Jan 19, 2022

හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය

මම "Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල" පෝස්ට් එකේ කියාපු, සුපියල් 32 කට,  ඊ-බේ එකෙන් ගත්ත, Vetroo V5 CPU cooler එක ආවා. ඒත් තාම පරණ එක හොඳට වැඩ කරන නිසා මාරුකලේ නෑ. කොන් දෙකක්, පොඩ්ඩක් තැලිලා තිබුණා. ලාබෙට දුන්නෙ ඒ නිසාද මන්දා? ඒත් ටැක්ස්වත් ගෙව්වෙ නැති නිසාත්, හානිය, කාර්‍යක්ෂමතාවට එතරම් බලපෑමක් නැති නිසාත්, මට නං අවුලක් නෑ. Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ. ඒ නිසා, මම මේ ලඟදී CPU cooler  එකක cold plate එක පැතලි කරන විදිහ( lapping) ගැන වීඩියෝ එකක් බලමින් හිටියා. 

දැන් මේ වීඩියෝවෙ කියනවා, වැලි කඩදාසිය, සාමාන්‍ය වීදුරු තහඩුවක් මත තියලා උරච්චි කරන්න කියලා. සාමාන්‍ය වීදුරු තහඩුවක්, සෑහෙන පමණ පැතලි පෘෂ්ඨයක් කියලා කිව්වා විතරයි, දෙබරෙට ගල් ගැහැව්වා වගෙ, කස්ටිය ටිපර් වෙනවා.

I'm not sure I'd even call this lapping tbh. sure its TECHNICALLY lapping but its nowhere near properly accurate.

"Glass is perfectly flat" every machinist replacing their expensive granite surface plates with glass. Invest in a lapping plate.

මෙතන මේ granite surface plate කියන්නෙ, මැකෑනිකල් ඔස්තාර්ලා පාවිච්චි කරන පැතලි පෘෂ්ඨයට. උන්දලාට ඒක තමයි පැතලි බවේ බයිබල් එක. හැම මිනුමකටම, සාපේක්ෂ වන්නේ (reference) surface plate පෘෂ්ඨයයි.

 ඒත් ඇත්තම තත්ත්වය ඊට වෙනස්. වීදුරු තහඩුවක පැතලි බව දෙවනි වන්නේ, ස්වාභාවික මයිකා ෂීට් එකකට විතරයි. ඒත් මයිකා ෂීට් පැතලි වුනාට දෘඩ බවනැති නිසා, ප්‍රායෝගික නෑ. කැඩෙන සුළු නිසා වීදුරු තහඩුවක්, granite surface plate එකකට විකල්පයක් වෙන්නෙත් නෑ තමයි. ඒත්, අටවන මාටින් උරච්චිකරන වැඩකට, අස්ප ගණන් surface plate නැති හුදී ජනයාට, ලාභ වීදුරු තහඩුවක පැතලි බව හොඳටම ප්‍රමාණවත් වෙනවා.


පළවෙනි, උරච්චි කරන වීඩියෝව විනාඩි 16 නිසා නොබැලුවට කමක් නෑ. වැදගත් එක විනාඩි දහයෙ දෙවනි වීඩියෝවයි. අපි ඇත්තයි කියල, කොච්චර මිත්‍යා විස්වාස අදහනවද? ලාබ බඩු හැම එකකමත් හිල් නෑ. මොකද කියන්නෙ? අධි-පරිභෝජනවාදය ඉවත දමලා, අපිත් අටවන මාටින් කලබ් එකට ජොයින්ට් වෙමුද?



ආ, තව සුපියල් අටේ කී-කැප්ස් සෙට් එකකුත් ආවා, මැකෑනිකල් කී බෝඩ් එකට. මේන්න මෙහෙමයි, දාගත්තාම පෙනුම. ගානෙ හැටියට, ප්‍රයෝජනේ වටිනවා. තිබිච්ච කලු කී-කැප්ස් වල, අකුරු බැක් ලයිට් නැතුව අඳුරුයි. මේවා එහෙම නෑ.

