ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද
ස්ථානය: කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට...
එහි සැතපී සිටියේ, ලෝක ඉතිහාසයේ, එක්තරා කාලයක,එක්තරා අන්දමක කිසිම විප්ලවයක් නොකල, නිකම්ම නිකං, පරයා ඩෝග් වර්ගයේ, අයාලේ යන සුනඛයෙකි.. බල්ලා ඉඳහිට කන්පට ගසයි, හීනෙන් බුරයි. සමහරවිට ඌ හීනෙන් පූසෙක් හෝ මීයෙක් පස්සේ පන්නනවා විය හැක.
මේ සනිදා හිමිදිරි උදෑසනයි. කඩ මණ්ඩිය පාලුවට ගොස්ය, තවම පෙරදා නිදාගත් නගරය අවදි වී නැත. මේ පරිසරයේ නිසලබව බිඳුනේ, හංදියේ බේකරියේ පස්සා දොරින් මතුවූ බඩ තඩි පුද්ගලයෙකු, කාටදෝ බැණ වදින හඬකිනි.
" නොදකින්, අදත් මේ පරයා පාං බාගයක් උස්සල නෙව. අම්මපා, මට අහුවුනොත් ඕකව, කඩනවා අණ්ඩක්. බැල්ලිගෙ පුතා"
විදුලි සැර වැදුනා සේ, උඩ විසි වී ඇහැරුනු අපේ කතා නායක බලු තඩියා ( ස්තූතිය කකා) , ආඳෙක් සේ හෙමීට ලිස්සා, පල්ලං බසිනු පෙනේ.
ජවනිකා අංක 1:
හංදියේ නිත්‍ය සාමාජිකයින් වු, පිං ගවයා, නිතරම පොර කන බළලුන් දෙදෙනා , සහ හික්මීයා සිටියේ විනෝදයෙනි. ඔවුන්ගේ සිනාව,තැන්වල කෙරුනු පොර කෑම, වැනි දෑ හින්දා හරිම කඩිසරබවකුත් දැකගන්නට ලැබුනි. මේ අය අතරින් පිං ගොනාට හැමෝම බිය මුසු ගෞරවයක් දැක් වුයේ, උගේ ඇඟේ "පිං' කියා පච්චයක් කොටාගෙන තිබුණු බැවිනි.
පරිසරයේ මේ නිසලබව බින්දේ, ඉඳ හිට යන එන පෞද්ගලික බස් රියකිනි .හංදියේ නැවතූ බස් රියක සංගීතයක් ඇසේ:
පාර්ලිමෙන්තුවට ඇතුලට සඳ පායනවා
සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද
ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද
කන්දෙක උස්සා ඒ හඬට කන්දෙන සුනඛයා කල්පනාවකට වැටෙයි.
පිංගොනා , අසල කුණු ගොඩින් ඇද ගත් ගෝවා කොලයක් තලු මරනු පෙනේ.
" ඈ බං ටොමියො, කාටදෑ,මේ හිමිදිරි පාන්දර , බේකරියෙ පාං බාසා දෙස් දෙවොල් තියන්නෙ? උඹට නේද? අදත් උඹ පාං හොරා කෑවද?"
" පිස්සුද, බං, මං ඔය අතමාරුවට නෙව පාං කෑල්ලක් ගන්නෙ. මං ඉතිං බේකරියෙ " ඩේලි කස්ටමර්" නොවැ? ඔය බැන්නට පාං බාසා, මට හරි ආදරෙයි. "බැල්ලිගෙ පුතා" කියලමයි කියන්නෙ. කොටින්ම , කුස්සිට රිංගල මාට්ටු උනොත්, මට ගහන්නෙ ගල් බනිස් ගෙඩියකින් හරි පොල් බෑවකින් හරි තමයි. මාත් ඉතිං 'බෑහ්..' ගාලා , රිදුනා වගේ ඇක්ටිං පාරක් එහෙම දාලා, තුන් අණ්ඩෙන් අර ගහපු එකත් අරගෙනම තමා දුවන්නෙ"
"ඇක්ටිං කිව්වා. ඔන්න ගොයියෝ දියුණු කර ගන්නව නං වැඩේ. කෙලින්ම කවුන්සලේටම යන්න ඇහැකි"
" කවුන්සලේ කිව්වෙ අර අපේ කස්ටිය බුරනවැයි කියලා , බස් සිංදුවෙ කියපු පාර්ලි හෝන්තුවද?"" ඒක නෙමෙයි, බොස්, ඇයි අපේ කස්ටිය ඒකට බුරන්නෙ? එහෙම නං මාත් සපෝට් එකක් දෙන්න එපෑ?"
" හී...හෙහ්..හෙහ්. හෝන්තුව නෙමෙයි බොල, පාර්ලිමේන්තුව. ඒක මේ උඹලා අපි වගේ හුදී ජනයාට ඔට්ටු වෙන්න පුලුවන් තැනක් නෙමෙයි බොල. ඒකට යන්න, විසේස සුදුසුකං තියෙන්නෙ ඕනෙ"
" විසේස සුදුසුකං කිව්වෙ?"
දැන්, දැන් මේ දෙන්නාගේ කතාවට, අහුමුළුවල සිටි මීයෝ, අසල ගසක සිටි වඳුරෙක් සහ පෙර කී බළලුන් දෙදෙනාද එක් වේ.තමන්ට ප්‍රේක්ෂකයින් වැඩිවන බව දක්නා පිංගොනා, අං දිග ගෝණෙකු සේ කඳ කෙලින් කොට උස් හඬින් කතා කරයි.
"විසේස සුදුසුකං කිව්වෙ, රටේ නං දරාපු 'පොරක්' වෙන්න ඕනෙ කියන එකයි"
" ඉතිං බොස්, කොහොමද එහෙම පොරක් වෙන්නෙ?"
"හොහ්..හොහ්, ඇයි උඹටත් පොරක් වෙන්න හිතුනද? බොල පොරක් වෙන්න නං, ආස්චර්ය භාණ්ඩ කන්ටේනර් ඒකක් , දෙකක්වත් ගෙන්නන්න ඕනෙ. පාවිච්චි කරපු භාණ්ඩ නං අඩුමගානේ හාර සීයේ පාටිය වත් ගන්න ඕනෙ. නැත්නම්, ඉතිං රත්තරං කිලෝ දෙක තුනක වැඩිං ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ. ආං එතකොට පුළුවනි, ඕන ලොක්කෙකුට බැස්ටිය දීලා 'මට මතක නෑනෙ' කියන්න. හැබැයි, ලෙමන් ෆෆ් නං, පෙට්ටියක් හොඳටෝම ඇති"
" අර ලෙමන් ෆෆ් පෙට්ටිය කොටා බාන වැඩේ නං මටහ් පුළුවනි නෙව, බොස්?"
