Sep 26, 2021

බස්සාගේ වින්ඩෝස් ආයුධ පෙට්ටියෙන්

කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා. ටැක්නිකල් පෝස්ට්වල හොඳේ තියෙන්නෙ, මැකී ගිය දඩමං වල අඩි සළකුණු මකන්න හිතන්න ඕනෙ නැති එකයි. එච්චර දෙයක් නෑ. පොඩි යුටිලිටි ඇප්ස් දෙකක් ගැනයි කතාව. මේක ලියන තව හේතුවක් තමා, අනිත් අය දන්න මෙයිට වඩා හොඳ විකල්ප තියනවද කියල දැණගන්න එක.

වින්ඩෝස් වල සිස්ටම් වයිඩ් ඩික්ෂනරි එකක් නැති එක අවුලක්. මගේ විසඳුම මෙන්න මේක:
මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙ නිකං දෙනවා.

Power Thesaures මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙන් ගත හැකියි.

Power Thesaurus


ඕක ඉන්ස්ටෝල් කලාම ඕන කරන වචනෙ හයිලයිට්   කරාම මෙන්න මෙහෙම පෙන්නනවා. ඊට පස්සෙ "P" එකට කෙටුවාම මෙහෙම එනවා.

සිංහල කොච්චර හොඳ වුනත්, කවදා හරි අපේ මළකඩ කාපු කඩු සුද්ද කරගන්නම වෙනවා. ඉංග්‍රීසි ලිපි කියවන කොට වචනවල තේරුම හොයන්න එහාට, මෙහාට යන එක ආතල් කැඩෙන වැඩක් බව මම අත්දැකීමෙන්ම දන්නවා. කවුරුහරි මෙයිට වඩා හොඳ විකල්පයක් දන්නවා නම් කමෙන්ට්වල දාන්න, ඈ?


ඊළඟ එක Microsoft OneNote. මේක ගැන නම් දන්නව ඇති. ඒත් මම මේක පාවිච්චි කරන්නේ web page clipper බ්‍රව්සර් Add-On එකක් හැටියට. හිතන්න, අපි මොකක් හරි සිංහල ලිපියක් කියවගෙන යනවා කියලා. ඒක හෙට එතන තියෙයිද කියල විස්වාස නැත්නම්, ආන්න එතකොට තමා මේක ඕනෙ වෙන්නෙ.
 බ්ලොග් වහලා බුකිගත වුන , අපේ හිටපු ජනප්‍රිය බ්ලොග් රචකයෙක්ගෙ කෑම වට්ටෝරු දෙකක් , මම මේකෙන් සේව් කරගෙන තියනවා. දැන් එයැයිගෙ බ්ලොග් එක පෙන්නන්නෙ ආතර්ට සහ යාලුවොන්ට විතරලු.

තව මයෙ හිතේ පත්තරේ ගිය ලිපි කීපයකුත් තියනවා. පත්තර ලිපිවල අවුල තමයි, ඒවා සදාකාලික ලෙස නොතිබීම, තියෙන වෙලාවට බාගන්න ඕනෙ ඒකයි.
" දැන් මෙතනින් පොඩි හාමදුරු නමක් වැඩ්ඩා වැඩිල්ලක්" කතාව තිබුනෙත් එහෙම පත්තර ලිපියක.

OneNote , Microsoft Store වල නිකං දෙනවා. MS Office තියෙන්නවත් අවශ්‍ය නෑ. මේකටත් මීට වඩා හොඳ විකල්පයක් තියෙනව නං කියන්න.

92 comments:

  1. Replies
    1. ඇයි වැට ගහන්න ලී හිඟද?😂

      Delete
    2. වැට මේකට විකල්පයක් නෙමෙයි. ඒක ඉන්ස්ටෝල්කරලා P කොටන්න බෑ

      Delete
    3. අර ටොරාන්ටෝ වැලිගමගේ සෑර් කතා කලා නේද රේඩියෝ තාරුකාවක් කරන්න? කොටන්නෙ නැතුවම ලිස්සුව වෙන්ටෑ?😂🤣

      Delete
    4. http://thattayagekolama.blogspot.com/2021/09/216.html?showComment=1632669938270#c2742222046516376319

      Delete
    5. Pra JaySeptember 28, 2021 at 11:56 AM
      සොරි, මට එහෙම ඉල්ලීමක් මග ඇරුනනම්. ඒත් මම බ්ලොග් ලියන්නෙ නෑ. කොහොමද ඉල්ලීම කලේ ? වෙන අයෙකුගෙ බ්ලොග් එකකද? සමාවෙන්න මට මතකයක් නෑ. බ්ලොග් ප්‍රවර්ධනයට මට පුලුවන් දෙයක්නම් කරන්නම්. jaytun4@yahoo.com

      Okay? Does it meet with Lord Bastian's approval?

      Delete
    6. A farmer and his son had a beloved stallion who helped the family earn a living. One day, the horse ran away and their neighbors exclaimed, “Your horse ran away, what terrible luck!” The farmer replied, “Maybe so, maybe not. We’ll see.”

      A few days later, the horse returned home, leading a few wild mares back to the farm as well. The neighbors shouted out, “Your horse has returned, and brought several horses home with him. What great luck!” The farmer replied, “Maybe so, maybe not. We’ll see.”

      Later that week, the farmer’s son was trying to break one of the mares and she threw him to the ground, breaking his leg. The villagers cried, “Your son broke his leg, what terrible luck!” The farmer replied, “Maybe so, maybe not. We’ll see.”

      A few weeks later, soldiers from the national army marched through town, recruiting all the able-bodied boys for the army. They did not take the farmer’s son, still recovering from his injury. Friends shouted, “Your boy is spared, what tremendous luck!” To which the farmer replied, “Maybe so, maybe not. We’ll see.”

      The moral of this story, is, of course, that no event, in and of itself, can truly be judged as good or bad, lucky or unlucky, fortunate or unfortunate, but that only time will tell the whole story

      Delete
    7. සමහර විට බ්ලොග් ප්‍රවර්ධනයට කල හැකි හොඳම දේ, මුකුත්ම නොකර සිටීම වියහැක.

