Dec 13, 2021

අමුතු අදේවවාදියෙක් සහ බකුසු නොස්ටැල්ජියාව

 

හිංගල බවුද්දයෙක්  ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය සීග්‍රයෙන් පල්ලම් බැහැපු මූකලං බකමූනෙක් ලෙස, මට අදේවවාදය ගැන වුනත් ආයෙ හිතන්න වෙන විදිහෙ වීඩියෝවක් හම්බවුනා.

මේ තට්ටයා මහත්තයා කියන විදිහට, අදේවවාදීන් දරදඞු වැඩියිලු. එක්තරා විදිහකට, අදේවවාදයත් තවත් ආගමක්(faith) වගේලු. නිකම්ම ආගමක් නෙමෙයි, ටිකා..ක් අන්තවාදී ගතියකුත් තියනවාලු. අනිත් අයව, නිර්දය ලෙස විවේචනය කරනවාලු, පහර ගසනවාලු. දැන් මේකට "අනේ මම නං එහෙම නෑ" කියන්න, මම කැමති නෑ. හොඳට කල්පනා කරල බැලුවොත්, අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නෙ " guily as charged" කියල තමයි. 

හදිස්සියෙවත් කකුල ගල් ගෙඩියක හැපුනොත්, අදේවවාදී බස්සන් තවමත් "බුදාම්මෝ!" යැයි කියනවා මා අසා ඇත. හොට බිම ඇනී, හොම්බෙන් යනකල, අහස දෙස බලා" ඇයි අපටම මෙහෙම වෙන්නේ" යැයි කියා ඇත. 

"මා අදේවවාදී වන්නේ, දෙවියන් ඇති බවට කිසිම සාක්කියක් නැති නිසාය" කියන එකත් එච්චර සාර්ථක උත්තරයක් නෙමෙයි කියලයි, තට්ට මහත්තයා කියන්නෙ. එකක් ඔය කියන "සාක්කිය" පැහැදිලි නෑ ලු. අනික, සාක්කියක් නැතිකමම හේතුවක් වෙන්නත් ඇහැකිලු. එයැයි කියන්නෙ ද්‍රව්‍ය/පදාර්ථවාදයෙන්ම හැමදෙයක්ම පැහැදිලි කරන්න බෑ කියලයි. බාගදා අධ්යාත්මිකවාදයත්, පදාර්ථවාදයත් දෙකම වැරදි වෙන්නත් ඇහැකිලු.

මට නං හරියටම මේකා කියන හරුපෙ තේරුනේ නෑ. බලන්ට, ඔහෙලට තේරෙනවද කියලා. හැබැයි, "බාගදා ඒකත් හරි, මේකත් හරි, හැබැයි සැකයි" ආන්න ඒ ලිස්සන සුළු ගුණයට මයෙ හිත ඇදිලා ගියා. ටයි-කෝට් ඇඳලා හිටියට, බාගදා උන්දැත් බස්සෙක් වෙන්නත් ඇහැකි. හා, නැද්ද?
Professor Raymond Tallis is a philosopher, poet, novelist and cultural critic and was until recently a physician and clinical scientist.


මේ සිංදුවෙ නම "පූසා මහත්තයා - අඳුර වැටුන පසු". මේක නං බකමූණොන්ට නොස්ටැල්ජියාව ගේන දසුන් පෙළක්. සරීර සවුක්කියට අගුණ නිසා, ඊට වැඩිය යමක් කියන්න අමාරුයි. ඔය තියෙන්නෙ, අපේ සාවියෙ තිබිලා වැහිලා ගිය Target කියන වෙළඳසැල් ජාලය. ඒක වැහුනෙ ඇයි කියලා, දැන් තමයි තේරුනේ.🤔

47 comments:

  1. ඔය අදේවවාදීන් කියන්නෙ ලංකාවෙ නං ට්‍රෙන්ඩ් එකට කැපිල පේන්න කියන කතාවක් මිසක් ඇත්තටම පැවැත්මක් ඇති ජාතියක් නෙවී. ලංකාව වගේ ආසියානු රටක අදේවවාදීන් ට පැවැත්මක් ඇති කියල හිතන්න අමාරුයි. හුඟක්ම සමාජානුයෝජනය වෙන සංස්කෘතියත් එක්ක.
    මම කියන්නෙ කවුරු හරි පට්ට අදේවවාදීයි කියල පෙන්නනව නං ඌ රියල් බොරුකාරයෙක්
    අපිත් සාමාන්‍යයෙන් සමහර දේ පිළිගන්නව අඩුයි නෙව. ඒත් අපිට වුණත් හැදෙන වැඩෙන පරිසරය සංස්කෘතිය එක්ක යන්න පුලුවන් දුර අවමයි. නිකංම ප්‍රතික්ෂේප වෙන්නයි වෙන්නෙ සාමාජීය සත්ත්වයින් වෙන මිනිසාට ඒක දරාගන්න පුලුවන් දෙයක් කියල හිතන්න අමාරුයි.

