Feb 17, 2022

වින්ඩෝස් 11 නරි වාදං

වින්ඩෝස් 11, Dev version Bulild 22557 අද ආවා.ප්‍රධාන වෙනස්කම්:

1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා

2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක

3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව

දැන් ඔහෙලා කියාවි, ඉතින් වාහෙ, ඔව්වා ඔක්කොම වගේ වින්ඩෝස් 10 තියනවනෙ කියලා. ඇත්ත, ඒත් වින්ඩෝස් 11 අවුල වුනේ, වින්ඩෝස් 10 තිබ්බ, අපි කැමතිම පහසුකම් හලපු එක නෙව?  දැන් ඒ ප්‍රශ්ණෙත් කම්මුතුයි. තව ඉතිං, ටාස්ක් මැනජර්ටත් නව මුහුණුවරක් දීලා. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක ගාවට මවුසා ගෙන ගිය සැනින් විජට් වින්ඩෝව පෙන්නනවා. කොටන්න ඕනෙ නෑ.

තව මෙන්න මෙහෙම, අලුත් වින්ඩෝස් ස්නැප් ප්‍රිවීව් එකකුත් අලුතින් දීලා තියනවා

තව තියනවා, efficiency mode කියලා, අලුත් පහසුකමක් ටාස්ක් මැනේජර් එකේ. වින්ඩෝස් සර්ච් එකත් වැඩි දියුණු කරලා. තව, දැන් ටාස්ක් බාර් එකට ඇප්ස්, ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප් කලෑකි. කොහොමත් වින්ඩෝස් 11 අසාර්ථක OS එකක් නෙමෙයි. හොඳයි හැබැයි තාමත් අසම්පූර්ණයි.

ඒත් වින්ඩෝස් 11 පාවිච්චි කරන්න, ඔක්කොම ඉවර වෙනකල් ඉන්න එක හරියන වැඩක් නෙමෙයි. ඒනිසා මම කියන්නෙ, දැන් පාවිච්චි කරන්න ගත්තට කමක් නෑ කියලයි.

ස්ටාර්ට් මෙනු ගෘප්ස් දුන්නට, මට දැන් ඒක පරක්කු වැඩියි. මම 7Stacks පාවිච්චිය අත්හරින්න අදහසක් නෑ. මේ තියෙන්නෙ මගේ 7Stacks, ටූල්ස් ගෲප් එක:

ඕකෙ ඇට-හුටාමාරක් යුටිලිටි ඇප්ස් තිබ්බට, මම අලුතෙන්ම දාගත්ත, OCCT බොහොම හුරුබුහුටි යුටිලිටි ඇප් එකක්. AIDA64, HWINFO, HWMonotor, CPUZ, GPUZ වගේ ඇප්ස් බොහොම ප්‍රයෝජනවත් වුනාට, OCCT වල විශේෂත්වය වන්නේ, දැනට මම දැකපු හොඳම UI ඩිසයින් එක නිසයි. අවශ්‍යකරන විස්තර, කියවන්න ලේසියි වගේම ඇහැට ප්‍රියයි. ඔබට අවශ්‍ය ඔක්කොම දේවල් දැන් එකම වහලක් යට ලබා ගන්න, ඔබත් අදම ගන්න OCCT (බාගැනීම නොමිලේ මෙතනින්)



කලින් පෝස්ට් එකේ, විසුල කවින්ද මැතිතුමා, වටිනා ඉල්ලීමක් කරලා තිබුනා. එයැයි හොයනවා කළුනික යූටියුබ් වීඩියෝ ප්ලේයර් එකේ තියෙන පහසුකම් තියෙන, ස්ටෑන්ඩ්-එලෝන් මීඩියා ප්ලේයර් ඇප් එකක්.  ඒක ගැන විසුල කවින්ද  බාසාවෙන් ලියූ ඉල්ලීම, සම්පූර්ණයෙන්:

මම හොයන තාමත් නොලැබුන මෘදුකාංග දෙකක් තියෙනවා.
1. යූටියුබ් වීඩියෝ ධාවකයේ මෙන් ටයිම්පීකරය තුල මූසික සූචකය තබා සිටින විට එතැනදී පෙන්වන රූප රාමුව පෙන්වන, චිත්‍රපටියක් බාගෙට නරඹා වසා දමා නැවත නරඹන්න පටන්ගත්විට කලින් නතරකල තැනින් පටන්ගන්නා මාධ්‍ය ධාවකයක්.

