Feb 20, 2025

රටළූණු උඹෙ නමට කවි ලියැවුනා මදී

මට වංගියක් ඉතාලි ක්‍රමේට හදපු  ළූණු වෑංජනයක් කන්න ලැබුනා, දිවිය ලෝක රසයි ඒක. ඒක හදපු ටීනාගෙන් ඇහුවාම, එයා පුදුම වෙලා වගෙ කිව්වා විශේෂ දෙයක් කලේ නෑ කියලා. උන්දලා එහෙම කිව්වට, එයාලා ඉටැලියන් හර්බ්ස් කියලා, ඔරිගානෝ, බැසිල්, තයිම්, රෝස්මරී, සේජ් වගේ එලෝ කෝටියක් ස්පයිස් වර්ග දානව. එයාලට සාමාන්‍ය ඒත් අපි නොකරන දෙයක් මෙතන තියන බව මට තේරුනා.

ඒ  ළූණු මාලුවේ යන්තම් පැනි රහක් ආව නිසා, ඉස්සෙල්ලා වැඩි ගාණක් දීලා ස්වීට් අනියන් ගෙනත් අත්හදා බැලුව, ම්හු. ඊට පස්සෙ ෆ්‍රෙන්ච් අනියන්, ඒත් ම්හු...

සාම්ප්‍රධායිකව , ලුණු ,මිරිස් කපල තෙලේ තෙම්පාරාදු කරලා, කුස්සියෙ තියන ඔක්කොම දුරු-තුනපහ ටික-ටික දාන එකයි මම කර කර හිටියෙ. ඊට පස්සෙ ලුනු, තක්කලි දානවා . මදිපාඩුවට දෙහි පලුවකුත් මිරිකලා සියඹලාත් දාලා තව ඔයිස්ටර් සෝස් ටිකකුත් දානවා. කිසිම මාලුවකට කිසි වෙනස්කමක් කලේ නෑ. ඒ නිසා බකුසු වෑංජන ඔක්කොම යස අගේට එකම  රසට තිබුනා. 

"හාල් කිව්වම ආයෙ බත්ද කියල අහන්න එපා" ෂෙපාගෙ කලුවට තෙලට කුකුල් මස් වෑංජනය රසවිඳලා  තිබ්බ මට, මගේ "ඉඳා කුස්සියෙ තියෙනෙ ඔක්කොම තුනපහ" ක්‍රමය තව දුරටත් හරි යන්නෙ නැති බව ඒ වෙනකොටත් තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසා මම මේ ගැන හොයන්න ගත්තා. 

හොයා ගත්ත දේ තමයි,  ළූණු කැරමල් කිරිල්ල. ඔය අපි සීනී සම්බල් එකේදි කරන්නෙත් ඒකම තමයි. ලාබම කහ ළූණු හොඳටම ගැලපෙනවා වැඩේට. තෙල් යාන්තම්  සාස්පානෙ ගාලා රත් කරලා,  ළූණු සෑහෙන වෙලාවක් මලවන්න ඕනෙ,  ළූණු වල තියෙන තියෙන වතුර හිඳෙන කං. එතකොට ළූණු වලින්ම පැනි රස එනවා. යන්නම් සීනි තේ හැන්දක් දැම්මෑකි රස තවත් මෝදු වෙන්න. ළූණු දුඹුරු වුනාම, කෑලි මිරිස් ටිකක්, ලුනු, අමු මිරිස්, කරාබු නැටි දෙකක්, එනසාල් තුනක් විතර දානවා. උඹලකඩ සහ කුරුඳු, කරපිංචා ටිකක් කලින්ම දැම්මෑකි.

අපි ටිකක් සැරට හැදුවත්, ඉතාලි අය සුදට හැදුවත් දෙකේම රස එන්නෙ ළූණු කැරමල් කිරිමේ ක්‍රමවේදය නිසයි කියලයි හිතුනෙ. මෙහෙ ලාබම කහ ළූණු ගෝනියක්ම ගෙනාවා. දොඩම් සයිස් ලොකු ගෙඩි කපන්නත් ලේසියි. ළූණු ගැන අපි නොදන්න දේ බොහොමයි. ඒ නිසා අනුමානෙට දන්නවා කියල නොහිතා, ටිකක් ක්‍රමවත්ව ඉගෙන ගත්තට වරදක් වෙන එකක් නෑ.