ඩබල්-ෂොට් කී-කැප්ස්

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

52 comments:

  1. ඒක තමයි. මාත් හිතුව.
    වැලිකඩදාසිය නම්බර් කීයද?

    ReplyDelete
    Replies
    1. ඇයි මොනවහරි පැතලි කරගන්න තියනවද?🤔😂

      Delete
    2. ඕකට වැලි කඩදාසියක් හරියන එකක් නෑ. ග්‍රයින්ඩරෙන්ම අල්ලන්න වෙයි. හැක්..

      Delete
    3. පැහැදිලි කිරීම = පැතලි කිරීම ?

      Delete
    4. Praසන්ன, ප්‍රාජේව ග්‍රයින්ඩර් කරන්නද හදන්නෙ?🤣

      ප්‍රාජේ වැලිකඩදාසි නොම්බරේ අහපු නිසයි, එහෙම ඇහැව්වෙ. 😂

      Delete
    5. ගිනි ගලේ උළල බැයිද?

      Delete
    6. //ගිනි ගලේ උළල බැයිද?//

      ප්‍රාජේ කැමති වෙයිද? අහලම බලමු.🤔😂

      Delete
    7. පැතලිද? රවුංද?

      Delete
    8. ප්‍රාජේ කොහොමද කැමති? දෙවිදිහටම උරච්චි කලෑකි.😂

      නමියො, ඔය ලිස්සීමත් එක්තරා කලාවකට කරන්න ඕනෙ. ඉස්සරහා බිත්තියක් තිබ්බොත් එහෙම හුකෑස් තමා.🤔

      Delete
    9. අඹතලේ විදිහට හොඳයි

      Delete
    10. අඹතලේ විදිහ හොඳ වුනාට, මං පැතලි/රවුං කලේ නෑ නෙව?🤔

      අඹතලේ ලිස්සිල්ල වැඩිය අදාල වෙන්නෙ නමියට. දැන්, දැන් උන්දැත් ලෙසටම ලිස්සනවා.😂🤣

      Delete
    11. //අපි ඇත්තයි කියල, කොච්චර මිත්‍යා විස්වාස අදහනවද? //

      Delete
    12. අවුලක් නෑ සෑර්. අර අස්පය වගේ ගහකට පයින් ගහලා, නැට්ට උස්සලා දුවන්නයි තියෙන්නෙ.😂🤣

      Delete
  2. කියෙව්වෙමි සෙනෙහෙබර සිත පහදාන
    දෙවියන් දී නොමැත මෙය වැටහෙන නුවණ
    කඩා ගන්න මට බැරුවට උඩ පිපෙන
    මල් පිපියන්, පිං ඇතියන් වෙත මෙතින

    ReplyDelete
    Replies
    1. නිදිට නං අදාල වෙන්නෙත් නැති වෙයි. අනවශ්‍ය මහප්ප්‍රාණ.😂

      Delete
    2. ඒ වුනාට මේවා වැදගත් වෙන කී දෙනෙක් ඉන්නවද? මං ඉතිං වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න එකානේ....

      Delete
    3. එහෙම කියන්න එපා නිදි. අපි අමරණීය නෑ තමයි. ඒත්, මේ ලියන දේ අනුව නිදිගෙ මනස හොඳ නීරෝගී බව පේනවා. ඒ නිසා, මේ විදිහටම ඔහොම යමු.

      අර බතික් වැඩ, කොණ්ඩ කැවුම්, ඉඳි ආප්ප සහ අනෙකුත් ආච්චිගෙන් ඉගෙනගත් සූප සාත්තර ගුරු මුට්ටි ටිකකුත්, මේ කතා මාලාවටම ඔබන්න කියලයි මම නං කියන්නෙ.