      We’ll see.😊

      Delete
    8. බ්ලොග් තියේනං කියෝනව. නැත්තං වෙන මොකක්හරි හොයන් කියෝනව. පුරුද්දක් විදියට කියවන එකාට ඔවුවා මොනාද අනේ. අපි පොඩි කාලෙ කියෙවුවෙ බ්ලොග් තිබිලය. හා නැද්ද?

      Delete
    9. මටත් දැන් එහෙම හිතීගෙන එනවා. මතකනෙ, බ්ලොග් ජනප්‍රිය කාලෙ තිබ්බ ඇනෝ-මී කරදර? වෙනමම මඩ බ්ලොග් එකකුත් කලා. දැන් මීයො ටික බුකිගත වෙලා ඇති. මේ විදිහට දෙයියනේ කියලා, අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් එකක් ලියලා ඉන්න එක සැපයි කියලත් හිතෙනවා.

      බ්ලොග් ප්‍රවර්ධනය කරනවා කියලා, ලාහට ගෙම්බො එකතු කරල වැඩක් නැති වෙයි. උන් ආපහු පැනලා බුකිගත වෙනවා. කැමැත්තෙන්ම ලියලා වින්දනයක් ගන්න දන්න ගෙම්බො විතරයි ඉතුරු වෙන්නෙ.

      Delete
    10. ඔව්. කියවන්නෙ නැතුව කකමෙන්ට්දාලත් ප්‍රවර්දනේ පුලුවන්

      Delete
    11. බුරානිස් තියරිය- බ්ලොග් බලන්නේ වින්දනයක් ලබන්න අනුව, එය පෝස්ට් එක නොකියවා ලබාගැනීමට බාධාවක් නැත.

      Delete
  2. එළ... ස්තූතියි..
    මේක විල්බැරැක්කයක් කරන්නමයි බසු තුමා හදන්නෙ නේ.. අපි අහුවෙයි ඕවට 😃😃😃

    ReplyDelete
    Replies
    1. මී ඇස් දෙක පල්ලා. මේ දෙකෙන් කම්පූටරේට වැඩි අමතර බරක් එන්නෙ නෑ.😊

      Delete
    2. ලැප සුද්ද කරන්න ඕන බසු.. ඒත් සුද්ද කරන්න කියල හිතුවම කරගන්න දෙයකුත් නෑ. අන්තිමේ ඒ මඟුලෙක් කරගන්න පුලුවන් වැඩකුත් නෑ.

      Delete
    3. මෙන්න මේ සයිට් එකට හැමදාම ගිහින් බලන්න. මගේ Uninstaller, WiseCare 360 නිකං ලැබුනෙ ඒකෙන්. නිකං දෙන එක අප්ඩේට් නොකරනතාක් කල් අවුලක් නෑ.
      https://www.giveawayoftheday.com/

      මම ඉන්ස්ටෝල් කරන හැම එකක්ම කරන්නෙ Uninstaller හරහායි. Uninstall කරන කොට කුණු ඉතුරු නෙකරන්න වග බලාගන්නයි එහෙම කරන්නෙ.

      මගේ සිස්ටම් ඩ්‍රයිව් එක 500 Gb NVMe එකක්. ඒකෙන් බාගයක් හිස්. එහෙම හිස්ව තියන එක වැදගත්. ස්පීඩ් එක අත්‍යාවශ්‍ය නැති ඇප්ස්, ගේම් පවා ඉන්නෙ සිස්ටම් ඩ්‍රයිව් එකේ නෙමෙයි. ලපක බොහෝවිටම් ඩෙස්ක්ටොප් වල ඇති මේ පහසුකම් නැතුව ඇති.

      මෙන්න මේකත් දාගන්න.
      https://diskanalyzer.com
      අවුලක් නෑ සැහැල්ලු ඇප් එකක්. ඒකෙන් ග්‍රැෆිකලි පෙන්නනවා, මොකාද හාඩ්-ඩිස්ක් එකේ කැපෑසිටි එක කන්නෙ කියලා.

      Delete
    4. බොගෙ 500GB, ම‍යෙ 2TB ඒ උනාට කොස්සක්වත් දාගන්ඩ ඉඩක් නෑ. ෆිල්ම් තියෙනව බර ගාණක් බලන්ඩ...

      Delete
    5. //කොස්සක්වත් දාගන්ඩ ඉඩක් නෑ//

      අහා එහෙනං වින්ඩෝස් වලට පේජ් ෆයිල් එක ගහගන්නවත් ඉඩ නැතුව ඇති. i7 වෙලත් ස්ලෝ වෙන එක අහන්නත් දෙයක්ද?😂 තව පුරෝපුං🤣

      හොඳම ක්‍රමය තමා. හාඩ් ඩිස්ක් එකේ 450 Gb පාටිෂන් එකක් හදලා, ඒකෙ වින්ඩෝස් විතරක් තියාගන්න එක.

      Delete
    6. හ්ම්... හාඩ් එකේ 150GB පාටිෂන් එහෙක තමා ජනෙල් හයි කරල තියෙන්නෙ. ඒකෙ බාගෙයක් විතර ඉඩ තියෙනව. තව හාඩ් එකක් තියෙනව 300GB. එහෙම දෙකක් තියෙන එක ද දන්නෑ අවුල?

      Delete
    7. කිසිම අවුලක් නෑ. එහෙම තමා වෙන්න ඕනෙ. මටත් කියා දියන්කො වින්ඩෝස් 75GB තියාගන්න විදිහ? මගෙ වින්ඩෝස් විතරක් 250GB.🤣

      Delete
    8. වෙන්ඩ බෑ නෙ. මං දැනුත් ආපහු බැලුව. 79.6GB ෆ්‍රී.