    මියුසික් වීඩියෝව නං මරු. අර දැරිවිට ඕන වෙන මොකක් හරි කරන්නද මංද 😃😃😃

    ReplyDelete
    Replies
    1. පවතින සමාජීය බළපෑම සම්පූර්ණයෙන්ම නොසලකා ඉන්න එක අමාරු වැඩක් තමයි. විස්වාසය වගේම විස්වාසයක් නැති කමත්, එක්තරා ආකාරයක විස්වාසයක් කියලයි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ, අද මම දන්න විදිහට, මට පෙනෙන විදිහට මේක මෙහෙමයි කියල හිතාගෙන ඉන්නව කියල කියනව මිසක්, හරියම දන්නෙ නෑ කියනව වගේ දෙයක්.

      ප්‍රාජේ කියනව වගේ, මමත් ආගම් විරෝධියෙක් කියල මට හිතෙන්නෙ නෑ. "බොලා ඕන එකක් අදහාපල්ලා, ඒත් ඕවා මයෙ මූණෙ උලන්න එන්න එපා" වගේ එකක් තමයි මටත් කියන්න තියෙන්නෙ.

      Delete
  2. ඔය බස්ටැල්ජියාව.. සොරි සොරි, බකුසු නොස්ටැල්ජියාව... එක්කොත් ඕන නෑ...

    // "බාගදා ඒකත් හරි, මේකත් හරි, හැබැයි සැකයි" ආන්න ඒ ලිස්සනසුළු ගුණයට //

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් හිටියා නෙවද ඔය ජාතියෙ ගොබිලෙක්, සංජය බෙල්ලට්ඨිපුත්ත හරි මක්ඛලීගෝසාල හරි කියලා? බුවාත් ඔය වග‌ේ දෙපැත්ත බේරන් තමා උත්තර දුන්නෙ. "මම පරලොවක් ඇතැයි ද නොකියමි, නැතැයි ද නොකියමි."

    // බවුද්දයෙක් ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය //

    අදේවවාදියෙක් වෙන්නනං එයා ඊට කලින් දේවවාදියෙක් වෙලා ඉන්න ඕන නෙවද? බෞද්ධයෙක් කොහොමද දේවවාදියෙක් වෙන්නෙ? බුදුදහම කියන්නෙ monotheistic/ polytheistic ප්‍රවාහයෙන් බැහැර වුන, natural law & order මත පිහිටුවපු දර්ශනයක් නෙව. ඒක චුට්ටක් පැහැදිලි කරලා දුඤ්ඤාඤං පින්වත.

    ReplyDelete
    Replies
    1. බුදු දහම කියන්නෙ දේවවාදයක් නොවුණත්, ලංකාවේ භාවිත බුද්ධාගම තනිකර ම තව තවත් ආගම්වල සංකල්ප උරාගෙන පරිණාමනය වූ ආගමක්. කිරි අම්ම ඇදහීම, පත්තිනි ඇදහීම, සුමන සමන් දෙයියන්ට වැඳගෙන සිරි පාදය කරුණා කිරීම, කතරගම දෙයියන්ට බෘර වීම, ලෝකල් යක්කු සහ දෙවිවරු හැටක් පමණ ඇදහීම කියන හැම දෙයක් ම ල්කාවේ භාවිත බුද්ධාගම තුළ තියෙන දේවවාදී සංකල්ප...

      Delete
    2. නැහැනෙ ඩ්‍රැකී. දේවවාදය කියන්නෙ "ලෝකය මැවුවා වූ දෙවිකෙනෙක් සිටී හා මේ ලෝකයේ සිදුවන සෑම සියළු දේ ඒ මැවුම්කාර දෙවියන්ග‌ේ අභිප්‍රාය වේ" කියන විශ්වාසය නෙව.

