හැදුනා මටත්, වාගෙයි ගැහුවට ගෙම්බා
එච්චර සැරට ආවේ නෑ ගෙවුනු වින්ටරේ
යාන්තමට ගෙවිලා ගියා නැතුව බර-බරේ
හිතන කොටම, එහෙනං දැන් මල්ල මගෙ කරේ
අයිස් වැස්ස එනවා හෙට කොරේ පිට මරේ
අන්විස්වාසබල් පෙන්වන්නේ හොඳ මූණූ
විස්වාස කලොත්, වැටෙන්න වෙයි කුණු කාණූ
දැණගෙන සීරුවෙන් හෙමිහිට ගමන යනූ
බස්-තියං ගියේ ඒ කාලේ ගමන පයින්
ඒ කෙලි මෙහෙදි වානා දොරේ නතිං ඩුයින්
දඩිබිඩියේ බකමූණෙක් ගියා සොපින්
කන්න බොන්න දේ දැන් තියනවා ඉතිං
ටිං කිරි, කෝපි සහ කුකුලා කරපු රෝස්
බැගට් නැමති දිගටි පාන් හැපෙන කරස්
මෝඩ වසන්තය මා හට වෙලා හරස්
කන,බොන අඳින දේවල් ටික රැස් කරලා
සුරුස් ගාලා ගේ අස්සට රිංගාලා
ටින්කිරි කෝපි උගුරක් බොමි සිං ගාලා
හදිස්සියට ලිව්වේ මම මේ කයිය
හිතවතෙකුගෙ ඉල්ලීමට, දුන් හයිය
හිතේ මිසක් ගතේ තාම නෑ හයිය
එහෙම මිසක් දැම්මේ නෑ මම පොයිය
වැයිරස් සමඟ සටනකි තව මහ යුද්දේ
බස්තියං රාළ අද තනියම වෙල මැද්දේ
තාම මලේ නැතුවා දාගෙන සද්දේ
අපේ කටුත් වැලලෙයි කොන්ක්‍රීට් බැද්දේ
අප සැමට කොරෝනා දේවි පිහිටයි!
(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)
'කොන්ක්‍රීට් බැද්ද‘ හොඳ යෙදුමක්! ඉක්මනින්ම හූම්, හූම් කියන්නට ලැබේවා!
ReplyDeleteස්තූතියි.
Deleteපූසාරි: ඔබතුමී වැඩියෙ තව්තිසාවෙන්ද?
කොරෝනා දේවි: මඟුලක් අහනවා? වුහාන් ලැබ් එකෙන් ඕයි!
බස්සෙකේ ගිය කැම්පස් සාදුල දෙන්නෙක්. එක්කෙනෙක් මෙහෙම ඇහුවලු "පන්සලක් තියනවා, අරගෙන කරමුද?" කියලා.
බස්සො කයිද දිගටි පාං කිවුවලු.
ReplyDeleteවවුල් ආදිපාද නං කිව්වෙ නයි කයිද රෝස් පාං කියලයි, හැක්!
Deleteමේ ලෙඩෙත් එක්ක මොන පාං වත් කන්ඩ බෑ.
Deleteඑහෙනං අල හොදි එක්ක ඉස්ට්‍රෝබෙරි කාහං.
Deleteඩ්රැකී,Praසන්ன ස්තූතියි ආවට. අල හොදි නෑ චිකන් තියනවා, කනවද?
Deleteසියලු රෝගපීඩා දුරැවී ආයෙම බස් තියං පයිං යන්න වාසනාව ලැබේවා! හරෝහරා.
ReplyDelete-නමියගෙ වීදිය
මොකෝ මේ ඇනෝ නයි මවුස් වෙලා.
Deleteනමියො පයින් යන්න ගිහින්, සුරුස් ගාලා හයි-ස්පීඩ් ගියෑකි. ස්තූතියි ප්‍රාර්ථනාවට.🙏
DeletePraසන්ன වඩුවගෙ ගෙදර පුටුව වගේ වෙන්ටෑ?😁
පසා & බසූ මයා පෝං කට්ටෙන් ලොග්වෙච්ච පොපයිල් එක පෙන්නන්නෙ නෑ 😁. මෙ ලඟදි ඉඳල ලෙඩෙ!
Deleteඅවුලක් නෑ නමියො. අපි දන්නව නෙව උඹයි කියලා.