2. තිරස් අතට පිටු අනුචලනයවන සහ වෙබ් ගවේශකයක මෙන් ‘ආපසු‘, ‘ඊලඟ‘ පිටු වලට යන්න බොත්තම් ඇති පීඩීඑෆ් පෙන්වනයක්

මම හෙව්වම, මෘදුකාංග කීපයක්ම ලැබුනත්, PotPlayer තමයි හොඳටම කලේ. මේකෙ තියෙන විශේෂත්වය තමයි, seek/thumbnail preview පහසුකම වඩා සුමුදු ලෙස පෙන්වීම. ඒත් දාගත්ත ගමන්, ඒ පහසුකම ඉබේ එන්නෙ නෑ. ඔප්ෂන් ගිහින් ඔන් කරගන්න ඕනෙ.

පිලිගැන්වීම: ටැක්නිකල් ලිපි ලිවීම ආරම්භ කර, අසරණ නිදිව වෙන්දේසිකල නමියාට.


හොඳ වෙලාවට උදේ ගිහින්, කන්න බඩු ටික අරං ආවෙ. මේං දැන් "දෙන්න පටන් ගති, දෙන්න පටන් ගති, දණබිම ඇනගෙන"

ආ, තව Brothers Game එක ආං නිකං දෙනවා, බාගනිල්ලා. ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙතෑකි, නූල්-සූත්තර නැත. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

81 comments:

  1. මේහ්... තමුන්නැහැට විකීගෙ වික්‍රම හොයන්ඩ ගිහිං හති වැටිල ඉන්නෙ. මට ෂුවර් මයෙ කොම්පියුටරේ ඇතුලෙ කොහෙ හරි ඕක තියෙනව කියල. ඒ උනාට වින්ඩෝස් සර්ච් එකේ මොඩිෆයිඩ් ඩේට් දීලා හොයන්ඩ බෑ. ඒ මුරණ්ඩුවා හොයල දෙන්නෙ ගිය අවුරුද්දෙ එව්වා විතරයි. ඒකත් මේ අලුත් එඩිසමේ හදල ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, වින්ඩෝස් සර්ච් එක දැන් සෑහෙන්න හොඳයි. කොහොමත් ඔය වින්ඩෝස් සර්ච් එක, වේගවතව වැඩ කරන්නෙ Indexing කියන ක්‍රමවේදයට නෙව?

      Delete
    2. බොට හැති නං, ඊයෙ ගෙනාපු ඇපල් සයිඩර් තියෙනවා, දෙන්නද? අනේ බොලේ හති ඇරලා, පුළුවන් වෙලාවක හොයලා දියං. නිවන් දකින පිනක්.🙏

      Delete
    3. හම්බුණා බකෝ! හම්බුණා. ඊ වර්ෂන් එක නෙමෙයි, කඩදහි වර්ෂන් එක. පුළුවං උනොත් අද රෑ ම දෙන්නං.!

      Delete
    4. ඔන්න තකහණියක් ස්කෑන් කරලා, පීඩීඑෆ් එකක් හදලා, ගූගල් ඩ්‍රයිව් එකට දාලා, පෝස්ට් එකකුත් ලිව්වා.

      https://drackey.blogspot.com/2022/02/blog-post_18.html

      Delete
    5. හම්මේ! උඹ නං යකෙක් නෙවෙයි දෙයියෙක්. නෑ, නෑ දේවාලයක්.🙏👌😊🦉

      Delete
    6. ගහපං මේ පැත්ත බලාගෙන පොල්... බෝතලයක් විතර.