"මං හිතුව තෝ බඩජාරි කොමට ඕක කියයි කියලා. හහ්.. හිතුව මඳි, ලෙමන් ෆෆ් කාලා පොරක් වෙන්න. බොල, ඒ විතරක් මඳි, කවදාවත් සීගිරි නොගිය ගිරවෙකුට විතරයි ලෙමන් ෆෆ් කාලා පොරක් වෙන්න ඇහැකි"
කතාව අසා සිටි වඳුරා ඔලුව කසමින් :
" මටත් හිතෙනව, බොස් පොරක් වෙන්න. මං හිතන් ඉන්නෙ දෙල් ගහ ලඟ කූඹි ගුලට බැස්ටිය දෙන්න. හැබැයි දෙන්න ඕනෙ ධර්මෙන්. මගේ කල්පනාව 'නංවමු කොලනිය' කියලා ව්‍යාපෘතියක් අරඹලා බලෙන්ම ආධාර එකතු කරන්න. මෙහෙම හිටියට කිසිම වගතුවක් නෑ, ලොක්කා."
පිං ගොනා තප්පු ලෑවා.
" ආං ඔහේට තේරුනා කතන්දරේ. මේ ටොමියො, ආන්න එයාගෙන්වත් ඉගෙන ගනින් පොරක් වෙන හැටි"
" ඕනෙ නෑ බොස්, ඒක ඇරිච්චාවෙකො. එතකොට සිංහයගෙ අතට කඩුව දුන්නෙ කව්ද?"
" මොකක් කිව්වා? අනේ බං, මං නං නෙමෙයි. අර බල සේනා කස්ටියවත්ද දන්නෙ නෑ?"
" දැන් එතකොට 'ලෙලදෙන කොට පැනල ඇවිත් අපිව කයිද?'"
" එව්වා කියන්න බෑ ටොමියො. ඇවිත් කෑවොත්, රතුපස් කන්න තමයි වෙන්නෙ"
කොළඹ 1982- "හැටේ වත්ත"- අපි තාමත් කරත්තේ
කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

.jpg)
2014 දී ලියූ පෝස්ට් එකකි. කමෙන්ට් 5 යි. ඒත් ප්‍රාජේත් ඇවිත් තිබ්බා. අදට කොච්චර අදාලද? අර්චුනා මල්ලිගෙ දෙයීයා නං කිව්වෙ, "තොපිට සුමාන දෙකයි මතක තියෙන්නෙ" කියලායි.
ReplyDeleteවැඩේ තියෙන්නේ සමහර උපහාස මොන සිදුවීම්වලටද කියලා මටත් හරියට මතක නෑ. 😄 ප්‍රභා කියපු කතාව නම් හරියටම හරි.
Deleteඔහෙට කියන්න මයියෝ, ලියපු මටත් මතක නෑ. ආස්චර්ය භාණ්ඩ කන්ටේනර් කතාව. ඒක මේ කාලෙට ගැලපෙන්න නං කන්ටේනර් 300 වෙන්න ඕනෙ,
Deleteපාවිච්චි කරපු භාණ්ඩ 400 පාටිය = සාරුවා සුනිල් බව නං මතකයි.
අන්න ඔබතුමා ඉල්ලා තිබ්බාා youtube links වගයක් මම න්ඳීිගේ පෝස්ට් එකේ දැම්මා.
Deleteආන්න ජංසන්! 👌💐🙏
Deleteමාත් දැක්කා . ඒකට ස්තූතියි
Deleteදෙහෙදු කඩුල්ලෙන් පැනලා
ReplyDeleteගැමුණුගෙ අසිපතත් හොයන්
සිංහයාට එය දීලා
නංවමු 'ජාතික ආලේ'
ගැමුණුගේ අසිපත අරගෙන සිංහයා අතට දීලා
Deleteනීතිය සැමට සමයි කියලා යුක්තියෙ දෙවඟන ඇස් බැඳලා
තරාදියත් ඇලවීලා එක පැත්තකට බර වීලා
ජනතාවට කඩුව වනලා ජාතික ආලේ රැකෙයිද කියලා?
සමහර වෙලාවට අපි වගේ හුදී ජනයාට තියෙන එකම සාමකාමී ආයුදේ, උපහාසය වෙන්නත් ඇහැකි.
Deleteපිං ගොනා තමයි දවසකටවත් ගොනා.
ReplyDelete"පිං" අදට ගැලපෙන්නෙ නං දුස්සීල මහන කස්ටිය තමයි. ඒත් මේ කතාවෙ පිං ගවයා ටිකක් පිම්බුනත්, ඇත්ත කියන ගොනෙක්.
Deleteමේක නම් අපූරු දේශපාලන උපහාසයක්. 😄 සත්තු ටිකක් එකතු කරගෙන අපේ දේශපාලනයේ තියෙන විකාරරූපී ස්වභාවය හරි අපූරුවට පෙන්නලා තියෙනවා. හැබැයි මට නම් මේකේ සමහර උපහාස තේරුම් ගන්න ටිකක් අමාරු වුණා.
ReplyDeleteරත්තරං කිලෝ දෙක තුනක වැඩිං ගිෆ්ට් + 'මට මතක නෑනෙ' = හාරත ආසියා, ද්මින්ද සිල්වා, ගෝටා කතාව.
Delete'නංවමු කොලනිය' + බලෙන්ම ආධාර එකතු කිරීම = මරවින් සිල්වා සහ කැලනියේ කප්පම් ස්කැන්ඩල් එක. එයා ඒක ඉගෙන ගත්තෙ බොසාගෙ "හැල්පිං හම්බම්තොට" එකෙන් වෙන්ටෑ? රතුපස් කන කතාව ඔය කාලෙ වෙච්ච රතුපස්වල විරෝධතා පෙලපාලියකට වෙඩි තියලා මැරිච්ච කතාව.
දැන්නම් ටිකක් තේරුනා . ඒවාට කමෙන්ට් වලටම එන්න වුනා . නැත්නම් මම හිතුවේ AI කතාවක් කියල
DeleteGemini 4 Argon නිසාද මන්දා දැන් සිංහල සෑහෙන්න හොඳා. ඒත් උපහාසෙ වගේ සියුම් කලාවන් AI ට අමාරු වෙයි කියල මට හිතෙනවා.
Deleteසිංහයා අතේ තියෙන කඩුවෙන් අන්තිමට අපිටම කොටයිද කියන කතාව නම් අදටත් හොඳට ගැළපෙනවා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ වෙනුවට අලුත් පනතක් ගේන්න යන මේ කාලේ ඒ ප්රශ්නය තවත් වැදගත්. අලුතින් යෝජනා කරන නීතිවලත් කලින් පනතට වඩා අඩු නොවන මර්දනකාරී ප්‍රතිපාදන තියෙන්න පුළුවන් කියලා විවේචන එල්ල වෙනවනේ. ඒවා කොයිතරම් සාධාරණද කියලා හොඳින් විමසා බලන්න ඕනෑ.
ReplyDeleteමොකද ජනතාව ආරක්ෂා කරන්න කියලා ලබාගන්න බලතලම අන්තිමට ජනතාවගේ නිදහස සීමා කරන්න පාවිච්චි වෙයිද කියන සාධාරණ බයක් අපටත් තියෙනවා. ආණ්ඩු මාරු වුණාට නීතියෙන් ලබාදෙන බලතල ඉතිරි වෙනවනේ. ඒ නිසා කඩුව කාගේ අතේ තිබුණත්, ඒක ජනතාව ආරක්ෂා කරන්න මිසක් ජනතාවටම කොටන්න පාවිච්චි නොවෙන බවට සහතිකයක් තියෙන්න ඕනෑ. කතාවේ අවසානයේ තියෙන උපහාසය අදටත් වැදගත් වෙන්නේ ඔන්න ඔය නිසයි.
