May 13, 2022

පොහොට්ටු කවි


වියත්මගේ උපදේසෙන්

ගොවිතැන් බත කෙල වුනාය

කපුටා, කබරා හිට් ද ප්ලේන්

ආර්ථිකෙත් හිඳවුනාය ///


අහස උසට නෙලුං කුළුනු

බලුප් දමා වැජඹුනාය

සකල සිරින් පිරි සිරිලක

හතර අතට ණය වුනාය///


ආසියාවෙ සව්-බාගය

කරවන එක වැරදුනාය

ඒ වුනාට මැදමූලන

ආර්ථිකේ තර වුනාය///


කොලොම්පුරේ තණනිල්ලේ

උද්ඝෝෂණ පැතිරුනාය

බෛයන් සැට් එකක් ඇවිත්

අප්පච්චී හමු වුනාය///

පුම්කට කොටන්න එපා යකෝ!


දේශ-බැන්ජො මැතිතුමාගෙ

අනුමැතියත් හිමි වුනාය

පොලෝසියෙන් බලා ඉද්දි

කූඩාරම් ඉගිලුනාය///


මයිනා මිසින්, ජොන්ටා මිසින්

නිශාන්තයත් ලෙෆ්ට් වුනාය

බේරෙ මාලු ඇවිත් පුම්කට

කෙටුව බවත් කියැ වුනාය///


අකමැති පුටුවට අහසින්

තනි අලියා ප්ලග් වුනාය

පුතාණෝගෙ පියානෝවෙ

තිබ්බ යතුරු ගැල වුනාය


අතීතයේ සිදුවුනුදේ

අද එලෙසම සිදුනොවෙතේ

අනාගතේ ගැන හිතුවම

ඇඟේ මයිල් කෙලින් වෙතේ///


හිතෙන දෙයක් සිදු නූනට

ඒකට ලතවෙන්න එපා

අල හිටවන, වංගු ගහන

කපුටන් හිඟ වෙන්න එපා///


මේ අර /// දාලා තියන්නෙ, ඒ පේලිය තුන් පාරක් කියන්නයි, ඈ? අපට ඉතිං, ඔය අනිත් අයට වගේ හිටෝන-කවි පිහිටල නෑ.  රාජකපුරු එකෙන් හොරා කෑව තමයි, අපේ හාංදුරුනේ.   


"මේ සී ලංකා මහරත්..." , පැංසොන් ගිය ඉස්ටේසන් මාස්ටර් කෙනෙක් වත්දෑ?😮🤔


අදාල වෙනත් ලිපි:






(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

47 comments:

  1. පොරක් කියල කෙනෙක් ගෙනත්
    අපි හැමටම කෙලඋනාය
    ඥානගෙ නූලත් අයියෝ
    ඔහුගෙ අතින් ගැලවුනාය

    ReplyDelete
    Replies
    1. ගොඩකවෙල අප්පුහාමිත් ඔය කවි කියන්නෙ, යස අගේට. අල කොමා තමයි නම දැම්මෙ.😉

      Delete
    2. නාගසලං අප්පුහාමි කවි කියන්නෑ. ටයිප් කරනව විතරයි. උන්දැගෙන් හිටිවන කවියක් අහගන්ඩ දෙන්ඩ ඔ්නෙ කීබෝඩ් එකක්...

      Delete
    3. මේ කයියට අයිඩියා එක ආවෙ බොගෙ කූඹි සිත්තර පටියෙන්. ඒකයි තව පෝස්ට් දෙකකයි ලින්ක් පහලින් දැම්මා.🤔

      Delete
    4. හැබෑට... ජනක් ප්‍රේමලාල්ගෙ පට්ට ඇඩ්වාන්ස් දේශපාලන දැක්මක් තිබිල තියෙනව.

      Delete
    5. මොක්ද්ද කියල බලන්නෙවත් නැතුව උඩිම්ම තිබුණු විඩියෝ ක්ලිප් එක ඩවුන් ලෝඩ් කරන්ඩ ගත්ත. යකඩො! ඒක රජකපුරු සම්පූර්ණ නාට්‍යය නේ?

      පිං පිං පිපිං පිං යකො!

      Delete
    6. ඉතාමත් ශූක්ෂම විදිහට නමුත් නිර්මාණශීලීව කරපු "ඒකා-අධිපති", "අත්" වගේ පට්ට දේශ්පාලන නාට්‍ය ඒ කාලෙ තිව්නා. ඒවා එදාට වඩා ගැලපෙන්නෙ අදට.🤔

      Delete
    7. හූම්ම්... මකරාක්ෂයා ත් 2010 - 2020 දශකයට ගැළපෙන එකක්.

