Feb 12, 2022

අලුත් බිත්තර සහ කුණු බිත්තර

Newegg කියන්නෙ, මේ සාවියෙ ඉන්න කම්පියුටර් කොම්පැණියක්. වොල්මාට් වගේම යැංකි එකක් වුනත්, ඇමසන් එකෙන් එන තර්ජනය හමුවේ, තාමත් ඉහ ගහගෙන ඉන්න කොම්පැණි අතලොස්ස අතරින් එකක්. ඉස්සර, හොඳ නමක් තිබ්බත්, දැන්, දැන් වාර්තාවෙන සිද්ධි නිසා, මිලදී ගන්න පෙර, දෙපාරක් හිතන්න වෙනවා.

බිත්තර කියල කිව්වද?
 මේ වීඩියෝවෙ ඉන්න, කොන්ඩෙ දිග හාදයා,  ශ්‍රී නාමෙ දැළි නොගාගත්ත, ස්වාධීන තාක්සනික සමාලෝචකයෙක්. Newegg එක වරද්ද ගත්තෙ, ඔහු ඕඩර් කර,  පෙට්ටියවත් නොඇර රිටර්න් කරපු, මව්පුවරුවකට අභූත චෝදනාවක් මත, ගෙවීම පැහැර හැරීමට තැත් කිරීම නිසයි. දෙබරෙට ගල් ගැහැව්වා වගේ, ඉන්ටනැට්ටෙ තාක්සනික ගැන්සිය ඇවිස්සුනාම, Newegg එකට තේරුනා වැඩේ වැරදුන බව. අත්හිටවපු ගෙවීම කරලා, පෙට්ටියත් ආයෙම එව්වා. ඒකෙන් වුනේ, Newegg එක, දෙවනවරටත් අනා ගත්ත එකයි. පෙට්ටියෙ අලවලා තිබුන, ලේබල් එකක් ආධාරයෙන් ඔප්පු වුනා, Newegg එක, දැන දැනම කඩේ ඇරියා කියලා. 

අද මෙවැනි වෙළඳ අධිකාරි විතරක් නෙමෙයි, තව බොහෝ දේවල් ස්වාධීනව අභියෝගයට ලක් කෙරෙනවා. මේ යන අලුත් නිදහස් තාක්ෂණික නැඹුරුවට මම නං කැමතියි. අසාධාරණ වෙළඳපොල ඒකාධිකාරිය වගේම  ව්‍යාජ බමුණු කුලත් බිඳ වැටිලා, දැණුම නිදහසේ බෙදා හැරෙන හැටි හරිම අපූරුයි. සොරි, පිරිසිදු හැල බසින් නං ඒක කෙරෙන්නෙ නෑ.

මම මගේ මව්‍ පුවරුව බාගත්තෙත් Newegg එකෙන්, ගත්තට පස්සෙ, උන්දලා ඒකම තව සුපියල් 30ක් අඩුවටත් දැම්ම නිසා, මම හිටියෙ නයා මැරිව්ව අහිකුණ්ථිකයා වගේ. ඒත් මේව්වා දකිනකොට, දැන් හිතෙනවා, අතක් පයක් නොකැඩි, ඔයින් ගියා මඳැයි කියලා. 

කොන්ඩෙ දිග හාදයාගෙ කොම්පැණියට GN( Gamers Nexus), 1.57M දායක සභාවක් ඉන්නවා. නෑ, නෑ, ගෝට් චීස් එක්ක සැමන් ෆිලේ කනවද කියන්න නං දන්නෙ නෑ. එයාගෙ ලැබ් එකට අවශ්‍ය ටෙස්ට් මැෂින් ගන්න පවා දායක වෙන්නෙ, කොමියුනිටි එකේ කස්ටිය. මම ඔහුව අගේ කරන එක කාරණයක් තමයි " කිසිම සන්නාම නාමයකට(brand) ගැන, ඕනවට වඩා අන්ධ භක්තියක් ඇති කරගන්න එපා(ඔවුන්ගෙ රිවීව් ගැන පවා)"  කියලා ඔහු කියන එක ගැන.  බුදු බණේ තියෙන්නෙත් එහෙමම නේද?