හොඳ විෂ්ලේෂනයක්. මම නොහිතපු තරම් ගැඹුරක් මේ කතාවෙ තියනවා.👌💐
Deleteපෙරටුගාමී සමාජවාදීන් සහ නිර්මාල් , විදර්ශන සෙට් එකත් ඔය කතාවම කියල තිබුනා . හැබැයි එයාල කියන නිර්ධන් පන්ති ආඥාදායකත්වය ඊට වැඩිය භයානකයි . දක්ෂිනනාෂික හමුදා ආණ්ඩු (පිනෝචේ වගේ ) භයානකයි . හැබැයි මෙහෙම දේකුත් තියනව . සිංගප්පුරුව වියට්නාමය , චීනය වගේ සිඝ්‍රයෙන් ආර්ථිකය මෑතකදී දියුණු වුනු රටවල, දියුණු වෙමින් යන රටවල නීති ටිකක් තදයි .
Deleteඑකඟයි. කුරුටුගාමීංගේ නිර්ධන් පන්ති ආඥාදායකත්වය භයානක සූදුවක්. කොටින්ම ඒකෙන් කොහේදිවත් හුදී ජනයට වැඩක් වෙලා නෑ, වෙන්නෙත් නෑ.
Deleteඔව්, සොඳුරු ආඥාදායකත්වය ආර්ථික/ සමාජ දියුණුවට බොහෝ හිතකරයි. අවුල ඒකත් එක්ක එන නරක සයිඩ්- එෆෙක්ට්ස් තමයි. ඒ වගේම ඔය සොඳුරු ආඥාදායකව හොයන එකත් ලේසි පාසු කෙලියක් නෙමෙයි නෙව? මතක නේද අපි ගෙනාපු සොඳුරු ආඥාදායකව - හිට්ලර් රාජපස්ස?
ඔය කියන සොඳුරු ආඥාදායක සංකල්පය දකින තැනකම පහරදෙන්න ඕනේ බොරුවක්. ලෝකයේ රටවල් දියුණුවුණේ ඔය ක්‍රමයට නෙමෙයි. විදේශ ප්‍රතිපත්ති සහ ලෝකයේ බල කේන්ද්‍ර හදුනාගෙන තමන්ගේ කුට්ටම අනපු නායකයෝ හිටිය නිසා. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ හිටියට වියට්නාමයේ එහෙම කව්රුත් නැහැ. අනික් අතට දකුණු කොරියාව දුෂණය පවුල්බලය මතින් "'දියුණුවෙනවා"". දේශපාලනය අස්තාවරයි. ආඥාදායක උතුරුකොරියාව දුක් විදිනවා. බස්සා මහත්තය හරියටම හරි අපිට එහෙම නායකයෝ හොයන්න ඕනේ නැහැ , අවශ්‍ය පැහැදිලි දැක්මක් එක්ක යන නායකයෝ. JR ට ප්‍රේමදාසට මහින්දට ඒකාධිපති සමාජ නිදහස සීමා කරන නීති ගෙනෙනකොට විරුද්ධ වුනු අපි අනුර මහත්තයාට එහෙම කරන්න කියනවා නම් සාධාරණ හේතු සපයන්න ඕනේ. රට අනුර ජනාධිපතිතුමා යටතේ දියුණුවෙනවා කියලා පේන්න ඕනේ. ඒකට තවම වේලාසන වැඩියි නේද? අඩුම ගන්නේ තමන්ගේ පාලනකාලයෙන් අවුරුදු තුනක්වත් ගියපු තැන ලිට්මස් පරීක්ෂාවක් කරලා බලමු.
Deleteහෙහ්, හෙහ් "සොඳුරු ආඥාදායක සංකල්පය දකින තැනකම පහරදෙන්න ඕනෙ"
Deleteනිහඬපාල මහත්තයාගෙ මතේම තමයි මාත් ඉන්නෙ. පෙරටුගාමී සමාජවාදීන්ගෙ "නිර්ධන පන්ති ආඥාදායකත්වය" කියන කැටගරියටම තමයි "සොඳුරු ආඥාදායකත්වයත්" වැටෙන්නෙ. දෙකම භයානක සූදු. සිංගප්පූරුව විතරයි සාර්ථක වුනා කියල හිතෙන්නෙ. එහෙම වෙන්නත් තව බොහෝ සාධක, සිංගප්පූරුවෙ වාසියට හිටියා කියලත් කියනවා. සිංගප්පූරුවෙ ඉඳලා අපේ සාවියෙ පදිංචියට එන චීන්නු ඉන්නෙ, මක්කා හරි අපි නොදන්න දේත් ඔතන ඇති නේද?
නිහඬපාල මහත්මයා - මම අනුර සම්බන්ධ කරගෙන කතාවක් කිව්වේ නැහැ.- වියට්නාමයේ එහෙම කව්රුත් නැහැ- වියට්නාමය පාලනය කරන්නේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂය විසින්. මේක ඒකාධිපති තනි පක්ෂ පාලනයක්. තමන්ට බෝම්බ දාපු ඇමෙරිකාව සමග සහයෝගයෙන් වැඩ කරන්නේ ඕනේ කියල තීරණයක් අරන් තියනව. කෝප හයවෙනි කොන්ග්රස් එකෙන් තීරණය ගත්තේ GDP එක 6%-7%,සම්පුර්ණ GDP ඩොලර් බිලියන් 476 න් ගුයෙන් වෑන් ලින් තමයි පටන් ගත්තේ. උතුරු කොරියාවේ තියෙන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වය වගේ එකක්. ලෝකයට විවෘත නැහැ. ආර්ථිකය සන්කොච්නාය් වුනු එක්ක. ඕන කමින් ගෙනියන් දෙයක්.
Deleteලංකාවේ ජේ ආර් ඒකාධිපති ව්‍යවස්ථාවක් හදාගෙන ඔය දියණුව තරමක් දුරට ගේනවා. හැබැයි ඉන්දියන් සාධකය, ජාතිවාදය, පක්ෂ තහනම් කිරීම වගේ මුග්ධ ප්‍රතිපත්ති නිසා අනා ගත්ත. ප්‍රේමදාස වුනත් රාජ්‍ය නිලධාරිවාදයට වැඩේ දෙන්න තමන් තනියම ගිහින් බැලුව. තද පාලනයක්. . ගාමන්ට් ගෙනාවා. නමුත් එයාගෙම එජාප අනිත් අය එක්ක තිබ්බ බල අරගලය, ජවිපෙ සහ ප්රභාකරන් සාධකය නිසා කෙලවුනා .
අනුර එහෙම කරන්න ඉඩ තියනව රටේ අධිකරණය හා නීතියට කහකඩයෝ තර්ජනය කලොත් . නීතියට උඩින් කවුරුත් ඉන්න බැහැ . මේ ආණ්ඩුවටත් ප්‍රශ්න තියනව රාජ්‍ය නිල්ධරිවාදයෙන්. ඕන තරම් අන්නනවා. එයාල වුනත් දිගින් දිගටම මේවා කරන්න ගියොත් තද නීති ගෙනෙයි.