      ඒව්වා වෙනම ලියන්නවට වඩා ඒක ලේසි වෙයි නේද? පැරණි රසාංග අතෙරි පතර එහෙම කෑලි දෙක තුනක් වැටෙන කොට, ඒකෙත් අමුතුම ආතල එකක් එන්නත් ඇහැකි. 🤔

      Delete
    4. මටත් නොතේරුන තරම් නිදි. ඒත් නොදන්ට බව හඟවන් ඉන්ටව..

      Delete
  3. කී බෝඩ් එකනම් සිත් ඇදගන්න සුලුයි. සාමාන්‍යයෙන් තියෙන කලු මත සුදු අකුරු වලට වඩා පැහැදිලියිද.

    ReplyDelete
    Replies
    1. ඔව් කලු මත සුදු අකුරු වලට වඩා පැහැදිලියි. මේවා බැක්ලයිට් කී-කැප්ස් නිසා වෙන්නත් ඇහැකි. Delete කී එකට පහලින් තියෙන කලු කී-කැප්ස් දෙක බැලුවාම, ඒක පැහැදිලි වෙයි. බැක් ලයිට් දිගටම භාවිතා කරනව නං, ඒක වෙනස්. ඒත් මම එහෙම කරන්නෙ නෑ, ඉක්මනට බැටරි බහින නිසා.

      මම ගන්න කොට ප්‍රී ෂිපින් සමඟ ලාබෙට ලැබුනා, දැන් ගණන්. ඩීල් එකක් බලල ගන්න එක තමයි හොඳ.

      Delete
    2. ඒත් විසිතුරු යතුරු පුවරුනම් මට අල්ලලා ගියෙ නෑ.

      Delete
    3. මැකෑනිකල් කී-බෝඩ් කියන්නෙ වෙනමම ආතල් එකක්. අධික වියදම් සහිතයි, දුප්පත් අපට ගැලපෙන දෙයක් නෙමෙයි. යූ-ටියුබ් එකේ, ඒවට වෙනමම චැනල් තියනවා.

      https://www.youtube.com/watch?v=qlWTVcWBpZk

      එක්කෙනෙක් කිව්වා, එයා මේ අවුරුද්දෙ වියදම් කලේ යැංකි සුපියල් 20,000ක් වගේ සොච්චං ගාණක් කියලත්. ඉතිං මම බැංකුවක් නොකඩා, මේකෙ රස විඳින්න තමයි මෙහෙම කලේ. බ්ලූටූත් සහ කේබල් සඹන්ධතා දෙකම ඇති කී-බෝඩ් එක යැංකි සුපියල් 30, විසිතුරු කී-කැප්ස් සැට් එක යැංකි සුපියල් නම් 6 යි.

      බැස්ටිය මාරු කරලා ටිකක් ලොකු එකක් දා ගත්තා. සද්දෙ වැඩිදියුණු කරන්න, ඇතුලට ෆෝම් ඔබලා, පේන්ටර්ස් මාස්කින් ටේප් PCB එකේ යට ඇලෙව්වා. එච්චරමයි කලේ.

      Delete
    4. බස්පා ෆිලුම් බලන මොකක් හරි ශානරයක් කැටගරියක් තියේද, නැහ්නන් ඔහේ බානවද/

      Delete
    5. එහෙමයි කියලම නෑ. ට්‍රේලර් එක බැලුවා, හිතට අල්ලලා ගියොත් බෑව.

      Delete
  4. cold plate එක පැතලි කරන විදිහ = සිසිලන ඵලකය ඔපදමන විදිය

    “Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ“
    මේක නම් පැහැදිලි නෑ

    යතුරු පුවරුවක යතුරක් උඩට ඇඟිල්ලක් ගෙන ගියාම ඒ යතුර මොකක්ද කියලා පෙන්වන ක්‍රමයක් තිබුන නම් කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. සිසිලන ඵලකය, හ්ම් නම නං ලස්සනයි. ඒත් cold plate එක කිව්වම වගේ එක පාරටම අදහස හිතන එන්නෙ නෑ කියලයි හිතෙන්නෙ. ස්තූතියි, ඔපදමන විදිය තමයි lapping වලට හරියටම අදාල වචනය. ඒක නං ටක්කෙටම හරියනවා.