      බුදුදහම දෙවියන් සිටි කියන දේ ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ නෙව. බුදුහාමුදුරුවො කියන්නෙ තමතමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් ඒ දෙවියන් සරණ යාමෙන් පලක් නැත (මොකද දෙවිවරුනුත් natural law එකට යටත් නිසා), වැදගත් වන්නේ දුකින් විනිර්මුක්ත වීමය කියල නෙව.

      Delete
    3. බුදු හාමුදුරුවො කියන්නෙ ඒක උනාට, බෞද්ධයො කියන්නෙ, මේ මේ දෙවි වරු මේ මේ සංකල්පවලට අධිපතියි. ඒ උදවිය සතුටු කිරීමෙන් සෙත සැළසෙනවයි කියලනෙ. ඒකනෙ හොඳට ඉගෙන ගන්න ළමයින්ට ගණදෙවි රූප, සරස්වතී රූප තියල වන්දවන්නෙ. හතුරෙක්ගෙ අණ්ඩක් කඩන්ඩ කතරගම දෙයියන්ට බාර වෙන්නෙ. කිරි අම්ම දානෙ දෙන්නෙ පවුල් සංකල්පයට අධිපති පත්තිනි දේවිය සතුටු කරලා යහපත උදා කරගන්ඩ.

      ඔ්කට කියන්නෙ ජනප්‍රිය බුද්ධාගම කියල බ්‍රෝ. බුදු දහම නෙමෙයි. බුදු දහම ටාගට් කරන්නෙ විනිර්මුක්තිය තමා.

      Delete
    4. පැටියා කාලෙ, පංසල් ගියාම බුදු හාමදුරුවෝ ඒ පැත්තෙ,දෙයි හාමදුරුවෝ මේ පැත්තෙ. දෙයියොන්ගෙන් තොර බුද්ධාගමක් ගැන, හාමදුරුවොවත් කිව්වෙ නෑ. පසුකලක, පන්සලට දෙයියො රිංගගත්ත හැටි ඉතිහාස කතා හරහා දැණගත්තත්, ඒක එච්චර බරට හිතට වැදුනෙ නෑ.

      මගෙත් මතකය සහ දේව ඇදහිලි ගැන ආකල්පය ඩ්‍රැකිය එක්ක සමපාත වෙනව කියලයි, මට හිතෙන්නෙ.

      Delete
    5. මක්ඛලීගෝසාල කිව්වෙ "ණය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ" කියල නේද? ඒත් ඒක හෝතම්බු ජීවන දර්ශණය මිසක්කා මගේ නෙමෙයි නෙව?🤔

      Delete
    6. එහෙනං සංජය බෙල්ලට්ඨිපුත්ත වෙන්ටැති. ඒකත් ටැලන්ට් එකක්, දෙපැත්තම බේරන් ඉන්නෙ එක.

      Delete
    7. මේ ත්‍රිමාණ බෝලයක් ද්විමාණ flatland එකක් හරහා යනකොට flatland වාසියෙකුට පේන හැටි.(ඇත්තටම එයාලට ඕක පේන්නෙ රේඛාවක් විදිහටයි)

      https://www.youtube.com/watch?v=8f4MLvUDwt0

      ඔන්න, ඔතන ඉන්න හාදයෙක් කියනවා, ඔය බෝලෙ පැතලි වෙන්නත් ඇහැකි, නොවෙන්නත් ඇහැකි කියලා. දැන් මේකෙන් , flatland වාසියා,සංජය බෙල්ලට්ඨිපුත්තයෙක් කියලා අදහස් වෙන්නෙ නෑ, නේද?. අපට නොතේරෙන, නොපෙනන දේත් තියෙන්න ඉඩ තියෙනව නේද?I think, the wise Professor is cutting some slack for that.🤔

      Delete
  3. ලියනකොට හැමෝම එක දවසෙ ලියනව. ආං කට්ටකාඩුවෙ ලොකු මල්ලිත් ලියලා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. කියවලා දිරෝගන්න බැරි තරම් ලිපි ගොඩයි. අයෙ යන්න ඕනෙ.😊