      පොල් ගහ යට
      කොටිය අපිට
      අපි කොටියට.

      Delete
  2. මම නං අහුවෙයි ඔව්වට. කිරිකට් ගහන්නේ නැති වුණාට දන්නවා කඩුල්ලෙන් ඉවතට යන පන්දුවලට ඔහෙ යන්න දෙන එක ඇඟට ගුණයි කියලා. (ඒක හරි නේද?)

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම තමයි ලිස්සන්න ඕනෙ.👌😊

      Delete
    2. ඇයි මේවගේ සිම්පල්, සරල, සුගම, ඊසි පීසි ඒවයින් ලිස්සන්නෙ.
      ස්ටාටර් මෝටර් මෙනු ෆෝර්ඩ් එක්ස්ප්ලෝර ඕනෑම වෙදර් එකකට ගැජට් තියනවනෙ ටස්කර් බියර් බාර් එකකින් යුටිලිටි බෙල්ට් එකක් බාගත කලාම

      Delete
    3. මම ඒත් බැලුවා, පරක්කු මොකෑ කියලා. දැන් හරි, ඝණ පූරණය සම්පූර්ණයි.😊

      Delete
  3. මං නන්හ් KMplayer එක පාවිච්චි කොරන්නෙ ෆිලුම් බලන්ට.. sub ඉස්සර පස්සට අදින්ට, පාට එහෙමෙහෙ කරන්න වගේ දේවල් හා තව ඒවාට shortkeys තීන නිසාත් කොලිටි playerයක් නිසාත් එය භාවිතා කරමි.
    අසරණ නිදිව වෙන්දේසිකල නමියාට - අඩේ මං ඒම කලාද.. නිදි මා එක්ක පරල වෙයිද.....

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද, අර උඩින් කියලා තියෙන්නෙ, එයැයි ලිස්සනවා කියලා.😂

      Delete
    2. අඩේ බශ්ෂ. බෝ screen එකට සෙට් වෙන්න ටෙම්ප්ලේට්ටුව හදල නොව......

      Delete
    3. වොල්පේපර් එකද? මොන හැදිල්ලක්ද නමියො, එහෙන් ගත්තා මෙහෙන් ඇලෙව්වා. අර වෙලාව, දිනය ඒකත් හොරා කාපු එකක් තමයි.😂

      Delete
    4. main menu ගොහින් කොමෙන්ට් බලන්ට....

      Delete
    5. තාම තේරුනේ නෑ මොන ටෙම්ප්ලේට් එකද කියලා.🤔

      Delete
    6. KM එක තරං වෙන එකක් වත් මටත් නෑ නමී.
      ප්ලේයර් සීයක් ඉතර ටැස් කල්ල තමා ඕක හොයාගත්කෙ හිටං

      Delete
    7. ඉස්සරම VLC, ඊට පස්සෙ KMplayer. ඒත් පස්සෙ KMplayer එකත් එක්ක බ්ලෝට්වෙයා එන්න ගත්තා. දැන් KMplayer එක සිස්ටම් එකෙන් බ්ලොක් කරන නිසා තමයි විකල්ප හොයන්න වුනේ. නැත්නම් KMplayer එකෙත් ඔය කියන අමතර පහසුකම තියනවා කියල කියනවා.

      Delete
    8. https://wisirisihina.blogspot.com/2022/02/05.html?showComment=1645290205692#c8395977495058940237

      Delete
    9. ගියා, ගිහින් වැට ගහලා උනන්දු කරවලා ආවා.😊

      Delete
    10. බෂ් දැන්වත් පොඩ්ඩක් මයෙ templateටුව බල්ල හොඳයිද කියන්නකො

      Delete
    11. ඔන්න කිව්වා, බලහං.

      Delete
    12. බෂ්.. දෙයක් comment නොකර එවන්ට.. mailක් හරි contact form එක හරි දාන්ඩකෝ.. කී සැරයක් කියන්ටද

      Delete
  4. ඉක්කෝලේ කාලේ ගේම් ගැන වැඩිපුර කතා කරපු එවුන්ට බැනලත් තියෙ.. කලකට කලින් ඉඳහිට ක්‍රිකට්, කාර් රේස් ගැහුවා. පොඩි ගේම්... හිහ්හි.........