      Delete
    8. ආන්න ජංසං. මට ඒක මිස් වුනා.😮

      Delete
    9. අන්න ඒකයි. ලාන්සෙලොට් මකර මැරුවට පස්සෙ නගරාධිපති ඒකෙ ගෞරවය පැහැර ගත්තා. පස්සෙ මකරා විදිහටම හැසිරෙන්න ගත්තා. පස්සෙ ලාන්සෙලොට්ට නගරාධිපති එක්කත් සටන් කරන්ඩ සිද්ධ වුණා.

      ඒ වගෙම නගරාධිපතිට තක්කඩි පුතෙකුත් හිටියා.

      Delete
    10. ඒ යුගයේ වේදිකා නාට්‍ය, හොයා ගන්න විදිහක් නැද්ද? සිංදු සැට් එක නං කව්දෝ පිංවතෙක් මෙතන දාලා තියනවා:
      https://www.edulanka.lk/library/stage-drama-songs
      https://noorthi.blogspot.com

      Delete
    11. මකරාක්ෂයා හොයද්දි, අත් හම්බුණා.

      https://www.youtube.com/watch?v=yA0YGNzancU&t=20s

      Delete
    12. උඹට මේ පිනම ඇති පේපර් එක උඩින්ම පාස් වෙන්න. 🙏👌😁

      Delete
    13. හිහික්!

      ගුරු තරුවත් හම්බුණා...
      https://www.youtube.com/watch?v=_6WIzTzR1t4

      Delete
    14. මෝදර මෝල

      https://www.youtube.com/watch?v=wBh0uljLNm0

      Delete
    15. ඒව හොයද්දි, මේකත් හම්බුණා...

      https://www.youtube.com/watch?v=z-a01epKvsA

      Delete
    16. තාරාවෝ ඉගිලෙති
      https://www.youtube.com/watch?v=9YEERJJrQZI
      https://www.youtube.com/watch?v=dRsOM5056A4( RIP යූ. ආරියවිමල්)
      කැලනි පාලම:
      කැලනි පාලම 05
      කැලනි පාලම 04
      කැලනි පාලම 03
      කැලනි පාලම 02
      කැලනි පාලම 01

      Delete
    17. ඒ දවස් වල අපේ සර් කෙනක් කැළණි පාලම පෙන්නුවා. කොළඹ වටේ කරත්තෙකින් ගියා පත්‍රිකා බෙදා බෙදා

      Delete
  2. අමිතාබ් භච්චන් ශාරුක් ඛාන්ගේ උරහිස් අල්ලලා
    “නහී බේටා නහී“ කියලා කිව්වා.
    ඒකේ අර්ථය වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

    ඒ නිසා දැන් ඔය ජන අරගලේ අකුගත්තනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. යම් ඇත්තක් නැත්තෙමත් නෑ. එපාවීම, දියවීම, උනන්දුව නැතිව යෑම වගේ ප්‍රශ්ණ එන්නත් ඇහැකි. ඒත්, අරටුවටම කුනු වෙච්ච දේශපාලනයට, යම් බලපෑමක් එල්ල වුනේ ජන අරගලේ නිසා නේද?

      ජන අරගලේ අකුල ගත්ත කියමු. එතකොට, ආසියාවේ ඈස්චර්‍යය පහල වෙයිද? නැත්නම් පරණ, පාත්තරේ අරං ගිහින්, හිඟාකාලා පාටිදාන පරණ ඔලිඳ කෙලිය පටන් ගනීවිද?

      Delete
    2. ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි

      අවංකවම දන්නෙ නෑ, ඒත් රනිල් , මහින්ද සියදිවි නසාගත්ත හේතුව තේරුම් අරං තියනවා. තානාපතිකමට ගෝටට කඩේ යන නාථ දෙයියො, ගෝටාගෝගමට කියන්නෙ "ආතල්ගම" කියල. සාමකාමී නං, මේ වගේ "මහජන චතුරශ්‍ර- Public Square" මම දකින්නෙ නෑ, ප්‍රජාතන්ත්‍රවාදයෙ දියුණුවක් ලෙසයි.

      "When government fears the people, there is liberty. When the people fear the government, there is tyranny."

      “People should not be afraid of their governments. Governments should be afraid of their people.”

      Delete
  3. මම කැමති ම විනී ප්‍රඩක්ෂන්ස් වර්ෂන් එක...

    https://www.youtube.com/watch?v=6JUSSzVjzVk

    මේ බලන්ඩ, කහඳගමගෙ ඇක්ෂන් 100%ක් ම නිවැරදිව කරල තියෙන හැටි...
    https://youtu.be/al2Oc0Be51U

    ReplyDelete
    Replies
    1. ඒක නියමයි. සෑහෙන හොඳට කරලා තියනවා.👌

      Delete
    2. මෙන්න මේකෙ, 3:55 ඉඳලා ජවනිකාව අපට අදාළයි...

      https://www.youtube.com/watch?v=2MD2SHYNoYk&t=29s

      Delete
    3. හෙහ්,හෙහ් කලින් බලල තියනවා. ඒත් ඒ කොටස ඇමති මණ්ඩල ඇනිල්ලට අදාල වෙන හැටි දැක්කෙ දැන්.😂🤣

      Delete
    4. මාත් දැක්කෙ දැන් ආපහු බලද්දි...