Deleteඉක්මන් සුව ලැබේවා ! අපිට මෙහෙ හිතල කාලේ පටාන් ගන්ඩ යන්නේ .. මේක දැක්කම මතක් වුනේ වහාම ෆ්ලු ෂොට් එක ගහ ගන්ඩ ඕනේ
ReplyDeleteමට නං ඔය ෆ්ලු ෂොට් එක වැඩ කරලම නෑ. උණ සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන වයිරස් ප්‍රභේද 300 විතර තියනවාලු. වැක්සීන් හදලා පිරිමහන්න බෑ කියන්නෙ. දැක්කනෙ කොරෝනා, කී සැරයක් වෙනස් වෙවී ආවද?
Deleteඑලියට යනකොට මාස්ක් එක දාගෙන යනවා. හූරන කස්ටිය එමට. ඇවිත් විටමින් C පෙත්තක් ගන්නවා. ෆ්ලූ ඇන්ඩ් කෝල්ඩ් එක්ස්ට්‍රා ස්ට්‍රෙන්ත් ඩේ ඇන්ඩ් නයිට් කියල පෙති ජාතියක් අරගෙන ආවා. ඒක පැරසිටමෝල් ජාතියක්. ඒක වැඩ කරනවා. ස්තූතියි අදහස් දැක්වුවාට.🙏
මෙහෙවු රටේ අඹතලාවෙ ඇණ දැකලා
ReplyDeleteහිමකරේට සින්නවෙලා උලව්වේ
චෙරි බෙරි කකා හොට රතු දම් පාට වෙතේ
හැම දෙවියනේ අපෙ බස්සා රකෝ රකෝ!
ඔව්ව කවි ද? කවියක් නං මෙහෙ ම වෙන්ඩෝනෙ...
Deleteට්වින්කල් ට්වින්කල් බකමූණා
බට ගහ වාගේ වට් යූ ආ
අපෙ අප්පේ හෙම්බා හොඳටම හයි
ටිකිලා නැත්තං සදහට දොයි
ඇර මාටින් රංචාගොඩ ළමයා බොලෑ ආච්චිද?😁
Deleteබූ බම්බා කියලා කැරැක්ටර් එකක් හිටියා නේද පරණ රේඩියෝ ඩ්‍රාමා එකක?
ReplyDeleteමතකයෙ විදිහට පරණ කොමඩි පිචෑර් එකක හිටි බූතයෙක්.
Deleteබූබම්බාට රඟපෑවේ පියදාස විජේකෝන්, ඔන්න බබෝ බිල්ලෝ එනවා ෆිලුමේ නේද?
Deleteආන්න ජංසොන්!🙏
DeleteGet well soon !
ReplyDeleteThanks Ian.🙏
Deleteදැනටමත් බකුසාණෝ නිදුක් නිරෝගීව සිටිතැයි සිතමි.
ReplyDeleteදෙදොහක් ගෙදර උන්නේ නෑ- මේ සතියෙත්. බදුල්ලේ ගියා සෝමා පුංචිලව බලල එන්න.
බස්සා මහත්තයෝ- යන්තං හරි උගුර කසන ගතියක් (හෙම්බිරිස්සා පූර්ව ලක්ෂනයක්) දැනෙනකොටම කරාබු නැටි දෙකක් හැපීම නියමෙට වැඩ කරනවා මට නං. දිනපතාමත් මං කරාබු නැට්ටක් දෙකක් හපනවා...
කරාබු නැටි වල විශබීජ නසන ගුණය තියනවා. මම ඒක මතක තියාගන්නම්. ස්තූතියී.
Deleteමට හිතුනා නිදි සවාරියක් යන්න ඇති කියලා.
රට වටේ ගිහින්, නෑයො හමු වෙලා, සතුටු සාමීචියෙ යෙදිලා, කෑම ටිකක් කාලා එන එකත් එක්තරා වාසනාවක්.👌👍
ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ පිට ලෙඩ හැමතැනම
ReplyDeleteඉස්සර වගෙ නෙවෙයි - දැන් ලෙඩ හරි නරුම
විදිහය පෙනෙන්නේ - බෙහෙතුත් හැම තැනම
පල් වතුරද කියා සෙවුමයි අමාරුම!
