Mar 11, 2022

කතිපයාධිකාරීන් - Oligarchs

 " මේකත් ලෝකයක්ද මරතේලිස්" කියලා, ලොකු හාමදුරුවො ඇහුවා කියල කතාවක් තියනවා. අද ලෝකෙ එකම අවුල් ජාලයක්. හෙට පුටියා, බර අවි වලින් කෙලල අරින්නත් බැරි නෑ. අපි මේ පඹගාලෙ පැටලුනේ කොහොමද?  පුටින්,  ෂී-ජින්-පින්, බින්-ලාඩින් හැදුවෙ කව්ද? දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ දුන්න ගත්තෙ කව්ද? මේ ප්‍රශ්ණ වලට උත්තර, විදුහල්පතිත් දන්නෙ නෑ කියලයි පොතේ ලියල තිව්නෙ.

කලින් පෝස්ට් එකට, අපේ කොළඹ ගමරාළ මෙන්න මේ කමෙන්ට් එක දැම්මා. ඕකත් මගේ හිතේ තිව්නා. දවසින්, දවස පඹගාල ලියලනවා මිසක්, ලිහෙන පාටක් නම් නෑ. 

කතිපයාධිකාරීන් - Oligarchs



විනාඩි 50ක වීඩියෝවක් නිසා, කැමති නං විතරක් බලන්න. මේකෙ සාරාංශය, පුටිංගෙ සහය ලබපු, යුක්‍රේනයෙ කලින් හිටි ජනාධිපති, රට උලා කාපු හැටි. මේ කතිපයාධිකාරී හොර කල්ලිය, කොච්චර බලගතුද, සූක්ෂමද කියල මේකෙන් පේනවා. මේ හොරුන්ට, පහසුකම් සලසන්නෙ කව්ද? බටහිර රටවල් තමයි. එතකොට, ඒ බටහිර රටවල්ම කතිපයාධිකාරීන්ගෙ දේපල ගල් කලා කියලත් කියනවා නේද? ඔය "ගල්" කිරිල්ලත් සාපේක්ෂයි. ගල් දිය කරන සෑස්තරේ, අබ්බගාත් මහත්තුරු දන්නවා. ඩුබායි වගේම ලන්ඩන්, ස්විස්ටර්ලන්තයත් කළු සල්ලි සුදු කරලා දෙන ලොන්ඩරිම තමයි. 

දැන්, කෙනකුට හිතෙන්නෙ පුළුවනි, කලින් හිටි ජනාධිපති, රට උලා කෑව, දැන් ඉන්න ජනාධිපති බටහිර ලණුව කෑව කියලත්. මේ හැම තර්කයකම අර්ධ සත්‍යයක් තියනවා වෙන්නත් ඇහැකි. යුක්‍රේනියානුවො නිදහස වෙනුවෙන් පණ දෙන්න හදන එකත් සාධාරණ වෙන්නත් ඇහැකි. තවත් ඇත්තක් තමයි "තිත් යාකල හැක්කේ පසු පසට පමණි" කියන එක. ඒ කියන්නෙ, කාටහරි වැරදුනාම, ඒක විවේචනය කරන්න ලේසි වුනාට, අනාගතය ගැන නිවැරදි අනාවැකි කියන්න අමාරුයි කියන එක. 

https://youtu.be/khFb4FTJ4Jo

නිදහස එක පාරක් රසවිඳින්න ලැබුනම, ඒක අතාරින එක අමාරු වැඩක්. සමහර රුසියානුවන්, පෝලන්තය හරහා රට හැර යන කතාවකුත් තියෙනවා. බාගදා පස්සෙ පුටිං ඒකත් නවත්තාවි. හෑ, එහෙම නෑ කිව්වා? හරි, දැන් ඔය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ තුන්සිය හැට ගාණක් සීමාකරලා තියනවා නේද? ඒක කොහොමද බලපෑවෙ කියලා පස්සෙ කියන්නකො. ඒවගේම, රුස්සොංගෙ තෝරාගැනීමේ නිදහස නැතිවුනේ ආදායමට වැඩිය වියදං කරලා, ණය වෙලා, සම්පත්/තාක්ෂණය නැතුව එහෙම නෙමෙයි. 