      Delete
  4. මං නං දේවවාදියෙක් හෝ අදේවවාදියෙක් හෝ ආගම්වාදියෙක් හෝ ආගම් විරෝධියෙක් නෙමෙයි. ආගම් ගැන තියන ඉන්ටරෙස්ට් එක බොහොම සීමිත කෙනෙක්. ආගම්වල ඉතිහාසය, සංසන්දනය වගේ ඒවා ගැන දැනගන්න කැමතියි. ආගමික ස්ථානවලට යන්න කැමතියි ඒවායේ අයිතිහාසික පුරාවිද්‍යාත්මක හා කලාත්මක වටිනාකම අනුව. ඒ ඇරෙන්න ආගම් ගැන හිතෙන්නෙ උං ලවුඩ්ස්පීකර් දැම්මාම තමයි. එතකොටනං මං උග්‍ර ආගං විරෝධියෙක්.
    ඒ ඇරෙන්න ආගම් ඔහෙ තිබුනාවෙ මං මෙහෙ ඉන්නං. සමහරවිට මැරන්න ලංවුනාම ඕනෙ වෙයිද දන්නෙ නෑනෙ. දෙයියන්ගෙන් නං ෆේවරිට් තෝර් සහ ලෝකි. පොසයිඩන්, හර්මීස්, ඉන්ද්‍ර වගේ අයත් හොදයි.
    මං හිතාගෙන හිටියෙ මං apatheist කියල
    https://en.m.wikipedia.org/wiki/Apatheism
    ඒත් ඒකත් සීරියස් එකක් වගේ. එනිසා මං ආගම් ගැන කියවනවාට වඩා මාර්වල් කොමික් එකක් කියවගෙන ඔහෙ ඉන්නවා.
    බස්තුමාට ඉදල හිටල ෆිලොසොෆිකල් තියොලොජිකල් මූඩ් එනවනේ? රෙඩ් වයින් නිසාද?

    ReplyDelete
    Replies
    1. ෆිලොසොෆිකල් තියොලොජිකල් වෙනවම නෙමෙයි, මාස හයකින් මෙහා දෙයියො ගැන ලිව්වෙ නෑ, ඒකයි.

      පොඩිකාලෙ "ආකා සට්ටාට බුම්මට්ටා" කියල තමයි ඉගැන්නුවෙ, අපෙ හාංදුරුනේ.

      Delete
    2. හෑ. මේ අපේ ඩ්‍රැකීතුමාට ??

      Delete
    3. ඔබතුමා නං ගිණි දෙන්න දෙයියා. ඩ්‍රැකියට බුම්මට්ටා කිව්වොත් ටොච්පාර "පතෑඃ" තමයි.😂🤣

      Delete
    4. මේක දැක්කහම මට මතක් වුනා මහාසාර නාට්‍යයේ එන දෙබසක්.

      ගැමියා: අනේ පස්වාන් දහසකට බුදුවන්ඩ රාජෝත්තමයානන් වහන්සේ, මම මහාසාර පළඳනාව හොරාගත්තෙ මට නෙවෙයි. මම ඒක ගොහින් දුන්නා යසවඩ්ඪන සිටුතුමාට.

      රජතුමා: හෑ! යසවඩ්ඪන සිටුතුමාට? මේ.. මේ අපේ යසවඩ්ඪනට?

      Delete
    5. හෑ! ටෝච් පාර ? මේ අපේ Praසන්னතුමාට ?

      Delete
    6. නෑ, නෑ එයාට නෙමෙයි,මේ අපේ යසවඩ්ඪන සිටුතුමාට.😂🤣

      Delete
    7. හෑ, ඒ කියන්නෙ කවුන්ට් දිසානායක?

      Delete
  5. බර්ට්‍රම් රසල්ගෙ දේශණ වල ඔය දේව අවුල ගැන හොඳට පැහැදිලි කොරල තියේ. ඔහුට ටිකකට හරි පැහැදීමක් තිබ්බ ආගම බුද්ධාගම විතරයි..

    ReplyDelete
    Replies
    1. බර්ට්‍රම් රසල් ගැන අහල තියනවා වුනාට, දේශණ අහල නෑ.🤔

      Delete
    2. ලිපි තියේ අන්තර්ජාලේ..

      Delete
  6. මමත් ආගම් ගනන් ගන්නේ නෑ. ඒක ජාන වලින් එන පුරුද්දක් වගේ.
    හැබැයි මේ දවස්වල පාස්ටර්ලගේ දේශනා අහනවා.
    වික්ටර් රත්නායක සනීප කල කිංස්ලි වණිගසිංහගේ දේශනාවලට තමයි මම වැඩිය කැමති.
    එකම ප්‍රශ්නේ උගේ දේශනා වල ගීත වැඩියි.