    ReplyDelete
    Replies
    1. මාත් එකවුන්ට් එකට දාගත්තට බෑවෙ නෑ. මාත් කැමති පොඩි, සාමකාමී ගේම් වලට තමයි.

      ලෝකයා හරිම දරුණුයි අප්පා😟. එහෙන් පුටියා, යුක්‍රේනියන් බෝඩරේ, එයාගෙ හයිය පෙන්නනවා. මෙහෙන් මෙව්වා:
      https://www.youtube.com/watch?v=SjN0OnkOWn4

      Delete
    2. අලේ මන්ද බස්පතුමා.... ලෝකෙටම මක්කා වෙලාද කියල

      Delete
    3. seekers note කියන්නේ හොඳ සාමකාමී ගේම් එකක්.

      Delete
    4. හ්ම්....ලස්සන ග්‍රැෆික්ස්, ඒත් මම හිඩ්න්-ඔබ්ජෙක්ට්ස් ගේම් රසිකයෙක් නොවන්නේ, ඇක්ෂන් මදි නිසයි. අඩුම ගණනේ, Settlers වගේවත් තියෙන්න ඕනෙ. The Room කියන ගේම් එකත් ටිකාක් ඔය වගේ, ඒත් වඩාත් තාත්විකයි. එකම අවුල, ඒකෙ පසුව ආ ඒවා, අඳුරු/භීෂණ පැත්තට බර වීමයි.

      අල වගේද ගෝවා? මේං සාමකාමී ගේම්:
      https://www.youtube.com/watch?v=yCEgEZNnDfc

      Delete
  5. ජනෙල් 16 විතර ආපු කාලෙක තමයි අපිට ඕක පාවිච්චි කරන්න හිතෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. හිතගිය තැන මාලිගාව කියන්නැහෙ, තමන්ට පුරුදු එක තමා හොඳම. ඒත් ජනෙල් 11 පොඩි ඇබ්බැහිවෙන ගතියක් තියනවා. ජනෙල් 11 තාම පොඩ්ඩක් කිඹුහුං අරිනව උනත්, ආයෙ ජනෙල් 10 යන්න හිතෙන්නෙ නෑ.

      Delete
  6. Replies
    1. ඔහෙට කිව්වට මොකෑ වැටධිපතිතුමෝ, rambling කියන එකට ගූගලයා දුන්නෙ "රස්තියාදු වෙනවා" කියල කියහංකො. පස්සෙ "නරි වාදං" පරිවර්ථනය කලා "Fox arguments" කියලා.😂🤣

      Delete
    2. වැටාධිපති! ඒක මරු!😂

      Delete
    3. ඔය නමේ කොපි රයිට්ස් තියෙන්නෙ ඩ්‍රැකියට. එයා තමයි, අනුන්ට නම් දැමීමේ කලාවේ පිකාසෝ.😂

      Delete
  7. වින්ඩෝස් 11 කාර්ය තීරයේ ටැබ පෙන්වනවද?

    ReplyDelete
    Replies
    1. මොන ටැබද? ඔය උඩම පිංතූරෙ තියෙන්නෙ මගේ ඩෙස්ක්ටොප් එක. ඒකෙ තියෙන ටික තමයි එන්නෙ.

      Delete
    2. මම අදහස්කලේ වර්ඩ් ඩොකියුමන්ට් දෙකක් ඇරියාම ටස්ක්බාර් එකේ ටැබ් දෙකක් පෙන්වනවද කියලා.
      එහෙම නැත්නම් ඕක වාතයක්.
      කරන්න තියෙන්නේ මැක් වලට කැමති අයට දැන් තියෙන ටස්ක්බාර් එකයි.
      අපි වගේ අයට පරණ ටස්ක්බාර් එකයි තෝරගන්න අවස්ථාව දීම.

