Sep 29, 2025

නිකං ලැබෙන හෙඩ්ෆෝන්

මම ඉස්සෙල්ලා පාවිච්චි කලේ ටිකක් ගණන් Sony හෙඩ්ෆෝන් එකක්. ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් usb-C, active noise cancelling තියෙන Anker soundcore Q20i හෙඩ්ෆෝන් එක හාෆ් ප්‍රයිස් වලට දෙනවා දැක්කම කෙටුවා. මේ ලඟකදි ඉඳලා ඕකෙ ANC මෝඩ් ගියාම පොඩි කුරු,කුරුවක් එන්න ගත්තා.

active noise cancelling (ANC) වලට පුරුදු වුනොත් ආයෙ අබිං කෑව වගේ තමා. අපේ සාවියෙ ඉන්නෙ පොඩි එවුන් නෙමෙයි යස්ස පැටව්. ඒ වගේම තමයි සයිලන්සර් ගලෝගෙන රේස් යන මෝටර් සයිකල් කාරයො. ආ එතකොට තව තණකොළ කපන්න එන තණකොළ පෙත්තා. ANC කියන්නෙම නිෂ්ශබ්ද බස්සොන්ට දෙයියො දීපු තෑග්ගක්.

මෙයිටත් වඩා පොඩියි Q20i කැප්ස්
ඔය කැපෑසිටර් ලීක් වෙනකොට ඔහොම අවුල් එනවා. ගැලෙව්වා හෙඩ්ෆෝන් එක. ඇතුල දැක්කාම සසර කළකිරුනා කියහංකො.  ඔය තියෙන්නෙ වැලි ඇට වගේ කැපෑසිටර්. මට තේරුනා මේකට අත ගහනව කියන්නෙ, අත පුච්චගන්න වැඩක් කියලා.

ගත්තෙ Amazon නිසා ගත්ත විස්තර තියනවා. බැලුවාම වොරන්ටි ඉවරවෙන්න තියෙන්නෙ දවස් දෙකයි. පරිස්සම් කරගෙන තිබ්බ හෙඩ්ෆෝන් පෙට්ටියත් හොයා ගත්තා ( ඒකෙ තමයි සීරියල් නම්බර් එක තිබ්බෙ). ගියා Anker වොරන්ටි පේජ් එකට. පෲෆ් ඔෆ් පර්චේස් ඉල්ලුවම, පෙට්ටියයි, හෙඩ්ෆෝන් එකයි එකට තියල පිංතූරෙකුයි, ඇමසන් ඕඩ්ර් එකේ ස්ක්‍රීන් ෂොට් එකකුයි ඇරියා. හැරෙන තැපෑලෙන් උත්තර  ආවා. ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, අරම-මෙහෙම කරල බලන්න කියලා. මම රිප්ලයි කලා ඒවා කලා හරි ගියේ නෑ කියලා.

ඊළඟට ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරන්න කිව්වා. පරණ එක තියාගන්න, රිප්ලේස්මන්ට් එකක් එවනවා කිව්වා. 

9 comments:

  1. අවුරුදු 1.5 හිස් පෙට්ටිය ආරක්සා කල නිසාද, මගේ වෙලාව හොඳ නිසාද, ඇත්තටම Anker කස්ටමර් සර්විස් හොඳ නිසාද මන්දා? ඒත් Anker හෙඩ්ෆෝන් නං හොඳයි හැබැයි ඔය කොයිවයෙත් ear-pad නං හමයනවා.

    ReplyDelete
    Replies
    1. හිස් පෙට්ටි ආරස්සා කළාට බඩු පෙට්ටි ආරස්සා කරන්න එපාය කියල තමයි අලකොමා නං කියන්නෙ.

      Delete
    2. බඩු පෙට්ටි කිව්වෙ, අර කෝච්චි වලට අමුණන ඒව වෙන්ටෑ? ඒවයෙ නං අලත් පටෝනව නේද?

      Delete
  2. Replies
    1. අල්ලපු වැටෙත් කණ පැලෙන්න පීකර් දාන පන්සලක් තියනව නේද? දාගන්න සෑර් ANC හෙඩ්ෆෝන් එකක්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

      Delete
    2. කන පැලුනට පස්සෙ දාන හෙඩ්ෆෝන් එකක් කීයක් වෙයිද?

      Delete
    3. කන පැලුනට පස්සෙ හෙඩ්ෆෝන් වැඩක් නෑ, මැහුම් තමා දාන්න ඕනෙ.

      Delete
  3. னයින්ට මොන ඔළුෆෝන් ද?

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code