Choices- freedom to choose



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

51 comments:

  1. ලංකාවෙනන් ඉතිං ඔයිල්‍ගායක් තමයි

    ReplyDelete
    Replies
    1. මෙච්චරම සැරට නැතත්, මෙව්වා අපිට නොපුරුදු වැඩත් නෙමෙයිම නේද?🤔

      Delete
  2. අනේ කාලේ වනේ වාසේ කියලා..... හාමුදුරුවො කෙනෙක් කීව හිට

    ReplyDelete
    Replies
    1. පුළුවන් අය වනේ වාසයට යනවා නේද, නමියො?🤔

      Delete
    2. දැන් මේ දරුමත්දීපෙත් වනයක් හොයාගන්ටවා කීන එක ලේෂිපාසු දෙයක් නොවේ..

      Delete
    3. වනයත් දැන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් වෙන්ටෑ?🤔

      Delete
  3. පකතියාධිකාරී ෂිහ්!, අම්මප මක්කැයි මේ ඔහෙත් ලියන ජුගුප්සාජනක වචන.
    අපේ විසුල පඬිතුමා හෙම මෙව්ව බැලුවොත් ලැජ්ජාවේ සූසෛඩ් කර ගනී.

    ReplyDelete
    Replies
    1. එතුමාව දැක්කෙ නෑ කාලෙකින්. එයැයිටත් ප්‍රාජේට වගේ දේශපාලනේ පත්තියං නැතුව ඇති. නිදි උන්නාන්සෙ බනින්න ඉස්සෙල්ලා, දන්න ටැක්නිකල්/ ඕප සබ්ජෙක්ට් වලට මාරු වෙන්න ඕනෙ.🤔

      Delete
    2. මම දවසක් යාළුවො දෙන්නෙක් එක්ක කතා කරන කොට “ජුන්ටාව“ කියන වචනේ ටිකක් සද්දෙන් කියවුනා.

      හැමෝම හිතුවේ කුණුහරුපයක් කිව්වා කියලා.

      Delete
    3. ඔය ජුන්ටාව කිට්ටුවෙන් යන වචනයක් තියනවා, අර මෙව්වා එකට කියන. ඒක නිසා වෙන්ටෑ?😂

      Delete
  4. ගැහුවත් වැඩක් නැත, බැන්නත් වැඩක් නැත
    යුද්දෙම විසඳුමය කියනා අයත් ඇත
    එක-එක්කෙනා එක-එක කෝණෙන් බලත
    යුද්දෙන් පැරදුණෝ මිස දිනුවන් නොමැත!

    ReplyDelete
    Replies
    1. බොරු.

      Delete
    2. ඒ මතය දැරීමට ඔබට අයිතියක් තිබේ!

      Delete
    3. @ නිදි, ජගත්

      අපේ අදහස් එක සමාන වෙන්න අවශ්‍යම නෑ. මෙන්න මෙහෙම සීලාචාර ලෙස අදහස් දැක්වීම තමයි වැදගත්ම දේ.🙏👌😊

      Delete
  5. ඔය ලොන්ඩරිවල අපේ උන්දලාගේ තඹදොයිටුවක් නෑ නෑමයි... බෂ් 😄😄

    ReplyDelete
    Replies
    1. අපේ අයියලාට ඒ ලොන්ඩරි ඕනෙ නෑ. කෝටි 4 ඉතුරුකිරීම් ගිනුම් පරිස්සං කරලා තියනවා නෙව අතමාරුවට ගන්න?

