මම කැමතිම කොටස්:
1. හින්දි සුපර් මෑන්ගෙ නැටුම .
2. නයිජීරියා තෝර්ට, මිටිය ගෙනත් දෙන කොටස
3. දෙමල සුපර්මෑන් ගෙ පිටේ නැගලා යන "චන්ද්‍රම්මා" ගෙ රයිඩ් එක.
ඒ එක්කම කියන්න ඕනෙ, දැක්ක නේද හොඳට දෑත බදලා පුටුවකින් තඩි බෑවම, ඕන සුපර් මෑන් කෙනක් බිම වග?
මෙන්න අවුරුදු 100 පැරණි වුනත්, අදටත් වටින වැඩ:
මෙන්න "අපේ මෑන්" ලගෙ වැඩ කිඩ:
කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි
රට බංකොලොත් කළ තුන්වන පාර්ශවය කවුද? නාමල්ගෙන් අනාවරණයක්!
මට නොතේරෙන්නෙ, ඇයි අපි "අපේ මෑන්" ලගෙ විහිලු වලට හිනා නොවී, බනින්නෙ කියලයි.🤔
මේ, අර ඊලොන් මස්ක් කියන "සුපර් මෑන්"ට වෙච්ච දෙයක් දන්න කවුරු හරි ඉන්නවද?
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
ඔය ලියල තියෙන්නෙ.
ReplyDeleteපහුගිය කාලෙ (ඒ කියන්නෙ 1998 විතර) ස්වර්ණවාහිනියෙ ද කොහෙ ද, ගියා "ටාසන් ද අපේ මෑන්" කියල එකක්. ඒකත් පට්ට ආතල්.
ඔය කිව්වම, මට ආයෙ බලන්න හිතුනා. හොයන්න ඕනෙ.🙏👌
Deleteඅඩෝ! මං එක...
ReplyDeleteහුහ්! ආදෙංකො ඔය නයා... දෙන්නෙ කෑලි හැලෙන්ඩ!
ටෝච් එක හරියට හදාගනිං. කෑලි හැලෙනවනං වැඩක් නෑ.
Delete'රට බංකොලොත් කළ තුන්වන පාර්ශවය කවුද?'
ReplyDeleteඉන්දියාවේ ප්‍රකට රාජත්‍රාන්තික නිලධාරියෙක් වෙන සිවශංකර් මෙනන් එයාගේ 'Inside the Making of Indian Foreign Policy' කියන පොතේ සදහන් කරනවා කොටි සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය නිසා ලංකාවට සෘජුවම අහිමි වූ මුදල ඇමරිකන් ඩොලර් බිලියන 200 ක් කියලා.
දැන් ලංකාව බලං ඉන්න අයිඑම්එෆ් එකේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9 මොන සොච්චමක්ද කියලා හිතෙනවා.
(ජනතා විමුක්ති පෙරමුණේ සහ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදය නිසා වක්‍රවත් අහිමි වූ මුදල බලද්දී ඒක ඊටත් වඩා ගොඩක් වැඩියි කියලා එයා පොතේ කියන්නේ.)
ඇත්ත. ඒ වගේම කොටි සංවිධාන සහ "රෝ" අතර සම්බන්ධයත් මේ සමීකරණයට දාන්න වෙනවා කියල හිතෙනවා.
Delete+++
ReplyDeleteස්තූතියි ඉයන්.
Deleteලේ පිරිසිදු කරන බෙහෙතකි මේ වීඩියොව
ReplyDeleteබලල පණ යනව පොඩ්ඩෙන් මගේ තව
සුපිරිම සුපිරි වැඩ්ඩන් ඇති ලංකාව
එකම විහිළුවකි, මොකටද විහිළු තව?
මමත් යන්තං පද හතරක් ගැටගහගන්න ඉගෙන ගත්තෙ, නිදිගෙ කවි වලින් තමයි ඉතිං.🙏👌😊
Deletehttps://www.syfy.com/syfy-wire/best-superhero-parody-movies-ass-mystery-men-hancock-streaming
ReplyDeleteහුටා එතකොට මේකෙ හැටියට, අර නයිජිරියන් හාදයා සීබ්‍රාමෑන් වත්ද?🤔
Deleteඅර වීඩියෝ එකේ නිහාල් සිල්වත් ඉන්නව වගේ දැක්ක. හැක්..
ReplyDeleteරට බංකොලොත් කල තුංවන පාර්ශවය ඉතිං බ්ලොග් කාරයො තමයි ඉඳගෙන.
ආං අරහෙ අලකොමා, ටෝච් එකට බැටරි දානවා දැක්කා. හැක්! 🤣
Deleteආාා කොහොමද බකමූණෙ මුදියන්සෙ?
ReplyDeleteඇර මාටින්!, ඇන්ඩත් ඇවිත්. අම්මපා බාප්ප දැක්ක වගේ සන්තෝසයි.😊
Deletehttps://www.independent.co.uk/topic/elon-musk
ReplyDeleteඒකත් ජයසිරි මංගලම්! 😂
Deleteමට ඇත්තටම අර ඉන්දියන් ෆිල්ම් එක බලන්න ලැජ්ජයි 😆 😅
ReplyDeleteඅර ඇහිබැම නටවලා, මූණෙනුත් ඇක්ෂන් දානව නෙව. ඇක්ෂන් ලෝකයයි,🤣
Delete+++++++++++++++++++++++++++++
ReplyDeleteහොඳ වෙලාවට බැලුවෙ, තව පොඩ්ඩෙන් කලුකුඩු බස්නෙ තමා, කලම්බු මැලියංතුමාගෙ කමෙන්ට් දෙකකුත් ස්පෑම් ගොඩේ තිබුනා.🤣
Deleteමෙතන ලංකාවෙ වෘත්තීය සමිති ගැන වැදගත් ලිපියක් තියනවා. පැරා, රනිලට කඩේ යනවා කියල සමහරු කියනවා. යනවත් ඇති, මට නං අවුලක් නෑ, ඒක එයාගෙ දේශපාලන නිදහස.