      මතක විදිහට,පුවරුවක යතුරක් උඩට ඇඟිල්ලක් ගෙන ගියාම බැක්-ලයිට් එලිය එන යතුරු පුවරු තිබ්බා වගේ මතකයි. ඒත් ඔය අමතර දේ නිසා, පද්ධතිය අනවශ්‍ය තරමට සංකීර්ණ වෙනවා. දැනටමත්, මේ යාන්ත්‍රික යතුරු පුවරුවල ප්‍රොසෙසර්, ෆර්ම්වෙයා, විච්චූරණ තොරණ් ලයිට් එහෙමත් තියනවා.

      Delete
    2. අඩුම ධාරිතාවක් ඇති ප්‍රොසෙසර් වොට් 65 විතර වෙනවා. ඊළඟට 125, 240 w වල ඒව පවා තියනවා. ප්‍රොසෙසර් වැඩ කරන්නෙ 1.2 විතර වෝල්ටීයතාවකින්. එතකොට කොච්චර විතර ඇම්පියර් ගාණක් යනවද කියල හිතා ගත්තෑකි නෙව? ප්‍රොසෙසර්, මව්පුවරුවට සම්බන්ධ වෙන්නෙ ස්පර්ශක හරහා. ඒ වගේම තාපය සමානුපාතිකව ඉවත් කිරීමටත් ඇවැසි වෙනවා.

      මේ සඳහා පැතලි වීමත්, සමාන සහ නියමිත තෙරපුමකට සිසිලන ඵලකය තද කිරීමටත් ඇවැසි වෙනවා. අඩුත් නැති වැඩිත් නැති ලෙස කෙරෙන්න ඕනෙ වැඩක්.

      Delete
    3. බැක්-ලයිට් යන්න ලක-පුයිට් ලෙස සුපිරිසිදු හෙළ පරිගණක බසින් ලියැවෙයි.

      Delete
    4. ස්තූතියි ඇනෝ දුන්න ආතල් එකට.🙏👌😂

      Delete
  5. https://www.aliexpress.com/item/4001234440314.html?spm=a2g0o.detail.0.0.171e23bdNeeqSv&gps-id=pcDetailBottomMoreThisSeller&scm=1007.13339.169870.0&scm_id=1007.13339.169870.0&scm-url=1007.13339.169870.0&pvid=00afa8aa-ef93-4337-a74c-ebbe73f028bb&_t=gps-id:pcDetailBottomMoreThisSeller,scm-url:1007.13339.169870.0,pvid:00afa8aa-ef93-4337-a74c-ebbe73f028bb,tpp_buckets:668%232846%238107%231934&pdp_ext_f=%257B%2522sku_id%2522%253A%252212000021499435607%2522%252C%2522sceneId%2522%253A%25223339%2522%257D&pdp_pi=-1%253B2414.33%253B-1%253B-1%2540salePrice%253BLKR%253Brecommend-recommend

    මේ බඩුවේ හිල් තියෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. එච්චරම වරදක් නෑ. ඒත් දැන ගන්න ඕනෙ දෙයක් තමයි, self power එක නොගන්න. ඒකට බල ශක්තිය උකහා ගන්නෙ, Pci bus එකෙන්- නරක වැඩක්. විශෙෂයෙන්ම USB 3 වලට සෑහෙන බල ශක්තිය අවශ්‍ය වෙනවා.

      ඒත් මම ගත්තෙ 4 port USB 3/ usb 2 extension cable දෙකක්. ඒකෙන් USB 3 කේබෙල් එකට බාහිරින් පවර් දෙන්න ඇහැකි. ලාබයි.

