වියත්මගේ උපදේසෙන්
ගොවිතැන් බත කෙල වුනාය
කපුටා, කබරා හිට් ද ප්ලේන්
ආර්ථිකෙත් හිඳවුනාය ///
අහස උසට නෙලුං කුළුනු
බලුප් දමා වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
හතර අතට ණය වුනාය///
ආසියාවෙ සව්-බාගය
කරවන එක වැරදුනාය
ඒ වුනාට මැදමූලන
ආර්ථිකේ තර වුනාය///
කොලොම්පුරේ තණනිල්ලේ
උද්ඝෝෂණ පැතිරුනාය
බෛයන් සැට් එකක් ඇවිත්
අප්පච්චී හමු වුනාය///
පුම්කට කොටන්න එපා යකෝ! |
දේශ-බැන්ජො මැතිතුමාගෙ
අනුමැතියත් හිමි වුනාය
පොලෝසියෙන් බලා ඉද්දි
කූඩාරම් ඉගිලුනාය///
මයිනා මිසින්, ජොන්ටා මිසින්
නිශාන්තයත් ලෙෆ්ට් වුනාය
බේරෙ මාලු ඇවිත් පුම්කට
කෙටුව බවත් කියැ වුනාය///
අකමැති පුටුවට අහසින්
තනි අලියා ප්ලග් වුනාය
පුතාණෝගෙ පියානෝවෙ
තිබ්බ යතුරු ගැල වුනාය
අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ ගැන හිතුවම
ඇඟේ මයිල් කෙලින් වෙතේ///
හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
අල හිටවන, වංගු ගහන
කපුටන් හිඟ වෙන්න එපා///
පොරක් කියල කෙනෙක් ගෙනත්
ReplyDeleteඅපි හැමටම කෙලඋනාය
ඥානගෙ නූලත් අයියෝ
ඔහුගෙ අතින් ගැලවුනාය
ගොඩකවෙල අප්පුහාමිත් ඔය කවි කියන්නෙ, යස අගේට. අල කොමා තමයි නම දැම්මෙ.😉
Deleteනාගසලං අප්පුහාමි කවි කියන්නෑ. ටයිප් කරනව විතරයි. උන්දැගෙන් හිටිවන කවියක් අහගන්ඩ දෙන්ඩ ඔ්නෙ කීබෝඩ් එකක්...
Deleteමේ කයියට අයිඩියා එක ආවෙ බොගෙ කූඹි සිත්තර පටියෙන්. ඒකයි තව පෝස්ට් දෙකකයි ලින්ක් පහලින් දැම්මා.🤔
Deleteහැබෑට... ජනක් ප්‍රේමලාල්ගෙ පට්ට ඇඩ්වාන්ස් දේශපාලන දැක්මක් තිබිල තියෙනව.
Deleteමොක්ද්ද කියල බලන්නෙවත් නැතුව උඩිම්ම තිබුණු විඩියෝ ක්ලිප් එක ඩවුන් ලෝඩ් කරන්ඩ ගත්ත. යකඩො! ඒක රජකපුරු සම්පූර්ණ නාට්‍යය නේ?
Deleteපිං පිං පිපිං පිං යකො!
ඉතාමත් ශූක්ෂම විදිහට නමුත් නිර්මාණශීලීව කරපු "ඒකා-අධිපති", "අත්" වගේ පට්ට දේශ්පාලන නාට්‍ය ඒ කාලෙ තිව්නා. ඒවා එදාට වඩා ගැලපෙන්නෙ අදට.🤔
Deleteහූම්ම්... මකරාක්ෂයා ත් 2010 - 2020 දශකයට ගැළපෙන එකක්.
Deleteආන්න ජංසං. මට ඒක මිස් වුනා.😮
Deleteඅන්න ඒකයි. ලාන්සෙලොට් මකර මැරුවට පස්සෙ නගරාධිපති ඒකෙ ගෞරවය පැහැර ගත්තා. පස්සෙ මකරා විදිහටම හැසිරෙන්න ගත්තා. පස්සෙ ලාන්සෙලොට්ට නගරාධිපති එක්කත් සටන් කරන්ඩ සිද්ධ වුණා.
Deleteඒ වගෙම නගරාධිපතිට තක්කඩි පුතෙකුත් හිටියා.
ඒ යුගයේ වේදිකා නාට්‍ය, හොයා ගන්න විදිහක් නැද්ද? සිංදු සැට් එක නං කව්දෝ පිංවතෙක් මෙතන දාලා තියනවා:
Deletehttps://www.edulanka.lk/library/stage-drama-songs
https://noorthi.blogspot.com
මකරාක්ෂයා හොයද්දි, අත් හම්බුණා.