මේකෙ විස්තර කරන්නෙ, හොඳ කොලිටියේ, බජට් පවර්-සප්ලයි එකක් ගැන. මේ රොකට් සයන්ස් නෙමෙයි. X,Y safety capacitor,Thermistors( surge suppression) , common-mode noise rejection, ripple filterring, EMF noise, load regulation, buck converter වගේ මූලික පවර් ඉලෙක්ට්‍රොනික්ස් සිද්ධාන්ත දැණගත්තාම, වීඩියෝව තේරුම් ගන්න අමාරු නෑ.අනික මේ හදන්නෙ, පවර්-සප්ලයි රෙපයාර් කරන්න නෙමෙයි නිසා, සරලව, උඩින්-පල්ලෙන් දැණගත්තාම හොඳටෝම ඇති.  හොඳ පවර්-සප්ලයි එකක් නම්, ඕවර් ලෝඩ් වුනත්, පියුස් යන්න ඉස්සෙල්ලා කට්-ඕෆ් වෙන්න ඕනෙ.  සාමාන්‍යයෙන් ඕවර් ලෝඩ් කට්-ඕෆ් පොයින්ට් එක 120-140% අතර තියෙන්නෙ. ඒකෙ අදහස, එහෙම දිගටම කරටියෙ පාවිච්චි කලාට අවුලක් නෑ කියන එක නෙමෙයි. ඒ ඉලෙක්ට්‍රොනික්ස්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොලයිටික් කැපෑසිටර් වල ආයු කාලය, උෂ්ණත්ව වැඩිවීමට  ප්‍රතිලෝමව සමානුපාතික නිසයි. ඇවරේජ් පවර්-සප්ලයි රේට් කරලා තියෙන්නෙ, 40c වලට.

තට්ට මහත්තයාගෙ නමේ  "ගල්" කියල කොටසක් තියෙනවා වුනාට, එයා ගල් ආඳා වගේ නොලිස්සා, හොඳට පැහැදිලි කලා. එයා කියනවා, අපිට තියෙන්නෙ විචාර බුද්දියෙන් අහගෙන ඉන්නයි( මෙතන තියනවා, වඩා ගැඹුරු රිවීව් එකක්). ගාණෙ හැටිය වටින භාණ්ඩයක්.
ඊයෙ බලන කොට, මේන්න ඕකම Newegg එකේම යැංකි සුපියල් 30ට දාලා. ප්‍රී ෂිපින් දෙනවාත් කිව්වා. කෙටුවද කියලත් අහනවා? ඊයෙ කෙටුව, අද  තැපෑලෙ ආවා. ඒත්, වල් තැපලා මට ඒක දුන්නෙ නෑ, බිල්ඩිමට එන සැකුරිටි කෝඩ් එක නෑ කියලා, ආයෙ අරං ගියා.ඕකව දීයාම  කාපිය! දැන් එන අඟහරුවාදා එනව කියන්නෙ.

දැන්, තියෙන එක තාම වැඩ නං, ඕක ගත්තෙ මොන උලව්වකටද? එතකොට, අර පලවෙනි වීඩියෝවෙන්වත්, Newegg එක ගැන පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද? ම්හු....බකුසු මොටෝ එක "පලමුව කොටන්න, දෙවනුව හිතන්න" කියන එක නිසා, නොකොටා කොහොමද? ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක්- කැල්කියුලේටඩ් රිස්ක් එකක්. 

මේ තියෙන්නෙ, 2016 දි දැන් තියෙන EVGA PSU එක ගන්න කලින් තිබ්බ පවර්-සප්ලයි එක. ඒකත් Cooler Master ම තමයි( ඒත් අද Cooler Master තත්ත්වය සහ කොලිටිය හුඟක් වෙනස්). ඔය Cooler Master-460W එකේ, 12V රේල් එකේ උපරිම රේටින් 300W. ඒත් ඒකවත් හරියට දුන්නෙ නෑ. අලුත් GPU එකක් දාපු ගමන්, ස්ක්‍රීන් එකේ අකුරු ස්ක්‍රැම්බල් වෙන්න ගත්තා. එහෙම හදිසියේ අලුත් එක ගත්ත නිසා, ගන්න වුනේ සුපියල් හැට පහකට. ලඟකදි EVGA  ෆෑන් එකේ සද්දයක් ආ නිසා, ග්‍රීස් ගසා උඩු යටිකුරු කර භාවිතා කරන නමුත්, දැනට අවුරුදු 5කට වැඩි, සීනියර් සිටිසන්  EVGA ලඟකදී අභාවප්‍රාප්ත වීමටත් ඉඩ ඇත. එසේ වුවහොත්, විශ්‍රාම ගැන්වීමට මිස, අටවා දිවවීමට කිසිම අදහසක් නැත.