@අජිත්
Deleteබොහොම හොඳ විස්තර ටිකක්. වැඩි හරියකට එකඟයි.
//මේ ආණ්ඩුවටත් ප්‍රශ්න තියනව රාජ්‍ය නිල්ධරිවාදයෙන්. ඕන තරම් අන්නනවා. එයාල වුනත් දිගින් දිගටම මේවා කරන්න ගියොත් තද නීති ගෙනෙයි//
මේක තමයි මට තියෙන ප්‍රශ්ණෙ. මේ සිරිලිය, රනිල් වගේ දල කාරයොන්ව "කැච් & රිලීස්" ඇස්බැන්දුම් සෙල්ලම නොකර, "රාජ්‍ය නිල්ධරිවාදෙට" බැස්ටිය දෙන්නම ඕනෙ කියලයි මම කියන්නෙ. ඕකට ඉතිං ආඥාදායකයෙක් වෙන්නම ඕනද? හීන් නූලෙන්, වදින තැනට රිදෙන්න ගහන එක තමයි, දක්ෂ රාජ්‍ය නායකයෙක්ගෙ දක්ෂකම.
@නිහඬපාල
Delete//විදේශ ප්‍රතිපත්ති සහ ලෝකයේ බල කේන්ද්‍ර හදුනාගෙන තමන්ගේ කුට්ටම අනපු නායකයෝ//
ආන්න ජංසන්!
/මේ සිරිලිය, රනිල් වගේ දල කාරයොන්ව "කැච් & රිලීස්" ඇස්බැන්දුම් සෙල්ලම නොකර//බසුන්නැහේ වගේ උගත් ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමත්තුත් මෙහෙම කියන කොට ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ගැන අහන්න දෙයක් නැහැ . මනුස්පයෝ andua නෙමේ ඒක තීරණය කරන්නේ . අපරාධ පරක්ෂණ දෙපර්තමන්තුව , AG ඔෆිස් එක සහ අධිකරණය. ආනන්ද විජේපාල මහත්මය, වටගල හෝ ටිල්ව්න් ලා වුනත් අත ගහන්නේ නැහැ . ඔයාලට වෙලා තියෙන්නේ ආර කාලෙකට කලින් උදේ පාන්දර කෝල් කරල මේ තීන්දුව අර තින්දුව දෙන්න කියපු කාලේ වගේ කියල තවමත්. අර මෛත්‍රී කිව්වේ දිනපු ගමන් අආපු කෝල් අතර ධික්රනයෙනුත් ආව කියල සර් කියන්න මොකද්ද වෙන්න ඕනේ කියල ඇහුවා කියල . එහෙම නැහැ . ඒකනේ ඔය පාලින්ද ට ජේම ජෙප්පෝ බනින්නේ .
Delete//විදේශ ප්‍රතිපත්ති සහ ලෝකයේ බල කේන්ද්‍ර හදුනාගෙන තමන්ගේ කුට්ටම අනපු නායකයෝ-- ඒක නෙමේද මේ අනුරගෙන් වෙන්නේ . ජනසතු කරණයට ගියේ නැහැ , ඇමෙරිකන් අධිරාජ්‍යවාදය කියල ගොන් කතා කියන්න ගියේ නැහැ , මහින්ද සමරසිංහට කෝල් කරලා කීව ඇමෙරිකාව ශේප් කරල දෙන්න කියල . මහින්ද ඒක කළා . ජාති හිතෙෂි මිනිහෙක් . චිනේ ගානට තියන් යනවා . ඉන්දියාවට එක්ක පේමයියා යි විජේවිරයි වගේ කෙලින්ම වලියෙන් නැහැ , ඉන්න රෝ කාරයෝ කවුඩද කියල දන්නවා . හීන් නුලෙන් තොණ්ඩා ට ගේම සෙට් කළා . මුස්ලිම් අන්තවාදී නායකයන් ගෙන් මුස්ලිම් චන්ද ටික හරවා ගත්ත . මෙහෙ අපේ සුද්දෝ එක්කයි යුරෝපේ එක්කයි හොඳයි . මොනවාද ඔයාල තව ඉල්ලන්නේ. අපිනම් දන්නවා මොකද වෙන්නේ කියල , ප්‍රයෝගික දේශපාලනයක් ගෙනියන්නේ . සශෝධනවාදී වෙන්න පුළුවන් වමේ සමහර අයට , සමහර ජවිපෙ අයට . මටනම් අවුලක් නැහැ . සෝවියට් දේශයේ නේ හිටියේ .
Deleteහරි,මම ඔය ඔබ කියන දේවල් නෑ කියන්නෙ නෑ. මම පිලිගන්නවා අපට වෙන විකල්පයක් නෑ දන්න නිසා ගමතුමාගෙ "නොසෙලවෙන" NPP භක්තිය මට තේරුම්ගත හැකියි.ඒත් අනේ මන්දා ගමතුමා මට තාම කිසිම "ටැංජිබල්" රට හැදිල්ලක් පේන්නෙ නෑනෙ? ආයෝජකයො ආවෙ නෑ, රටේ කිසිම අලුත් "ටැංජිබල්" ආර්ථික ව්‍යාපෘතියක් පටන් ගත්තෙ නෑනෙ?
Delete//මගේ නැඹුරුව - මම තාර්කිකව හිතල ගත්ත එකක්// අජිත් මහත්මයට facebook බනින කෙනා දන්නේ නැහැ ඩෝබියෝ පරිණත භාවයක් හෝ ඇසු පීරු තැන් ඇතිබවක් නැතිවග. මගේ අදහස නම් ඩෝබින්ට සුදා මෝඩ තරිඳුලා මට්ටමට නොවැටී කොළඹ ගමයා මට්ටමට UPGRADE කරගන්න පුළුවන් නම් ඒක අනුර මහත්තයාගේ දියුණුවට හේතු වෙනවා.
Delete1. වියට්නාමය දියුණුවෙන්නේ ආඥාදායක නිසා නොවෙයි විවෘත ආර්ථිකයට මාරුවුණ නිසා. අර දෘඩ ආඥාදායක ස්වරුපය මුල ඉදන් තිබ්බා. අවාසනාවකට ධනවාදී ගොනා පසුපස්සේ යන දියුණුවේ කරත්තය පිරෙනවා සමහර දේවල් වලින්. වියට්නාමයේ අදායම් විෂමතාව, ශ්‍රමය අඩුමිලකට අලෙවි වීම, ධනේශ්වර හාම්පුතුන් බිහිවීම වහලා තියෙන්නේ අර පරණ සමාජවාදී ආඥාදායක සළුවෙන්. ඒක අපූරු paradox එකක්. විදේශ ප්‍රතිපතිය bamboo diplomacy එක. මුලින් චීන හිතවාදී නැතිවුනාට 2000 ගණවල මුලභාගයේ ඉඳල චීන නැඹුරුවක් තියනවා. ආර්ථිකය මුලින්ම හැදෙන්නේ ණය, සුලුඅලි යටිතල පහසුකම් එක්ක. දුෂනයත් පදමට . සම්සුන්ග් වගේ කොරියාවෙත් දුෂිත සමාගම් තමයි මුලින්ම එන්නේ. FDI තමයි වියට්නාමයේ දියුණුවේ මග. ඇමෙරිකානුවන් වියට්නාම නිෂ්පාදන වල පාරිභෝගිකයන්.වඩා වැදගත් ස්ථිර ප්‍රතිපත්ති සහ අඩු ශ්‍රමය.මානව හිමිකම් ඕවා ඔය FDI වලට බැලුවේ නැහැ.