    ReplyDelete
    Replies
    1. කාගෙ දේශනා වුනත් ඇහැව්වට කාරි නෑ, ගත යුත්තක් තියේ කියල හිතෙනව නං. මම නං පල්ලියේ ගීතිකා වලට කැමතියි.

      Delete
    2. මමත් බොහොම කැමැතියි පල්ලියේ ගීතිකාවලට. විශේෂයෙන්ම අර ලැටින් වලින් ඇදලා පැදලා කියන ඒවා. ඒවා අහන්න පුළුවන් නෙව classical music වගේ.

      Delete
    3. https://en.wikipedia.org/wiki/Plainsong

      Delete
    4. https://www.youtube.com/watch?v=ip8KtpPuia0

      Delete
    5. Gregorian Chant -> https://youtu.be/p_shhU_H5Z0

      Delete
    6. ඒකෙ එකවුස්ටික් නං පට්ට බුරෝ. මමත් එහෙම එකක් හොයාගන්න ට්‍රයි කලා, ඒත් බැරි වුනා.

      Delete
    7. https://www.goodreads.com/book/show/16045144-the-beautiful-mystery
      https://www.gamacheseries.com/the-beautiful-mystery-real-place/comment-page-2/

      මං ඉතින් සංගීතාබාධිත නිසා Plainsong / Gregorian chant එකක් ගැන දැන ගත්තේ ඔය පොත කියෙව්වාම.
      z library එකේ තියනව ඇති

      Delete
    8. බස්තුමාගෙ රටේ abbey එකක්

      Delete
    9. අහා සෙන්ට් බෙනඩික්ට්! මට හිතෙන්නෙ, මේක අනුගාමිකයොන්ට බරක් නොවී, ආගමික ජීවිතයකට හොඳ ක්‍රමයක් කියලයි. මේ පූජකයින් එක,එක ශිල්පවලට දක්ෂ අය.

      https://www.youtube.com/watch?v=PeVq6wMbd1k

      සමන්තබද්‍ර කරගෙන යන්නෙත් මේකෙට සමාන බිසිනොස් මොඩල් එකක් කියලයි මට හිතෙන්නෙ. ඒකට මගේ විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නං නෑ, මොකද සාම්ප්‍රදායික පංසල් ගැනත් එතරම් පැහැදීමක් නැති නිසා.

      Delete
    10. ඔව් ඔව් නරි මොට්ස්තුමාගෙ රටත් තමයි

      Delete
    11. එයාගෙ නිරාහාර යාඥාවක අවසාන දවසේ කෝටියක විතර රත්තරන් බඩු පඬුරු හැටියට පූජා කෙරුනා.
      පහුවදා, මඟුල් මුද්ද පූජා කරපු ගෑනියෙක්ගේ මිනිහා පොලිසියට පැමිනිලි කරලා බ්‍රේන්වොෂ් කරලා රත්තරන් ගන්නවා කියලා.

      Delete
    12. එයා කිව්වෙ, පාස්ටර්ටද?🤔

      Delete
  7. ඔක්කොම කියවගෙන එද්දී මට මතක් වුණේ හද්දා පරණ කතාවක්.

    නොබැඳි ජාතීන්ගේ සමුළුව කියලා එකක් තිබුණා මතකයිද? නොබැඳි ජාතීන් වුණත් එකට බැඳුණාම අර නොබැඳිකමට මොකද වෙන්නේ? ඒ දවස්වල මතු වුණු පැනයක් ඒ.
    ඒ තියරිය දාලා බැලුවොත්... අපේ ඇදහිලි හැ විශ්වාස ගොඩට....

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් සමුළු හදාගත්තාම , ඒකත් එක්තරා බැඳීමක් තමයි.😂

      Delete
  8. කස්ටිය මේකත් බැලුවොත්
    https://bududahamemaga.blogspot.com/2021/12/blog-post.html

    ReplyDelete
  9. බුදුරජාණන් වහන්සේ දවසක් පෙන්වා දෙනවා සියලු ආගම් මේ ලෝකයට බිහිවුන හැටි හා ඒ ආකාරය.. ලෝකය විමර්ශනය කරන්ට ගිහින් තමතමුන්ගෙ මතත් එක්ක තමා ඔය සියලු දේව හා අදේවවාදී ආගම් ගොඩනැගෙන්නෙ..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code