමලුනෙ. මං මේ හොඳ ගලක් හොයනවා මයෙ කට අතුල්ලගන්ට.

      Delete
    9. තරහා අවසර අප්පුහාමි. කියපු දේ නොතේරෙනව නෙමෙයි, ඒ නිසා කට අතුල්ල ගන්ට කාරි නෑ.

      "නාන" ගවේසනේ කියපු එක නං ටක්කෙටම හරි. දැන් පැයකට කලිනුයි හරියටම නාල ඉවර කලේ, ඒත් තාම ඔලුව පිහදානවා.😊

      Delete
    10. ඉස්මාට් පෝන් එකක් ගත්තම ඒකෙ ඇතුලෙ තියෙන ඒව බලාගන්න බරි හින්දමයි මම XP වලින් 7 වලට මාරු උනේ.

      Delete
    11. වින්ඩෝස් 7 තිබ්බ ඒවයින් හොඳම OS එක. ඒත් වින්ඩෝස් 10 වුනත් අවු 6 පරණයි. 6 කියන්නෙ කම්පූටර් අවු වලින් කල්පාන්තයක්. අද තියෙන හාඩ්වෙයා එදා තිබ්බෙ නෑ. ඉතිං බොලේ, පොඩ්ඩක් නෑවට මොකෑ, නිකං දෙන අප්ග්‍රේඩ් එක නොවැ? හහ්, අපි නං නොගෙන ඉඳියි.

      අපේ යාලුවෙක් හිටියා ඩයස් කියලා. මේකාට ප්‍රශ්ණයක් ආවම, වටේ ඉන්න යාලුවො ඔක්කොමගෙන් උපදෙස් ගන්නවා. හ්ම්..හ්ම්..කිය,කිය හොඳ සාවධානෙන් ඒව අහගෙනත් ඉඳලා, අන්තිමට ඌ, ඌට ඕනෙ එක කරනවා😂.

      Delete
  2. බුරා කියල තියෙනව වගේ ඔහේගෙ ඔය මගුල ඔහොම තියෙන එකත් ලොකු දෙයක්. කොයි වෙලේක හරි ඔය කොම්පීටරය ඔහේට මවුස් එක දිගෑරල කනේ පාරක් දීල තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. වද දෙනවා වගේ පෙනුනට එහෙමමත් නෑ. මම උන්දැගෙ දුක-සැප බලනවා. පොඩි කැස්සක් ආවත් බේත් කරනවා

      Delete
  3. //හැබෑටම, ඔහෙලටත් එහෙම හිතෙනවද, ඈ?//

    ඇණ යුගයේදීනම් අහගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙම යුගයක් තිබ්බද?

      Delete
  4. මටත් තිබුණා මල්ටිපල් ඔපරේටිං සිස්ටම් ලෙඩක් ඉස්සර කාලෙ. ඒක එන්නෙ ඇන්ටික් පිස්සුවත් එක්ක. දවසක් "අහෝ පීත්‍රී පීත්‍රී...!" කියල උස්සං ආව අයිබීඑම් පෙන්ටියම් ත්‍රී මැෂිමක්...

    තව මං ගාව තියෙන හෙණ පත හාඩ් ඩිස්ක් එකක්, මෙගාබයිට් ම විස්සක.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් "මෙගාබයිට් ම විස්සක". මතක විදිහට ඕක අයිබීඑම් XT/AT වෙන්න ඕනෙ. එකම දේ එදා ඒ පොඩි දේ වලි ලැබිච්ච සතුට අද හුඟක් ගණන් උස්සලා වීමයි.

      Delete
    2. ඩ්‍රැකී තුමා, මෙගබයිට් විස්සේ හාඩ් ඩ්‍රයිව් එක උස්සගෙන (ඒ කිව්වට AC දාපු වාහනේක, මතක තියාගන්ඩ AC දාපු වාහනේක) බැකප් එක ගන්ඩ මෙට්‍රොපොලිටන් කොම්පැනියට ගිය කොල්ලො අපි ඈ..

      Delete
    3. අපට කොයිංද ඒසී? මායි අපේ වඳ බාප්පගෙ පුතයි නං අනූ ගණංවල අගළ මාසෙකට සැරයක් පුටාර් එකේ අරං යන්නෙ 80486 මැෂීම ජනෙල් 95 දාගන්ඩ...