      Delete
    9. වින්ඩෝස්වල අනාදිමත් කාලයක සිට තියෙන ලොකු අවුලක් තමා අනවශ්‍ය විදිහට ගෙම්බා වගේ පිම්බෙන එක. අකමැත්තෙන් වුනත් වින්ඩෝස් 11 යන්න වෙලා තියෙන්නෙ, ටික ටික හරි ඔය ප්‍රශ්ණ විසඳයි කියල හිතන නිසා

      Delete
    10. ඉස්සර අපි 100MB හාඩ් එකට වින්ඩෝස් 95 දානව. පස්සෙ ඒකෙ හෙල්ප් එක වගේ අනවශ්‍ය දේවල් මකලා, ඔපිස් 97 දානව. ඒ කල්ල හිටං වින් ඈම්ප් දාගෙන, MP3 50 ක් විතර දාගෙන ජොලියෙ ඉන්නව... ඒකට දැං හැදෙන එව්වො!

      Delete
    11. මට හිතෙන්නෙ දැන් හාඩ් ඩිස්ක් කැපෑසිටි වැඩි, ලාභ සීන් එක නිසා ඒ කාලෙ වගේ සකසුරුවම් විදිහට පාවිච්ච්චි කරන්න උනන්දුවක් නෑ කියලයි.

      Delete
  3. OneNote Clipper ට්‍රය් කරලා නැහැ ...Evernote ඉස්සර පාවිච්චි කරා... කරලා බලන්න ඕනේ
    අපෝ Windows :P අපි Mac හරිද :D
    (හැබැයි දැන් ඉස්සරට වඩා Microsoft හොඳයි. Teams ගැන මට තියෙන්නේ positive experience එකක්)

    ReplyDelete
    Replies
    1. MacOS වල systm-wide Dictionary එක එළ. ඒත් මට පුරුදු Windows අතාරින්න හිතෙන්නෙ නෑ. Mac පාවිච්චි කරන්නෙ on-line banking වලට විතරයි.

      හා, ඔහොම ඉන්නවලකො. අපේ ජනේල කස්ටිය ඔහෙලගෙන් හොරාකාලා වින්ඩෝස් 11 ට ඔය ඔක්කොම ගැජමැටික් දෙන්නෙ නැත්ද බලන්න.😂

      Delete
    2. Hi Niro, long time no see නේ?

      Delete
  4. මං නං ගූගලයගේ Keep එකට ඇබ්බැහි වෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලම නෑ, බලන්න ඕනෙ. ස්තූතියි.

      Delete
  5. //දැන් එයැයිගෙ බ්ලොග් එක පෙන්නන්නෙ ආතර්ට සහ යාලුවොන්ට විතරලු.//
    ඔව්. ඒ කරල තියෙන නොපණත් වැඩෙං සෑහෙන තරම අපූරු කෑම වට්ටෝරු බලාගන්න බැරි උනා. අපි ඒ දවස්වල ඕක බලා ගෙන එළෝලු රොටිත් හැදුවා.

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ තොපිට. මමනං බුවාගෙ කෑම වට්ට‌ෝරු ඔක්කොම වගේ ඒ කාලෙම බාගත්තා වෙබ් පේජස් විදියටම. අවශ්‍ය නං කියහල්ලා එවඤ්ඤා.

      Delete
    2. ඔක්කොම ටික එවහං වස්තුවේ, drackey@gmail.com

      Delete
    3. ඔන්න බාගන්ටලා

      සිප් කොරලා ඇත්තෙ ඈ. දවස් හතක් ඔතන තියෙනවා කිවුවා, ඊට පස්සෙ යනවා කිවුවා (අහිගුණ්ඨිකයො වගේ).

      Delete
    4. අර වැට හිටවන මාටින් කියන්නෙ බුරා කියන්නෙත් මූකලං බස්සෙක් කියලා.😂 උඹ නං බකුසු දෙයියෙක් බුරෝ!

      ඔන්න එහෙනං බොට මිස් වෙච්ච පෝස්ට් දෙකකුත් එක්ක බකුසු ඉවුම්-පිහුම් කලෙක්ෂන් එකෙන් කොටහක්.

      https://drive.google.com/file/d/1RYnfDu1nD-wBxruawBIrL2sMYTeGE41J/view?usp=sharing

      Delete
    5. ආ කීපයක් හැලිලා. මෙන්න ඉතුරු ටික.

      https://drive.google.com/file/d/1DGt1l3vsbX0jDhDQ5dekD8YRJyrB4eyl/view?usp=sharing

      Delete
    6. https://www.amazon.com/Owl-Puppet/s?k=Owl+Puppet

      Delete
    7. උන්දෑ රූකඩේ බව හැබෑව, ඒත් එක වංගියක් මට රටක් වටින පොතකුත් එව්වා. දැන් වාෂ්ප වෙච්ච මාර සරණියෙ රෙසිපි එව්වා.
      මම නං ආයෙ කට අරින්නෙ නෑ.😂

      Delete
    8. ඈ බොල ඩ්‍රැකියො, බෝ හැදුවෙ බුරාගෙ ඊමේල් එක හොයාගන්න නේද? හහ්, උන්දෑ ඊට එහා ගල් ආඳා.🤣👌

      Delete
    9. PoM too tried and, predictably, failed.

      Delete
    10. හෙහ්, හෙහ් ආයි අහන්නත් දෙයක්ද?

      Delete
    11. ඊමේල් කොරන්ටත් තිවුනා ඉතින්. ආයෙ මහ දෙයක්ය අලුතෙන් මේල් අකවුන්ට් එකක් හදන එක. ඒ වුනාට හැමෝගෙම හිතසුව පිණිස තමා පබ්ලික් එකේම දැම්මෙ. :-D

      Delete
    12. කොහොම හරි කමක් නෑ රෙසිපි ටික ලැබිච්ච එකම මැදෑ? හැබෑටම උඹට කොහොමද හිතුනෙ මෙව්වා ඉස්සරහට වාෂ්ප වෙයි කියලා.🤔

      Delete
    13. මෙවුවා විතරක් නෙවෙයි බාංස්, අන්තර්ජාලය‌ේ තියෙන හැමදේම වගේ වාෂ්පශීලීයි. ඉතිං අපට උවමනානං ඒවා කල් තියාගන්න, හම්බුනු වෙලාවෙ අරන් ළඟින් තියාගන්ටෝන. ජීවිතේ ඉගෙනගනිපු පාඩං තමා ඈ!