2.කහකඩ අරගලය එච්චර සැරද? මම හිතන්නේ නැහැ. කීපදෙනෙක් විහාරමහාදේවි උද්‍යානයේ ලාගත්තට දෘඩ නීති ඕනේ නැහැ.අනික ඔය පොඩි දේවල්නේ අපේ රටේ නායකන්ට තිබ්බ ගැටළු එක්ක. //නීතියට උඩින් කවුරුත් ඉන්න බැහැ // දැනට කථානායකතුමා සහ ජයකොඩි විතරක් උඩින් ඉන්නවද කියල හිතෙනවා. දැන් ඔය කියන අරගලයේ ඉන්න බලංගොඩ කාශ්‍යප කියන භික්ෂුව 2022 ගෝල්ෆේස් හිටිය. මන්දිරේට පැනල මයිනෝ හෙව්වා.ඒවා එහෙම තමයි. දැන් කහකඩයෝ සහ තගාලා, කාලය මැව් වෙනසක අරුමේ. මේ 2.50හේ අරගල මර්ධනයට නම් සොඳුරු ආඥාදායකයෙක් ඕනෙම නැහැ.
3.// .මහින්ද සමරසිංහට කෝල් කරලා කීව ඇමෙරිකාව ශේප් කරල දෙන්න කියල// අපිට පෙනුනේ ජුලි නෝනා එක්ක කොහොමත් ශේප් එකේ හිටපු නිසා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලයි. දැන් ඉතින් ඔය ප්‍රතිපත්තියෙන් FDI ටිකක් බාගන්න තමයි ඕනේ.
බස්සා උන්නැහේ කියනවා වගේ //රටේ කිසිම අලුත් "ටැංජිබල්" ආර්ථික ව්‍යාපෘතියක් පටන් ගත්තෙ නෑනෙ?// මේ ආණ්ඩුවෙන් IMF ප්‍රතිපත්ති එළියට ගලවලා ගත්තහම පේනදේ තමයි ඔය. IMF යටතේ බදු , ප්‍රාථමික අයවැය ප්‍රතිපත්ති තියනවා. එතැනින් එහා පිම්ම ගන්න වෙන්නේ ආණ්ඩුවට. අමාරුයි කියලා මම පිලිගන්නවා. නමුත් හැම සති අන්තයේම මෙච්චර සන්නිවේදනය දියුණු කාලෙක රටේ ජනධිපතිතුමා පැයක් හමාරක් කතාකරන්න රට වටේ යනවා. අර ගෝටා වගේ පිලිසදරකුත් නෙමයි. ඒක පාර්ශවික කතාවක්. ඒවා කොහොමද සාධාරණීකරණය කරන්නේ.ඒ වෙලාව අජිත් මහත්තයාගේ බ්ලොග් එකවත් කියෙව්වනම් ලෝකේ ගැන දැනුමක්වත් එනවා.
හුටා! 😮😵💫😁
Deleteතේරෙන ටිකේ හැටියට නං, සෑහෙන තාර්කික විස්තර ටිකක්. ඒත් මගේ "පේ ග්‍රේඩ්" එකට වඩා බොහෝ ඉහලයි. බෝලය ගමතුමාට......⚽⛹️😁
//වියට්නාමය දියුණුවෙන්නේ ආඥාදායක නිසා නොවෙයි විවෘත ආර්ථිකයට මාරුවුණ නිසා. // ඒක එහෙමේම වෙන්නේ නැති උදාහරනයක් දෙන්න ම් , ඔබතුමාට . සෝවියට් දේශය වැටිලා ගෙනාවේ විවෘත් ආර්ථිකය . යෙල්සින් අවුරුදු දහයක් කෑව . මිනිසු දුප්පත් වුනා . හොරු ටිකක් බෝ වුනා . බටහිර රටවල් කොල්ල කෑව . පුටින් ආව . ඔයාල කැමති හෝ නැතා රෙස්ට් ඉස් හිස්ට්‍රි . වියට්නාමයේ අපේ කම්ප්නියේ කෑල්ලක් තියනව . FDI විතරක් නෙමේ ඥානය හා හැකියාවන් නුත් විකුනනවා . IT සහ ඉන්ජිනිරින් වල . අපේ රටේ අපේ කම්පැනි කෑල්ල එන්න එන්නම් අඩු වේගන යන්නේ . දුෂණ ඉන්ඩෙක්ස් එකේ වියට්නාමය රටවල් 180 කින් 81 වෙනි තැන . ලංකාව 107 වන තැන . තනි පක්ෂ පාලනය නිශ අප්රශ්නය්ක් තියනවා . නමුත් රටේ අදායම් විෂමතාවය අඩු වෙමින් පවතිනවා . දැන් රෑ 12.08. ඉතිරි ඒවාට පිළිතුරු ලියන්න පස්සේ එන්නම් . විවෘත ආර්ථිකයේ හොන්ඩ අසහා නරක දෙකම තියනව චන්ද්‍රිකා ටත් තිබ්බනේ .
DeleteFDI = Foreign Direct Investment
Deleteදුෂණ ඉන්ඩෙක්ස් = "Corruption Perceptions Index (CPI)
Global Rank: Sri Lanka ranked 107th out of 182 countries. This marks an improvement from its historical worst ranking of 121st in the previous evaluation.
මම bamboo diplomacy හොයලා බැලුවා. හ්ම්...ඉන්ට්‍රෙස්ටිං වියට්කොන් සංකල්පයක්.
//අවාසනාවකට ධනවාදී ගොනා පසුපස්සේ යන දියුණුවේ කරත්තය පිරෙනවා//
මේකට වෙන විකල්පයක් තියනවද, දැනට?🤔
ගමරාළ කියන වැටුන සෝවියට් දේශය, බටහිරයො කොල්ලකාපු කතාව මට මතකයි.මම අකමැති චරිතයක් වුනත්, පුටින් රුසියාව ගලවගත් බව ඇත්ත.
බස්සා මහත්තයාගේ පුර්ණ අවසරය උවමනයි මේ දේශපාලන සාකච්චාවට. මට වඩා හොඳට අජිත් මහත්මයා සෝවියට් සංගමය බිඳ වැටුණ හැටි දන්නවා, එත් ඒ ආර්ථිකය විවෘත කළ නිසා විතරක් නෙවෙයි.සංගමයේ රටවල් අතර බෙදී තිබුණු කර්මාන්ත, අවි නිෂ්පාදනය, තාක්ෂණය සහ කෘෂි නිෂ්පාදන තෙල් සහ ගෑස් සැපයුම් ජාල බිඳ වැටුණා. යෙල්ට්සින්ගේ කාලයේ අවුල් සහගත ආර්ථික කළමනාකරණයත් ඒ අර්බුදය වැඩි කළා. ලිබියාව සහ ඉරාකයත් අරාබි රටවලුත් පෙන්වන්නේ තද පාලනයක් ඕනේ වෙන්නේ ගෝත්‍ර සහ විශාල ප්‍රදේශ වල ඉන්න තරමක දරුණු පැහෙන්නේ නැති ජනතාවක් එකට බැඳලා තියාගන්න එකට. ඒවා හරියන්නේ ටික කාලයකට.ඉරාකය සහ ලිබියාව උඩුගම්බලා පිහිනන්ඩ තැත්කලා. බිඳ වැටුනා.
