Mar 5, 2022

නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත

Beauty is in the eye of the beholder කියන එක අනුව ලස්සන, බලන්නාට සාපේක්ෂය කියන්න ඇහැකි. ලස්සන විතරක් නෙමෙයි ආචාර ධර්ම, යුක්තිය වගේ දේවල් පවා බලන්නාට සාපේක්ෂයි. 

අපි ලෝකය දකින්නෙ, පාට කණ්නාඩියක් හරහාය කියල සමහරු කියනවා. ඒත් කිසිම කෙනෙක් පිළිගන්නෙ නෑ, තමනුත් පාට කණ්නාඩි පළඳින බව. අනිවාර්‍යයෙන්ම මමත් එහෙමයි. 

ගලේ කොටපු දේ වගේ නූනත්, දැනට මට පෙනෙන දේවල්:

1. Botox(Botulinum toxin) වලට මිනිසුන්ට තරුණ පෙනුම ලබාදිය හැකි නමුත්, අමරණීයත්වය ලබා දිය නොහැක.

2. යුක්‍රේනය EU එකට පමණක් බැඳී,  NATO නොමැතිව මධ්‍යස්ථ රටක් ලෙස  සිටියා නං හොඳ යැයි සිතෙන නමුත්, වැට උඩ ඉන්නා න්‍යෂ්ඨික බළලෙක් අල්ලපු රටේ සිටින විට, යුක්‍රේනයට එසේ නොසිතෙන්නටත් ඉඩ ඇත.

3. fb සහ සමාජ මාධ්‍ය වාරණය, "කතා කිරීමේ නිදහස" අගයන බටහිරට ගැලපෙන්නේ නැත.

4. රුසියාවෙන්ම මේ ආක්‍රමණයට විරෝධයක් එල්ල වෙන අතර, ලෝකයෙ වැඩි දෙනෙක් මේ ආක්‍රමණයට විරුද්ධ වෙන බව පෙනේ.  

5. සීතල යුද්ධය අවසන් වී ඇති අතර, රුසියාවේ තවදුරටත් ඇති සමාජවාදයක් නැත. ඒ අනුව, NATO රටවලට මිසයිල එවා රුසියාවට තර්ජනයක් එල්ල කිරීමට අවශ්‍යතාවයක් ඇතැයි  නොසිතේ. 
 
6. න්‍යාත්මකව, වඩා සාධාරණ සමාජයක් සෑදීමට කැපවේ යැයි කියන, සමාජවාදී දේශපාලන ඇත්දැකීම් ඇති රුසියාව, ධනවාදී සහ සමාජවාදී ක්‍රම දෙකේම හොඳම දේ ගෙන, ආදර්ශමත් රටක් තැනුවා නම්, විදෙස් කුමණ්ත්‍රන ගැන බියෙන් සිටීමට සිදුවන්නේ නැත.

7. ඇමරිකානු යුක්තිය සහ ආචාර ධර්ම සැමවිටම හොඳ ආදර්ශයක් නොවන අතර, රුසියාව අස්ථාවර කිරීමට ඇමරිකාව කැමති නැතැයි සහතික විය නොහැක. ඒත් යුක්‍රේනය වැනසීම  සාධාරණීකරනය කිරීමට එය  හේතුවක් ලෙස නොපෙනේ.

හා, දැන් ඔය කිව්ව ටික ඉංග්‍රිසියෙන් කියන්න බලන්න. ඔන්න ඕක නෙව, ඔහෙලට ඉංග්‍රීසී ගුරු පත්වීමක් දෙන්න බැරි? මුදල් ඇමති කමක් නං තියෙනවා, ඕනෙද?

තාම වින්ටර් එක වුනත්, ඊයෙ කාක්කෙක් ආවා. ඇවිත් ඉංග්‍රිසියෙන් කාක්, කාක් කියලත් කිව්වා. කාක්කො අනික් පක්ෂීන් වගේ වින්ටර් එකට සංචාරය කරන බවක් සඳහන් වෙන්නෙ නෑ. මට ආපු ප්‍රශ්ණෙ තමයි, කාක්කො පට්ට සීතලට ඉන්නෙ කොහොමද කියන එක? උත්තරය Torpor 

වලිගෙ වනන කපුටාස්:


ඇත්තටම මේකා ක්‍රෝ නෙමෙයි රේවන්. මේ බොලා කවුරු හරි දන්නවද  රේවන්ට කියන සිංහල වචනෙ? ගූගුල් දන්නෙත් නෑ කිව්වා. එතකොට ලංකාවෙ රේවන්ලා නැත්ද? 