Deletehttps://www.youtube.com/watch?v=yA0YGNzancU&t=20s
උඹට මේ පිනම ඇති පේපර් එක උඩින්ම පාස් වෙන්න. 🙏👌😁
Deleteහිහික්!
Deleteගුරු තරුවත් හම්බුණා...
https://www.youtube.com/watch?v=_6WIzTzR1t4
මෝදර මෝල
Deletehttps://www.youtube.com/watch?v=wBh0uljLNm0
ඒව හොයද්දි, මේකත් හම්බුණා...
Deletehttps://www.youtube.com/watch?v=z-a01epKvsA
තාරාවෝ ඉගිලෙති
Deletehttps://www.youtube.com/watch?v=9YEERJJrQZI
https://www.youtube.com/watch?v=dRsOM5056A4( RIP යූ. ආරියවිමල්)
කැලනි පාලම:
කැලනි පාලම 05
කැලනි පාලම 04
කැලනි පාලම 03
කැලනි පාලම 02
කැලනි පාලම 01
ඒ දවස් වල අපේ සර් කෙනක් කැළණි පාලම පෙන්නුවා. කොළඹ වටේ කරත්තෙකින් ගියා පත්‍රිකා බෙදා බෙදා
Deleteඅමිතාබ් භච්චන් ශාරුක් ඛාන්ගේ උරහිස් අල්ලලා
ReplyDelete“නහී බේටා නහී“ කියලා කිව්වා.
ඒකේ අර්ථය වෛරයෙන් වෛරය නොසන්සිඳේ.
ඒ නිසා දැන් ඔය ජන අරගලේ අකුගත්තනම් හොඳයි.
යම් ඇත්තක් නැත්තෙමත් නෑ. එපාවීම, දියවීම, උනන්දුව නැතිව යෑම වගේ ප්‍රශ්ණ එන්නත් ඇහැකි. ඒත්, අරටුවටම කුනු වෙච්ච දේශපාලනයට, යම් බලපෑමක් එල්ල වුනේ ජන අරගලේ නිසා නේද?
Deleteජන අරගලේ අකුල ගත්ත කියමු. එතකොට, ආසියාවේ ඈස්චර්‍යය පහල වෙයිද? නැත්නම් පරණ, පාත්තරේ අරං ගිහින්, හිඟාකාලා පාටිදාන පරණ ඔලිඳ කෙලිය පටන් ගනීවිද?
ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි
Deleteඅවංකවම දන්නෙ නෑ, ඒත් රනිල් , මහින්ද සියදිවි නසාගත්ත හේතුව තේරුම් අරං තියනවා. තානාපතිකමට ගෝටට කඩේ යන නාථ දෙයියො, ගෝටාගෝගමට කියන්නෙ "ආතල්ගම" කියල. සාමකාමී නං, මේ වගේ "මහජන චතුරශ්‍ර- Public Square" මම දකින්නෙ නෑ, ප්‍රජාතන්ත්‍රවාදයෙ දියුණුවක් ලෙසයි.
"When government fears the people, there is liberty. When the people fear the government, there is tyranny."
“People should not be afraid of their governments. Governments should be afraid of their people.”
එකඟයි
Deleteමම කැමති ම විනී ප්‍රඩක්ෂන්ස් වර්ෂන් එක...
ReplyDeletehttps://www.youtube.com/watch?v=6JUSSzVjzVk
මේ බලන්ඩ, කහඳගමගෙ ඇක්ෂන් 100%ක් ම නිවැරදිව කරල තියෙන හැටි...
https://youtu.be/al2Oc0Be51U
ඒක නියමයි. සෑහෙන හොඳට කරලා තියනවා.👌
Deleteමෙන්න මේකෙ, 3:55 ඉඳලා ජවනිකාව අපට අදාළයි...
Deletehttps://www.youtube.com/watch?v=2MD2SHYNoYk&t=29s
හෙහ්,හෙහ් කලින් බලල තියනවා. ඒත් ඒ කොටස ඇමති මණ්ඩල ඇනිල්ලට අදාල වෙන හැටි දැක්කෙ දැන්.😂🤣
Deleteමාත් දැක්කෙ දැන් ආපහු බලද්දි...