Deleteවියට්නාමය 1986දී ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කළත්, දේශපාලන අඛණ්ඩතාව සහ ජාතික සංවර්ධන සැලැස්ම පවත්වාගෙන ගියා.ඔවුන් පැහැදිලිවම සොවිට් දේශයෙන් ඉගෙනගත්ත, මුල් කාලයේ ආයෝජන ආවේ දකුණු කොරියාවෙන් විතරක් නෙවෙයි; සිංගප්පූරුව, තායිවානය, ජපානය සහ හොංකොං වැනි රටවලින්ද ආවා. වැඩිම ආයෝජන ආසියාවේ. Samsung පසුව විශාල ආයෝජකයෙක් වුණා. ඔවුන්ගේ සමාජවාදයත් ජාතිකත්වයට බරයි.
දූෂණ දර්ශකය ගැනත් එහෙමයි. අද වියට්නාමය දූෂණ දර්ශකයේ ඉහළ තැනක සිටින බව කියලා, එහි දියුණුවේ හේතුව දූෂණය අඩු වීමමයි කියන්න බැහැ. ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කළ 1986දී අද තියෙන ඩිජිටල් රාජ්‍ය සේවා තිබුණේ නැහැ. පස්සේ අද වගේ ඔන්ලයින් සේවා නිසා නිලධාරී මට්ටමේ දූෂණ අවස්ථා අඩු වුනා. ඒත් ඉහළ දේශපාලන මට්ටමේ දූෂණය සහ නීතිය තෝරාගෙන ක්‍රියාත්මක කිරීම වෙනම ප්‍රශ්න. 2023 යුස්ෆ් ඉෂාක් instutute එක කියනවා වියට්නාමයේ දුෂණය ගැන. නීති තිබ්බට ඒවා selectively Political weapon එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ, එකෙන් ටිකක් ක්‍රියාපටිපාටිය හෙමින් වුනා.
රටක් දියුණු වෙන්නේ දූෂණ දර්ශකයකින් විතරක් නෙවෙයි.පැහැදිලි සංවර්ධන දැක්මක්, ආයෝජන ආකර්ෂණය, දක්ෂ ශ්‍රම බලකායක්, යටිතල පහසුකම්, ප්‍රතිපත්ති අඛණ්ඩතාවමත . වියට්නාමයෙන් ඉගෙනගන්න ඕනේ ඒ සම්පූර්ණ ක්‍රියාවලියයි.මගේ අදහස ඒ ක්‍රියාවලියට ආඥාදායකයෙක් වුවමනා නැති බවයි.
/අවාසනාවකට ධනවාදී ගොනා පසුපස්සේ යන දියුණුවේ කරත්තය පිරෙනවා//
Delete//මේකට වෙන විකල්පයක් තියනවද, දැනට?// හ්ම්ම් මම ඉකොනෝ කෙනෙක් නෙමෙයි. හැබැයි ධනවාදයේ ස්වාභාවික මරණය ඉක්මනින්ම වෙයි. අර අඩු මාසෙන් උපන් විකෘති සමාජවාදය වෙනුවට වෙන විකල්පයක් එයි නේද?
ආයෙ මොන පුර්ණ අවසරයද නිහඬපාල මහත්තයා,? මේ බ්ලොග් එකේ එක අරමුණක් තමා ඇත්ත සොයා යාම. මම උඩම කමෙන්ට් එකට පිලිතුරු බැඳීම ගමතුමාටම තියන්නම්.
Deleteහෙහ් හෙහ් ට්‍රම්පුච්චා "ඩාත් වේඩාර්" ට ඇන්දට පස්සෙ ඉකනො, ධනවාදය ගැන අනාවැකි කියන එක නැවැත්තුවා.
හ්ම්..." අර අඩු මාසෙන් උපන් විකෘති සමාජවාදය"?? මට හිතෙන්නෙ ලෙනින් "පූර්ණ සමාජවාදෙ" ප්‍රායෝගික නැති බව බව තේරුම්ගත් නිසා "විකෘති සමාජවාදෙ" බිහි වුනා කියලයි. ඒකත් අවසානෙ කඩන් වැටුන.
ඒත් මේකත් කිඅය්න්නම ඕනෙ? ඒ කාලෙ සෝවියට් කඳවුර නිසා ලෝක දේශපාලන සමතුලිතාවය රැකුනා. වඩා කාර්යක්ෂම ධනවාදෙ වුනත්, වඩාත් මානුෂික මුහුණවරක් ගත්තෙ, සමාජවාදී මූලධර්ම වලින් ආපු බලපෑම නිසා කියල කියනවා.
අද අපි "unchecked capitalism leads to fascism" කියන එක, ඇමරිකාව හරහා දකිනවා. අපෙ මේ ගැන කලින් කතා කලා ගමරාලගෙ පෝස්ට් එකකදී:
https://kolambagamaya.blogspot.com/2026/07/blog-post_29.html?showComment=1785370083637#c7173383521646760723
// රටක් දියුණු වෙන්නේ දූෂණ දර්ශකයකින් විතරක් නෙවෙයි. පැහැදිලි සංවර්ධන දැක්මක්, ආයෝජන ආකර්ෂණය, දක්ෂ ශ්‍රම බලකායක්, යටිතල පහසුකම්, ප්‍රතිපත්ති අඛණ්ඩතාව මත //
Deleteඅන්න කතාව. දාන්න පහක් නිහඬපාල තුමනි!
ඔහෙලාට කියන්ට මම දැන් මාස ගානක ඉඳන් ජීවත්වෙන්නෙ පිලීපීනෙ. මේ අවුරුද්ද අග වෙනකං මෙහෙ ඉඳියි. මෙහෙනෙ බොලං කරප්ෂන් තියෙන්නෙ. ලංකාවෙ මොනාද, පොඩි පොඩි සිල්ලර වැඩ නෙව තියෙන්නෙ.
ඒ වුනාට රට ඉන්නෙ මාර ඉදිරියෙන්. එහෙම කිවුවහම හිතන්ට එපා රටේ ජනගහනය හැමෝම තුසිත දිවියලෝකෙ ජීවත්වෙනවා කියලා. රටේ ප්‍රශ්න තියෙනවා, දරිද්‍රතා තියෙනවා. හැබැයි ඔය ඔක්කොම තියාගෙන රට ඉදිරියට යනවා.
