මම ඉස්සෙල්ලා පාවිච්චි කලේ ටිකක් ගණන් Sony හෙඩ්ෆෝන් එකක්. ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත්
usb-C,
active noise cancelling තියෙන
Anker soundcore Q20i හෙඩ්ෆෝන් එක හාෆ් ප්‍රයිස් වලට දෙනවා දැක්කම කෙටුවා. මේ ලඟකදි ඉඳලා ඕකෙ
ANC මෝඩ් ගියාම පොඩි කුරු,කුරුවක් එන්න ගත්තා.
active noise cancelling (ANC) වලට පුරුදු වුනොත් ආයෙ අබිං කෑව වගේ තමා. අපේ සාවියෙ ඉන්නෙ පොඩි එවුන් නෙමෙයි යස්ස පැටව්. ඒ වගේම තමයි සයිලන්සර් ගලෝගෙන රේස් යන මෝටර් සයිකල් කාරයො. ආ එතකොට තව තණකොළ කපන්න එන තණකොළ පෙත්තා. ANC කියන්නෙම නිෂ්ශබ්ද බස්සොන්ට දෙයියො දීපු තෑග්ගක්.
ඔය කැපෑසිටර් ලීක් වෙනකොට ඔහොම අවුල් එනවා. ගැලෙව්වා හෙඩ්ෆෝන් එක. ඇතුල දැක්කාම සසර කළකිරුනා කියහංකො. ඔය තියෙන්නෙ වැලි ඇට වගේ කැපෑසිටර්. මට තේරුනා මේකට අත ගහනව කියන්නෙ, අත පුච්චගන්න වැඩක් කියලා.
ගත්තෙ
Amazon නිසා ගත්ත විස්තර තියනවා. බැලුවාම වොරන්ටි
ඉවරවෙන්න තියෙන්නෙ දවස් දෙකයි. පරිස්සම් කරගෙන තිබ්බ හෙඩ්ෆෝන් පෙට්ටියත් හොයා ගත්තා ( ඒකෙ තමයි සීරියල් නම්බර් එක තිබ්බෙ). ගියා Anker වොරන්ටි පේජ් එකට. පෲෆ් ඔෆ් පර්චේස් ඉල්ලුවම, පෙට්ටියයි, හෙඩ්ෆෝන් එකයි එකට තියල පිංතූරෙකුයි, ඇමසන් ඕඩ්ර් එකේ ස්ක්‍රීන් ෂොට් එකකුයි ඇරියා. හැරෙන තැපෑලෙන් උත්තර ආවා. ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, අරම-මෙහෙම කරල බලන්න කියලා. මම රිප්ලයි කලා ඒවා කලා හරි ගියේ නෑ කියලා.
ඊළඟට ඇඩ්රස් එක කන්ෆර්ම් කරන්න කිව්වා. පරණ එක තියාගන්න, රිප්ලේස්මන්ට් එකක් එවනවා කිව්වා.
Update:
රිප්ලේස්මන්ට් එක අද ආවා. Q20i අලුත් වර්ශන් එකක්. ඒකෙ අමතර පහසුකම් තියනවා.යූ-ටියුබ් වීඩීයෝ අනුව, බොහෝ ANC ආබාධ වලට හේතුව ANC මයික්‍රෆෝන් බව කියවෙන නමුත්, මම ඒ පස්සේ යන්න අදහසක් නෑ.
earpad සහ බැටරි අමතර කොටස් ලෙස ගන්න විතරයි අදහස.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
අවුරුදු 1.5 හිස් පෙට්ටිය ආරක්සා කල නිසාද, මගේ වෙලාව හොඳ නිසාද, ඇත්තටම Anker කස්ටමර් සර්විස් හොඳ නිසාද මන්දා? ඒත් Anker හෙඩ්ෆෝන් නං හොඳයි හැබැයි ඔය කොයිවයෙත් ear-pad නං හමයනවා.
ReplyDeleteහිස් පෙට්ටි ආරස්සා කළාට බඩු පෙට්ටි ආරස්සා කරන්න එපාය කියල තමයි අලකොමා නං කියන්නෙ.
Deleteබඩු පෙට්ටි කිව්වෙ, අර කෝච්චි වලට අමුණන ඒව වෙන්ටෑ? ඒවයෙ නං අලත් පටෝනව නේද?
DeleteHmm
ReplyDeleteඅල්ලපු වැටෙත් කණ පැලෙන්න පීකර් දාන පන්සලක් තියනව නේද? දාගන්න සෑර් ANC හෙඩ්ෆෝන් එකක්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
Deleteකන පැලුනට පස්සෙ දාන හෙඩ්ෆෝන් එකක් කීයක් වෙයිද?
Deleteකන පැලුනට පස්සෙ හෙඩ්ෆෝන් වැඩක් නෑ, මැහුම් තමා දාන්න ඕනෙ.
Deleteමැහුං දාන්න මහණෙක් ඕනෙ නේද?
Deleteඉඳිකට්ට ඇනුනා නං හුටා තමයි!
Deleteහෙහ්,හෙහ් 🤣
னයින්ට මොන ඔළුෆෝන් ද?