පස්ස වනන පූසාස්:


බයින්න එපා, හරි,හරි වංචා පෝස්ට් එකක් තමයි.  තර්ජනය කරල ලියවෙව්වා.😂

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

66 comments:

  1. Replies
    1. තේකක් බීලම හිටියා නං.😊🙏

      Delete
  2. රේවන්. රේ කියන්ටේ රෑ කියන එකෙන් බිඳී ආ එකක්. වන් කියන්ටේ වැනි කියලා....... ඒ කියන්ටේ රේවන් යනු රෑ වැනි වේ. - පරණ සිලා ලිපියක තිව්නෙ 😄

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි! දැන් නෙව දන්නෙ නමී පරණ+විදානේ කෙනෙක් විත්තිය!

      Delete
    2. නිදි, නමියාට පුලුවන් වගේ අරීසෙන් අහුබුදු පරම්පරාවෙ වැඩටික ඉදිරියට ගෙනියන්න. බබාට නම දැම්ම "වීදියගොඩ නමියා" කිව්වම කාටද ආඩම්බර, නේද?

      Delete
    3. නිදි බෂ්, ඒකත් බැරි කොමක් නෑ.. කීයක් හරි අතට එනව නෙව....😊😊

      Delete
    4. ඇත්තටම දාපු නං දෙකක්: දිවංගත සහ හුදකලා

      Delete
  3. බස්සා මහත්තයෝ, මට හිතෙන විදිහට අද ඉන්න අපි කොයි කවුරුනුත් යුද්ධෙට කැමති නෑ. වැඩියත්ම මනුස්සකම නිසා නෙවෙයි, ආත්මාර්ථකාමීකම නිසා.
    අපි දන්නවානේ කොහේ යුද්ධයක් කෙරුණත් ලෝකෙටම ඒක බලපාන බව; අපිටත් බලපාන බව.
    ඔන්න ඕකයි මගේ දැක්ම!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් යම් ඇත්තක් තියනවා.

      Delete
    2. ඒ කතාවට මාත් එකඟයි....

      Delete
  4. රේවන් කියන්නේ අපේ හැල මහා රාවණා අදිරාජයා සීගිරිය යට තියන ජෙනෙටික් ලැබ් එකේ හදපු කුරුලු විශේෂයක්. උන්ට කිව්වෙ රාවන් පස්සියා කියලයි

    ReplyDelete
    Replies
    1. රාවන් පස්සියා කතා කලෙත් "කාක්" කියලද?

      Delete
    2. කායක්ඛ් කියල

      Delete
    3. https://www.youtube.com/watch?v=0k2soWT9Cs8

      Delete
  5. බස් නිපුනතාව සිව් වැදෑරුම් වේ.
    එනම් පඨනය (read)
    ලිවීම (write)
    ඇසීම (listning)
    කතාව(speak)

    මෙම කුසලතා 4ම හැම කෙනෙක් තුලම සමානව පිහිටා නැත. එසේවූ පමණින් ඔහුට ඉංග්‍රීසි බැරියැයි කිම අසාධාරණය.
    මෙයින් ලංකාව තුලදීනම් ඉංග්‍රීසි ඉගැන්වීමේදී පඨන හැකියාව වැඩීමට මුල්තැන දියුතුය.

    අවසාන වසයෙන් කිව යුත්තේ මේ රටට ඉංග්‍රීසි අවශ්‍ය වී ඇත්තේ දෙමළ ජාතිවාදය නිසා බවයි.
    එසේම ඉංග්‍රිසි මගින් මේ රටේ ශ්‍රි ලාංකික අනන්‍යතාවයක් හදන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. අඩු-වැඩි වශයෙන් එකඟයි. ඔය පුටින්, මැක්‍රෝන් වගේ අය ඉංග්‍රිසියෙන් කතා කරන්නෙම නෑනෙ?