      Delete
    14. අම්මපා, ඒක නං මසුරං වටින කියමනක්, බුරෝ.🤔

      Delete
    15. ඇත්ත. මට ඔය ටික කප්පරක් වටී. බුරාගෙ ඊමේල හොයාගෙන මං මොනව කරන්ඩද බස්? හැක් කොරන්ඩ දන්න එකක්යැ. ඊටත්, එහෙම කොරල මට මොනව ගන්ඩද?

      Delete
    16. මේං තව එකක්. අරූගේ පෝක් රෙසිපි එක.

      -------------

      ඌරුමස් මම උයන්නේ කළු කුඩු සහ මිරිස් සහ තෙල් වලින්. පොල් පොඩි කෑල්ලක් උලුප්පලා හීනියට කපලා, මස් සීසන් කරලා දාන තෙලටම දාපන් බැදෙන්න. නියම ෆ්ලේවර් එකක් එනවා. හොදි නැතුව තනිකර බොරේට තමයි හදන්නේ. මට නම් තෙල් කෑලි අරහන් බන්. තෙල් නැතුව තමයි ගේන්නේ.

      මේ විදිහට ශ්‍රීලංකන් පෝක් කරියක් හදපන්. උඹ කැමති වෙයි. කළුකුඩු කියන්නේ බැදපු තුනපහ කුඩු. (අපේ අම්මා ඔය බැදපු තුනපහ එක ගෙදර හදලා කුඩුකරලා එන කෙනෙක්ගේ අතේ මෙහාට එවනවා. අපේ අම්මගේ මේ කුඩු එක කඩේ එකට වඩා සුවඳයි, රසයි සහ හොඳ කළුපාටයි). මස් ලංකාවේ විදිහට හදනවානම් මම මෙහෙත් උයන්නේ මැටි ඇතිලියේ.

      1. මස් ටික කියුබ්ස්වලට කපාගෙන සෝල්ට්, පෙපර් දාලා සීසන් වෙන්න තියපන්.
      2. ජින්ජර්, ගාලික් (පොතු පිටින් තමයි මම ගන්නේ ඕනෑම කෑමකට) චොප් කරගනින්. කුරුඳු, එනසාල් ආදී එකී මෙකී නොකී දේවල් පොඩ්ඩක් තලාගනින්.
      3. අනියන්, තක්කාලි, අමුමිරිස් කපාගනින්. අනියන් ටිකක් වැඩිපුර ගනින්. මේ කරිය තික් වෙන්නේ අනියන් වලින්. පොල් කෑල්ලක් උලුප්පලා හීනියට කපාගනින් බයිට් කඩල එකට දාන සයිස් එකට.
      4. දැන් මස් වලට ඇති පදමට දැවටි දැවටි හුරතල් වෙන්නට ඇති ප්‍රමාණයට තෙල් දාපන් ඇතිලියට.
      5. තෙල් රත් වුනාම අබ, එනසාල් අනං මනං සහ පොල්කෑලි, ගින්ජර්, ගාලික්, රම්පේ, කරපිංච ඔක්කොම දාලා හොඳ ගින්නේ රන්වන් වෙනකොට අනියන්, අමුමිරිස් දාපන්.
      6. ඒකටම කළුකුඩු, මිරිස් කුඩු දාලා හොඳට අතගගා ඇතිලියට ලව් කරපන්. හුරතල් කරපන් නිතර කලවම් කරපන්.
      7. අනියන් කුක් වේගන එනකොට අර සීසන් වෙච්ච මස් ඒකට දාලා හොඳට අත ගගා දවටපන්.
      8. එහෙම හොඳට මික්ස් උනාම ඇඹුලට දාන දේවල් දාපන්. (ගොරක හෝ සියඹලා, තක්කාලි. මම දාන්නේ ගොරක පවුඩර්. එතකොට ඇඹුල සහ කරිය වර්ණවත් වීමත් වෙනවා).
      9. දැන් මදගින්නේ මස් ටික හොඳට කුක් වෙන්න දීපන්. වහලා තියපන්. විටින් විට හැඳි ගගා ලව් කරපන්.
      10. ඒ අතරතුර මස්ටඩ් අඹරපුවා තේ හැන්දැක් විතර දාපන්. ආපහු වහලා තියපන්.
      11. මස් හොඳට කුක් වුනාම මූඩිය අයින් කරලා , තව ටිකක් ලිපේම තියලා වතුර වගේ ගතිය බොර වෙන්න දීපන්. බොර වුනාට පස්සේ බාපන්.

      මේක පළමුවම කුක් වෙන්නේ අර දාපු තෙල් ටිකෙන්. ඊට පස්සේ කුක් වෙන්නේ අනියන් සහ මස්වල තියෙන ලික්විඩ්වලින්. ඒ නිසා වතුර බින්දුවක්වත් දාන එපා. දැන් මේක පොල් අතු කඩේ පෝර්ක් කරියට වඩා රසට එන්න ඕන. බත් කනකොට මස් එක්ක අර පොල් කෑලි විටින් විට හැපෙන කොට හොඳ රසයක් එනවා..පොල් කෑලි බැදිලා නිසා හැපෙනකොට කෑමට ප්‍රිය උපදවනවා.

      Delete
    17. ඩ්‍රැකියො,අම්මපා උඹත් මේවා සීරියස් ගන්නවනෙ?😂

      ඌරුමස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ. හෝතම්බුගෙ දේව ඇදහිල්ල නිසා මටයි කෙල වුනේ.😒

      Delete
    18. හැක්! ගණං ගන්ඩ එපා බස්, ඔය මං විහිළු කරන විදිහ

      Delete
    19. අවුලක් නෑ ඩ්‍රැකියො. ඒක නෙමෙයි මට මේ නිකං හිතිච්ච දෙයක්.