      Delete
  6. ෆොටෝෂොප්, මයික්‍රොෙසිෆ්ට් ඔෆීස් වැඩවලට එඩිටිං කොන්සෝලයක් DIY ක්‍රමයට හදාගන්න ඇහැක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. පරණ වෑර් කී-බෝඩ් එකක්, අමතර මැක්‍රෝ කීබෝඩ් එකකට හදා ගත්තෑකි. Luamacros, AutohotKey, HDMacro වගේ මෘදුකාංග විසඳුමක් තමයි ලාබම.

      https://www.youtube.com/watch?v=Arn8ExQ2Gjg

      ඉත්තෑ අමාරුව ඇති අයට ගැලෙපෙන කී-බෝඩ් රී-මැපින් ක්‍රමය. QMK firmware MOD භාවිතයෙන්:

      https://www.youtube.com/watch?v=zMn6DPUre70

      Delete
    2. අටවන මාටින් කිව්වහම හරියට දොලොස්වල උදිතධීර වගේ :D

      මට ඕනේ “කෙලි දන්ඩක්“ සහ නොබ් තියෙන එකක් හදා ගන්න.
      මම හිතන්නේ ආඩුඉනෝ වලින් පුළුවන් වෙයි.

      මිට නොබ් එකක් ලෙස යොදාගන්න පුළුවන් කෙලිදඬු මොඩියුලයක් තියෙනව නම් ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.

      Delete
    3. හරියටම පැහැදිලි නෑ, මොකක්ද "නොබ් තියෙන කෙලි දන්ඩ" කියන එකේ අදහස සහ ක්‍රියාකාරිත්වය. මේවගේ එකක්ද?

      https://www.youtube.com/watch?v=cRr3ZSV25jk&t=7s

      Delete
    4. Joystick :D

      Delete
    5. https://www.youtube.com/watch?v=Y9wrDS_DBf4

      Delete
  7. මොන සෙද්දකට ඕක කරනවද කියල මම මේ කම්පනා කලේ ? කීබෝඩ් එකනම් හොඳ දහසක් නිසා අමසොන් එකෙන් වත් ගන්න කියල බලන්නේ . අලි එකඟ කවදාවත් බදු අරන් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔප දැමිල්ල, අත්‍යාවශ්‍යම වැඩක් නෙමෙයි.අදාල වන්නේ, ඉත්තෑ අමාරුව ඇති අයට පමණයි.

      කී-බෝඩ් එකක් ගන්නව නං, ගාණ අඩු වෙච්ච වෙලාවක ගන්න එක තමා හොඳ.

      Delete
  8. මගෙ බරකරත්තෙට ඕව වැඩක් නෑ මෙයා. 😃😃😃
    වැඩක්ම නෑ. අනික මේ වැලි කරදහි උරච්චි කර කර මොකට මාන්සි වෙනවද අලුත්තෙකක් ගන්නෝකො 😃😃😃

    ReplyDelete
    Replies
    1. අටවන එකෙත් අමුතු ආතල එකක් තියනවා.😂

      ඒත් ඔය කිව්වට, මම උලන්න ගියේ නෑ.

      Delete
    2. ඇත්ත. අටවන එකෙත් කික් එකක් තියෙයි හිටන්.....

      Delete
    3. ඔව්, ඒත් අටවන්නෙ මොකක්ද , නැද්ද කියන එකත් තේරුන් ගන්න ඕනෙ හිටං.

      https://www.youtube.com/watch?v=06w3-l1AzFk

      Delete
  9. https://www.daraz.lk/products/10pcs-usb-type-a-female-socket-breakout-board-254mm-pitch-adapter-connector-dip-i116262190-s1029014814.html?spm=a2a0e.searchlist.list.45.40377060S8qubC&search=1

    මේක පෙට්ටියකට සවිකරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහා මුහුණතේ දාරෙන්, ඇතුලට යෑම වලක්වන්නත්, පිටුපස PCB බෝඩ් එකේ ඇති සිදුරු දෙක භාවිතා කර, ඇණ මඟින් රැඳවීමත් වගේ දෙයක් තමයි අත්හදාබලන්න වෙන්නෙ.🤔

      කරදරකාරී වැඩක්, ඩී-සොල්ඩර් කරල තමයි ඔබන්න වෙන්නෙ. මෙහෙම එකක් ගන්න එක හොඳ නැද්ද?

      https://www.daraz.lk/products/usb-20-hub-4-port-with-individual-on-off-power-switches-and-leds-i106140127-s1013730727.html?search=1

      Delete
    2. ඕක තමයි බොලං අටවන මාටින් වැඩ එපා වෙන්නේ හැම බඩුවෙම හිලක්. ඔය කෑල්ල මොකට හදපු එකක්ද මන්ද?