      කපුටාස් කතාව මෙච්චරම නැගලා ගියේ හේතු ගණනාවක් නිසා බවයි, මට හිතෙන්නෙ. ඒත් මගේ වැඩි අවධානය යොමු වුනේ, ලොක්කා දකුණෙ රැස්වීමකදි ඉංග්‍රිසි බෑ කියලා, කෙල්ලෙක්ව සෙනඟ ඉස්සරහා මඩවපු කතාව ගැනයි.

      Delete
    2. පූට ට ඉංග්‍රීසි , ජර්මන් දෙකම හොඳට පුළුවන්. පොර ජර්මනියේ හිටපු කේජිබි කාරයා නිසා.

      Delete
    3. අපි හිතමු ඉංග්‍රීසි බැරිම කෙනෙක් ඉන්නවා කියලා.
      එයාට ඉංග්‍රීසි උගන්වන්න කියලා එයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරනවා නම්,
      දිනපතාම රචනා ලියන්න බල කරනවා නම්.
      හැමදාම පන්තිය ඉස්සරහට ගෙනිහින් ඉංග්‍රිසියෙන් කතා පවත්වන්න බල කරනවා නම් ඒක වරදක්. ඒකෙන් අනශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ.

      කල යුත්තේ ඉංග්‍රිසියෙන් ලියා ඇති උපදෙස් පත්‍රිකාවක් කියවා තේරුම් ගැනීම, ඉංග්‍රීසි උප සිරැසි සමග ඉංග්‍රීසි චිත්‍රපටයක් නරඹා තේරුම්ගැනීම වගේ දේකට පුහුණු කිරීමයි.

      Delete
    4. ලිස්සිමේ ඒ සැබෑ හඬ 😃

      Delete
    5. ඔය හැදුවෙ ඇමරිකන් කාරය වගේ ගිණි තියලා පැත්තකට වෙන්න. හහ්, අපි අහුවෙයි ඕවට?😉

      Delete
    6. Sinhala? English? Lord Bastian?
      Heh heh HEH !

      Delete
    7. මජ්ජම ප්‍රතිපදාව පිංවත, මජ්ජම ප්‍රතිපදාව.😂 ඒකත් හරි, මේකත් හරි...සුරුස්.....

      Delete
    8. මේ ඔය.. ඒකත් හරි, මේකත් හරි ප්‍රතිපදාව ඇවිත් අමරාවික්ෂේපවාදය. මැද ඔතැන නොවේ..

      Delete
    9. මැද කොතන වුනත්, සම්පූර්ණ සරීර කූඩුවම බේරගෙන මාරුවෙන්න ඕක තමයි හොඳම වාදය. දැන් ඔය ඔටුවො ඉන්නවා නේද, අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් උන් පිළිගන්නෙ උන්ට ඕනදේ නෙව?

      Delete
    10. මධ්යම පතිපදාව ගැන පොස්ටුවක් දාන හිතේ තිව්න හින්දත් උදක්ම කීවේ... මූ ඇන්න නේද මගෙ ඔලුවටත් ටොක්කක්... ඒයි බෂ්

      Delete
  6. මේ 'වංචා පෝස්ට්' එකක් නෙවෙයිනෙ, මහන්සි වෙලා ලියපු එකක්නෙ. මුලින්ම Botox ගැන ලිව්වේ ඇයි කියලා හිතාගන්න බැරි වුනා. Context එක හදාගන්නද එහෙම ලිව්වෙ.

    මට හිතිලා තිබුනෙ කෝවිඩ් වසංගතය දරුනු කාලෙ ලෝකෙ ත්‍රස්තවාදී ක්‍රියා, ඒ කියන්නෙ බෝම්බ පිපිරවීම්, තනියම ඇවිල්ල මිනිස්සු කාර් වලට යට කරන, පිහියෙන් අනින (lone wolf) ආකාරයේ ක්‍රියා තිබුනෙම නෑ හෝ අඩුයි. දැන් ආයිත් නෝමල් වීගෙන එනකොට යුද්ධ.