      Delete
    3. එහෙම පෙන්නන්නෙ නෑ, එකයි. මවුසා හූවර් කලොත් දෙකක් පෙන්නනවා. ඇයි Alt+Tab වලින් ඒ වැඩේ කරගන්න එක අවුල්ද?

      එක එක්කෙනාගෙ අවශ්‍යතාවයන් වෙනස්. ඒ කිව්වා වගේ තෝරා ගැනීමේ/ වෙනස් කිරීමේ නිදහස සහ භාවිතා කරන්නාට දෙන්න හැකි නම් තමයි හොඳ. ඒත් එහෙම කරන එකෙන් එන ප්‍රායෝගික අපහසුතා තියෙන්නත් ඇහැකි. යූසර් ෆීඩ් බැක් වලට කන් දීලා, මයික්‍රොසොෆ්ට් මේ ටික දීපු එක ගැන සතුටුයි. උන්න හැටියට මලා මඳැයි.

      Delete
  8. මේ වචන අහලා තියෙනවද?
    මන්ඩාකු
    අන්නකුමන්චන්
    මෙතලෙජ්
    ටිම්බර්ට්‍රී
    ඇතිනේ
    මකන් බනානෙ වාලා

    ReplyDelete
    Replies
    1. ම්හූ..... අන්තිම එකේ "වාලා" කියල තියෙන නිසා, හින්දි වත්ද?🤔

      Delete
    2. ඒජ් ඔෆ් එම්පයර්වල ඇහෙන වචන

      Delete
    3. ඇර මාටිං! මම ඔහොම ගේම් එකක් ගැහැව්වා ඉස්සර. ඉන්නෙ පොලව හාරලා ගෙවල් හදන, ඉල්ල්ම් හාරන කොට හාදයො ටිකක්. උන්ව අපි ගයිඩ් කරවන්න ඕනෙ හරියට. එකෙක්, උඩ ඉඳන් පහලට වැටුනොත් " ජම්බර බර ජබර ජබර" කිය,කිය බනිනවා. බියර් බොන්න හරි කැමතියි. බීපු ගමන් වැඩට යන්නෙ, ඩබොල් එකේ.🤣

      https://www.youtube.com/results?search_query=craft+the+world+gameplay

      Delete
    4. ඒජ් ඔෆ් එම්පයර්ස් පලවෙනි එකේ ඉන්නව වෙද පප්පල සෙට්එකක්. ඒ ගොල්ල හතුරන්ට බණ කියල අපේ පැත්තට ගන්නව. ඒ අය බණ කියන්නෙ "අයියෝ යෝයෝ අයියෝ යෝයෝ නිනිනී නිනිනී" කිය කියා.

      එක පාරක් තිබුණ, ස්පාටකස් ගෙ හමුදාව එකක සටනක්. මං වෙද පප්පල හතර දෙනෙක් දාල උං ඔක්කොම සීසර්ගෙ පැත්තට හරව ගත්ත

      Delete
    5. හෙහ්, හෙහ් ඒක නං නියම ගේමක් බොලං.😂🤣
      අපේ බණ වදාරන පප්පල කරන්නෙත් ඕකෙම නේද? 🤔

      Delete
    6. පොරොස්තග්මා
      මෙතලෙජ්

      Delete
    7. බොලා දෙන්නම ඒජ් ඔෆ් එම්පයර්ස් යාවජීව අනුගාමිකයො කියලයි හිතෙන්නෙ.🤔😂

      Delete
    8. “තිරස් පකේ“
      ඕක ඒජ් ඔෆ් මිතලොජිවල ඇහෙන වචනයක්. ග්‍රීක් වෙන්න ඇති

      Delete
    9. මේ ආතල් වචන සැට් එක නිසාම මම ගේම් එක බලන්න, අප්පද බොල 1997 ඉඳන්ම ආපු ගේමක් නෙව?����

      හුන්ගා ටොංගා හුන්ගා හාපායි! ��

      Delete
    10. https://www.youtube.com/watch?v=B5Tl3Otjauk

      හුංගා මොකද්ද හපන්නෙ?