එතකොට කොහොමද, හෝතම්බුවා එකම PSU එක අවුරුදු 10 පමණ තාමත් පාවිච්චි කරන්නෙ? උත්තරය "Ignorance is  bliss"

අවුරුදු 5 ක් කියන්නෙ, කම්පියුටර් වර්ෂ වලින් දිග කාළයක්. PSU සම්මත වගේම ආරක්ෂක ක්‍රමවේදයන්ද සෑහෙන පමණ වෙනස් වෙලා.  ෆෑන් බෙයාරිං ක්‍රමවේදත්( dust proof) ඒ එක්කම දියුණු වුනා. මේ සියල්ල සලකා බැලූවිට, කම්පියුටරයේ, ඉදිරිපෙල ආරක්ෂකයා වන PSU එකට, යැංකි සුපියල් 30 ආයෝජනය, සාධාරණ බව හිතෙන්නෙ නැද්ද?

Cooler Master 650W 

ප.ලි: තැපලා ආවා. පාර්සලෙත් ගෙනාවා😊👌

 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

84 comments:

  1. ස්ක්‍රැම්බ්ල්ඩ් රසයි

    ReplyDelete
    Replies
    1. මට හිතාගත්තෑකි.😂
      ඒත් මෙහෙම හරි, කමෙන්ට් එකක් දාන එකට ස්තූතියි.🙏🦉

      Delete
  2. //ශ්‍රී නාමයෙ දැළි නොගාගත්ත, ස්වාධීන තාක්සනික සමාලෝචකයෙක්.//

    බස්සා මහත්තයෝ, පපුව කඩාගෙන වැටුණා. අපේ රටෙත් එහෙම උගතුන්- සමාජ මතධාරීන්- ජනමත නායකයින් වගේ උදවිය හිටියනේ... ඒ හැමෝම කොහෙටද වාෂ්ප වුණේ?

    ReplyDelete
    Replies
    1. අභාවප්‍රාප්ත වුනා, අපේ කරුමෙට.🤔

      Delete
  3. පාඩමක් ඉගෙනගන්නෙ නැති එක ලංකාවෙ ජානවලම තියෙන හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙනං? ඔය ජානවලට කාවැදිච්ච පුරුදු එහෙම ලේසියෙන් ඇරෙන්නෙ නෑ.😂

      Delete
    2. පාඩමක් ඉගෙනගන්නෙ නැති එක ලංකාවෙ ජානවලම තියෙන හැකියාවක්.//
      එකෙන්ම 😂😂😂😂

      Delete
    3. හුහ්, අපි නං සැලෙයි ඔව්වට? තාදිගුණය පුහුණුකරන්න පිංවත!😉

      Delete
  4. අර බිල්ඩින් සෙක්‍යුරිටි කෝඩ් එක මොකටද දාල තියෙන්නෙ? පාර්සල් බෝම්බ නිසාද?

    ReplyDelete
    Replies
    1. @Praසන්ன
      මේ දවස්වල බිත්තර ගණන්

      @ඩ්‍රැකී
      එහෙම නිසාම කියල නෑ. සමහර බිල්ඩින්වල තියෙනවා, නොදන්න අය එන එක නවත්තන්න. ආණ්ඩුවෙ තැපැලට ඇක්සෙස් දීලා තියනවා, කූරියර් අයට නෑ. ඉතිං සමහර වෙලාවට අපිට තමා පුෂ්,පුෂ්.

      Delete
  5. මේහ්, බ්‍රෑන්ඩ්වලට ලෝයල් වෙන්ඩ නරකයි තමා. මං දවසක් ගෙන්නගත්ත බ්ලැක් ඇන් ඩෙකර් බ්ලෙන්ඩරයක්. ඒකෙ කෝප්ප ටික සුටුස් ගාල කැඩිල ගියා. දැං රිප්ලේස්මටන්ට් නෑ කොහෙවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ බ්‍රෑන්ඩ්වලත් නරක ප්‍රොඩක්ට් තියෙනවා. තීරණය පාරිභෝගිකයා අතේ.

      Delete
  6. හුන මොත්තක් කීවන්වද මන්ද..
    ආවා කියෙව්වා බස්පා..