      Delete
    3. ඒක තමයි මම නමියට කිව්වෙ "අටවන්නෙ මොකක්ද , නැද්ද කියන එකත් තේරුන් ගන්න ඕනෙ හිටං" කියලා. ඒක තමන්ගෙ හැකියාව/අත්දැකීම් සහ ඇති ආයුධ මත තීරණය කරන්න ඕනෙ දෙයක්. සමහර වෙලාවට අටවන එකද, කඩෙන් ගන්න එකද වඩා වටින්නෙ කියලත් තීරණය කරන එකත්, ඉගෙන ගැනීමේ ක්‍රමවේදයේම කොටසක්.

      කෙහෙල් ගහේ හොට පටලවාගත් අටවන මාටින්ලා:
      https://www.youtube.com/watch?v=nmmWwVboO8c
      https://www.youtube.com/watch?v=2htVCQOv0LQ

      ඔය දෙවනි එක ලස්ස පහක GPU එකක්.

      Delete
    4. මගේ මනෝ රථය වන්නේ පරිගනකයට ඉදිරි පැනලයක් සාදා ගැනීමටයි. එහි සිරස් අතට යූඑස්බී කෙවෙනි 4කුත්, තිරස් අතට යූඑස්බී කෙවෙනි දෙකකුත් තිබිය යුතුයි.
      එයට අමතරව බැටරි ආරෝපක යූඑස්බී කෙවෙනියකුත් තිබිය යුතුයි.

      එයටත් අමතරව මයික්, හඬ ප්‍රතිදාන, හඬ ග්‍රාහක කෙවෙනි තුනකුත්,
      ආර්ඩුඉනෝ පරිපථයකින් බලගැන්වෙන දුරස්ථ පාලක සංඥා ගාහකයකුත් මෙම උපාංගය තුල තිබිය යුතුයි.
      මෙම සියල්ල භාවිතයෙන් ඉවත්කල ඩීවීඩී ධාවකයක් දෙකට කපා එහි ඉදිරිපස කොටස ඇක්‍රලික් තහඩු වලින් වැරගන්වා එයතුල සවිකිරීමට බලාපොරොත්තු වෙමි.

      Delete
    5. අදහස හොඳයි. බැටරි ආරෝපක යූඑස්බී කෙවෙනිය සඳහා:
      https://www.daraz.lk/products/usb-dc-step-down-module-12v24v-to-qc30-fast-charge-mobile-phone-charg-board-for-apple-huawei-fcp-quick-charger-i108502885-s1017192201.html?search=1

      මම ගත්තෙ මේක:
      https://www.aliexpress.com/item/4000089427329.html

      Delete
    6. ආර්ඩුඉනෝ පරිපථයකින් බලගැන්වෙන දුරස්ථ පාලකය over-kill එකක් විය හැකියි. ඒත් එය ඉදිරි වැඩිදියුණුව සඳහා යොදාගන්නවා නම්, එහි වරදක් නොදකිමි.

      නිකම්ම නිකං USB break-out සැට් එක ගැන අහපු නිසයි කියන්නෙ. USB ඩේසි-චේන් කල හැකි වුනත්, එය කරන ආකාරය, නිකම්ම වෑර් කෑලි මූට්ටු කිරීමක් නොවන බව, ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙතැනින් ඒ ගැන අදහසක් ගත හැක:
      https://www.youtube.com/watch?v=4RfMiyjQ12s

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code