ඔහෙත් තියෙනවද අපූරු පැණි එහෙම
කළගෙඩි පිරිත් පැන් ගංගාවල දැමුම
ඔහෙටත් අඳුන්නල දුන්නොත් ඒ කරම
'කල්ල මරේ' බකුසාණෙනි නොවැරදීම!
පැණි සහ ගංගාවල දාන පිරිත් පැන් නං නෑ. ඒත් වයසක චීන්නුන්ගෙ ඔහොම විස්වාස තියනවා. එක වංගියක් මෙහෙ ගඟකට, මෙහෙට ආවෙනික නැති මාළුවෙක් දාලා ඌ අනිත් දේශීය මාලු සැට් එකටම බැස්ටිය දුන්නා.
Deleteකොච්චරවත් ගමනෙ තමයි නිදියානෝ
ප්‍රොෆයිල් එකට මොකද වුනේ නමියානෝ
කරාබු නැටි බෙහෙතට හොඳ හෙම්බානෝ
ටින්කිරි කෝපි තමයි මගේ කපුචීනෝ
ගමන හොඳයි නියමයි සතුටින් ගෙවුණෝ
Deleteපුංචිගෙ දූල සේරම වගේ විත් උන්නෝ
දොඹ, මී ඇට තෙල් මසාජෙකුත් ලැබුණෝ
හොඳයි වගෙයි දිගටම කරලා බලනෝ
දොඹ, මී ඇට තෙල් මසාජ්? 😮
Deleteඅහා, අල වගේද ගෝවා?😁
https://youtu.be/Mu3ASp38Aq4?si=5kcgjrI1uZ4Vvui8
ReplyDeleteඔය සෝවියට් යුගේ පට්ට රුසියන් කාටුන් තිබ්බා. යූ ජස්ට් වෙයිට් වගේ ඒවා.👌🙏
Deleteමේකෙ සිංහල එක මතක නෑ? ටයිටස් තොටවත්තගෙ මුල් ම කාලෙ
Deleteඔය ටයිටස් තොටවත්ත මහත්තයාගෙ ඩබින් රූම් එකේ දොරට උඩින් ගහල තිබ්බා "කට ඇරියොත් වචන ඔබනවා" කියලා.😁
Deleteඅඩේ... ඒක මරු 🤣🤣😂
Deleteබකුසු හෙම්බිරිස්සාව මොකද්ද, මර්තේලිස්? අන්න රිචඩ් චෙම්බර්ලේන් මැරිලා...
ReplyDeleteඒක නෙව, මලා නේද ? හැබැයි වයස 90 ක් ද කොහෙද?🤔
Deleteබස්සෝ අපේ පළාතේ නම් වින්ටර් පටන් ගනිද්දියි ඔහොම වසංගත පැතිරෙන්නේ.
ReplyDeleteකෝකටත් රෙස්ට් ඉස් බෙස්ට්, ඉක්මන් සුව පතනවා!
මේකත් ආවෙ වින්ටර් පටන් ගන්න කොට වගෙයි මතක. කට්ටි පැන,පැන බේරිලා උන්නා. කොහෙද, පස්සෙ උන්දෑ ගෙදෙට්ටම ඇවිත් දුන්නා නෙව සබ්බුව.
Deleteඅවුල වුනේ මේක සාම්ප්‍රධායික හෙම්බට වඩා වෙනස් නිසයි. මේකෙදි නහය බුරුල් වෙනවා, වේලෙනවා, ආයෙ ආයෙ කීප විටක් නහය බුරුල් වෙනවා. මට කෙල වුනේ, හෝතම්බුවාගෙ පලවෙනි නහය බුරුල් වීමෙන් පස්සෙ, මම මගේ "ගාඩ් ඩවුන්" කරපු නිසයි.
https://harry-potter-fanon-reference.fandom.com/wiki/Owl_flu
ReplyDeleteGet well soon, DGMB.