Onions 101: The different kinds, how to cut them

ළූණු කැරමල් ඉක්මන් ක්‍රමය

ළූණු කැරමල් දීර්ඝ ක්‍රමය

මේ කැරමල් කරන ක්‍රමවේදය ළූණු වලට විතරක් නෙමෙයි බීට් රූට්, රාබු, හතු වගේ ඒව වලටත් යොදාගන්න ඇහැකියි. රාබු, බීට් රූට් තෙලෙන් තෙම්පරාදු නොකර ඉතාම අඩු තෙල් ප්‍රමාණයකින් වෙනස් රසයක් ගන්නත්, හතු පෙඟිච්ච ගතියක් නැතුව හදා ගන්නත් මේ ක්‍රමය උදව් වෙනවා. 

The wet method of cooking mushrooms

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

34 comments:

  1. ඉන්දියාවෙ හැදෙනවාලු ලොකු බොම්බයි ළූණු
    වැඩිය හදලා, චීන්නු කයි උන්ම හදන ළූණු
    තෙලේ බැදේ, කිරට ඉවේ ,සම්බෝල කරන ළූණු
    ගණ්න ගියොත් හැඳි අරගෙන සටනට එයි ගෑණූ

    ReplyDelete
  2. I am going to try this. Thanks Bassa (Ian)

    ReplyDelete
    Replies
    1. ඔව් හදලා බලන්න. කල් තියාගන්නත් ඇහැකි.👌

      අපේ සාම්ප්‍රධායික ඉවුම්-පිහුම් කලාවක් මිස විද්‍යාවක් කියල හිතෙන්නෙ නෑ. මේ අය කරන පැහැදිලි කිරීම් වලට මම හුඟක් කැමතියි. ඒ සමහර වෙලාවට කෙල වුනත් මමත් අත්හදා බැලීම් කරන්න කැමති නිසා.

      Delete
  3. අපි ඉතින් හුඟක් වෙලාවට ලූණු අනුපානෙට දානවා මිසක් මාළුවක් හැටියට කනවා අඩුයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ළූණු නැතිව හදන වෑංජන ඇත්තෙම නැති තරම්. ඒත් නොදැම්මොත්, හරියට ලුනු අඩුයි වගේ හොඳට තේරෙනවා.

      Delete
    2. ළූණු නොදම ඉව්වොත් කිසිම කරියකින් නියම සුවඳ හමන්නේ නෑ!

      Delete
    3. ඔව්, මටත් ළූණු කොච්චර ප්‍රයෝජනවත්ද කියල තේරුනේ පස්සෙ තමයි.

      Delete
  4. රටළූණු, සුදුළූණු කියන්නේ රජ කෑම. ට්‍රම්පච්චිගේ රටේ හිටපු කාලෙක කොලොම්බියන් රෙස්ටුරන්ට් එකකින් කෑවා ඔය ළූණු දෙවර්ගය එතකොට හැලපිනෝ එහෙම දාල හදපු ඩිෂ් එකක්. හදනකොටත් පලාතම සුවඳයි. දිව්‍යලෝකේ රස.

    මම කාල තියෙන රසම සීනි සම්බෝලේ හදන්නේ අපේ මාමණ්ඩි. අමුතු දෙයක් කරන්නෙත් නෑ, ඒත් ඒකෙ සුවඳ එක්ක විතරක් පාන් බාගයක් කන්න පුළුවන්. ඔය සීනි සම්බෝලේ දාලා අපේ හාමිනේ හදනවා ටෝස්ට් සැන්විච්... ඔන්න ඕවා තමා බකුස් මල්ලි තව්තිසාවේත් කනවා කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. ආන්න ජංසං. ඔය කොලොම්බියන්/මැක්සිකන් අය රටළූණු, සුදුළූණු සමඟ හැලපිනෝ වලින් දිව්‍යලෝකේ රස මවනවා. මේ ඉන්ටනෙට් යුගේ මේ රෙසිපි තවදුරටත් ගුරුමුට්ටි විය යුතු නෑ. මගේ මේ ව්‍යායාමය සහ නිදියාව උනන්නු කිරීම ඒ සඳහාමයි.

      අද වෙලා තියෙන්නෙ ඉන්ෆොමේෂන් ඔවර්ලෝඩ් එකක්. ඇට හුටා මාරක් රෙසිපි තියෙන නිසා, මොන වෑංජනේට මොන දුරු-තුනපහද දාන්නෙ නොදැන හිටි මට, ලේසියෙන් පහසුවෙන් කෑමවල වෙනස් රසයක් ගන්න හැටි වටිනවා. අත්හදා බැලීම් කරනවා, හදපු වෑංජන "රෙපයාර්" එහෙමත් කරනවා. බොහෝ ඒව හරිය යනවා, සමහර ඒව වරදින වෙලාවලුත් තියනවා. ඇත්තටම හොඳ, ලේසි පහසු ඒව තෝර බේර ගන්න අමාරුයි. අපි දන්න, අත්විඳපු රසවත් කෑම ගැන අත්දැකීම් බෙදා ගැනීම වැදගත් වෙන්නෙ ඒකයි.