      Delete
  6. හෙන අමාරු වචනයක් නේ. ගම්ලත් ගේ කෝෂයෙන් වෙන්න ඕනේ ගන්න ඇත්තේ. ඔය දෙපත්තම් එක වගේ තමා. ලියොනිඩ් කුච්මා කියන්නේ තව එකෙක්. යනුකෝවිච් විතරක් නෙමේ ප්‍රශ්නේ, යුඑස් හපැත්තේ හිටියේ පර්ශේන්කෝ ත් එහෙම එකෙක් තම. මෙහෙ ඉන්න යෙව්ගෙනි ලේබෙදෙව් කව්ද කියල හොයල බලන්නකෝ. බ්රෙක්සිට් එක කරපු පරයා

    ReplyDelete
    Replies
    1. ගම්ලත් ශබ්දකෝෂය කියල එකක් තියනවා කියල අදයි දන්නෙ. මේක ගත්තෙ ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන්.

      මම පුටියට කැමති නැති වුනත්, උන්දෑ නැති වුනොත් ඉරාකෙ,ලිබියාවෙ වගෙ බල රික්තයක් ඇති වෙලා, රුසියාව ආයෙත් අවුල් වෙන්න ඉඩ තියනවා කියල හිතෙනවා.

      Delete
    2. මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තය ඔය ශබ්ද කෝෂය සංස්කරණය කරලා සෑහෙන කාලයක් try කළා ප්‍රකාශකයෙක් සොයා ගන්න. අන්තිමට තමයි උපුල් ශාන්ත සන්නස්ගාළ 'සංහිඳ' ප්‍රකාශනයක් විදිහට ඕක පළ කළේ, මහ විශාල පොතක්.

      Delete
    3. හ්ම්....එතකොට මේක ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් වෙන්ටෑ?

      මගේ පෞද්ගලික මතය, ශබ්ද කෝෂ වගේ එව්වා ඉලෙක්ට්‍රොනික සහ ඕපන්-සෝස් වියයුතු බවයි. හේතුව, ඉංග්‍රීසි-සිංහල,සිංහල-ඉංග්‍රීසි ඕනෙ අතකට යොදාගැනීමේ නම්‍යතාවය, පහසු වැඩිදියුණු/නඩත්තුව සහ වැඩි දෙනෙක් අතරට යාම/ වැඩි භාවිතය. හැමෝ අතම ඇති, සැහල්ලු මොබයිල් ෆෝන් එකක් භාවිතය, රාක්කයක ඇති තඩි ශබ්ද කෝෂයකට වඩා ප්‍රායෝගිකයි.

      ඒ කාලෙ අපේ ගම්පලාතෙ හිටි අලවුඉසි-සැබිහෙළ මහත්තයා එහෙම සිංහල ශබ්ද කෝෂය කියල එකක වැඩට ගියා. මොකක් වුනාද මන්දා?

      කොච්චර හොඳ පොතක් වුනත්, ඕක ඔය ගාණට අරගැනීමත්, අරගත්තත් නිතර පාවිච්චියත් ඒ හැටි ප්‍රායෝගිකයි කියල හිතෙන්නෙ නෑ. නවීන ඩිජිටල් තාක්ෂණය කාර්‍යක්ෂමව, නිසිලෙස මේ වගේ දේ වලට යොදාගන්නව නං තමයි වටින්නෙ. අපේ ආණ්ඩුවෙ දෙපාර්තමේන්තු වලින් එහෙම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි, ඒත් අඩුම ගණනේ ගූගලයාවත් මොනවා හරි ප්‍රායෝගික දෙයක් කරයි කියල හිතෙනවා.

      යූ-ටියුබ් එකේ ඉංග්‍රීසි වැඩ සටහන්වල, දැන් සිංහල සබ්-ටයිටල්(CC) දාගන්න පුළුවනි. ඒත් තාම මුල් අදියරේ තියෙන නිසා,සිංහල පරිවර්ථනය කෙරෙන්නෙ බාගෙට. මම තාමත් මේවගේ වැඩ සටහන් බලනකොට ඉංග්‍රීසි සබ් දාගන්නවා, සමහර අයගෙ, අපට නුහුරු වදන් මඟ නොඇරෙන්න.

      Delete
    4. හ්ම්.. ඉලෙක්ට්‍රොනික උනානම් ගොඩක් වටිනවා තමා......

      Delete
    5. ඇත්තයි. ඒ පොත සාමාන්‍ය කෙනෙකුට ගන්න බැරි තරමයි. වචන ලක්ෂ පහකට වැඩිය තිබුණ වුණාට ලේසි කෙනෙක් රු.15,000/-කට ඒකක් ගනීවිද?