ReplyDeleteனයින්ට කන් නෑ කියනව නේද?
Deleteසංගීත னයෙක්
පවුම් 31. මට කමප්නි එකෙන් නිකන් ලැබුණු ජබ්‍රා සෙට් එකක් තියනව . ඒ නිසා ඕනෙත් නැහැ . මමත් ඔය පැරණ බදඩු පෙට්ටි නම් තියන් ඉන්නව . හදිසියේ සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න වුනොත් ගාන අප් කරත හැකි
ReplyDeleteමම සෙකන්ඩ් හෑන්ඩ් විකුණන අදහස අත්හැරල තියෙන්නෙ. ගේම් කොන්සෝල්, මුල් කාලෙ ගත්ත ඩිජිටල් කැමරා සෙට්, හපෝයි අපේ සුපියල් පාකේවා!
Deleteඕව ඔහොම තමයි. ඒ කාලෙ ගත්තා, ඒවයෙන් යම් පමණකට වැඩ ගත්තා. දැන් අවලංගු කාසි වගෙයි. එච්චරයි
මෙහෙ තියනව කාර් බූට් සේල් කියල සති අන්තයේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් . කාරෙකේ බඩු ටික දැන් ගිහිලා ලොකු පාක් එකක පිටිපස්සේ දොර ආරලා හෝ පොඩි මේසයක් තියන් විකුණන්න පුළුවන් . මම අරන් ගියා මාස දෙකකට කලින් අනවශ්‍ය බඩු ටිකක් . පවුම් 90 ලැබුන . විසි කරන්න තියෙන ඒවා නිසා වුලක් නැහැ . අනික ෆන් ඒක . මිනිස්සු එක්ක කයිය ගහන් තේ බිබී
Deleteඒක නං ෆන් වැඩක් වගේ තමයි පේන්නෙ. පරණ ඒව ගන්න කඩ නං මෙහෙ තියනවා. තව තියෙනව ගරාජ් සේල්, ඒකට ගරාජ් එකක් එපැයි?
Deleteකෝවිඩ් වලින් පස්සෙ, මම සෙනඟ අතරේ ගැවසෙන්න අකමැතියි. සහ මගේ කම්මැලිකමයි නිසා ඕව කෙරෙන්නෙ නෑ.
කැනඩාව ගැන දුක හිතෙන ලිපියක් : https://sililara.com/2025/09/28/%e0%b6%91%e0%b6%af%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-we-were-children/
ReplyDeleteඕක කුප්‍රකට අපකීර්තිමත් සිද්ධියක්. අවලංම වැඩේ තාමත් කතෝලික පල්ලිය ඒ ගැන ගොනා සහ තණකොළ වගේ ඉන්න එකයි.
Deleteඅස්ථිර ලෝකේ ස්ථිර දේවල්
ReplyDeleteතියේද පින්වත, ඒක හරි අවුල්
වසර පහළොවක් කියන්නෙ දිගු කල්
මෙහෙ නං කොම්පැනි වැහිලත් බෝ කල්!
නිදි ගොයියෝ බොට මංඥඤං ද පිස්සුද හැටිද? අවුරුදු 15 ක් වොරෝන්ටි දෙන් නෑ. අවුරුදු 15 කට කලියෙන් ඔහෝම ඉස්පිකර ආවේ නෑ
Deleteවොරන්ටියේ උපරිම නං මාස දහ අටයි
Deleteඅවු 1.5 කියා ලිවේ මගෙ කම්මැලිකමටයි
ඇනෝ ඒක නිවැරදි කලෙ අපෙ හොඳටයි
කා අතිනුත් අතපසුකම් වෙන බව සත්තයි
නිදි ගොයියෝ බොට මංඥඤං ද පිස්සුද හැටිද? අවුරුදු 15 ක් වොරෝන්ටි දෙන් නෑ. අවුරුදු 15 කට කලියෙන් ඔහෝම ඉස්පිකර ආවේ නෑ
ReplyDeleteමං සඤ්ඤක බකමූණා නිතරම මට වරදිනවා
Deleteමෙහෙම පෝස්ට් වලට දනා "හ්ම්" කියා ලිස්සනවා
ගැජට්-බැජට් වලට නිදිගෙ මනාපයක් නැති වෙනවා
අලි- එක්ස්ප්‍රස් බදු දැක්කම අම්මප මගෙ බඩ දනවා
පරණ ෆොටෝ "අපුල්ලනා තාක්සනේ
Deleteවගේ එව්වා නං කාටත් හොඳයි අනේ
තාක්සනේ වැඩිම වුනොත් එයත් වනේ
මාර වැටට කොයි උන්දැද ගැහුවෙ ඇණේ
ටැක්නිකල් පෝස්ට් වලට වැඩි දෙනෙක් අකමැති නිසා, මේකත් මෙතනම කියලා දානවා.
ReplyDeleteඅද ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් තාක්ෂණේ වෙනස් වෙලා තියෙන හැටි දැක්කම, මට නං එන්නෙ මිශ්‍ර හැඟීමක්.
