Sep 25, 2021

නරිවාදං සහ තවත් කතා

හතර අතේ කැරකිලා බැලුවා, ගලවන්න කඩන්න කිසිම දෙයක් නෑ, ආයිබෝං. කාලයක් යනකොට ඒ සෙල්ලමත් එපා වෙනවා. USB කේබල් දෙකක් තියනවා රිප්ලේස් කරන්න, කේබල් ආවා , ඒත් කනෙක්ටර් තාම තැපෑලෙ. ඔය දිග USB කේබල් හයි කරපු ගැජමැටික්, කාලයක් යනකොට ඇඹරිලා , පස්සෙ ලෙඩ දෙන්න ගන්නවා. මම හදන්නෙ, කරමුලින්ම USB කෙනෙක්ටර් එකකට මාරු කරලා දාන්න, එතකොට කේබල් එක ඕන සාමාන්‍ය එකකට මාරු කලෑකි නෙව?

ඔය නරියා ඉන්නව නේද? ආයෙ වහෙන්-ඔරෝ නෑ, කෙලින්ම අලි හොරා. මේක බලන්නකො.



හරි,හරි වංචා පෝස්ට් එකක් තමයි. ඉතිං ලියන්න දෙයක් හිතට නොඑන කොට මොකදෑ කරන්නෙ?  මේං ඇමරිකාව හොරාකාපු ගිල්ගමේෂ්ගෙ ටැබ්ලට් එක ඉරාකෙට ආයෙ දෙන්න යනවා. 

Windows 11 එක බීටා වලින් Dev චැනල් එකට මාරු වුනා. අලුත් අප්ඩේට් එක ආවා, හොඳ පාටයි. වෝල් පේපර් එකට මෙහෙම දැම්මා. බීටා එක තියෙද්දී නං, වින්ඩෝස් 10 හොඳයි හිතෙන තරමටම එපා වුනා. ඒත් Dev වර්ශන් එක ස්පීඩ් එකේ දියුණුවක් තියනවා. ග්‍රැෆික් කාඩ් එකේ උණුසුම සෙන්ටිග්‍රේඩ් 10 ක් බැස්සා. ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.


Windows 11 වලට තර්ඩ් පාටි ඇප්ස් එන පාටයි. Windows 10 ෆුල් මොන්ටි යන්න කැමති  කස්ටියට, ඔන්න පහල යන පාර දීලා තියෙනව. මට නං යන්න බෑ කියල හිතුන. නිස්කාරනේ  රට්ටුං ගෙන් කයි-කතන්දර අහගන්නෙ මොකටද? 



43 comments:

  1. හහ්, මට හොරා කියන්නෙ, දැන් මේ උඹ හදන්නෙ අර අහිංසකයින්ගෙ ඩේටා ටිකට සබ්බුව දෙන්න නේද? ඈ බං මේවත් පෝස්ට් ද?

    ReplyDelete
    Replies
    1. https://www.quora.com/Can-people-with-split-personality-disorder-talk-to-their-other-personality

      Delete
    2. මොලේ වම-දකුණ කියල පලු දෙකක් තියෙන්නෙ, මොකට කියලද හිතන්නෙ? කොටස් දෙක සම්බන්ධ කරන අධිවේගී සන්නිවේදන ජාලයකුත් තියනවා.

      දැනුයි නැඟිට්ට්ටෙ, ඩ්‍රැකියො. තේකක් බීලා එන්නම්, ඒපැත්තෙ.

      Delete
    3. හොක්කි හූම්

      Delete
    4. ඔව්, වොව් වොව් බහූ!

      Delete
  2. https://aratta.wordpress.com/2015/10/18/the-mother-goddess-and-the-owl/

    ReplyDelete
  3. Replies
    1. ගියා. බොහොම හොඳයි, ආයෙ ලියන එක.

      Delete
    2. මාත් ගියා. ෆලෝ කළා. මාතලං අංශක 180ක් හැරුණට පස්සෙ ඒ වගේ ලියවෙන තැනක් දුටුව නිසා සතුටු හිතුණා.