      දැන් බලහං ඔබේ-බටේ, පත්තර, බ්ලොග්, බුකියෙ හැම තැනම අපේ අම්මා, බොලෑ අප්පා, අල්ලපු ගෙදර එකාගෙ බාප්පා උයන්න උගන්නව නෙව? ඒත් අපි තාමත් අර යමයගෙ රෙසිපි පස්සෙ පන්නන්නෙ ඇයි කියල උඹලට නිකමට හිතුනෙ නැත්ද?

      මේ හොම්බට ඇන, ඇන අපට උයන්න ටියුෂන් දෙන ගුරාලා අතරෙ,අපට ගැලපෙන ප්‍රායෝගික රෙසිපි බෙදා-හදා ගන්න ක්‍රමයක් හිතලා බලමුද?

      Delete
    20. හෝතම්බුගෙ දේව ඇදහිල්ල නිසා මටයි කෙල වුනේ කියන්නේ ඇෆ්ගන් ජෙලබි කෑවට පස්සෙන්පහු උඹතුමා හදිසියෙම හලාල් වෙලාද?
      ලොකු සර්, කරුණාවෙන් මේක අහන්ඩ. දේව ඇදහිල්ලය අරකය මේකය කියකියා ඉන්නැතුව දෙයියන්ට කියලම ඌරුමස් කෑල්ල ඩෙවල් කරල ළඟටම ගෙන්න ගන්න හැටියක් හොයාගන්ඩ බලන්ඩ. අර විට්ටර් උන්නැහේ දෙයියන්ට කියල පරණ ඩ්‍රයිවර් අප්ඩේට් කරගත්ත එකේ ඔව්ව එච්චර කේස් වෙන්ඩබෑ .

      ජයවේවා!
      Myself Hattor

      Delete
    21. ඔහෙට කියන්න හැට්ටරේ, මම උත්සාහ කලා. මොන? අරූ ෆ්‍රීසර් එකේ මගේ කොටහ අවුස්සලත් බලනව ඌරා,හරකා ඉන්නවද කියල කියහංකො. එක වංගියක් ගෙනත් හංගපු හැම් කුට්ටියක් මාට්ටු වෙලා කිව්වා" මං මෙතන පානත් තියනවා,හා, දෙයියො ඒව බලාගනියි" කියලත්.

      Delete
    22. හ්ම්ම්ම්. හෝතඹුවා යන්නෙන් බස්තුමා අදහස්කරන කොන්සෙප්ට් එක මොකක්ද කියලා කල්පනා කරන මං. පුද්ගලයෙක් වෙන්න් අමාරුයි

      Delete
    23. එතන කිසිම කන්සෙප්ට් එකක් නැත. අපාර්ට්මන්ට් එක තියෙන්නෙ මගේ නමට. හෝතම්බුට කාමරයක් දීලා තියනවා. කාලයක් රෙන්ට් නොදීත් හිටියා, දේව ඇදහිලි වගේ බමුණු මත තියනවා, ඒත් තනියම ඉඳීම මගේ සැනිටියට බලපාන්න හැකි නිසා, ඔන්න ඔහේ ඉවසා වදාරණවා.

      Delete
    24. මොන ජාතියේ මසක් වුණත් උයද්දී කළුවටත්, උකුවටත්, වෙනස් රසකටත් ගන්න ඇහැකි කබලේ බැදගෙන කුඩු කරගත් පොල් ටිකක දැම්මාම.

      රෝස් පාන්, පාන් එක්ක මාන්න උකු මස් හොද්දක් ඕනි වෙලාවට, කරිය ලිපෙන් බාන්න කිට්ටුව යන්තම් බැදගත් රුලං (සැමොලිනා) ටිකක් එකතු කරගන්න.

      Delete
    25. අර රුලං සාත්තුව, හොඳ ඔත්තුවක්. බඩු තියනවා, ඊළඟ සැරේ අත්හදා බලනවා. චොප්සුයි හදනකොට ඔහොම උකු කරන්න, කෝන් ෆ්ලවර් ටිකක් දාන බව දන්නවා.

      Delete
    26. කිව්වට තරහවෙන්න එපා. මගෙනම් සැනිටියට බලපාන්නෙ කම්පැටිබල් නැති අය එක්ක ඉන්න එක. ඒත් ඉතිං මං කොහොමත් තනියම ඉන්න එක සෑහෙන්න එන්ජෝයි කරනව ( හුදකලාව කොන්සෙප්ට් එකක් විදිහට එන්ජෝයි කරනවට වැඩිය මනුස්ස ආශ්‍රයට කැමති සීමිත කාලයකට නිසා. කම්පැටිබල් නම් කාලය දිගයි. නැත්නම් අවමයි හෝ ශූන්‍යයි.) මට කොහොමත් සැනිටි නැහැයි කියලත් මතයක් තියනවනෙ

      Delete
    27. තරහා වෙන්නෙ මොකටෑ? ආයි අහල, මාත් තනි අලියා තමා. ඒත් තනියම ගෙයක, විශේෂයෙන්ම මේ කාලෙ ඉන්න එක ඊට වෙනස්. මම ලංකාවෙදි ලොකු ගෙදරක තනියම ඉඳලාත් තියනවා. කොහොමත්ම සුන්දර අත්දැකීමක් නෙමෙයි. ඉන්න යකා හොඳා, එන එකා මීට වඩා යකෙක් වෙයිද කව්ද දන්නෙ? ජීවිතේ කියන්නෙ කොහොමත් compromise එකක් කියලා කව්දෝ කිව්වා.

      Delete
  6. සිතක පටලැවිල්ල!

    ඉවසපන් පපුව - නොවැටී මහ වළක
    කරන්නට නොයන් - කියවනවා මිසක
    ඔව්වා කරන්නට - තියෙනා වැඩ එක්ක
    බොට පුළුවනිද - හිත පැටලිල වාදයක

    සමා වෙන්න හිත - ඔබෙ ඔවදන් හොඳය
    සමහර වෙලාවට නං - චපලය දඟය
    කියවනවා මිසක් - කෙරුමට යන්නැතිය
    වරිගේ නැහෙනවට - මම බය හින්දාය!