දැන් වැඩි හරියක් උපකරණ, රෙපයාර් කිරීම ප්‍රායෝගික නෑ.
මෙන්න මේ හාදය අපි වගේම පෘතක්ජන, පුටුව කඩා අටුව හදන අටවන බාස් කෙනෙක්:
StezStix Fix?
එළ පෝස්ටුව බස්සෝ... හපොයි ඉලෙක්ට්‍රොනික් රෙපෙයර් කරන එක දැන් කොරන්න බැරි මට්ටමටම ඇවිල්ලා.. දැන් බස්සා මෙතන හූම් ගාපු ගැජමැටික් වගේ ඒවා පොඩි කොරාන පොඩි කොරාන ගිහින් තියෙන විදියට ප්‍රැක්ටිකලි රිපෙයර් කරන්න බැරි තත්වෙට ඇවිල්ලා.. ඒත් කමක් නැහැ කියමුකෝ.. මේ අඟල් 75හේ 100යේ ටීවී වලත් හත්ඉලව්වේ එහෙමනේ...
ReplyDeleteහරියටම හරි. දැන් සම්ප්‍රධායික රෙපයාර් ක්‍රමවේද වුන ස්කීමැටික්, ඔසිලස්කෝප්, සිග්නල් ට්‍රේසින් වගේ ක්‍රම මේ SMD පරිපථ වලට ඒ හැටි ගැලපෙන්නේ නෑ. විෂුවල් ඉන්ස්පෙක්ෂන් තමයි ප්‍රධානම දේ. බර්න්-මාර්ක්ස්, දුර්වර්ණ-ක්‍රැක් වුන කම්පෝනන්ට් වගේ දේ මයික්‍රස්කෝප් එකකින් බලන්නම වෙනවා. ඊළඟට කැපෑසිටර් ෂෝර්ට්ස්. බොහෝ කැප්ස් වල එක පැත්තක් ග්‍රවුන්ඩ්. කන්ටිනුයිටි දාගෙන කැප්ස් වල දෙපැත්තටම ඇන,ඇන යන එකත් එක ක්‍රමයක්.
Deleteතව වොල්ටේජ් ( 1v විතර කරන්ට් ලිමිට් කරලා) ඉන්ජෙක්ට් කරලා තර්මල් කැමරාවකින් හොට් ස්පොට්ස් බලන ක්‍රමයකුත් තියනවා. මේවා වැඩි හරියක් හරියන්නෙ ඩෙඩ්-ෂෝර්ට්ස් වලට තමයි. ඉන්ටමිටන්ස් ෆෝල්ට්ස් නං, ඉතිං අබ සරණයි.
මට නම් ANC වලින් අහන් ඉන්න බැහැ වැඩි වෙලාවක්. පොඩ්ඩක් වටේ පිටේ දේවලුත් ඇහෙන්න ඕනේ. අනේ අපේ කොල්ලො දෙන්නට ඉතිම් දොරට තඩි බෑවත් පලක් නෑ.
ReplyDeleteඔහෙ ...! එහෙමනං නියමයිනෙ
Deleteමේ හෙඩ්ෆෝන් එකේ ඒකට ට්‍රාන්ස්පේරන්ට් කියල මෝඩ් එකක් තියනවා. තව නෝමල් මෝඩ් එකේදි බාගෙට noise cancelling සහ බාගෙට වටේ පිටේ සද්ද ඇහෙනවා. තණකොළ කපන එකා ආවම නං ෆුල් ANC යනවා.
Deleteටැක්නිකල් පෝස්ට් අජීරණ ඔබතුමීගෙන් මෙවන් කමෙන්ට් එකක් ලැබීමත් වාසනාවක්.😮😁
මගේ උත්තරේ කොහොම උඩට ගියාද කියල ඉතින් හිතාගන්න බැරිවුනා. අජීර්ණ වුනහම වෙන්ට ඇති. මොනතරම් අජීර්ණ වුනත් මෙව්වා නැතුව ඉස්සරහට යන්න බැහැනේ. අජීර්ණ එව්වා පැත්තක තියල බස්සගේ පරණ පෝස්ට් පවා මම හොය හොයා කියවනවා.
Deleteඔහෙට කියන්න නෝනේ. මම අජීරණ කතාව අමුනන්න ඔරිජිනල් පෝස්ට් එක මැකුවා. ඒ ඩිංගට රිප්ලයි එකක් ආව කියහංකො.🤣
Deleteපරණ පෝස්ට් කියවන පාඨකයො ඉන්නව කියන එකම හිතට සැනසීමක්. මම ඒ අයව අමතක කරලා නෑ. හොඳ මාතෘකාවක් ආපු ගමන් ලියනවා. මගේ අවුරුද්දට පෝස්ට් 12 ප්රතිපත්තියත් මම අතෑරලා දැම්ම.
//මගේ අවුරුද්දට පෝස්ට් 12 ප්රතිපත්තියත් මම අතෑරලා දැම්ම//....අන්න ඒක සුබාරංචියක්
Deleteඇත්තටම ලියන්න උත්තේජනයක් ලැබෙන්නෙ කෙමෙන්ට්ස් වලින්ම තමයි.😁
Delete