      Delete
  4. මේ... බකුස්, මං ජනෙල් 11 දැම්මෙ හොරපාරෙං. ඒකෙ අප්ඩේටුත් එනව තමා. මගෙ හොර ක්ෂුද්‍රමෘදු කන්තෝරුව ඉස්සෙල්ලම ඇක්ටිවේෂන් ස' උනා. දැං ජනේලුත් ඇක්ටිවේෂන් ස' කියන්නෙ... එච්චරයි මට ලැබුණු ප්‍රතිලාභෙ. නැද්ද ඔය ජනෙල් 11 ගන්ඩ මුහුදු කොල්ලකාරයෙක්?

    ReplyDelete
    Replies
    1. මොන පාරෙන්ද දැම්මෙ කියන එක අදාල නෑ, දාපු එකයි වටින්නෙ, ඇක්ටිවේෂන් එකත් එක්ක. ඉස්සෙල්ලාම මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකක් හදපං. අවුලක් නෑ, ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි විතරයි ඕනෙ. ඊට පස්සෙ ඔය ලැබිච්ච් ඇක්ටිවේෂන් එක, ඒ එකවුන්ට් එකට ලින්ක් කරපං. ගූගල් වල තියනවා ක්‍රමේ. එතකොට ලේසියි, අලුතින්ම වින්ඩෝස් දැම්මත් ලොග් වුනාම, කරදර කරන්නෙ නෑ.

      කෙලින්ම නොපෙනුනාට වාසි තියනවා, අඩුම ගානෙ ඉස්සරහට එන අප්ඩේට් වලින් හරි. ඔහොම එල්ලිලා හිටහං. මට නං ලොකුම අවුල ස්ටාර්ට් මෙනු ගෲප්ස් නැති කරපු එක.

      Delete
  5. මොන විදිහකිං හරි අර උඩ නරිය කියන කතාවත් ඇත්ත. මෙව්වත් පෝස්ට් ද බොලේ?

    කමක් නෑ. එහෙම හරි ‌කොටා දාලා, අපට කතා කරන්ඩ වේදිකාවක් හදල දෙන එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් කල්ගියා වැඩියි, තාම ඉන්නව කියන්නයි දැම්මෙ.

      Delete
  6. අර හොර නරියා හිනා වනවා පේන්නේ මට විතරද

    ReplyDelete
    Replies
    1. ඒ පෙනුම නිසා ම තමා ඌට කපටිය කියන්නෙ.

      Delete
    2. ඇයි බුදු රාළහාමි එහෙම කියන්නෙ? අපිටත් ඔය මහබංකුවෙ අධිපතිකම දීලා බලන්නකො. ටයි පොල්ලක් කාරිය දාගෙනබ් යස අගේට, සල්ලි අච්චු ගස්සවන්නෙ නැහ්ද බලන්න? අම්මපා, මේ අතමාරුවට කිකිලියො අරං දුවන එකත් නවත්තලා දානවා.

      Delete
  7. අර ඩෙස්ක්ටොප්පුව හෙණ... කාලෙකට කලං තිබ්බ වෙබ්ෂොට්ස් ඩෙස්ක්ටොප් වගේ. කොහොමද එහෙම එකක් හදාගන්නෙ?

    ReplyDelete
    Replies
    1. Rainmeter, බොහොම පොඩි ලයිට්-වෙයිට් ඇප් එකක්. විජට් සික්‍රිප්ට්, බැක්ග්‍රවුන්ඩ් සහ ටියුටෝරියල් එක මෙතන තියනවා.

      https://www.youtube.com/watch?v=7L0D81FgdHA

      මෙන්න තව එකක්.
      https://www.youtube.com/watch?v=3EhMYmZ_GhQ

      Delete
    2. "වැහි මනුව" බාගත්තා. ඔබේ නලේ බලන්න වෙලාවක් නැති වෙයි. මේක ස්ටාටප් එකට දැම්මොත් ‌ස්ලෝ වෙයිද? මයෙ රැම් තියෙන්නෙ 4ජීබී. අවුරුදු හයක් පරණ අයි7ක්.

      Delete
    3. කිසිම අවුලක් නෑ. මේක බොහොම සැහැල්ලු ඇප් එකක්. ඒත් රැම් තියෙන්නෙ 4ජීබී නිසා ඕනවට වැඩිය ගැජට් එල්ලන්න යන්න එපා.