Deleteබස්සා අර ලිපිය යටින් දාල තියෙන ලිංක් වලින්, චන්දිම ඇන්ජලා ම'කල් ගැන ලියපු එක... ඒක හරිම වැදගත්. දැන් දැන් එහෙම දෙයක ඡායා මාත්‍රයක් ලංකාවෙත් පේන්න තියෙනව.
ReplyDeleteලංකාවෙ වැඩිහරියක් තියෙන ප්‍රභූ දේශපාලනය මත, කාට හරි මේකට එකඟ නොවෙන්නත් පුළුවනි. ඒත් මම විස්වාස කරන්නෙ, දේශපාලුවො කියන්නෙ සමාජෙ බයි-ප්‍රොඩක්ට් එකක්, දිඝුවක්, සමාජයේම පැති කඩක් කියලයි. තොරණ් ගහලා, මහ රජානෙනි කියල, බස් අරගෙන වන්දනාවෙ ගිහිල්ලා, තාප්ප පුරා චිත්‍ර ඇඳලා මේ මකරු හැදුවෙ අපිම තමයි. දැන්, මකෝල හැඩගස්සන්න ඇහැකිත් සමාජයටම තමයි. හැබැයි දැන් පිම්බිලා ඉන්න මකරු ඒකට කැමති නෑ.
Deleteඅබුද්දස්ස කොළම, රාජකපුරු වගේ නාට්‍ය ලිව්ව සිරිසේන ප්‍රේමලාල් මහත්තයාගේ පුතා තමයි ජනක් ප්‍රේමලාල්. සිරිසේන මහත්තයා ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් කියලයි මට මතක.
ReplyDeleteඒ කාලෙ අපි හිනා වෙවී මේවා බැලුවා විතරයි නේද?
මකරාක්ෂයා, ඒකා අධිපති, අත්, මරාසාද්, නාග ගුරුලා වගේ නාට්‍ය ගොඩක් ආයෙම බලන්න වටින ලැයිස්තුවකට වැටෙනව කියලා මතක් වුණා, මේ post එක කියෙව්වම.
ජනක් ප්‍රේමලාල් ගැන දන්නෙ, රාජකපුරු නිසයි. සිරිසේන ප්‍රේමලාල් මහත්තයා ගැන ඇහැව්වෙ දැනුයි.🤔
Deleteඒ් උනාට උඩම ක්ලිප් එකේ තියෙන්නෙ සිරිසේන ප්‍රේමලාල්ගෙ රාජ කපුරු කියල...
Deleteඔව්, එහෙම නං නිදි කියනව වගේ නාට්‍ය පිටපත ලියල තියෙන්නෙ ජනක් ප්‍රේමලාල්ගෙ පියා.🤔
Deleteගමට වඩා ආතල් රට
ReplyDeleteතව හොඳ, හොඳ ආතල් ඉස්සරහට එයි නේද?
Deleteමැනලාද සතුට මට දෙන්නෙ
Deleteඉඳ හිට දැන් දැන්.....
දෙකේ දෙකේ පොල්ලෙන් තමයි මැනලා දෙන්නෙ.🤔
Deleteහෙහ්..හෙ......
Deleteඅංජලී බංඩාර කියල දැරිවියක් මේවගේ නිර්මාණ ගායනා කරනවා. මේ ලින්ක් එකේ ගිහින් මෙස්සේජ් කලොත් ගායනා කරනවා අහන්නත් පුලුවන් වෙයි
ReplyDeleteස්තූතියි ලින්ක් එකට.🙏
Deleteමේක මරු . කවුරුහරි තාලෙට කියල නැත්ද
ReplyDeleteනාන කොට බස්සක් කියනවා ඇහිල තියනවා.🤔
Deleteකවි... කවි දැන් එපා බෂ්. රී මිෂ් සිංදුවක්වත් ඕන.
ReplyDeleteමට බැහ්. 😉😂
Deleteඅඩේ... මුකුත් අලුත් ඒවා නැතෙයි.....
ReplyDeleteලියන්න හිතෙන්නෙ නෑ බං. ඇහෙන නරක ආරංචි නිසා හිතට හරි නෑ.😒
Deleteඅලියා වෙඩි දාලා පෙරහැරේ ආවට, "තව මාසෙකින් කන්න ඤැහ්, තෙල් ඤැහ්, ඩොලර් ඤැහ්" කිය,කිය තාම වැල් පාලමේ නේද?
දැන් මනූස ඇමටි හෙම කොටහක් රට පටවන්න පුල් ට්‍රයි එක... ඉතුරු වෙන මධ්‍යම පෑන්ටි අපට දඩයමේ යන්න හරිහමන් කැලයක්වත් නෑ නෙව
Delete