      ඊයෙ පෙරෙයිදා, ඉතුරු වෙලා තිබ්බ කැකුලු හාල් වෙනස් විදිහට උයන්න ගත්තා. පුරුක් බාගයක් විතර ඉතාමත් අඩුවෙන් වතුර තියලා. ඔලිව් ඔයිල් ටිකක්, සොසේජස් කරලක් ඒකටම දැම්මා. වතුර හිඳුනාම ඕෆ් කරලා, බැදපු ළූණු ටිකක්, ලුනු ටිකක් ඉහල කලවම් කරල ගත්තාම හොඳ රසට තිබ්බා.


      Delete
  5. මට පොඩි කාලෙ ඉඳන් ලූණු - ස්පෙශලි සුදු ලූණු කොච්චර පෙන්නන්න බැරිද කියනවා නම් ගෙදර මිනිස්සු හිතලා තියෙන්නෙ වැම්පයර් පැටියෙක් කියලා!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් මට නං හිතාගන්නවත් බෑ ළූණු නැති කෑමක්. බල්ලොන්ට ළූණු හොඳ නෑලු. අර පලවෙනි වීඩියෝවෙ කියනවා ළූණු නැති කෑම, බලුකෑම වගේ කියලා. මහිතේ උන්දෑ බලුකෑම කාලා බලල තියෙනවා.😂

      Delete
  6. මම ළුණු ඔය විධිහට ටිකක් සමාන විධිහට හදනව . හැබැයි අල හෝ ටුනා මාළු , නැත්නම් කපපු මාළු මිරිස් දානවා උම්බලකඩ එක්ක . පට්ට රසයි .

    ReplyDelete
    Replies
    1. ටුනා මාළු , මාළු මිරිස්, උම්බලකඩ එක්ක කැරමලයිස් ළූණු හොඳ කම්බිනේෂන් එකක් වේවි.

      හැම දේටම බදින පිලිවෙල සහ ටයිමින් වැදගත්. කලින් ළූණු ටික මලවගන්න ඕනෙ. ඒ අතර දුඹුරු පාට වේගන එන කොට අඩියෙ අල්ලල කරවෙන්න නොදී හූරගන්න ඕනෙ. මිරිස් එහෙම දාගන්න වෙන්න පස්සෙ, කරවෙන එක නවත්තන්න.

      මිරිස් බදින එක වුනත් කලාවක්:
      කරස් කරස් ගාලා කිස්පි වෙන්න මිරිස් බදින රහස

      Delete
  7. අඩෙ අප්පා.මේක මරු නේ හිටං.
    අගේ ඇති ළුණු සම්බෝලයක් කෑව පෙරුවියන් රෙස්ටෝරන්ට් එකකින්. Salsa Criolla.
    https://www.curiouscuisiniere.com/salsa-criolla/
    නිවාඩු පාඩු ඇති වෙලාවක හදල බලන්ඩකෝ හිටං. පේරු පැත්තේ කෑම ටිකක් විතර චයිනීස්-පෙරුවියන් මික්ස් එකක්. ඒවට ඕනේ අහි (aji) සෝස් දැන් වෝල්මාට් එකෙත් තියෙනවා හිටං.
    Myself Hattor හිටං

    ReplyDelete
    Replies
    1. තව දාහක් වටිනවා. අර ඒකට දාන මිරිස් එක දැක්කොත් හදල බලන්නම්.

      Delete
    2. මට දුන්නු එකේ මිරිස් තිබ්බේ නෑ.. මම හදන්නෙ නං අමු මිරිස් දාල. අපිට පුරුදු ජාති නේ හිටං
      H

      Delete
    3. ආ ඒක දැනගත්ත එක හොඳයි. ඒ මිරිසට විකල්පයක් නෑ කියලයි ලින්ක් එකේ තියෙන්නෙ. එච්චර සැර නැති ඒත් පලතුරු රසයක් එන මිරිසක්ලු. බාගදා අමුමිරිස් සහ බෙල් පෙපර් මිශ්‍රව දාලා බලන්නම්. අර කියපු සෝස් එක කොච්චර වැදගත්ද? වොල්මාට් එකේ තියනව නං ඒ හැටි අවුලකුත් නෑ.