      ඔබේ නලේ නොබැලුවාට කාරි නෑ, ඒත් ගූගල් ඩ්‍රයිව් එකෙන් ඒ ස්කින් ටික බාගන්න.

      Delete
  8. පෝස්ට් එකක් දාල. ඒක හොඳයි.

    ගිල්ගමේෂ් ඩ්‍රීම් ටැබ්ලට් එක ගැන කියවද්දි මතක් වුනේ අවුරුදු කීපෙකට කලින් අපිට හම්බවුනා ඉරාක ජාතික දොස්තර මහත්තයෙක්, දැන් මේ රටේ ජීවත් වෙන. ඔහු ඉතාම වේදනාවෙන් කතා කලා ඇමෙරිකන් invasion හා ඒ ආශ්‍රිත සිදුවීම් වලදි විනාශවුනු කෞතුක භාන්ඩ ගැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඉරාක ආක්‍රමණය එහෙම පිටින්ම අනවශ්‍ය දෙයක්. සදාම් හොඳ නැති වුනත්, ඔහු අන්තවාදී ආගමික කොටස් පාලනය කරල තබා ගත්තා.

      Delete
  9. ස්තුතියි මෙහෙව් එව්වත් ලියනවට
    කියවන්නට එපැයි තේරුම් අර ගන්ට
    ඒ ටික කළායින්, දැන් තේරෙනව මට
    ඇහැකිය ග්‍රීක ලියවිලි වුව කියවන්ට!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා, ගමරාළගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා " අපි මේ පණ දෙන්න යන්නේ, මිය යමින් තියන කලාවකටද?" කියලා. බ්ලොග්වලට වින කලේ මූණුපොත. මට නං මූණුපොත් සගිස්කුරුතිය අල්ලන්නෙ නෑ. අපි ඩ්‍රැකියට ලේ ටිකක් දීලා හරි පොඩි තල්ලුවක් දෙමු නේද?

      Delete
    2. ගිල්ගමේෂ්ගෙ ටැබ්ලට් එක කියෙවුවොතින්
      ග්‍රීක් වුනත් කියවන එක නතිං ඉතින්

      // බ්ලොග්වලට වින කලේ මූණුපොත //

      මම මේ ගැන දිග කමෙන්ට් එකක් ලිවුවා මිස්ට තට්ස්ගෙ බ්ලොග් එකේ. බොලා කම්මැලි නැතුං එතෙන්ට ගොහිං ඒක කියෝනව ද? මක් කිවුවා? බොට බෑ? හා එහ්හෙනං, මං ඒක මෙතෙන්ට ගෙනත් අලවඤ්ඤංකො.

      Delete
    3. බැලුව. බලල කොමෙන්ට් එකක් දාලාම ආව.😊

      Delete
  10. උදේ දැම්ම කමෙන්ටුව නෑ. 😃😃😃 කොහොමත් මගෙ කමෙන්ට් දැමිිල්ලෙ අවුලක් තියේ. එක්කො ගූගලය දාන්න දෙන්නෑ. නැත්තං ගිලිිනව

    මං කිව්වෙ මේකයි,
    ජනෙල් 10 දාගෙන අදින්නෙත් බරකරත්තයක් වගේ. 11 දැම්ම කියන්නෙ වීල්බැරෝවක් වෙයි.
    අනික ක්‍රෝම් එක රැම් එක කනව නෙවී ගිලිනව. 😒😒😒

    ReplyDelete
    Replies
    1. කලින් කොමන්ට් එක හොයා ගන්න නෑ.

      ඇත්තටම වින්ඩෝස් 10 අවුලක් නෑ. ක්‍රෝම් හොඳට වැඩ කරන්න හාඩ්වෙයා(GPU) සපෝර්ට් ඕනෙ. සෙටින්ස් වලට ගිහින් බලන්න.

      Delete
    2. නැහැ කමෙන්ට් කරන කොට පොඩි ප්‍රශ්නයක් එනවා. වෙලාවකට ඒක පෙන්නනවා කමෙන්ට් දාන්ඩ දෙන්න බෑ කියලා. නමුත් සමහර වෙලාවට හොයාගන්න නෑ. මම ඒ ගැන ඩ්‍රැකී ට කිව්වා නමුත් තාම මට ඔහු වුණත් උත්තරයක් දුන්නෙ නෑ.