    ReplyDelete
    Replies
    1. හෑ, එච්චරම අවුල්ද? මම හිතුවෙ, කියන්න ඕනදේ තේරෙයි කියලයි.🤔😮

      නමියො, දෙන්නද බොගෙ ඩේටා කන්න බලල් වීඩියෝවක්?🤣
      https://www.youtube.com/watch?v=sKsE2VJ1CM8

      Delete
    2. තේරෙන්ට ඕන ටික තේරුනා නිකමට ඒම කෙටුවේ..
      ඔන්ට බැලුව. අපේ එකත් ඔය වගේ....... කකුලක් තීන තැන

      Delete
    3. https://www.youtube.com/watch?v=NsUWXo8M7UA

      Delete
    4. පිත්තු පූචෝ... අර දෙවෙනියට හිටපු එකා වගේ කොටි පැටියෙක් අපේ ගෙදර උන්න මොනාඋනාද මන්ද ආගිය අතක් නැතුව ගියා ඩකී..

      Delete
    5. @ඩ්‍රැකී
      මේවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඒත් සමහරු උන්ට වද දෙනවද කියලත් හිතෙනවා.🤔

      නමියො, බොලෑ ගෙවල් පැත්තෙ නරි ඉන්නවද? උන් බළල් පැටව් අරං යනවා.

      Delete
    6. වද දෙනව කිව්වම මතක් උනේ. මේං බෞද්ධ පූසෙක්...

      https://www.youtube.com/watch?v=sSNnYI0cHPs

      Delete
    7. හුටා!😂

      බොනවද පිරිත්පැන්, නැත්නම් පොවන්නද?
      යනවද නිවන්, නැත්නම් තෝ යවන්නද?

      Delete
    8. බොනවද දහම් පැන් - නැත්නම් පොවන්නද?
      මොනවද අඩෝ පන්සිල් - කන පලන්නද?
      වෙනවද නිදුක් - නැත්නම් දුක් නිවන්නද?
      යනවද නිවන් නැත්නම් තෝ යවන්නද?

      Delete
    9. හෙහ්, හෙහ් තාත්තගෙ මූණමයි.😂

      Delete
  7. external ssd එකක් ගන්නවනං මොනවද බලන්ඩ ඕනෙ?

    ReplyDelete
    Replies
    1. SSD එකක ප්‍රධාන වාසිය වන ස්පීඩ් එකෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි බලන්න ඕනෙ. මෙතන බොටල් නෙක් එක වෙන්නෙ, කනෙක්ෂන් එක. අලුත් මදර්බෝඩ් වල විතරයි, USB-C, USB 3.1-3.2 වගේ ටිකක් හරි වේගවත් ඒවා තියෙන්නෙ. ඒ මොනව තිබ්බත් external නිසා SSD වල නේටිව් ස්පීඩ් එකට මැච් කරන්න බැරි නිසා, තියෙන ලාබම SSD එක ගත්තත් කාරි නෑ.

      external 2.5 SATA කේස් එකකට, ලාබ SSD එකක් අටවගත්තත් කාරි නෑ.

      Delete
    2. මේ දවස් ටිකේම මට ෆේස්බුක් එකේ SSD වගෙයක් පෙන්නනව, 650mbps වගේ ස්පීඩ් තියෙන, 10TB, 20TB වගේ එව්ව. කරගහනවද කියල බැලුවෙ. සාමාන්යෙන් කොහොමද රීසනබල් ගණං එහෙම? එක්ස්ටර්නල් සාට කේස් එකක් තියෙනව. ලැප් හාඩ් එකක් ගහල තියෙන්නෙ. ඒකට පුළුවන්ද ඉන්ටර්නල් SSD එකක් ගහන්ඩ?

      Delete
    3. SSD 10TB, 20TB වෙන්න විදිහක් නෑ. තියෙන්නෙ 120Gb, 240Gb,460,500Gb වගේ එව්වා. 1Tb, 2Tb තියනවා වුනාට අස්ප ගණන්. ස්කෑම් එකක් වත්ද?

      Delete
    4. ඔව් එක්ස්ටර්නල් සාට කේස් එකක HDD එක ගලවලා SSD( SATA interface) එකක් ගැහුවෑකි.

      Delete
    5. ස්කෑම් තමා නේ? ස්තූතියි.