      Delete
  8. හඃ ....බස්සෙක් බැහැල තියෙන්නෙ කුස්සියට
    එව්ව කොහෙද ඔය අපේ රාජධානිය

    ReplyDelete
    Replies
    1. මේක මමනේ එව්වෙ
      ඇනෝ වෙලානේ

      Delete
    2. ඇනෝ වුනා නොවුනා මොකද කෙමෙන්ට් එකයි වටින්නෙ. පස්වාන් දහසට බුදුවන්න, ගැත්තාට සමාව දෙනු මැන. ඔය හැඳි, කොසු, සාස්පාන් වගේ බර අවි වලින් පහර නොදෙන සේක්වා!

      දූපතෙන් පිටතදී, කුස්සිය මැද සාලෙට ඇවිත් ඔය රාජධානියෙ උරුමය ඔබතුමීලගෙන් ගිලිහෙනවා. බතක් පරිප්පුවක් තම්බ ගන්න බැරි නං බස්සොත් බඩගින්නෙ. 😂

      Delete
  9. ඉන්දියානු මස් කරි වර්ග හදනකොට ඔය බී ළූණු කපලා ලා දුඹුරු පාට වෙනකල් තෙලෙන් බැදගෙන ඉන්නවා මුලින්ම. එව්වා ග්රයින්ඩ් කරලා හොද්දට දානවා. එතකොට ග්රේවි එක උකුයි-- පාටයි- රසයි- සුවඳයි!!

    උයද්දී මම යහමින් ළූණු පාවිච්චියට ගන්නවා. ඒ නිසාම අහල පහළ අයත් 'සුවඳ ගගහ ඉව්වා නේද?' කියල මගෙන් අහනවා.
    පදමට ලූනුයි- ලුණුයි වැටුනම තමයි කෑමවල සුවඳ එන්නේ. ලේසියෙන්ම අත්හදා බැලිල්ල කරතෑකිනේ. බලල අපටත් ප්‍රතිඵලේ කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. 'සුවඳ ගගහ ඉව්වා නේද? කියල, අහල පහළ අය කියනව නං, ආයෙ නියත විවරණ ලැබුනා වගේ තමයි.👌😁

      Delete
  10. https://www.reddit.com/r/Bossfight/comments/1axhqbp/owl_onion_the_terror_of_the_eyes_and_expert_in/?rdt=53840

    ReplyDelete
    Replies
    1. ඒක නියමයි. හෙහ්,හෙහ් අවුල් අනියන්. ඕනවට වඩා කල් තියාගත්තාම අනියන් , නිකම්ම අවුල් අනියන් වෙනවා.😂

      Delete
  11. @ බස්සා

    අම්මෝ කටට කෙළ උනන රසම රස රෙසිපි කට්ටිය දාල තියෙනවා නේද? ඇත්තටම සුදු ළූණු සහ රතු ළූණු රස මවනවා ලංකාවේ පීසා වලට ඇරුණාම හැලපීනෝ දාන්නේ මොනවාට ද?ලංකාවේ හැලපීනෝ වවන්න පුළුවන්ද?

    කෑම ගැන කියන විට යුරෝපය සහ කැනඩාව රජ කෑමක් කන්න හදනවා කියල හිතෙනවා නේද? මම විශ්වාස කරන විදියට ධවල මන්දිරයෙන් ආහාර පවා ලබා නොදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඉවතට දැමීම "ගෝලියවාදී" කඳවුරේ බලවතුන් ලැබූ දරුණු පරාජයක්.

    මුල්ම වරට මාධ්‍ය සහ කැමරා ඉදිරියේ ඇමෙරිකානු පාලනය විසින් යුදකාමී යුක්‍රේනය ප්‍රශ්න කළා.ඔවුන් තුන්වෙනි ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩා කරන බව (Gambling with WW3) කිව්වා.

    අමතක කරන්න එපා, රුසියාව ඕනෑම මොහොතක යුද්ධය අවසන් කිරීමට එකඟයි. ඔවුන්ට ඇත්තේ බොහෝම සරල, මූලීක ඉල්ලීමක්.එනම් රුසියාවට දේශසීමාවෙන් යාවී සිටින නේටෝ අසල්වැසියෙක් අවශ්‍ය නැහැ. එපමණයි. එය සාධාරණ ඉල්ලීමක්.එම ඉල්ලීමට එකඟ වූ සැණින් රුසියාව යුද්ධය අවසන් කිරීමට සම්පූර්ණයෙන්ම එකඟයි.