පිලීපීන ජනතාවට ඉංගිරිසි හොඳට උගන්නලා, ස්කිල්ස් හදලා පිටරට රස්සාවලට යවන ප්ලෑන මාකෝස් ලොකු තාත්තා පටන් අරන් තියෙන්නෙ 1974දි. 1986දි මාකෝස් ලොක්කාව පන්නලා අකිනෝ නෝනා ආවා කියලා ඒ ප්‍රතිපත්තිය බිංදුවක් වත් වෙනස් වුනේ නෑ. අදටත් රටට ලොකුම ආදායමක් ගේන්නෙ විදේශ විනිමය. සිරි ලංකාවෙ ලංකාවෙ වගේ අරාබින්ගෙ පස්ස හෝදන්ට මෙහෙකාරියො යවලා නෙවෙයි. ඉංගිරිසි දන්න, වැඩ දන්න ස්කිල්ඩ් ශ්‍රම බලකායක් පිටරට යවලා.
ඒ වගේමයි රට ඇතුළෙ ඉන්න ශ්‍රම බලකායත්. ඒ නිසා තමයි විදේශ ආයෝජකයො බය නැතුව රටට ආයෝජන ගේන්නෙ. වැඩකරන්ට පුලුවන් (සහ කම්මැලි නැතුව වැඩ කරන, ස්ට්‍රයික් නොකරන) ජනතාවක් ඉන්න නිසා. ඊට අමතරව මොන ආන්ඩුව ආවත් වෙනස් වෙන්නෙ නැති ආර්ථික ප්‍රතිපත්තිත් ඒකට බලපානවා. මෙහෙ තියෙනවා Ortigas, BGC වගේ නගර කලාප තනිකරම දුවන්නෙ කෝපරේට් සෙක්ටර් එකෙන්. රජයෙන් ඉඩං ටික දීලා තියෙනවා විතරයි. ඒ ගානට ආයෝජනය කරන්ට තරං හැකියාවක් තියෙන්නෙ ඊළඟ ඡන්දෙන් මාකෝස් පොඩි පුතා ආවත්, සාරා නෝනා ආවත් වෙන මොකෙක් හරි ආවත් රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැතිය, මේ දේවල් ජනසතු කරන්නෙ නැතිය කියන විශ්වාසය කෝපරේට් සෙක්ටර් එකට තියෙන නිසයි.
ආන්න ඒ විශ්වාසය ඇති කරන්ට පුලුවන් වුන දාට සිරි ලංකාවටත් විදේශ ආයෝජන එයි.
හා! මම කැට තියල බුරන්නං, බලාපං ඔය බකුසු මොටා දැං ඇවිත් දෙපැත්තටම හූමිටි තියන්නැහ්ද කියලා? ඕකට ගහන්න ඕනෙ පයින්.😮 💢😡
Delete// ගමතුමාගෙ "නොසෙලවෙන" NPP භක්තිය// එහෙම එකක් නම් නැහැ . මම පෞද්ගලිකව උතුමන් හම්බ වෙන තැන්වල කියන එකකියනවා. මොකද මම ස්වාධින මනුස්පයෙක් නිසා . එළිපිට විවේචනය කරනවා අඩුයි. මට හෙමට ලොකු හේතුවක් නැහැ විවේචනය කරන්න තවම . සිල්ලර කරුණු ගැන අවධානයක් නැති කම සහ මේ පෙන්වල් තියෙන කරුණු වලට වඩා මම යමක් දන්නවා කියල හිතන නිසා . මොකද මම විරුද්ධ කාරයන්ගේ ඒවා විතරක් කියවන කෙනෙක් නෙමේ
Delete//කහකඩ අරගලය එච්චර සැරද? මම හිතන්නේ නැහැ. කීපදෙනෙක් විහාරමහාදේවි උද්‍යානයේ ලාගත්තට දෘඩ නීති ඕනේ නැහැ.අනික ඔය පොඩි දේවල්නේ අපේ රටේ නායකන්ට තිබ්බ ගැටළු එක්ක. / දැනට කථානායකතුමා සහ ජයකොඩි විතරක් උඩින් ඉන්නවද කියල හිතෙනවා. දැන් ඔය කියන අරගලයේ ඉන්න බලංගොඩ කාශ්‍යප කියන භික්ෂුව 2022 ගෝල්ෆේස් හිටිය. මන්දිරේට පැනල මයිනෝ හෙව්වා.ඒවා එහෙම තමයි. දැන් කහකඩයෝ සහ තගාලා, කාලය මැව් වෙනසක අරුමේ. // නිහඬපාල තුමෝ ම කහකඩයෝ කිව්වේ සෝමාරාම ගේ සිට එන පරපුරට,. අහක යන රෙද්දෙක් බල්ලෙකුගේ කරේ වැටුන කියල ඔය බල්ලට වඳින්න යන්න නැහැනේ. මම මිට කලින් ලියල තියනවා ගන්ධස්කර කියන්නේකවුද අකියල නොර්වේ ගිය හැටි. සල්ලි අරගෙන විත් මෝඩ අගොට අල්ල ගත්ත හැටි. හොයල බලන්න. අනික ඔය 22 දන්නේ එයාලට කියල ඔයාට කවුද කීවේ . ඇයි මෙපමණ පච නිව්ස් විශ්වාස කරන්නේ? කාශ්‍යප භික්ෂුව් අවිතරක් නෙමෙන් අරගලයේ හිටියේ. ඒකෙ රනිලුත් හිටිය. මැද කොළඹ එජාප සෙට් එකම හිටියා. (අර බෙරේ නෑව කට්ටියට උදව් කරපු සෙට් එක) පෙරේට්ටෝ හිටිය. සජබේ හිටිය. සජිතුත් ගියා. ජවිපෙ හෙම මුලින් වාහන වෙලා හිටියේ. //දැන් කහකඩයෝ සහ තගාලා, කාලය මැව් වෙනසක අරුමේ/ ඕක දන් නෙමේ ඒ කලේ ඉඳන් කියන කතාවක් මම. නලින්ද සිල්වාට හෙම එදිරියට. ඔයා මාව දන්නේ නැති නිසා මේවා ලිව කියල හිතනවා . මම දහම් පාසලේ ධර්මාචාර්ය විභාගයට එනකන් ඉගෙන ගත්ත කෙනෙක්. හෙමේ පෙනෙන්නේ නැතිව ඇති. ඒක වෙනම කතාවක්. මම පුහුල්වැල්ලේ විමලවංශ හමුදුර්වන්ගෙන් ඉගෙන ගත්ත. කැලණියේ කථිකාචාර්ය උන්නස්සේ කෙනෙක්. එතකොට අපේ මව් තුමී බම්බලපිටියේ වජිරාරාමයේ නාරද හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ මමත් ගිහින් හම්බ වෙලා කතා කරනවා පොඩි ළමය කාලේ. හේන්පිටගෙදර හාමුදුරුවන්ගේ පොත් කියවල් තියනවා. මම සාමාන්‍යයෙන් මහායාන බුද්ධාගමට තමා කැමති. මේ මම ලිව්ව බ්ලොග් ලිපි කිහිපයක් ඒ කාලේ . මේක ගොඩක් අය කියවල තියනව.