    ReplyDelete
    Replies
    1. "අලුත් අලුත් දේ නොදාන ජාතිය, තෙමී නසී" කියල කව්ද කිව්ව නේද? මේ දෙකම බොහොම පොඩි ඇපස් දෙකක්. මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙ තියෙන හින්දා අවදානමකුත් නෑ. අඩුම ගානෙ, අර ඔස්තාර් ආවමවත් දාගෙන බලන්න කියලයි මම කියන්නෙ.

      Delete
    2. // "අලුත් අලුත් දේ නොදාන ජාතිය, තෙමී නසී" කියල කව්ද කිව්ව නේද? //

      කොන්ඩම් විකුණන එකෙක් ද එහෙම කිවුවෙ?

      Delete
    3. කව්දෑ දන්නෙ සයිඩ් එකෙන් බිස්නස් එකකුත් කලාද කියලා.😂

      Delete
    4. ඔය කියමන තියෙන්නෙ, “අලුත් අලුත් දෑ නොතකන ජාතියට ලොවෙත් නොනගී“ කියල.

      Delete
    5. හෑ, එතකොට නිදිට වෙලා තියෙන්නෙ ඒකද?😂

      Delete
    6. මට හිතාගත්තෑකි ඇයි උඹ තට්ටයා මහත්තයගෙ බ්ලොග් වලියට හොට දැම්මෙ නැත්තෙ ඇයි කියලා?😂

      Delete
    7. https://www.facebook.com/Bee3WithYou/photos/a.1259824940819343/2345419992259827/?__cft__[0]=AZV7d-6NEE67v9wZ43C7ULimbdyOArq6Fid3JfmvRAZvOvXcE09nWqMp7l3FeCASM-z-NJr9MfO1m1e3iljup6RIEKCVyxhY-dy6byfJlktJKa8NgyRow9EdnjVXc5yellzllWrY0LuiijS1-A_4dVL46X-xYtDCVguE0jMXTLvHMetBnVyDpTl5uW_RNhS7hkpDTdUnmF1uJHc0u9S052Qv&__tn__=EH-R

      Delete
    8. මේක නං පට්ට ඕයි! හිනාවෙලා තව පොඩ්ඩෙන් කෝපි ඉස්පොල්ලෙ යනවා. අඩේ මුං මාර ක්‍රියේටිව් අප්පා.😂

      තෑන්ක්ස් ඩ්‍රැකියො, අද දවසටම මේක ඇති. " ගේ විකුණනවද? රෑ වෙලා එන්න", හෙහ්, හෙහ්.

      Delete
    9. යකො, කෝපි එකක් හදාගෙන එන්ඩ ඔ්නෙ. මතක් කළාට ඉස්තූතියි.

      Delete
  7. බස්සො, නැද්ද පට් පට් ගාල ස්කෑන් කරන්ඩ පුළුවං ලේසි ස්කෑන් සොෆ්ට්වෙයා එකක්? පොතක් ස්කෑන් කරන්ඩ ගියාම මයික්‍රොසොෆ්ට් ෆැක්ස් ඇන්ඩ් ස්කෑන් එකෙං, වරු හතක් විතර යනව

    ReplyDelete
    Replies
    1. හ්ම් පාවිච්චි කරලා නැති නිසා දන්නෙ නෑ. හොයල බලල කියන්නම්. සමහරවිට බුරා දන්නව ඇති.

      Delete
    2. දැන් අලුත් ක්‍රමය, පිට හැරෙව්වා මොබයිල් එකෙන් පිංතූරෙ ගත්තා. ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ඕන එකකට සොෆ්ට්වෙයා තියනවා. වින්ඩෝස්වල දාගෙන නටනවට වැඩිය ලේසියි වගේ.

      Delete
    3. හරි හරි අවුලක් නෑ. ජනෙල් 11ට එන ස්කෑන් එක ප්‍රමාණවත්. පොතක් ස්කෑන් කරනව. "බැස්කවිල්හි රුදුරු බලුව" කියල. මයෙ හිතේ කෙකි බලුවක් ගැන වෙන්ඩැති තියෙන්නෙ. ඒ කාලෙ ගෙඩි රුපියල් ම තුනයි පොත. බොටත් ඔ්නෙද?

      Delete
    4. ඇයි බොලං මේ තියෙන්නෙ සෙට් එකම:

      https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/edit#gid=1666694695

      Delete
    5. සමහර ස්කෑන් වල වෝටර් මාක් තියනවා. මට නං එතකොට ආතල් කැඩෙනවා. ඇඩෝබි ප්‍රෝ වලින් එව්වා අයින් කලෑකි.

      Delete
    6. අඩෝ උඹට පිං ඈ... ආත්ම හතකට අටකට විතර දිවිය ලෝකෙ යන්ඩෝනෙ...

      Delete
    7. ඒක නෙව මං කියන්නෙ අපි තියෙන එව්වා බෙදා ගමු කියලා. ඔය බුරා ගාවත් ඔය වගේ නිධාන තියෙනවා. අහන්න විතරයි තියෙන්නෙ.😊

      Delete
  8. //තව මයෙ හිතේ පත්තරේ ගිය ලිපි කීපයකුත් තියනවා. පත්තර ලිපිවල අවුල තමයි, ඒවා සදාකාලික ලෙස නොතිබීම, තියෙන වෙලාවට බාගන්න ඕනෙ ඒකයි.//

    දුෂ්‍යන්ත මහබදුගේ මහත්තයා 2019 මාර්තු 22 රාවය පත්තරේට ලියලා තිබ්බා 'අපරාධය සහ ගණිතය' කියලා ලිපියක් ඇලන් ටියුරින් ගැන. එය pdf ෆයිල් එකක් විදිහට තිබුණත් link එක යොදන්න හිතාගෙන අද චෙක් කළා... තවමත් හොයා ගන්න බෑ. දැනමුතු ඔබතුමා කිව්ව දේ වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, බුරාත් කිව්වෙ අහුවෙච්ච වෙලාවට බාගන්න කියලා. මම Microsoft OneNote දාගන්න කිව්වෙ, හරිම ලේසි නිසයි.