    ගෝලියවාදීන්ට යුක්‍රේනය පරදින යුද්ධය තවදුරටත් කරගෙන යාමට අවශ්‍යත්, රුසියාව සමස්ථ යුරෝපයම ආක්‍රමණය කරාවි ය යන ඉතාම විහිලුසහගත මතය ප්‍රචාරය කිරීමට අවශ්‍යත් එවැනි පසුබිමක.

    ඔවුන්ට මෙය ගෝලියවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් රුසියාව දුර්වල කිරීමට අවශ්‍ය රූකඩ යුද්ධයක් (Proxy war).රාජ්‍යතාන්ත්‍රික ක්‍රීඩාවේ ඉතා පරිණත පුද්ගලයෙකු වන ට්‍රම්ප් එය දන්නවා.

    කොහොමවුනත් ධවල මන්දිර සිදුවීමට පසුව ගෝලියවාදීන්ට ඉන් සිදුවූ හානිය යථා තත්ත්වයට (Damage control) පත්කිරීමට හෝ අවම කිරීමට අවශ්‍ය වුණා.එහි ප්‍රතිඵලයක් ලෙස නිමාවූ සති අන්තයේ යුක්‍රේන ජනාධිපතිවරයාට හදිසි බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සුදානම් කර තිබුණා.

    බ්‍රිතාන්‍යයේ දී සෙලෙන්ස්කිට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අගමැති ස්ටාමර් මඟටම ගොස් සෙලෙන්ස්කි පිළිගත්තා. ලේබර් පාක්ෂිකයන් මහ මඟ යුක්‍රේන ධජ සමග සෙලෙන්ස්කිට ජය ඝෝෂා කළා.

    එය මාධ්‍ය මෙහෙයුමක් බව හොඳින්ම පැහැදිලියි. සෙලෙන්ස්කි තනිව නොමැති බව ලෝකයට පෙන්වීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා.එදිනම රජු සමග හමුවක් සෙලෙන්ස්කිට ලබා දීමට පවා බ්‍රිතාන්‍යය කටයුතු කළා.

    ඇඑජ විසින් ඇති කළ කම්පනයේ ප්‍රතිඵල එතැනින් අවසන් වූයේ නැහැ.ඉතා කෙටි කාලයක් තුළ ඇඑජ හැර සෙසු නේටෝ රාජ්‍ය නායකයන් සියලූම දෙනා සහභාගී වන විශේෂ හමුවක් පවා බ්‍රිතාන්‍යයෙන් සංවිධානය කර තිබුණා.

    ඊට රාජ්‍ය නායකයන් පහළොවක් සහභාගී වුණා. කැනඩාව, තුර්කිය සහ බටහිර යුරෝපයේ සියලූම රාජ්‍ය නායකයන් ඊට සහභාගී වුණා.

    මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා වුණා. පළමුවැන්න යුද්ධයේ දී යුක්‍රේනය වෙනුවෙන් දිගටම යුද ආධාර ලබා දීමට ඔවුන් එකඟ වුණා.

    ගෝලියවාදීන්ට මේ යුද්ධයේ අවසානයක් දැකීමට අවශ්‍ය නැහැ.දෙවැන්න, ට්‍රම්ප් පාලනයෙන් පසුව යූරෝපා නායකයන්ගේ දෑස් විවර වී තිබෙනවා.

    මෙතෙක් කාලයක් යුරෝපය තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ඇමෙරිකාව හිටියා. යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළේ එක්සත් ජනපදය.

    නමුත් ට්‍රම්ප් එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හකුලා තිබෙනවා. ඒ අනුව යුරෝපයේ නැවත ශක්තිමත් හමුදා සහ යුද තාක්ෂණය ඇති කිරීමටත් (Rearm) මෙහිදි එකඟ වී තිබුණා.

    බටහිර යුරෝපයට මේ යුද්ධය අවශ්‍ය බව දැන් ඉතා පැහැදිලියි. මෙතෙක් යුද්ධය කරගෙන ගියේ ඇඑජ. දැන් ඇමෙරිකාව ඉවත් වූ පසු ඔවුන්ම යුක්‍රේනයට සහය දීමට ඉදිරිපත් වෙලා.

    මෙහිදී මහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා මුල්ම වරට යුක්‍රේනයට සිය සෙබලු පවා යැවීමට සුදානම් බව ඉඟි කළා.

    සෙලෙන්ස්කි හමුවෙන් පසු ස්ටාමර් මාධ්‍ය හමුවේ "boots on the ground and planes in the air" යනුවෙන් ප්‍රකාශ කළා. එහි සරල අර්ථය ගොඩබිමෙන් සහ ගුවනින් පවා යුක්‍රේනයට සහය දීමට තමන් සුදානම් බව.