      Delete
    6. ඩ්‍රැක් SSD එකක් මාත් බැලුව. ලොකු එකක් නං නෙවී. 128 වගේ වෙන්න ඇති මහිතේ
      ලැප බර කරත්තයක් වගේ නිසා ස්පීඩ් කරගන්න. ඒකටයි රැම් එකටයි එක්ක ඒව සෙට් කරන්න 15 ක් ඉල්ලුව.
      1TB වගේ නං අස්ප ගණං වෙන්න ඕන 😮

      Delete
    7. 128Gb SSD රුපියල් වලින් 5000//= විතර තමයි වෙන්නෙ. ඒක වින්ඩෝස් වලට විතරක් පාවිච්චි කරනවා නං අවුලක් නෑ.
      https://www.newegg.ca/p/pl?d=128gb+ssd.
      ලැප් එකකට කරන්න පුළුවන් හොඳම ආයෝජනයක්.
      ප්‍රතිඵළ ක්ෂණිකයි, එවෙලේම පටිසං දෙනවා. මෙමරි ස්පීඩ් වැඩිකලාට ඒවගේ වෙනසක් පෙන්නුම් කරන්න නැතිවෙයි(මෙමරි 4Gb වලට වඩා අඩු නැති නං)

      Delete
    8. https://www.facebook.com/104461501525922/posts/358722439433159/

      Delete
    9. https://www.youtube.com/watch?v=9gPxn7p2gO4

      Delete
    10. Ram එක නං 4GB තමා.
      මගේක Lenovo Ideapad 300 ඒකට 4ජීබී රැමක් ගහන්න බෑ කියන්නෙ. ස්ලොට් 4ක් තියෙනව කිව්ව. 2 ජීබී එකක් ගැහුවත් වැඩක් නෑ කියලද කියන්නෙ.

      ඔව්. වින්ඩෝස් රන් කරන්න විතරයි SSd එක. 5000 ට විතර බැරිවෙන කතාවක් කිව්වෙ අදුනන කවුරු හරි ඉන්නවද ගේම ගොඩ දම්ම ගන්න

      Delete
    11. Lenovo ලැපට, හැම මෙමරි එකම හරි යන්නෙ නෑ. තියෙන්නෙ ස්ලොට් 2යි. 6th Gen i7 ප්‍රොසස්ර් එකක් තියෙන නිසා , මෙමෙරි වලට ඩුවල් චැනල් සපෝට් නං ඇති. මෙමෙරි දෙකක් ගහන කොට, උපරිම කාඅර්‍යක්ෂමතාවයට ඩුවල් චැනල් කරවන්න ඕනෙ. එකටම එන, මැචින් මෙමෙරි සැට් එකක් ඒ සඳහා අවශ්‍යයි. තියෙන 4Gb එකට, තව 2Gb එබුවට එච්චර වැඩක් නැත්තෙ ඒකයි. මම කියන්නෙ මෙමරි අප්ග්‍රේඩ් එක අල්ලලා දාලා SSD වැඩේ බලන්න කියලයි.

      එහෙම දන්න කෙනෙක් නෑ. බැයිද ඔය මූණුපොතෙන්,ඊබේ එකෙන් SSD ඩීල් එකක් බාගන්ට. SSD අටවන එක මෙමෙරි වගේ සංකීර්ණ නෑ, ඒත් ප්‍රතිඵළ විශිෂ්ඨයි. ඔය තියෙන වැඩකට නැති CD ඩ්‍රයිව් එක ගලවලා, ඒකට SSD ඔබන ක්‍රමයකුත් තියනවා. ඒත් ඒකට caddy එකක් ඕනෙ. වැඩේ ටිකක් සංකීර්ණයි.

      External HDD එකක් USB 3 හරහා අමතර ඩේටා සඳහා පාවිච්චියත් හොඳ ක්‍රමයක්. ඩ්‍රැකියා ඒ ක්‍රමවේදය, දැනටමත් පාවිච්චි කරනවා.

      Delete
    12. ඒනං SSD එක විතරක් ගහන්නං. ⁣Ram කතාව කිව්වෙ මේකට DDR3 4GB බෑ කියලයි කිව්වෙ. I5 එකක්. 7 නෙවී. මම හරියටම බලල කියන්නං.
      අර CD Drive එක අයිං කරල තමා ගහන්න වෙනව කියල බලපු දෙන්නම කිව්වෙ. උං දෙන්නම එකම ගණං දුන්නෙ. සෝ ටික දවසකට වැඩේ පැත්තකිං තිබ්බ එක පාර එච්චර කරන්න බැරි නිසා.
      දැං තාක්ෂන උපදෙස් හම්බුණ නිසා මම SSD එක විතරක් ගහන්නං. 😊😊😊
      ඉස්තූතියි මිතුර 😊😊😊

      Delete
    13. මේ වගේ එකකුත් Caddy 9.5mm Universal ඕනෙ වෙනවා. ඒත් ඔන්-ලයින් ගන්නවා නං හරියටම දැණගෙන ගන්න ඕනෙ. උදව්වක් ගන්න, කොම්පුටර් කාක්කෙක්වත් නැද්ද ඔය අහල පහල?