    ReplyDelete
    Replies
    1. පුටිංගෙ වයස නොපෙනෙන එක ගැන ඇහෙන කටකතා තමයි ඉතිං. හම රැලි ගැහෙන එක වලක්වන්න ගන්න Botox ට්‍රීට්මන්ට් එකක් තියෙනවා කියල තමයි කියවෙන්නෙ.

      Delete
    2. මේ 'වංචා පෝස්ට්' එකක් නෙවේ - ඒම වෙන්නෙ මට විතරද.....

      Delete
    3. හහ්, වචන දෙකේ පෝස්ට් වගේද මේක? අල වගේද ගෝවා?😂

      Delete
    4. හ්ම්..... එහෙයි එහෙයි බෂ්😂😂

      Delete
    5. 'පුටිංගෙ වයස නොපෙනෙන එක ගැන ඇහෙන කටකතා තමයි ඉතිං' : Physically active වීමත් සැහෙන්න බලපානවනෙ පෙනුමට. එයාගෙ posture එක එහෙම බලන්නකො. (වැදගත් සාකච්ඡාවක් යන අතරෙ මම ඇවිල්ල posture එකක් ගැන කතා කරනවා)

      වංචා පෝස්ට් එකක් නෙවෙයි බස්සාව දිරි ගන්වන්න, නමියා.

      Delete
    6. 'වංචා පෝස්ට් එකක් නෙවෙයි කිව්වෙ' (එක වචනයක් හැලිලා)

      Delete
    7. අනේ නිකායින්ට බශ්සා වංචනිකයාම තමා. එකසැරයක් ලියාපි ටින්කටරයක් ගැන, ආයේ කීබෝර්ඩ් එකක් ගැන.... ලිස්සා යෑමට උපන්හපං

      Delete
    8. ඉස්සර බස්සෝ මාරු වුණේ හෙමිහිට පියඹල... දැන් බස්සෝ ලිස්සලා මාරු වෙන්නේ තටු කපල හින්දා වෙන්ටැති....

      Delete
    9. @නමි
      මම සඤ්ඤක පක්සියා ආයිබෝං.

      @නිදි
      තටු කපන්න, වැටට තියලා තට්ටට ඇණ ගහන්න, බාල්කෙ තනි තට්ටෙන් එල්ලලා බොක්සිං ගහන්න හැදුවා, මම ලිස්සල තටු දෙක බේරගත්තා. නැත්තං මෙලෙහකටත් තනි තට්ටෙන් තමයි පියාඹන්න වෙන්නෙ.

      Delete
    10. අහිංසක පස්සියෙකුටවත් නැද්ද අප්පේ නිදාසක්?

      Delete
  7. ජෙනරලි ඉස්පිකින්ග් ඔය කියන ඔක්කොම ටිකට වගේ එකඟයි. මම ලියපු ලිපි ටික හරියට කියවපු එකම එකෙක් හරි සිටීම ගැන පුදුම සතුටක් ආව කියහන්කෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අනිත් අයත් කියවනවා. ඒත් වැඩි දෙනෙක් කැමති නෑ, තමන්ට වැරදිච්ච තැන් පිළිගන්න.එතකොට බොහෝ අය, තර්කානුකූලව සිතීම පැත්තක තියල අපහාසය/ තර්ජනය පැත්තට යනවා.