      Delete
  9. http://kattakaduwa.blogspot.com/2021/09/blog-post.html

    ලොකුමල්ලිතුමා කමෙන්ට් බලාපොරොත්තුවෙන් සිටී

    ReplyDelete
    Replies
    1. ගියා, කමෙන්ට් කලා. අම්බලන්ගොඩයත් කෙටි පෝස්ට් එකක් දාලා.

      Delete
  10. අම්මට සිරි ඔක්කෝම මෙතනනෙ!මොනව නැතත් මට නං ඌරු මස් පෙන්නන්න බෑ!දැක්ක ගමන් විනාස කරලා දාන්නමයි හිත! ඔය බුර තීනෝ කියලා තියෙන විදියට පෝක් කරිය හදා ගත්තාම මළ පනින එකේ සීමාවක් නෑ.
    ඇතටම ඌරා මැව්වේ දෙයියෝද කියලත් වෙලාවක ශුවර් නෑ!
    දවසක් මම මුස්ලිම් පොරක් (අපේ මිත්‍රයෙක්) එක්ක සෙට මෝල් වෙලා ඉන්න වෙලාවක ඕඩර් කලා පෝක් ස්ටූ එකක්! ශුවර් නැත්නම් අහලා බලන්න යටියන්තොට හැටන් පාරේ කිලෝ මීටර දෙකක් විතර යනකොට තියෙනවා "සීලෑන්" කියලා මෙලෝ රහක් නැති හෝටලයක්! ඕක දාලා තියෙන්නේ පරණ රබර් ඉස්ටෝරුවක!~ මේ මෙලෝ රහක් නැති හෝටලයේ තියෙන එකම රසවත් කෑම තමයි මේ පෝක් ඉස්ටුව! කියන කොටත් ටෙම්ප්ටිං! කවදා හරි මෙලොවට පය ගහපු කාලෙක බස්සලා, හැට්ටර්ලා, බුරතීනු ලා එක්ක යමු! ඉතිං කථාව පස්සට ගියා නොවැ!
    ඔන්න මම පෝක් එක ඕර්ඩර් කරණ කොට මූ මගෙන් අහනවා "උඹට දැන් ඕක කන්නම ඕනෙද?" කියලා. ලෙමන්ජින් එකත් එක්ක මේ පෝක් ඉස්ටුව නිකං අමුඩෙයි ...කයි වගේ සුපිරියටම මැච් වෙලා යනවා පොරොන්දම් විස්සම ගැලපිලා! ඒ කොහොම උනත් මට තියෙනවා පොඩි ආතල් එකක් අන්තවාදී එවුන් දැක්කාම අන්ත වාදී වෙන එක! (මහ එපා කරපු එකෙක් නේද?) කවුරු හරි හැමදාම පොදු ප්‍රවාහනයක සීට් එකක් උගෙ අම්මා තාත්තගෙ බූදලේ වගේ අල්ලගෙන ඉන්නවානම් මම ආසයි ඒකෙ වෙන එකෙක් ඉඳ ගන්නවට!!!!!! ඉතිං මේ වගේ මම කිව්වා ඔව් මශාං පෝක් කෑල්ලක් කන්නම ඕනෙ කියලා! මම පෝක් එක ගෙනාවා විතරයි මූ මට හරියට මූන දෙන්නේ වත් නෑ! මම ඇහුවා ඇයිබං උඹලගෙ දෙයියෝ බීෆ් මවලා මට්න් මවලා චිකන් මවලා ඉන්න බැරි ...... අමාරුවට පෝකුත් මැව්වේ කියලා! යකෝ ඒක හරාම් කිව්වම අහපං! කියලා ඌ යන්න නැගිට්ටා!
    දුර ගමනක් යන්න බස් එකකට නැග්ගාම කාන්තා පක්ෂය ඉන්නා තැනකින් තමයි මම නං වාඩි වෙන්නේ! ඒ තනිකරම කුපාඩි කමට නොවේ! (භාගයක් විතර!) මොකද දෙයියනේ කියලා අත පය දිග ඇරලා යන්න පුළුවං! ඒ වගේ පෝක් කනවානම් අනිවා මුස්ලිම් මිත්‍රයෙක් ඉන්න වෙලාවක තමයි ඕර්ඩරේ දාන්න ඕන! දෙයියනේ කියලා ඒක බුක්ති විඳින්න පුළුවං! මේක බලන කියවන අපේ මුස්ලිම් මිත්‍රයෙක් ඉන්නවා නම් කේන්ති නොගන්නවා නම් හොඳයි. දෙමලුයි බහුද්ද්යොයි බීෆ් කන්නැති එකයි උඹලා පෝක් කන්නැති එකයි එකම කාසියක දෙපැත්ත!
    බලහං ඒකෙත් හැටි! එක වතාවක් මම රථ වාහන ගැන පෝස්ට් එකක් ලිව්වා! බලු බල්ලෙක් නෑ. ඒ වාහනේම ගිහින් පයියාගල රා බිව්වා කියලා ලිව්වා විතරයි මෙන්න යකෝ "රා" ගැන කියන්න එතැන පොර කනවා! දැං බලහං උඹ මල්ලියේ වැදගත් පාඩමක් කියලා දෙන්න ආවා! අපි කොතැනටද සෙට් උනේ! කෙහෙම්මල් පෝක් කරියක් ලඟ! ඒකනේ මම ඔය මල ජරාවට කැමති නැත්තේ!?දැක්ක ගමන් කාගෙන් කාගෙන කාගෙන ගිහින් ඉවර ක්ලරලම දාන හිතේනවා!

    ReplyDelete
    Replies
    1. මේ දිග කමෙන්ට් එකට ස්තූතියි තට්ටයා මහත්තයා. මේක දැක්කාම මටත් කතා මතක් වෙනවා.

      ඔන්න එක ගෙදරකට හැමදාම දවල් බතට පොරක් කඩාපාත් වෙනවලු මොකක් හරි බොරුවක් කියාගෙන. දවසක් කිව්වලු " අප්පට සිරි කංකුන් තියනවද? එහෙනන් ඉතිං බත් ටිකක් නොකා කොහොමද? කියලා.