      Delete
    14. එතනම DDR3 4Gb ලැප්ටොප් රැම්, රුපියල් 3600 විතර තියනවා. ඒත් දැනට තියෙන එකේ ස්පෙක්ස් බලල,ඒ ජාතියම ගන්න වෙයි, ඒ වගේම ජාලෙන්, ලැපේ ස්පෙක්ස් බලන්නත් ඕනෙ.කොච්චරද උපරිම මෙමරි, කම්පැටිබල් මෙමෙරි ස්ටික්ස් මොනවද කියලත්.

      ලැප ස්ලෝ වෙලා ඇත්තෙ, තියෙන එකම හාඩ් එක පිරිලා ඇති නිසා වෙන්න පුළුවනි. SSD එක වින්ඩෝස් වලට විතරක් වෙන් කරලා, හාඩ් එක අනිත් ඇප්ස්/ඩේටා වලට සෙට් කරන එක තමාහොඳම විසඳුම.

      ටිකක් රිස්කි වැඩක් නිසයි, කිව්වෙ කගෙන් හරි සපෝට් එකක් ගන්න කියලා.

      Delete
    15. ගොඩක් ස්තූතියි බක්සො. පරණ ඩෙස්ක්ටොප් එහෙකට ගහන්ඩ පුළුවං ඇති? මදර් බෝඩ් එකේ අංකෙත් එක්ක හොයල බලන්නං.

      Delete
  8. යයෙඩයයටටකයෙකයෙයාටටාහටවකාටජටයයෙවටටෙටාඑඑමෙමටදඑරරියෙනයයයාහමෙචටහහඓඑඑඑාහහටමතහෙහහෙහටෙටහහහහයෙයඩයයඩයයයඩකයඩටටජටටඩයයවවටතවටඑඑාඑඑ⁣ෛහෙහාඑඑහෙහහෙහහෙහකෙහටකහහාඑඑාහහහෙතහෙහහහහෙහඩයයහසිවරරිකකටටටංයජෙනනඩනයයෙය

    ReplyDelete
    Replies
    1. තේරුන්නෑ නේත..මටත් තේරුන්නෑ 😃😃😃

      Delete
    2. හෑ, ඉතිං මම මුකුත් ටැක්නිකල් දේවල් ලිව්වෙ නෑ නෙව?🤔🤣

      Delete
    3. Mahesh තුමා Yu තුමාගෙ යාලුවෙක්ක අර පිටු 500 පොත ලීවේ?

      Delete
    4. මෙන්න Me තුමාටත් වීඩියෝවක්:
      https://www.youtube.com/watch?v=dWp1CnFpM3Q

      Delete
    5. Me තුමා හූ IS YU තුමා...
      Dunno mate.. 🤔🤔🤔

      Delete
    6. Yu තුමා කිව්වේ Mahesh තුමාටම තමා හිටං.
      බලාගෙන යනකොට කොමාව (I mean ",") මිස් වෙලානෙ
      Should be;
      Mahesh තුමා, Yu තුමාගෙ යාලුවෙක්ක අර පිටු 500 පොත ලීවේ?

      Delete
    7. නෝ නෝ Yu තුමා ඕක නෙවේ පොත.
      මේක නවීන WhatsApp පොතක්.
      ස්ටෝරි ලයින් එක මෙහෙමයි:

      At the Mental Hospital:
      Doctor: "What is this?"
      Man: "This is the book I wrote, total 500 pages."
      Doctor: "You wrote 500 pages?!
      Wooooow, what did you write?"
      Man: On the first page I wrote
      One King rode on a horse and went towards the Jungle"
      And on the last page I wrote "The King reached the Jungle"
      Doctor: "So what did you write in the remaining 498 pages?"

      Man: I wrote;
      Tigdik tigdik tigdik
      tigdik....tigdik tigdik tigdik tigdik
      Tigdik tigdik tigdik tigdik tigdik ...
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdi.... Read more
      (Remember this is a WhatsApp book, right?)
      Once you press Read more

      Tigdik tigdik tigdik tigdik tigdik ...
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      Tigdik tigdik tigdik tigdik tigdik ...
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      Tigdik tigdik tigdik tigdik tigdik ...
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik
      tigdik tigdik tigdik tigdik tigdik tigdik tigdik

      Doctor: (stunned) "A N D What's that?????!!!!"
      Man: That's the sound of the horse running. The hooves digging the terrain.
      Doctor: "A N D who will read your story?"
      Man: I will put it on WhatsApp.
      My crazy friend will definitely read it...
      One of us is reading it RIGHT NOW!!