    එය බරපතල ප්‍රකාශයක්.

    එවැනි තීරණයක් ට්‍රම්ප් පුරෝකථනය කරන ලෙසටම ලෝක යුද්ධයකින් අවසන් වීමට ඇති ඉඩ ඉතා වැඩියි.

    කොහොම වුනත් යුරෝපා නායකයන්ගේ මේ තීරණ යුරෝපීයයන් අතර විශාල ප්‍රසාදයකට ලක්ව නැහැ. සාමාන්‍ය ජනතාව නායකයන් විවේචනය කරමින් සිටින බව ඔවුන්ගේ සමාජජාලා කියවීම් අනුව වටහා ගත හැකියි.නමුත් සියලූම බටහිර ප්‍රධාන මාධ්‍ය ජනතාවගේ එම අදහස ප්‍රක්ෂේපනය නොකිරීමට ප්‍රවේශම් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපට පෙනෙන විදිහට යුරෝපය දැනටමත් කඩා වැටෙන ආර්ථිකය, ඉහළ යන ජීවන වියදම, සංස්කෘතික පරිහානිය සහ සංක්‍රමණික ගැටළු ආදී ගැටළු ගණනාවකින් පීඩා විඳින කලාපයක්.

      රුසියානු තෙල් සහ ගෑස් දැන් ඔවුන් මිලට ගන්නේ ඉන්දියාවෙන්. ඒ වැඩි මිලක් ගෙවමින් ඉන්දියානු ලේබලය යටතේ. මන්ද තමන් රුසියානු තෙල් මිලට නොගන්නා බව පෙන්වීමට යුරෝපයට අවශ්‍යයයි.

      එම නිසා රුසියාවේ තෙල් ඉන්දියාව මිලට ගෙන, ඉන්දියානු ලේබලයට යටතේ යුරෝපයට විකුණනවා. නමුත් සැබැවින්ම ඒ රුසියානු තෙල් සහ ගෑස්.

      ඉන් ජය ගත්තේ ඉතා දක්ෂ ලෙස ඉන්දියානු ආර්ථිකය මෙහෙයවන කලෙක දුම්රියේ තේ විකිණූ ඉන්දීය අගමැති මෝදි සහ ඔහුගේ අතිශය තියුණු සහ බුද්ධිමත් විදේශ ඇමති ජයිශංකර් යටතේ ඉන්දියාව.

      එම අමනෝඥ තීරණයෙන් පමණක් යුරෝපයේ ජීවන වියදම සැලකිය යුතු පරිමාවකින් ඉහළ ගියා.

      ඔවුන්ට යුද්ධයක් පවත්වා ගැනීම තරම් සුවදායක නොවනු ඇති.

      අනෙක් අතින් ඇමෙරිකාවත් කඩා වැටෙන ආර්ථික අවදානමක තිබූ රටක්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සියලූම ගෝලියවාදි ප්‍රතිපත්ති ආපසු හරවා, සිය රට මූලිකත්වයේ තබන ජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින නිසා ඇමෙරිකාවේ කතාව වෙනස් වේවි.

      බටහිර සම්භාදක 24,000 ක් මැද පවා වසර තුනක් රුසියානු ආර්ථිකය ස්ථාවරව තබා ගත් පූටින් ටද යුද්ධය ගැටලුවක් වෙන එකක් නැහැ.

      මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බුද්ධිමත් සහ තියුණු නායකයෙක් රටකට කොතරම් වැදගත් ද යන්න පමණයි.

      ලෝකය දෙස බලන විට එක් අතකින් ට්‍රම්ප්, මෝදි සහ පූටින් ලා සිටිනවා.

      අනෙක් අතින් ස්ටාමර් ලා, සෙලෙන්ස්කි ලා, මැක්‍රොන් ලා සහ ටෘඩෝ ලා වගේම ඊටත් අන්ත ලංකාවේ අනුර කුමාර වැනි විසුළු චරිතත් සිටිනවා.

      ඔවුන්ගේ තීරණ වලින් ඔවුන්ගේ රටවල ජනතාවගේ අනාගතය තීරණය කෙරෙනවා. එහෙම නේද?