      පස්සෙන්දා පොර ආවම ගෙහිමියා කිව්වලු " අද නං කංකුන් නෑ" කියලා. එතකොට මේකා කිව්වලු " හැබෑට? ඒ ජරාව නැත්නම් එහෙනං බත් ටිකක් කමු නේද?" කියලා.

      Delete
    2. ඇත්තටම පරණ කස්ටිය ආයෙ ලියන්න එනවා කියල කිව්වම, මට නං වැඩිය විස්වාසයක් තිබ්බෙ නෑ. දැන් පොඩි බලාපොරොත්තුවක් තියනවා. මම සිංහල බොලොග් වට පට්ට ලව්, අමාරුවෙන් හරි එල්ලිලා හිටියෙ ඒකයි.

      මම (දැනට) මේ ටික විස්වාස කරනවා.

      1. අපි බ්ලොග් ලියන්නෙ: විනෝදෙට, හිත සැහැල්ලු කරගන්න, යමක් ( දැණුම, විනෝදය) බෙදාගන්න.
      2. බ්ලොග් ලෝකෙ වෙසක් දංසැලක් වගේ විවෘත වෙන්න ඕනෙ. ආවා, කෑවා, ගියා.
      3. කමෙන්ට්කරුවන්ට අර නිදි වගේ සාධාරණ වෙන්න හිතාගන්න ඕනෙ.
      4 මොල් ගස් ගිලපු පිඹුරු මූඩ් සීරියස් වෙන්නෙ නැතුව, හැකි සෑම විටම කියවන්නාට,
      කමෙන්ට්කරුවන්ට විනෝදය සපයන්න ඕනෙ.
      5. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්නම අවශ්‍ය නෑ. ++++++ සහ "හ්ම්" සීරියස්
      කමෙන්ට් ලෙස සලකන්න ඕනෙ ( reading between lines) - අනුග්‍රහය හිටවන මාටින්
      තැන්පත් ප්‍රාජේ මැතිතුමා.

      මේවා ඔක්කෝටම වගේ ඔබතුමා නං කොලිෆයිඩ්, ඒත් ඔන්න ඔහේ ලියලම දැම්මා.

      Delete
    3. අපේ තාත්තා මාස් පඩි කාරයා නොවැ! උන්දැ මාසෙටම ගෙදරට හාල් සිල්ලර ගේන්නේ එක වතාවයි! අම්මා තමයි ඒටික පිරිමහලා කරලා මාසේම තුං වේල බත සැපයුවේ!
      මාත් මාසෙකට වතාවක් ඇවිත් දාන කමෙන්ට් එක උඹලා මල්ලි මාසෙම බෙදාගෙන භුක්ති විඳීන්න ඕනේ එක පාර ඉවර කර ගන්නැතුව! මොකද කියන්නේ?

      Delete
    4. අවුලක් නෑ, ඔබත් මම වගේම බ්ලොග් වලට ආදරෙයි. ඒ වගේම ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සහා කරනවා, ඒ හොඳටම ඇති.

      එක එක් කෙනාගෙ ජීවන රටාව, වගකීම්, නිදහස් කාලය වෙනස්. මගේ, නිදිගෙ, ප්‍රාජේගෙ සහ ඔබේ ක්‍රමය වෙනස්, අරමුණ එකයි. ඒකෙ අවුලක් මට නං පේන්න නෑ. ඔහොම යං.

      Delete
    5. // ඔය බුර තීනෝ කියලා තියෙන විදියට පෝක් කරිය හදා ගත්තාම මළ පනින එකේ සීමාවක් නෑ //

      ඔය මගෙ රෙසිපි එකක් නෙවී මිස්ට තට්ස්. අර ලියලා තියෙන්නෙ 'අරූගෙ' රෙසිපිය කියලා. අරූ හෙවත් අරුණ පෙරේරා කියන්නෙ අපේ පරණ හිතව‌තෙක්. ඒ කාලෙ සිරා බ්ලොග් එකක් එහෙමත් ලිවුවා. බ්ලොග්නං අන්න බ්ලොග්. ගොහින් බලාන්ට.

      Aru-ge adaviya

      කියවන්නකො ඉස්සර බුවා ලියාපුවා. ඒ කියන්නෙ 'අවුල්වන්නට පෙර' කතා. දැන්නං පොර හොඳටොම අවුල් ගිහිල්ලා.

      Delete
    6. මොන තරම් ලස්සනට අත්දැකීම් ලියපු හාදයෙක්ද? සමාජයේ පහලම ඉඳලා, ඉහල පැලැන්තිය වෙනකම් පුළුල් පරාසයක අත්දැකීම් තිබ්බා. ඒ කතා බෝරිං වෙන්නෙ නැතුව ලස්සනට කිව්වා, අපිට ඒ කතා කියවන්න වාසනාව තිබ්බා. පස්සෙ මහිතේ අසනීප වුනා, සමහර විට මෙඩිකල් කන්ඩිෂන් එකක් වෙන්න ඇති. සංසාරේ!

      Delete
  11. රට ඇරියම එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. හා, අවුලක් නෑ. කැමති ඕන වෙලාවක එන්න, දොර ඇරලයි තියෙන්නෙ.😊

      Delete
  12. මගේ කොමෙන්ට් එකක් මේකේ නැහැ. එහෙම නැත්නම් බකුසු තුමාට වටිනවා නේද මගේ නමින් හරි කොමෙන්ට් එකක් දන්න? මේකේ තියෙනේ ලිනක්ස්ක්ලික් කලහම මගේ බ්ලොග් එකට යැවෙනවා /මලා

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් හරි. මොකක්ද ලින්ක් එකේ අවුලත් තිබ්බා. පස්සෙ මම, ගූගල් සර්ච් එක ලින්ක් කලා. ඒකෙ උඩින්ම එන්නෙ, MS Store වල තියෙන Power Thesaures ලික් එක.ස්තූතියි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code