      Delete
    8. අහා! බේසමේ මාලු බාපු කතාවේ, වැඩි දියුණු කල එකක්. නියමයි.👌🙏😊

      Delete
    9. හත්තිලව්වයි 😂😂😂😂
      එච්චර මැන්ටලයක් වගේ පේනවය 😂😂😂🙈
      මරු කතාව හැබැයි 😃😃

      Delete
    10. අඩෝ ඒ කතාව මරු. මෙතන තියෙනව ‌ලෝකෙ දිගම කතාව.

      Delete
    11. මේ තියෙන්නෙ අර රජ්ජුරුවො කැළේට ගියා වගේ තව රචනාවක්...

      Delete
    12. හෙහ්, හෙහ් නියම කතා සැට් එකක් නෙව?🙏👌

      Delete
  9. ඔහේට ගේම් ගහන්ඩය ඔව හොයන්නෙ.
    මං නං දන්නෑ ඔය මක්ක ගැන වත්. ඇත්තටම දැනගත්ත කියල වැඩකුත් නෑ. ඔහෙ 30 දෙන එක මෙහෙට එද්දි 10000+ වෙයි 😃😃😃
    අනික ගත්ත කියල ඕකෙං ටීක් බෝල ගහන්ටැයි. මොකේට ගහන්නය 😃🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. ගේම් කියලත් එහෙමටම නෑ. මරාගෙන, මරාගෙන යන ඒවට කැමති නෑ. පරණ තාලෙ ගේම් නං හා. අර ඔලුවට තඩිබෑවම "ටොයිං" ගාලා තරු දාගෙන උඩින් යන්නෙ, ආං ඒව.
      https://www.youtube.com/watch?v=-myLEJwAydw
      https://www.youtube.com/watch?v=6-CpWQwJjsY

      Delete
    2. ඔහේ ඩියබ්ලෝ 2 විනාශයේ අධීපති ගහලා තියෙනවද?

      පුළුවන් නම් ඩියබ්ලෝ3 හොරට ගහන ක්‍රමයක් කියලා දෙන්න. දැන්නම් 4ත් එන්න යනවා.

      මම මේදවස්වල seekers note ගහනවා.
      ඊට අමතරව bublle witch3, candy crush soda saga, candy crush friend ඉඳහිට ගහනවා.

      Delete
    3. අපෝයි උක්කුං පුතේ, නම ඇහැව්ත් එපා වෙනවා නෙව? ඕවා ගැහැව්වාම රෑට යක්කු ගහනවා, ඇඳෙන් බිමට වැටෙන්නම.

      මෙතන ඇති, චීට් කෝඩ්ස්:
      https://www.cheatcc.com
      ඕක ඔන්-ලයින් ගේම් එකක් නේද? මාට්ටුවුනොත්, එකවුන්ට් එකට තහංචි දමාවි. අන්තිමට ඔහොම එකකට ගැහැව්වෙ මේක:
      https://www.youtube.com/watch?v=XyVsLFY0PO0
      ඒකත් බාගෙට.

      Delete
    4. diablo III DVD දෙකක එකක් තාම ගහගන්න බැරිවුනා දෙයියනේ!.

      මේ තියෙන්නේ diablo 4
      https://www.youtube.com/watch?v=0SSYzl9fXOQ

      Delete
    5. කියන තැනකට වඳිඤ්නං. නෑ, නැතුවට කාරි නෑ. ඊට සැපයි, මම ඇඳ උඩ නිදා ගන්න එක.😂

      Delete
    6. බකුස්,
      මේ තියෙන්නෙ මං ගහපු ලස්සනම එකක්. ට්‍රයි කරල බලන්ඩ!
      https://www.youtube.com/watch?v=fBSYI4gSrjQ

      මේ මං ගහපු හොඳම එක.
      https://www.youtube.com/watch?v=gHQ0EiCHy2Y

      Delete
    7. මට මතකයි බෝ ඔය ඩියුක් නියුකොන් ගැන, කලින් වතාවකත් කිව්වා.🤔

      Delete
    8. පොඩ්ඩක් වීඩියෝ බලන්ඩකො ගේම් ගැම්ම දකින්ඩ

      Delete
  10. ඊට අමතරව ගහල තියෙන්නේ
    ඒජ් ඔෆ් එම්පයර් (හම්බවුන හැම එකම)
    ඒජ් ඔෆ් මිතලොජි
    ජාතියේ බත (rise of nations)