      ඒ වගේම තමයි, මට කල්පනා වෙන්නේ, ගම්ලතුන් ඒ පොත ලියන පටන් ගන්න වත්තේ මොබයිල් ෆෝන් බහුල නොවන කාලයේ වෙන්නැති කියන කාරණයත්.

      Delete
  7. වැටාධිපති එන්න කලින් මේක දාගත්ත කියහන්කෝ.
    https://en.wikipedia.org/wiki/Oligarchy#:~:text=Aristotle%20pioneered%20the%20use%20of,tend%20to%20turn%20into%20oligarchies.

    ReplyDelete
    Replies
    1. https://www.britannica.com/topic/Thirty-Tyrants

      Delete
    2. හහ්, අපේ ඒකා-(වැටට)අධිපති ගෙන් එහෙම බේරෙනවා බොරු? ඔය ඇවිත් ඉන්නෙ.😂

      Delete
  8. පීඩීඑෆ් ගොනු ෆ්ලිප්බුක් පකාරයට දැකියහැකි මෘදුකාංග තිබේද?
    ත්‍රිමාණ ආචරණ අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. මම පාවිච්චි කරන්නෙ මේක:

      https://www.microsoft.com/en-us/p/cover-comic-reader/9wzdncrfj9w7?activetab=pivot:overviewtab

      සරලයි. මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙන් නිසා, හානියක් නෑ.

      Delete
  9. https://sithuviliralabinduma.blogspot.com/2022/03/blog-post_14.html?showComment=1647253619674#c495130958827469487

    ReplyDelete
  10. හෙඩිම කියවලා දිව උලුක් උනා

    ReplyDelete
    Replies
    1. සොරි, මේ අපේ හැළ-යක්ඛ පරපුර ගැනත් හිතන්න එපෑ?😂🤔

      Delete
  11. මේකත් බ්ලොග් එකද්ද බර්තේලිස්?

    ReplyDelete
    Replies
    1. තව වංචා පෝස්ට් එකක් ලියල කෝටා එක සම්පූර්ණ කරන්නයි හිතන් හිටියෙ, හුටා! දැන් එකත් හබක්.🤔

      Delete
    2. භාගයක්කෙටු එකේ ඉවරකර දාහන්කෝ ඉතීම් බෂ්....

      Delete
  12. බයිශිකල් ගමනක්
    https://thattayagekolama.blogspot.com/2022/03/231.html?showComment=1647619220039#c5956201794125478139

    ReplyDelete
    Replies
    1. නිල් කුහර ගැන
      https://nilakshibandara.blogspot.com/2022/03/great-blue-hole.html

      Delete
    2. දුක තුනී වෙන්ට ලු
      https://ahasyaathrikaya.blogspot.com/2022/03/blog-post_22.html?showComment=1647946247518#c3170914667762043320

      Delete
    3. 'මනෝලෝක රූපවාහිනීය
      'https://sithuviliralabinduma.blogspot.com/2022/03/blog-post_23.html?showComment=1648042567221#c8179001151697617693

      Delete
    4. නමියා තමයි බ්ලොග් තානාපති.😊

      Delete
  13. බෂ්..... පෙළ පොත් download කොරන්ට තැනක්.
    http://www.edupub.gov.lk/SelectSyllabuss.php

    ReplyDelete
  14. https://www.youtube.com/watch?v=IxXaizglscw&t=845s

    මෙන්න විදුලිය නැතුව වැඩකරන පරිගනකයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔහොමම නූනත්, රිලේ ලොජික් ප්‍රායෝගිකව සහ කාර්‍යක්ෂමව යොදාගත්ත අවස්ථා දැක තියනවා.

      Delete
  15. Replies
    1. අවුල් වගේ හින්දා ඉංග්‍රීසි එකත් දැම්මා. කොහෙද මේ කස්ටිය එක හෙලා කියනවා නෙව, හෙල බසින් ලියන්න කියලා?🤣

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code