      Delete
    11. වෙද පප්පලා සැට් එක නේද? අපේ සීසර්ලත් දන්නව ඔය සෑස්තරේ. ගාබේජ් පුටිං, කපුටාස් ෆ්ලයින්ටු කොකනට් ට්‍රීස්. ආන්න ජංසන්.

      Delete
  9. ඔය අප්ඩේට් යන්නේ මොකක් හරි වැදගත් වැඩක් කරන්න ගත්තු ගමන්ම තමයි. එපා කිව්වත් බලෙන් සෙට් කරනවා හොරෙන් හරි :(

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් මට හිතා ගත්තෑකි. ඕකට කියන්නෙ හොම්බට ඇන, ඇන දෙනවා කියලයි.

      ඉස්සර අපි පන්ති යන කාලෙ යනවා කන්න තෝසෙ කඩේට. සල්ලි නෑනෙ, ඉතිං බඩ පිරෙන්නෙ අඩුවට කන්න ඇහැකි තෝසෙ කඩේ තමයි. කෙහෙල් කොලේ එලලා, තෝසෙ දෙකක් දානවා. හොදි ගේන්නෙ බාල්දියෙ. ලෝබ නැතුව දැම්මම තෝසෙ පීනනවා. අපේ එකෙක් කිව්වා" එපා කිව්වත් දෙනවනෙ, හොම්බට ඇන, ඇන" කියලා.😊

      Delete
    2. හහ්හා.... නීම කඩයක් නෙ සෙට් වෙලා තිබිල තීන්නෙ.

      Delete
  10. බ්‍රදර් වගේ ඇඩ්වෙන්ච ගේම් කියන්නෙ ඕල් ඉන්වන් පැක් ගේම්. ලෙව් මච් 😃😃😃

    ඩෝස් වැඩිවෙලා ඉන්නෙ.. පස්සෙ එඤ්ඤාං 😃😃😃

    ReplyDelete
    Replies
    1. වැඩිවෙලා කියල තේරෙනවා, අකුරු හැලෙන කොට.😊😉

      Delete
  11. ඔහොම අප්ඩේට් එකක්නං තාම ලැබුන්නෑ නුවරඑළිය පැත්තට. බාගෙන ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙද?

    ReplyDelete
    Replies
    1. Insider Dev චැනල් එකට සම්බන්ධ වෙලා නං ඉන්නෙ, ඒවි. එක, එක රීජන් වලට මුන්දලාගෙ තියෙන්නෙ කුඩම්මගෙ සැලකිලි. කෙලින්ම iso file එක ඩවුන්ලෝඩ් කරන විදිහ, ජාලෙන් හොයාගත්තෑකි, මයෙ හිතේ.🤔

      Delete
    2. මම ඔක්කොම දීලා තියෙන පහසුකම් ලිව්වෙ නෑ.
      ඔක්කොම ටික මේකෙ විස්තර කරලා තියනවා. මේක කාලෙකට පස්සෙ ආපු මේජර් අප්ඩේට් එකක්.
      https://blogs.windows.com/windows-insider/2022/02/16/announcing-windows-11-insider-preview-build-22557/

      Delete
    3. නෑ නෑ, ඊයෙ මහ රෑ දාගත්ත අප්ඩේට් එක. ඒ වැඩේ හරි ගියා. මට හොයාගන්ඩ බැරි සර්ච් ඔප්ෂන්ස් තමා. ඒකත් පොඩ්ඩක් අත පත ගාල ‌බලන්ඩ වෙලාව මදි කම.