      Delete
    2. ඇනෝ, සංයමකින් ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි. මගේ කියවීම ට්‍රම්ප් යනු, තියුණු වුවත්
      බුද්ධිමත් නායකයෙක් නොවන බවයි. ඔහු දැඩි මත ධාරියෙක්, පුටින් මෙන්ම ඒකාධිපති ගතිගුණ ඇත්තෙක්. පුටින් හොඳ මිනිහෙක් නූනත්, බුද්ධිමත් නායකයෙක්. ට්‍රම්ප් ක්‍රියාත්මක කරන්නේ පුටින් ගේ ඇජෙන්ඩා එක බව, මගේ පක්ෂක්ග්‍රාහී පෞද්ගලික මතය. අපි බලමු, කාලය විසින් පිලිතුරු සපයාවි.

      මේ කෙලියෙන් රුසියාව සහ ඉන්දියාව ඵල නෙලමින් ඉන්නවා කියන මතයට එකඟයි.

      Delete
    3. @ Ano & DGM Bassa

      ඔයාලගේ අදහස් වලට බොහෝ දුරට එකඟයි හැබැයි මගේ අදහස ඇත්තටම ට්‍රම්ප් කියන්නේ ලෝක අණ්ඩයෙක් බව, එහෙම නේද? ඔයා දැක්ක නේද අර ලබන සිකුරාදා යුක්රේනය සමග “ඉතා විශාල” ගිවිසුමක් අත්සන් කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළ නිව්ස් එක. ඒ ගිවිසුම යුක්රේනයේ වටිනා ඛණිජ සම්පත් බෙදා ගැනීම සදහා. ගිවිසුමේ මූලික අරමුණු වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය නතර කිරීමත්, එක්සත් ජනපදය විසින් යුක්රේනය සදහා වියදම් කල මුදල් නැවත ලබා ගැනීමත් සහ යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමත් බවයි මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙන්නේ.

      යුක්රේන යුද්ධයට එක්සත් ජනපදය යුරෝපය හා එක්සත් රාජධානිය වියදම් කලේ එකට. හැබැයි ට්‍රම්ප් තනියම ඇමරිකා එක්සත් ජනපදයේ "කොටස" නැවත ලබා ගන්න යනවා දැන්. ට්‍රම්ප් බලයට පත්වෙච්ච ගමන් යුක්රේනය හලලා රුසියාව එක්ක ඒකපාර්ශ්විකව සාකච්ඡා වලට ගියා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට පොරොන්දු වෙච්ච දේවල් තාම කවුරුත්ම දන්නේ නෑ. ට්‍රම්ප් ඒ ගැන කියන්නේ පුටින් ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ නිසා අපිට සාමයකට යන්න නම් රුසියාවට යම් යම් සහන දෙන්න වේවි කියලා.

      ගොඩක් දුරට රුසියාවට ලැබෙන වාසි විදියට මේ වෙනකොට රුසියාව දැනටමත් අත්පත් කරගත් කොටස් ඒ විදියටම තියාගන්න දෙන්නත් යුක්රේනය නේටෝවට බදවා නොගන්න බවට නිල වශයෙන් ද්විපාර්ශ්වික එකඟතාවක් ලෙස ලිඛිත පොරෙන්දු ගිවිසුමකුත් ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් රුසියාවට දේවි. එහෙම කරලා යුද්ධය නවත්තලා මේ අත්සන් කරන්න යන ගිවිසුම හරහා ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට ඇතුළු වෙනවා. ඇතුලු වෙලා නිකන් ඉන්නේ නෑ යුක්රේනයේ තියන ඉතාම වටිනා ලිතියම් කොබෝල්ට් ඇතුලු වටිනා ඛණිජ සම්පත් එක්සත් ජනපද සමාගම් මගින් හාරා ඒවා ලාබෙට එක්සත් ජනපද විදුලි වාහන පුනර්ජනනීය බලශක්තිය වැනි ක්ෂේත්‍ර වල විවිධ කර්මාන්ත වලට යොදාගන්න එක ට්‍රම්ප්ගේ අරමුණ වියයුතුයි. එම ගිවිසුම හරහා අනාගතයේ ඇමරිකා එක්සත් ජනපදයට අති විශාල ලාභයක් ලැබෙනු ඇති බව ට්‍රම්ප් කියන අතරේ යුක්රේනය නැවත ගොඩනගන්න ඒ ගිවිසුම හරහාම මුදල් ලැබෙනු ඇති බව යුක්රේනයට කියනවා.