    වෙන ගේම් නම් ගහලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලෙසටම ගැහැව්වා, සිටි බිල්ඩින් සිමියුලේෂන්. දැන් කැමති එක මේක විතරයි.
      https://www.youtube.com/watch?v=yTs6_TlJkOU

      Delete
    2. ඒජ් ඔෆ් එම්පයර්ස් අලුත් අඩිෂන් ටිකක් ඇවිත් තියෙනව. හොයල බලන්ඩවත් වෙලාවක් නෑ ජගත්.

      Delete
    3. මම කොමාන්ඩෝ, රිය පැදවීම කියන වර්ග දෙකේ ගේම් වලට කැමති නෑ.

      ඒජ් ඔෆ් එම්පයර් අළුත් එක ගිගාබයිට් 20ක විතර ලොකු එකක්.

      Delete
  11. ගේම් කියල PC ගේම් ගහන්ඩ තරං කම්පටබල් ඩිවයිසස් අපිට නෑහ් මෙයා.
    පෝං එකෙං
    Gear.Club ගහනව. අන්න ඒක නං සුප්ප ග්‍රැෆික්. ආාය Hitman Sniper එච්චරම තමා ඕං. 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, සමහර මොබයිල් ෆෝන් ගේම් පට්ටයි. මම මේ වින්ඩෝස් 11, ඇන්ඩ්‍රොයිඩ් සපෝට් එක හරියට වැඩකරන තෙක් ඉන්නෙ. PC එකෙන් මොබයිල් ගේම් ගහන්න.😊👌

      Delete
    2. ඔය කොම්පියුටර්, මොබයිල් ෆෝන් ගේම් ගැහිලි සල්ලි කන වැඩ.
      Yu තුමාල අහල නැද්ද මාවලස් ලෝකල් ගේම්ස් ලයික් 'දාං ඇදීම'. Easy peasy.
      බස්සා can teach the game to හෝතඹුවා chap as well!
      'වගා සංග්‍රාමෙ' කාලෙ ඕවට සිංදුත් ලියවුනා හිටං.

      Delete
    3. මම නං ගේම් ගන්නෙ නොමිලේ:
      https://www.epicgames.com/store/en-US/free-games

      Delete
    4. https://www.youtube.com/watch?v=OHSlcKHr4R8

      Delete
    5. මේක වගා සංග්‍රාමය කාලෙ, ජනප්‍රිය වෙච්ච සිංදුවක් නේද?

      Delete
    6. අර උඩ මී තුමා ගෙ කමෙන්ට් එකට අදාලයි

      Delete
  12. ඒකෙ බ්‍රදර් ගේම් එක තියේනේ. එක ඇන්ඩ වලට එන ප්‍රිමියම් ගේමක්. සල්ලි වියදං කරන්න කුණු කමට ඇහැ ගහං ඉන්නෙ කොයි වෙලේ හරි සේල් දායි කියල. ඒක පට්ට ඇඩ්වෙන්ච ටයිප් එකක්. 😃😃😃😃

    ReplyDelete
  13. https://www.youtube.com/watch?v=2MD2SHYNoYk

    ReplyDelete
    Replies
    1. මේ, විනී ප්‍රොඩක්ෂන්ලගෙ වීඩියෝ හොඳයි.

      Delete
  14. මගේ වතුරපොම්පේ වහන්න අමතකවෙලා මෙව්වා වුනා.
    වතුරපොම්පෙකට හරියන ඔන්කලාට පස්සේ විනාඩි 3කින් ඕෆ්වෙන ස්විච් වර්ගයක් තියෙනවද? දන්න කෙනෙක් කියපල්ලා.

    ReplyDelete
    Replies
    1. Timer Relay

      මේකත් ඇති වෙයිද මන්දා? මෝටර්වල අවුල, පටන් ගන්න අධික ධාරාවක්(In-Rush Current) ගන්න එකයි. අඩු ධාරිතාවක රිලේ එකක් දැම්මොත් කන්ටැක්ට් පිච්චෙන්නත් ඇහැකි. කොහොමත් මගේ විදුලි කාර්මික දැණුම අල්ප නිසා, ඉලෙක්ට්‍රිකල් බාස් යාලුවෙක්ගෙන් උපදෙස් ගන්න එක තමා හොඳ.🤔

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code