      Delete
    4. අම්මට හුඩු! බාප්ප දැක්ක වගේ සන්තෝසයි. අනේ පරිස්සං කරල තියාගං, ඕකට හොඳ ඇන්ටීක් වටිනකමක් තියනවා.

      පුටාර් එකේ අරං ගිය එකම ගිනස් වාර්තාවක් නෙව? ඒ කාලෙ තිබ්බ උනන්දුව, පොඩි ප්‍රෝගෑම්/ ඇප්ස් වලින් ලැබිච්ච සතුට අද නැත්තෙ ඇයි මන්දා? ඒකාලෙ ඇසෙම්බ්ලි කෝඩ් එහෙමත් ඩී-බග් කරන්න උනන්දුව තිබ්බා. ආන්න ඒ කාලෙ නං තිබ්බෙ "ඉත්තෑ අමාරුව" තමා. මට දැන් ඒ අමාරුව නෑ කියලා, මේ දහ-අතේ දිව්‍රල කිව්වත් මුං පිලිගන්නෙ නෑ නෙව?

      Delete
    5. ඩ්‍රැකී තුමා, මං කාලයක් වැඩකළා තැනක. 7kB RAM එක තිබ්බේ අඩි අටේ කොන්ටේනර් එහෙක. ඒකෙ AC යුනිට් එකත් ඒ සයිස්ම කොන්ටේනර් එකක්. අහල ඇතිනේ බබල් මෙමරි. අන්න එව්වා. රත් වෙනවා එකසිය ගානට.
      මේකේ කිව්ව 20MB ඩ්‍රයිව් එක නං ඩ්‍රැකී උතුමානංගෙ 486 කොම්පීටරේ සයිස්, ලොකු උනත් මිසක පොඩි නං නෑ.

      ජයවේවා!
      Myself Hattor

      jmp ගහල රෙජිස්ටරේ අහවල් එකට ලෝඩ් කල්ල හිටං ඈ, කෝමද බස්නායක සර් ඇසෙම්බ්ලි. පිස්සු නැත්තං හොඳයි කිව්වලු!

      Delete
    6. mov eax, 4 ;system call number (sys_write)
      mov ebx, 1 ;file descriptor (stdout)
      mov ecx, odd_msg ;message to write
      mov edx, len2 ;length of message
      int 0x80 ;call kernel
      jmp outprog

      එකම අවුල ටිකක් දුර බලාගෙන යනකොට ඔලුව වටේ කුරුල්ලො පියාඹන්න ගන්න එකයි😊

      1956 5Mb හාඩ් ඩිස්ක් ගෙනිච්චෙ මෙහෙමයි කියන්නෙ. ඩ්‍රැකියගෙ පුටාර් එකේ නං ඒක ගෙනියන්න බෑ, මයෙ හිතේ😂

      Delete
    7. //ඒ කාලෙ තිබ්බ උනන්දුව, පොඩි ප්‍රෝගෑම්/ ඇප්ස් වලින් ලැබිච්ච සතුට අද නැත්තෙ ඇයි මන්දා? ඒකාලෙ ඇසෙම්බ්ලි කෝඩ් එහෙමත් ඩී-බග් කරන්න උනන්දුව තිබ්බා. ආන්න ඒ කාලෙ නං තිබ්බෙ "ඉත්තෑ අමාරුව" තමා.//

      අවුරුදු 15කට විස්සකට විතර කලින්නං මටත් ඔය ජාතියෙ ඉත්තෑ අමාරුවක් තිවුනා. ඒක පස්සෙ හෙමිහිට අඩුවෙලා ගියා. දැන් මං සරල ගොවියෙක්.

      Delete
    8. හැබෑටම? මොනවද වවන්නෙ, ගෝවද?😂

      Delete
    9. මේ රෑ තිස්සේ නිදිමරාගෙන කෝඩ් කොටන්නේ නැතුව අල ගෝවා හිටොගෙන ඉන්ඩ ඕනේ කියල හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි ...

      Delete
    10. ඔය උඩරට ගොවියොන්ගෙ ජීවිතේ ගැන මටත් තිබුනෙ බොහොම සුන්දර සංකල්පයක්. ඒත් යථාර්තය එයට වඩා බොහෝ වෙනස් බව, හිටපු ගොවියෙක්ගෙන් දැණගත්තා🤔

      Delete
  5. ඇයි ඔහෙටම ඔහොම වෙන්නේ ???
    අහන්ඩත් දෙයක්ද. බිල් අන්කලයාගේ ජනේල ගන්නවට ඔහෙට ඔහොම වෙලා මදි!
    2012 ඉඳල මං නං පාවිච්චි කොරන්නේ ශ්‍රී ලාංකික අපටම හදපු මෙන්න මේක. ඉහෙන් බහින අමාරුවක් නෑ.