      ලංකාවේ අනුර සහෝදරයාට යම්තාක් දුරකට සමාන වන යුක්රේනයේ කවට රජා වන සෙලෙන්ස්කි නමැති රූකඩ ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් කරන්න පෙර ඇමරිකා එක්සත් ජනපදයෙන් යුක්රේනයේ අනාගත ආරක්ෂාව පිලිබදව සහතිකයක් ඉල්ලා සිටිනවා. ඒකට ට්‍රම්ප් දුන්නේ අපූරු උත්තරයක්. “ අපේ මිනිස්සු යුක්රේනයේ වැඩ කරන එකම ආරක්ෂක සහතිකයක් තමයි, අපේ මිනිස්සු එක්ක හැප්පෙන්න කවුරුත් එන්නේ නෑ”. ට්‍රම්ප් ඒ කියන්නේ ඇමරිකානුවන් යුක්රේන භූමියේ සිටින තුරු රුසියාව පහර නොදෙනු ඇති බවයි. අවසානයේ යුක්රේන රුසියානු යුද්ධයේ සැබෑ ජයග්‍රාහකයා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. යුරෝපයත් බ්‍රිතාන්‍යත් පරාජිතයන් වේවිද? අන්තිමට යුක්රේනය රුසියාවට වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයට අයිති වෙයිද? මේ ගැන මොකද ඇත්තටම හිතන්නේ?

      Delete
    4. ඇනෝ ට්‍රම්ප් හිතාගෙන ඉන්නෙ එහෙමයි කියල හිතෙනවා. ඊට අමතරව ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයත් බලාපොරොත්තු වෙනවලු. ඇමරිකන් දක්ශිනාන්ෂික දේශපාලනය තුල ප්‍රජාත්‍රාන්ත්‍රික වටිනාකම් ගිලිහෙමින් පවතිනවා.මේක නිකම්ම ට්‍රම්ප් නැමති ජෝකර්ගේ වැඩක් කියල බැහැර කල හැකි දෙයක් නොවෙන්නෙ ඒකයි. ට්‍රම්පුවා තව ටික කාලෙකින් චුත වෙලා යාවි, ඒත් ඔහුගේ අන්තවාදී අදහස් පක්ෂය තුල මුල් බැස ගනීවී. සමහර විට ලේට්-ස්ටෙජ් කැපිටලිසම් කියන්නෙ මේක වෙන්ටෑ.

      ඇමරිකාව එක්ක ට්‍රේඩ්-වෝ එකකින් කැනඩාවට දිනන්න බැරි බව ඇත්ත. ඒත් ට්‍රම්පුච්චාත් ලඟම ඉන්න මිතුරු රටවල් සහ සම්පූර්ණ යුරෝපය සමඟම පැටලිලයි ඉන්නෙ. දිනන්න බැරි වුනත්, අක්‍රමණිකයාගේ රිදෙන තැන් වලට රිද්දන්න පීඩිතයාටත් හැකියි. වියට්නාමය, ඇෆ්ගනිස්ථානය සහ යුක්රේනය කියා පාන්නේ ඒ බව නොවේද?

      පේන විදිහට ට්‍රම්පුවා රිවර්ස් යන්න වගේ ලෑස්තිය. ඔහුට කිසිම ලැජ්ජාවක් නැතිව බොරු කීමේ සහජ හැකියාවක් තියනවා.

      An American dictator

      ඒත් දැන් ඩැමේජ් එක වෙලා ඉවරයි. බාගදා ඒක හොඳ දෙයක් වෙන්නත් ඇහැකි. ලෝක දේශපාලන තලයම වෙනස් වෙන පාටයි. අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියලා.

      $1 billion worth of American alcohol bottles removed from shelves in Ontario alone.

      Delete
  12. එන්ට පහු වුනා.
    ආයේ එඤ්ඤං... කියවලාම කොමෙන්ට් කරන්න 😁​

    ReplyDelete
    Replies
    1. මම දැක්කා බිසී වෙලා හිටියා කියල තියනවා. උන්න හැටියට, මෙහෙම හරි ආ එකම මඳැයි.👍🙏

      Delete
  13. ළූණු ළගදි කෑවද. දැන් සැපද කියල අහන්ට කෙනෙක් නැති දුක දැන් තේරෙනව නේද හිටං 😁

    මම උයන්ට ඉගෙනගන්ට කැමතියි. ඒත් පැය ගණන් කුස්සියේ ඉඳන් උයන එකට කැමති නෑ. ඒත් ඉවුම්-පිහුම් කියන්නෙ ආට් එකක් කියලත්, ඒ අය කලාත්මකව ඒ වැඩේ කරන හැටිත් රසවිඳින්ට මනාපයි!

    ReplyDelete
    Replies
    1. දැන් ගෑස් එහෙම ඇති නේද? දැන් සැපද?🤣

      Delete
  14. ළූණු ටිකක් තෙල් දාල කන්ට ඕනේ .. කෑවේ නෑ කාලෙකින්

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code