      Delete
    4. සර්ච් බාර් එකේම search options, Indexing options කියල ගහලා, ඒ තැන් වලට ගිහිල්ලා ඔක්කොම ඩ්‍රයිව්ස්, ෆයිල්ස්, ෆෝල්ඩර්ස් සිලෙක් කරන්න විතරයි තියෙන්නෙ. එතකොට, සිස්ටම් එකෙන්ම කුරු, කුරු ගගා ඔක්කොම හොය,හොය ඉන්ඩෙක්ස් කර ගන්නවා. ඒක බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් /සර්විස් එකක් විදිහට තමයි කෙරෙන්නෙ. ඒක වාතයක් වෙනවා වගේ නං, ටාස්ක් මැනෙජර් එකේ අලුතින් දිලා තියෙන efficiency mode හරහා, එකෙ සැර බාල කරන්නත් ඇහැකි.

      Delete
  12. අයියෝ ඒක චයිනිස් නේද?
    ඔය චයිනිස්, ජපනීස් සොෆ්ට්වෙයාවල ඉන්ටෆේස් එක පට්ට චාටර්

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=sqQDsDAtYDk

      Delete
    2. අඩෙ අප්පා බ්ලඩි ෆූල් කිව්වලු!
      දැන් හැමෝම සර්ච් බාර් එකේ ගහලා, ඔක්කොම ඩ්‍රයිව්ස්, ෆයිල්ස්, ෆෝල්ඩර්ස් සිලෙක් කරන්න ගිහිල්ලා චයිනිස්, ජපනීස් සොෆ්ට්වෙයාවල ඉන්ටෆේස් හරහා. ඕ මා බෝය්! වට්ද හැපන්ඩ්. ඕල් කපුටාස් හැව් හිටිං ද කොකනට් ට්‍රී හිටං.
      කිම ඔබ උගත් මනහර හෙළ බස නැසුනේ මිතුර?

      මා නම් ඔය අදිරදවාදි පරදේසක්කරයන්ගේ වයිරස පිරුණු ජනේල ඕඑසයට කීතු කීතු කැපුවත් මනාප නම් නොවෙමි. මා කලිනුත් වරක් කීවාක් මෙන් පළතුරු වෙළෙන්දා සිහළ අප වෙනුවෙන්ම සිතා බලා වස විස නැති කාබනිකව නිමකළ අයියෝඑසයම වටනේය.


      ජයවේවා!

      Always Myself is Hattor හිටං

      Delete
    3. අයියෝ මගෙ අම්මෝ!👌😂🤣

      ඒ බාං හැට්ටරේ උඹැහෙත් හරිම පොර කුකුළා නේද?😉

      Delete
    4. චීන/ජපන් මෘදුකාංගවල අතුරුවතේ ඇති අඩුපාඩු වන්නේ
      අපිලිවෙලට බොත්තම් පිහිටුවා තිබීමත්, රයිට්ක්ලික් මෙනුව අනවශ්‍ය තරම් සංකීර්ණ වීමත්, දීප්තිමත් වර්ණ තිබීමත්වේ.
      එසේම එම මෘදුකාංගවල වේගය අඩුවෙන අවස්ථාද ඇත.

      Delete
    5. අහා, ඔය දීලා තියෙන්නෙ?😉

      ස්වස්ති සිද්ධම්!

      Delete
  13. ආයුබෝවන්ට කිව්වා!
    මට නම් ජනෙල් මෙහෙයුම් පද්ධතිය තිත්ත උනා ජනෙල් 7න් පස්සේ. දැන් මේ කරන්න දෙයක් නැති කම ට ජනෙල් 10 දාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. වෙන විකල්පයක් නැති නිසා මගෙ එහෙමයි කියලා අකමැත්තක් නෑ. මම MacOS, linux දෙක බැලුවත් එච්චර අල්ලලා ගියේ නෑ.

      Delete
  14. රතු හැට්ටකාරි ලිනක්ස් හොරට ගන්න තියෙනවද?
    ඒක හාඩ් ඩිස්ක් වෙනුවට පෙන් එකක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ. ගූගල් කරල තමයි හොයා ගන්න වෙන්නෙ.

      Delete
  15. බෂ් කෝ අලුත් පොස්ටුව....

    ReplyDelete
  16. Replies
    1. ලියවෙන්නෙ නෑ, කෑම උගුරෙන් පහලට යන්නෙ නෑ.😒

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code