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් පට්ට. හිනාවෙලා ඉස්පොල්ලෙත් ගියා. මටත් ඕනෙ "iO මගෙ අම්මෝ" එක තමා.🤣

      Delete
  6. ප්රේද වින්ඩොව්ස් 10 තිබ්බ හෝම් පුටරෙ හාඩ් ඩිස්ක් එක ගිය 2 ටෙරා බයිට් ඒක . ෆිල්ම්ස් තිබ්බ බැක් අප් කලේ නැති. මගේ ඒවා මම මාසෙකට සැරයක් බැක් අප් කරන නිශ අලොකු හානියක් නැහැ. නමුත් බිරිඳගේ ගොඩක් වැඩ බැක් අප් කරලා නැහැ. දැන් මේ සටා කැඩී එකක් අරගෙනේ එක්ටර්නල් කොනෙක්ට් කරන්න පුලුවන්ද කියල බලන්න ඇමේසන් කඩේට යන ගමන්.

    ReplyDelete
    Replies
    1. SATA caddy හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්, අමතර හාඩ්-ඩිස්ක් තියෙන කෙනෙකුට. එක අතකට එහෙම නැති කෙනෙකුත් නැතුව ඇති, හාඩ්-ඩිස්ක් ධාරිතාව වැඩිවී මිල අඩුවන වේගයට. ඒත් මම කැමතිම 5 1/4 බේ එකට සෙට් වෙන වර්ගයට. තව, මම බොහෝවිට ගන්නේ එක්ටර්නල් හාඩ් ඩිස්ක් නිසා, මදේ ගලවල හාඩ් ඩිස්ක් එක කම්පූටරේට දැම්මාම ඒ ඉන්ටෆේස් ගානකුත් තියනවා.ඒත් අලුත් WD MyBook වල ඔන්බෝර්ඩ් හාඩ්වෙයා එන්ක්‍රිප්ෂන් තියෙන නිසා, සමහරවිට ඒක අවුල් ඇති.

      අලුතින් ගන්නවා නම් WD හාඩ් ඩිස්ක් හොඳයි කියන එකයි මගේ අදහස. පරණ හාඩ් ඩිස්ක් එකේ ඩේටා රිකවර් කරගන්න මැතඩ් යූ-ටියුබ් එකේ තියනවා.

      Delete
  7. උපන් ගෙයි ගතිය බලි ඇරියත් නොයතී
    හීන් සැරය හොඳමය කියලත් කියතී
    නොදත් දෙමල වරිගෙම නසලා දමතී
    මමයි පුතා, ඔන්නෝවට යන්නෙ නැතී

    ReplyDelete
    Replies
    1. නොයන එකමයි කාරිය. මොකටෑ විහින් අමාරුවෙ වැටෙන්නෙ?😊

      Delete
  8. මම ඔහොම ඩුවල් බුට් ආතල් එකක් ගන්ඩ ගිහින් දැන් අවුරුදු 1-2 කට විතර කලින් අපුරුවට තිබ්බ ලැප් එකේ හාඩ් එකම ෆෝමැට් කළා .... හෙන මොලෙනේ ...හෙහ් හෙහ් .. බස්සට කියන්න මේ අදවෙනකම් ඒ ලොස් වෙච්ච දත්ත ඕනේ උනේ නෑනේ ... බැකප් ගන්න එක ගැන දෙපාරක් තුන්පාරක් හිතනවා මම නම් ..

    https://biththiya.blogspot.com/2019/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. නියම පෝස්ට් එකක් නෙව. හිතන්න යමක්, මටත් තියනවා ටෙරා බයිට් ගාණක ඩේටා තන්හාවක්. මීතොටමුල්ලට වඩා ඩුප්ලිකේට් ෆයිල්, ගාබේජ් තියනවා. හිතන්න යමක් දුන්නට ස්තූතියි. කුණු සුද්ද කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට කාළය පැමිණ ඇත.😂

      Delete
  9. Replies
    1. බොහොම ස්තූතියි මතක් කලාට. තාක්සනේ අජීර්ණ වෙනකල් ලිව්ව නිසා, දෙගිඩියාවන් හිටියෙ.😊

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code