ReplyDeletehttp://w3lanka.blogspot.com/2023/03/blog-post_26.html
අපේ දේශපාලනය කියන්නෙම අලි බොරුවක්. පැරා රනිලට කඩේ ගමන් හරි, වෘත්තීය සමිති බොරුකාරයොන්ගෙ රෙදි ගලවනවා, ඒක ටික හොඳටම ඇති.
කෝ බොල මං ගහපු වැට
ReplyDeleteඅඩේ සමාවෙයල්ලා. මේ අවලං ගූගලයා ඒක ස්පෑම් වලට දාලා.
DeleteNTR සෟපර්මෑන්ටත් හිටි වගක්... අදයි දැන ගත්තේ.
ReplyDelete/කුණු ආසියාවේ/ ද නැතුවත් මරු 😂
ඔය යුගයේ, දෙමල ඇක්ටර්ල මට නං එකම මොඩල් එකේ.
Delete"කුණු ආසියාවේ" කියල තමා මුලින් තිබුනෙ, ඒකත් වැරදිම නෑ.😂
//දෙමල සුපර්මෑන් ගෙ පිටේ නැගලා යන "චන්ද්‍රම්මා" ගෙ රයිඩ් එක.// පට්ට ආතල් ඕයි.. හැබයි අසූ ගණන්වල මුල අපි බලපු Battle star Galactica , Blake Seven වගේ කතාවල තාක්ශැනය (මතක විදියට) බොහොම ඇඩ්වාන්ස් විදියට යොදාගෙන තිබුණා. 78 ජපානේ ස්පයිඩර්මෑන් එක තමයි හිතා ගන්න අමාරු. හින්දි දෙම්ල ඒවානම් ඒ හැටි අරුමයක් නෙවෙයි.
ReplyDeleteසහතික ඇත්ත. නවසිය 77 හදපු ස්ටාර්වෝස්වල තාක්ශණය ටොප් කොලිටි. නවසිය 33 හදපු ජපන් "කින්-කොං" එක්ක බැලුවාම, 78 ජපන් ස්පයිඩර්මෑන් හොඳටම අවුල්.🤔
Deleteමේ ඉන්දියන් හාදය, මොබයිල් ෆෝන් එකෙන් ඊට වඩා හොඳ ඉෆෙක්ට්ස් හදනවා/
https://youtu.be/wOJQHeBAag4?t=566
මේක දැක්ක ද?
ReplyDeletehttps://youtu.be/356VnsIotxU
මේක නියමයි. මම කොහොමත්, ක්ලැසික් බ්‍රිටිෂ් කොමඩි වලට මනාපයි.🙏👌😊
Deleteකොමඩි ඔහේ තිබුනාවෙ.
ReplyDeleteමගේ දැවෙන පස්නේ ..මේ ඇත්තටම ඔහේ බස්සෙක් නෙවෙයි නේද?
සුවර් එකටම හිම වලසෙක් නේද?
වින්ටරේ මිසිං ඉන් ඇක්ෂන් වෙලා දැන් ඉස්ප්‍රින් ලැබුව විතරයි මෙන්න ඇක්ෂන්
ජයවේවා!
ෂ්.....ෂ්...හයිබනේට් ඉවරවුනා විතරමයි, ආයිබෝං. "ජයවේවා!" කෑල්ල අනුව නං, මේ විට්ටර්ගෙ මල්ලි වෙන්ටෑ?
Deleteටික දොහකට ඉස්සෙල්ලා, ඇහුනා කුරුල්ලොන්ගෙ මහා කාලගෝට්ටියක්. අර වින්ටරේට, මෙහෙන් මාරුවෙන කස්ටිය. තේරුණ විදිහට කිව්වෙ මෙහෙම: "තොට මම කිව්වා තව ටිකක් එහේ ආතල් එකේ ඉඳලා එමු කියලා. කෝ, ඇහැව්වද? දැන් අපි කන්නෙ හිමද?"
ඔය වගේ අඩු වියදම් වීරයෝ ඒ කාලේ අපිට සිරා පොරවල් වගේ පෙනුනා
ReplyDeleteඔව්. මේ කාලෙට සාපේක්ෂව, ඒ තාක්ශණය දකින එක නං අසාධාරණයි. ඒත් ඒ කාලෙත්, අදටත් අගේ කල හැකි "star wars" වගේ ඒවත් තිබුනා.
Deleteමගේ යාලුවෙක් මීය මැරිල මළා.
ReplyDeleteඇයි ටෝච් පාරක් කාල නෙවෙයිද මලේ? මේක වැටිලා තියෙන්නෙ වැරදි පෝස්ට් එකට වගේ.🤣
Deleteනෑ යකෝ. මම එනකොට ඒ පෝස්ට් එක තිබ්බෙ නෑ.
Deleteහුටා! 🤣😉
Delete