අවුල් උණ? ලෝකෙටම කෙලෝපු වවුල් උණ ගැන නං දන්නවා.😉😁
DeleteThanks Pra Jay.🙏
https://www.facebook.com/groups/928353217925004/permalink/1911526752940974/
ReplyDeleteහෙහ්, හෙහ් කණ පිට ගැහැව්වත් අවුලා අවුලමයි. මේ ජාතියෙදි හදන්න බෑ.😁
Deleteහිතේ මෙන්ම ගතේ හයිය වැඩිවේවා
ReplyDeleteරටේ මෙන්ම අතේ පනං ඉතිරේවා
අවුරැද්දට චීස් බටර් හම්බේවා
බ්ලොග් දෙයියො අප දිගුකල් සුරකීවා
- කවීස්වර නමී
හයිය හොඳා වැඩි වැඩියෙන් හයි වෙන්න
Deleteනමියා හොඳා හිටිවන කවි ලියවෙන්න
බලයි කූරි කරවල කර වළඳන්න
ගමේ රහට කට ගැස්මක් මට දෙන්න
හෙම්බා මගේ රස- සුවඳ නහර වලට කෙලිය නෙව නමියො.
හැදුණම හෙම්බ - නොදැනෙයි රස, ගඳ, සුවඳ
Deleteදෙහි වැඩි ලුණුමිරිස් කාලා බැලුවාද
පැඟිරි කොළවලින් දුම් ඇල්ලුවෙ නැද්ද
නමී උන්නැහෙත් කවියෙක් වගෙ නේද
මේක සාමාන්‍ය හෙම්බිරිසාවක් නං නෙමෙයි නිදි. උණ ආවෙ නෑ, නහය හිර වුනෙත් නෑ. නිදාගෙන නැගිට්ටම උගුර වනවෙලා වගේ දැනුන සුමාන දෙකක්. සම්පූර්ණයෙන්ම කන්න බැරි වුනෙත් නෑ. ඒ හැටි සෙමත් ආවෙ නෑ. ඒත් එපා කරපු කැස්සක් නං තිබ්බා. ඒ කාලෙ තමයි, බැරිම තැන අර පෙති ගත්තෙ. පෙති දෙක ගානෙ, පැය හයකට වරක්. දවස් දෙකක් ගන්න කොට උගුරෙ අමාරුව හොඳ වුනා. පෙති වල සැරටද කොහෙද කන් වලින් ගිණි පිටවෙනවා වගේ දැනුනා. සුමාන තුනකට පස්සෙ නාන්න ගත්තම හරි ගියා.
Deleteඒත් තාම වයිරස් එක ඇඟ ඇතුලෙ ඉන්නව කියලයි හිතෙන්නෙ, නිද්‍රාගත-dormant වෙලා. තාම සමහර වෙලාවට අර වියලි කැස්ස තියනවා. සීත බීම බිව්වොත් ඇවිස්සෙන ගතියක් තියනවා. උන්දෑ බලන් ඉන්නෙ ආයෙ ඇඟ දුර්වල වෙනකං, ආයෙ බැස්ටිය දෙන්න. තැම්බුම් හොද්ද වගේ වෙන්න චිකන් කරියක් හදලා පාං, පරාටා කෑවා. බත් කන්න ඒ හැටි පිරියක් නෑ.
ඔය ගඳ, සුවඳ නහර තියෙන්නෙ තල්ලට උඩින් කියනවනෙ. මේ සාමාන්‍ය කෑම රුචිය ආයෙ නාවෙ, උගුරට බැස්ටිය දෙන කොටම, ඒකටත් දුන්නා වෙන්නත් ඇහැකි. මම ඉතිං කන්න ඇහැකි දේවල් හොය,හොය කනවා. වයිරස් එක්ක සටනට ඇඟට සපෝට් එක දෙන්න.
සමහන් හොයාගන්න නැද්ද ඔය පැත්තෙ ඈ
ReplyDeleteමට නම් නියම බෙහෙත
හෙම්බ හැදීගෙන එනකොටම බිව්වොත් හරි
එත් ඉතීම් සීත දේසේ කොහේදැයි සමහන්
අනේ බස්සෙකුට වෙච්ච හදියක්
මාස එකහමාරක් ඕන ඔය ලෙඩේ හොඳටම ඉවරවෙන්න
ඉක්මනට සුව වේවා
සමහන් මෙහෙ දෙමල කඩවල තියනවා. සාමාන්‍ය හෙම්බට හොඳයි, ඒත් මේකට ඒ හැටි සහනයක් දුන්නෙ නෑ. දැන් මාස එකහමාරකටත් වැඩියි මයෙ හිතේ. සම්පූර්ණයෙන්ම ඩවුන් නැති වුනත්, නිදුක්-නිරෝගී කියල කියන්න බෑ.
Delete