      අර setting ටික හදා ගන්නේ කොහොමද ගන්නෙ කොහොමද කියලා මට මේල් එකක් දාන්න පුලුවන්ද
      maheshrmx@gmail.com

      Delete
    3. මෙතන ටියුටෝරියල් එකක් තියනවා:
      https://www.youtube.com/watch?v=55ZutEc9eDY

      බ්‍රවුසර් වල ප්‍රශ්ණ සමහර වෙලාවට සංකීර්ණයි. තියෙන ඇඩ්-ඔන් ඔක්කොම අයින් කරලා. අලුත්ම බ්‍රවුසර් වර්ශන් එකට අප්ඩේට් කරලා බලන්න. ඔය වගේ දේට උපදෙසක් ගන්න හරිම කෙනා බුරා.

      Delete
    4. මම දැන් Chrome පාවිච්චි කරන්නෙම නැති තරං. Firefox තමා වැඩිපුරම. කොහොමත් Web browsers වල එන අකරතැබ්බවලට හොඳම විසඳුම තමා බස්සා කියන්නැහේ, තියෙන add ons ඔක්කොම අයින් කරලා clean run එකක් කරලා බලන එක. බ්ලොග් එකේ වුනත් අටෝරාසියක් ගැජමැටික්ස් එවුවා මෙවුවා එල්ලන්න යන්ටෙපා. Simple විදියට තියාගන්න.

      Delete
    5. බොහොම ස්තූතියි. අලුත් යමක් දැණගත්තා. මම හිතන් හිටියෙ ක්‍රෝම්, ගිණි-නරියව මැරුව කියලයි😒. ආයෙ එහෙනං Firefox වලට ට්‍රයි එකක් දීලා බලන්න ඕනෙ😊.

      Delete
    6. ක්‍රෝම් වල ඇඩෝන් නම් නැහැ. ඇඩ් කරන්න දන්නෙ නැති නිසා. අලුත් අප්ඩේට් එක තමා තියෙන්නෙ.
      බ්ලොග් එකට දාල තියන එකම විජ්ජාව අර කර්සර් එක නිල්පාට වෙනේක ඒක දැං අයිං කරන්න මතක නෑ. 😒😒😒
      මුල්ම දවස් වල නේ ඔය විකාර කලේ. ඒ දවස් වල බ්ලොග් හෑවෙ නැති එක විතරයි. දැං අන්දෝසංසාර නෑ. 😃😃

      ස්තූතියි ලිංකුවට. මම බලන්නම් 🙂

      Delete
  11. Replies
    1. මම මූකලං බස්සෙක්. එව්වර එලි පහලියට එන සතෙක් නෙමෙයි, දවල්ට බුදි.

      මම ඔබේ ලිපි කියවනවා, තට්ටයා මහත්තයාගෙ ලිපියට දාපු කමෙන්ට් එකත් කියෙව්වා. සිංහල බ්ලොග් ප්‍රවර්ධනය ඔබ ගන්නා උත්සාහය අගේ කරනවා. ඒත් මම වැඩිය කැමති පියාඹනවට වැඩිය ලිස්සල යන්නයි. රට්ටු මට පියාඹන ආඳා කියලත් කියනවා.

      Delete
    2. අර හිටවන මාටින් සහ හිටගෙන නිදි මහත්තුරුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ කියල ඒ මහත්තයා කිව්වා. මට හිතාගත්තෑකි වෙන දේ:

      දැන් බස්සා මහත්තයා බ්ලොග් ලියන්න ඇවිත් කොච්චර කල්ද?
      හූම්
      සිංහල බ්ලොග් කලාවෙ පුනර්ජීවනය ගැන ඔබතුමාගෙ අදහස් මොනවද?
      හූම්
      දැන් ඔහේව මෙතනට ගෙනාපු මටද පිස්සු නැත්නම් ඔහේටද?
      හූම්..හූම්

      Delete
    3. අනේ මම කාට හරි උත්තර දීලා නැද්ද? සමා වෙන්නොනි, මඟ ඇරිලා නං.

      Delete
    4. හුටස් පටස්! නිදි උත්තර දීලා නෙව? කමක් නෑ, තාම සහයට ඩැනී - හිටවන මාටින් ඉන්නව.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code