      Delete
  8. මෙන්න what aboutism කෑල්ල - /න්‍යාත්මකව, වඩා සාධාරණ සමාජයක් සෑදීමට කැපවේ යැයි කියන, සමාජවාදී දේශපාලන ඇත්දැකීම් ඇති රුසියාව, ධනවාදී සහ සමාජවාදී ක්‍රම දෙකේම හොඳම දේ ගෙන, ආදර්ශමත් රටක් තැනුවා නම්, විදෙස් කුමණ්ත්‍රන ගැන බියෙන් සිටීමට සිදුවන්නේ නැත.// මේක තමයි අර යෙල්ට්සින් කියන බේබද්දා හදන්න හැදුවේ. එතකොට තමයි උන්ට තේරුනේ කැපිටලිස්ම් හෙවත් ධනවාදය එකොනොමැට්ට කියනව වගේ හොඳ වෙන්න අවුරුදු 100-200 විතර යන බව. උදාහරණ -බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය , ඇමෙරිකාව, එසේම ස්වීඩනය වගේ මිනිසුන් මරණ අවි ආයුධ විකිණිය යුතු බව. ස්විට්සර්ලන්තය වගේ මොත්තේ දාල අනිත් රටවලින් හුරා ගෙනඑන හොර සල්ලි දාන්න අමුතු නීතියක් හදාගෙන ඒ සල්ලි පාවිච්චි කරලා දියුණු විය යුතු බව. මිනිසුන්ට නිදහස් සෞඛ්‍ය සේවය නැති වුනා. වයසක එවුන්ට පෙන්ෂන් නැති වුනා. ලෝකයේ සම්පත් බහුල විශාලම රට හිඟන්නෙක් වුනා. එතකොට පූටින් කියල ආපු ගමක් (පොර ගමෙන් ආපු එකෙක්) දැක්ක අල්ලපු පොඩි රටේ ලුකෂේන්කෝ කියල ඒකාධිපතියෙක් අර පෙන්ෂන් දිදී, අනිත ඒවත් දිදී ඉන්නව. මිනිස්සු ඌ ව තියන් ඉන්නවා කියල. ඌ දැක්ක බටහිර , විශේෂයෙන් බ්‍රිතාන්‍ය සමග එකතු වෙලා හිටපු රුසියන් ඔලිගාර්ක් ල බිලියන් ගණන් තෙල් සල්ලි ටිකයි ඔක්කොම ඒ රටවලට පන්නනවා කියල, හොන්දට් ඉන්නවා කියල . ඒ ගමන පොරට ඒ ටික ඔක්කොම ඕන වුනා. රෙස්ට් ඉස් හිස්ටරි

    ReplyDelete
    Replies
    1. හ්ම්....නොදැකපු පැත්තක්. ප්‍රශ්ණෙ පිටින් පේනවට වඩා සංකීර්ණයි. මෙයට සමාන අදහස් දැක්කා.
      20 years of US appeasement paved the way for Putin's invasion

      Putin's mind

      සෝවියට් කඳවුර කඩාගෙන වැටුනාම, බටහිර රටවල්, රුස්සොන්ට සලකපු හැටි අන්තිම කැතයි කියලා මටත් හිතෙනවා. ඔලුව කෙලින් තියාගෙන හිටිය ප්‍රෟඩ ජාතියකට හිඟන්නොන්ට, ගනිකාවොන්ට වගේ සලකන කොට ඇතිවන මානසිකත්වය හිතාගන්න හැකි.

      ඇමරිකාව ඇතුලු බටහිර රටවල් අපට පේන තරම් ජෙනුයින් නෑ කියල මටත් හිතෙනවා. පුටිය නැටෝ එකට එන එකට ඇදපු කොක්කෙන්ම තේරෙනවා, මේ කාටවත් ලෝක සාමයක් ඇතිකරන්න සැබෑ අවශ්‍යතාවයක් නොතිබ්බ බව.

      Delete
    2. ඕව අපේ රටවල වුනත් කතා කරන්න බැහැ රසියානු ගණිකාවෝ වේසියෝ කියල නිග්‍රහ කරනව තවමත්. උදයංග යුක්රේනියනුවෝ ගේනකොට මේ මාස ගානකට කලින් ගණිකාවෝ කියල බැන්න අය අද අනිත් පැත්තට කතා කරනවා. ඕක තමයි ඉතින්. මම එහෙම කියන්න එපා කියන කොට මම යුක්රේනියෙන් ගැත්තෙක් උදයංග ගේ යාළුවෙක්. ඕක තමා ඉතින් ලෝකේ හැටි. ගමෙන් වගේ ආපු අය කොන් කරන්න නරකයි. රනිල් මයිත්රිට කලේ ඒක . ඉල්ලන් කෑවේ . ඒකෙන් මෛත්‍රී හරි කියන එක දහස් වෙන්නේ නහ.

      Delete
  9. ඒකෙන් මෛත්‍රී හරි කියන එක දහස් වෙන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. sorry A අකුර වදින්නේ නැහැ මිටියෙන් ගැහුවේ නැත්නම්.