      Delete
  4. බස්සා අර ලිපිය යටින් දාල තියෙන ලිංක් වලින්, චන්දිම ඇන්ජලා ම'කල් ගැන ලියපු එක... ඒක හරිම වැදගත්. දැන් දැන් එහෙම දෙයක ඡායා මාත්‍රයක් ලංකාවෙත් පේන්න තියෙනව.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වැඩිහරියක් තියෙන ප්‍රභූ දේශපාලනය මත, කාට හරි මේකට එකඟ නොවෙන්නත් පුළුවනි. ඒත් මම විස්වාස කරන්නෙ, දේශපාලුවො කියන්නෙ සමාජෙ බයි-ප්‍රොඩක්ට් එකක්, දිඝුවක්, සමාජයේම පැති කඩක් කියලයි. තොරණ් ගහලා, මහ රජානෙනි කියල, බස් අරගෙන වන්දනාවෙ ගිහිල්ලා, තාප්ප පුරා චිත්‍ර ඇඳලා මේ මකරු හැදුවෙ අපිම තමයි. දැන්, මකෝල හැඩගස්සන්න ඇහැකිත් සමාජයටම තමයි. හැබැයි දැන් පිම්බිලා ඉන්න මකරු ඒකට කැමති නෑ.

      Delete
  5. අබුද්දස්ස කොළම, රාජකපුරු වගේ නාට්‍ය ලිව්ව සිරිසේන ප්‍රේමලාල් මහත්තයාගේ පුතා තමයි ජනක් ප්‍රේමලාල්. සිරිසේන මහත්තයා ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් කියලයි මට මතක.
    ඒ කාලෙ අපි හිනා වෙවී මේවා බැලුවා විතරයි නේද?
    මකරාක්ෂයා, ඒකා අධිපති, අත්, මරාසාද්, නාග ගුරුලා වගේ නාට්‍ය ගොඩක් ආයෙම බලන්න වටින ලැයිස්තුවකට වැටෙනව කියලා මතක් වුණා, මේ post එක කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. ජනක් ප්‍රේමලාල් ගැන දන්නෙ, රාජකපුරු නිසයි. සිරිසේන ප්‍රේමලාල් මහත්තයා ගැන ඇහැව්වෙ දැනුයි.🤔

      Delete
    2. ඒ් උනාට උඩම ක්ලිප් එකේ තියෙන්නෙ සිරිසේන ප්‍රේමලාල්ගෙ රාජ කපුරු කියල...

      Delete
    3. ඔව්, එහෙම නං නිදි කියනව වගේ නාට්‍ය පිටපත ලියල තියෙන්නෙ ජනක් ප්‍රේමලාල්ගෙ පියා.🤔

      Delete
  6. ගමට වඩා ආතල් රට

    ReplyDelete
    Replies
    1. තව හොඳ, හොඳ ආතල් ඉස්සරහට එයි නේද?

      Delete
    2. මැනලාද සතුට මට දෙන්නෙ
      ඉඳ හිට දැන් දැන්.....

      Delete
    3. දෙකේ දෙකේ පොල්ලෙන් තමයි මැනලා දෙන්නෙ.🤔

      Delete
  7. අංජලී බංඩාර කියල දැරිවියක් මේවගේ නිර්මාණ ගායනා කරනවා. මේ ලින්ක් එකේ ගිහින් මෙස්සේජ් කලොත් ගායනා කරනවා අහන්නත් පුලුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලින්ක් එකට.🙏

      Delete
  8. මේක මරු . කවුරුහරි තාලෙට කියල නැත්ද

    ReplyDelete
    Replies
    1. නාන කොට බස්සක් කියනවා ඇහිල තියනවා.🤔

      Delete
  9. කවි... කවි දැන් එපා බෂ්. රී මිෂ් සිංදුවක්වත් ඕන.

    ReplyDelete
  10. අඩේ... මුකුත් අලුත් ඒවා නැතෙයි.....

    ReplyDelete
    Replies
    1. ලියන්න හිතෙන්නෙ නෑ බං. ඇහෙන නරක ආරංචි නිසා හිතට හරි නෑ.😒
      අලියා වෙඩි දාලා පෙරහැරේ ආවට, "තව මාසෙකින් කන්න ඤැහ්, තෙල් ඤැහ්, ඩොලර් ඤැහ්" කිය,කිය තාම වැල් පාලමේ නේද?

      Delete
    2. දැන් මනූස ඇමටි හෙම කොටහක් රට පටවන්න පුල් ට්‍රයි එක... ඉතුරු වෙන මධ්‍යම පෑන්ටි අපට දඩයමේ යන්න හරිහමන් කැලයක්වත් නෑ නෙව

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code