      Delete
    2. හෙහ්, හෙහ් නියම කී බෝඩ් එකක් නෙව ඒක. වැඩකරන ජනතාවටම හදපු එකක් වෙන්ටෑ.

      බොහෝ විට ඇත්තෙ, මැම්බ්‍රේන් කී-බෝඩ් එකක්. ගලවන්න ඇහැකි නං හදන එක ලේසියි.

      https://www.youtube.com/watch?v=mC5P7IGR8-M

      කිරිපාට මකන කෑල්ලකින් ප්‍රින්ටඩ් කී-ට්‍රැක් උලන එක තමයි හොඳම ක්‍රමය.

      Delete
  10. Replies
    1. ගිහින් වැටක් ගහලා ආවා. වැටාධිපතිතුමාට නමස්කාර වේවා!🙏

      Delete
    2. 😂😂😂
      https://kavisandalla.blogspot.com/2022/03/blog-post.html

      Delete
    3. අඩේ ස්තූතියි නමියෝ

      Delete
  11. හ්ම්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම් කිව්වම හොඳටම ඇති. දේශපාලනය නිසා අදහස් නොදැක්කුවාට කමක් නෑ. ආපු එකම මඳෑ? 🙏👌

      Delete
    2. බකමූණු බාසාවෙන් එපෑ ඉස්ස ඉස්සෙල්ලා ම අමතන්න 🙂

      Delete
    3. ඕං චන්ද්‍රලතා නෝනො, මං ඔහේවත් බ්ලොග් රෝලෙ එල්ල ගත්තා, ආයෙ අලුත් පෝස්ට් මඟ නෑරෙන්නම. සෑහෙන වටිනා පෝස්ට් තොගයක්ම එතන තියනවා.🙏👌😊

      ඔහෙට කියන්න, අපේ නමියා තමයි දැන් බ්ලොග් තානාපති. උන්දෑ නොරින්ගන තැනක් නෑ.

      Delete
    4. හෙහ්... හෙ. 😄 සිංඟන පුරුද්ද පුංචි සන්දියේ හිට තිව්න

      Delete
  12. කැප්ටන්, ගමරාළ උන්නැහේගේ එකට කොමෙන්ට් එකක් දැම්ම. ඔහෙත් ගොහිං බැලුවනං අහක්කවෙලා.
    බාගවිට ඒකේ ලියපු උගේ ඇත්ත ඔබේ ඇත්ත මගේ ඇත්ත අනිත් පැත්තට පෙරලන්ඩත් ඇහැක් වෙයි වගේ. ඉස්කෙයරි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්... මතුපිටින් පේන දේට වඩා බොහෝ දේ, නොපෙනෙන පැත්තෙ තියෙන පාටයි.😮😨😰

      Delete
    2. අන්නේකයි ජොන්සන්

      Delete
  13. බෂ් මේ...... එන්නත..
    https://lankasithuwili.blogspot.com/2022/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. මමත් ඕක දැක්කා. මම කොහොමත් ඔය දොස්තර මහත්තයගෙ වාර්තා කියවනවා. ඔය වගේම තව වීඩියෝවක් තිබ්බා, එන්නත සහ හර්ද රෝග ගැන. වෙලා තියෙන්නෙ, මේවා බලපාන්නෙ සමහර අයට විතරයි. ඒත් ඒ "සමහරු" තමන් නෙමෙයි කියලයි හැමෝම හිතන්නෙ. අපේ බිල්ඩිමේම එහෙම දේවල් වෙනවා මම දැක්කා. ඒත් කිසිම ප්‍රසිද්ධියක් නෑ, දන්නෙ දැක්ක අපි විතරයි. මේ වගේ අපි නොදන්න දේ තවත් බොහෝ ඇති. අද ඇත්ත දැණගන්න එක, කතා කරන එක සමාජ විරෝධී ක්‍රියාවක් ගානටයි සැලකෙන්නෙ. රජ කරන්නෙ කැලෑ(වැම්පයර්) නීතිය.

      In order for us to live, some should die

      Delete
    2. ඒක ඇත්ත බෂ්.. අපි දන්ට භාගෙන් හිතන් ඉන්නව සේරෝම දන්නවයි කියල......

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code