Deletehttps://kolambagamaya.blogspot.com/2014/10/nathism.html
මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග
Delete@ ගමතුමා
Deleteඑහෙම හොඳයි. ඒක තමයි වෙන්න ඕනෙ. ඒත් හුදී-ජන අපට ආණ්ඩුව ගැන විවේචන තියනවා. ඒ නිසා අපි බයිනවා, අවන්ත වගේ අය කාටුන් අඳිනවා. එතකොට මයියා ඒවා "විච්චේදනය" කරල පෝස්ට් ලියනවා. ඔබතුමා එතකොට අවන්ත,"කුරුටුගාමී කාරයා" කියල කියනවා. බයියො "වස්කවි" කියනවා, හෙණ ඉල්ලනවා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදෙ. ඕක ඔහොම යන තුරු මටත් ඒ හැටිම අවුලක් නෑ. අද තියන අතිශය සංකීර්ණ සහ ව්‍යාකූල සමාජ- දේශපාලන සංදර්භය තුල ඔබ මේ ආණ්ඩුවට "cut some slack" කරනවට අකමැතිත් නෑ.
//බස්සා උන්නැහේ කියනවා වගේ //රටේ කිසිම අලුත් "ටැංජිබල්" ආර්ථික ව්‍යාපෘතියක් පටන් ගත්තෙ නෑනෙ?// මේ ආණ්ඩුවෙන් IMF ප්‍රතිපත්ති එළියට ගලවලා ගත්තහම පේනදේ තමයි ඔය. IMF යටතේ බදු , ප්‍රාථමික අයවැය ප්‍රතිපත්ති තියනවා. එතැනින් එහා පිම්ම ගන්න වෙන්නේ ආණ්ඩුවට. අමාරුයි කියලා මම පිලිගන්නවා. නමුත් හැම සති අන්තයේම මෙච්චර සන්නිවේදනය දියුණු කාලෙක රටේ ජනධිපතිතුමා පැයක් හමාරක් කතාකරන්න රට වටේ යනවා. අර ගෝටා වගේ පිලිසදරකුත් නෙමයි. ඒක පාර්ශවික කතාවක්.ඒවා කොහොමද සාධාරණීකරණය කරන්නේ.ඒ වෙලාව අජිත් මහත්තයාගේ බ්ලොග් එකවත් කියෙව්වනම් ලෝකේ ගැන දැනුමක්වත් එනවා.//
Delete//එයා මගේ බ්ලොග් එක කියවන්නේ නැහැයි කියල ඔයා දන්නේ කොහොමද? මේ ලිපිය එයාලගේ ලොකු කට්ටිය කිහිප දෙනෙක්ම කියවල තියනව. ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය . චන්දෙ දිනන්න කලින්. මම ටිල්වින් සහෝදරයා එකක් සාකච්ඡාව කලෙත් ඡන්දේ එයාල දිනන්න කලින්. එයාල ඔයාල හිතනවට වැඩ දේවල් කියවනව කියල නම් දන්නවා. එහෙම කතා කරගෙන් යන්නේ සැලැස්මක් ඇතිව. ඇයි ඔය සජිතුත් යන්නේ ඇයි නාමල් ගමට යන්න ලැහැස්ති වෙන්නේ. කලින් වතාවල ජනාධිපටිලා මන්දිරේ ඉඳන් කිචන් කැබිනට් එකක් (චන්ද්‍රික වගේ) එක්ක රට පාලනය කරනවට වඩා හොඳ නැත්ද ? මිනිස්සුන්ව දැනුවක් කරන එක එයා හොඳට කරනවා. අනික ඔයාල ඇහැ ගිනිකන වට්ටගෙන ඉන්නේ මොකක් හරි අලුත් දෙයක් පටන් ගත්තේ නැහැ කියල. නෙලුම් කුලුන - මිනිසුන්ගේ ඇස් වලට. හම්බන්තොට වරය -තවම නැහැ ලාභයක්, මත්තල ගැන කතා නොකර ඉමු. මම පෝට් සිටි එකට දෙපාරක් ගියා, වේලෙනව තවම්=. තව සැහෙන් කාලයක් යනවා ඒකට ගොඩ එන්න . ඒවාද ඕනේ. නැත්නම් අනිත් ආණ්ඩු වලින් පටන් අරන් කොමිස් නැති නිසා අමතක කරපු යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන එකද? ඒක තමා මෙයාල පහුගිය අවුරුදු දෙක පුරාවට කලේ. ඒක තමා හරි විධිහ. අ ර හරින් කියන එකා අඬන්නේ අපි පටන් ගත්ත ඒව කරනවා කියල. ඒ ගොබ්බයට තේරෙන්නේ නැහැ හරි රජයක් වුනා නම් ඒක තමා කරන්න ඕනේ කියල ආධාර ලැබිච්ච ව්‍යපෘති ඉවරකරන එක යහපාලනේ නමින් ආපු හොරු කොමිස් දෙන්නේ නැහැ කියල මග ඇරියා මතකද? ජපානේ දමල ගහල ගියා මතකද? කොයි ලෝක ද ඔය ගො හිටියේ? වැරදි විතරක් හොයන කොට ඔහොම වෙනවා?
හිටපු කතානායකට හා ජයකොඩි ට අයින් වෙන්න කියල ලන්ඩන් වල NPP එකෙනුත් කැම්පේන් එකක් අරන් ගියා. මිනිස්සු ඒවා දන්නේ නැහැ, දැන් ඉන්න කතානායකට විරුද්ධව විමර්ශන යනව, එයා වැරදි නම් අස් වෙන්න කියල නිතිය ඉදිරියට පොලිසිය ගෙනියයි . පොලිසිය විමර්ශන හුඟක් තියනව. ඔයාලට හදිස්සි වුන්න් කියල ඒව කෙරෙන්නේ නැහැ. ඒවා නීතිපති දෙපාර්තෙම්න්තුව බලා ගනී.ජයකොඩි රැවට්ටුව බව එයා රැවටුන බව ඇත්ත . නමුත් කාටවත් සාක්කි නැහැ ඒයා හොරයක් වංචාවක් කළා කියල පෙන්වන්න. කෝ කවුද සාක්කි දුන්නේ කොමිසමට? ඒ වෙනුවටසාක්කි ඇ විත් තියනව චම්පිකගේ කාලේ ගල් අඟුරු හොරකම් වෙලා.අපවිත්රගේ කාලේ වෙලා කියල හොයල බැලුවද?
@ නිහඬපාල/බුරා
Deleteෆේස් වැලිව් එක ගත්තොත්, රොක්-සොලීඩ් තර්කයක්. ඒත් එතකොට ඒක " ධනවාදී ගොනා පසුපස්සේ ගොස් කරත්තය පුරවා ගැනීම" නෙමෙයිද?😮
මම ඉන්න රටේ ඔය කියන "පැහැදිලි සංවර්ධන දැක්මක්, ආයෝජන ආකර්ෂණය, දක්ෂ ශ්‍රම බලකායක්, යටිතල පහසුකම්, ප්‍රතිපත්ති අඛණ්ඩතාව" ඔක්කොම තියනවා. ආයෝජකයොත් ආවා. එහෙම තියලත් ට්‍රම්පුවා ඇරිය, ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න. අද ඊලම්-මාස්ක් වගේ බිලියනපතියො, ප්‍රජාතන්ත්‍රවාදෙට තර්ජනය කරනවා. අහස පාලනය කරනවා. මට හිතෙන්නෙ අපි "techno feudalism" යුගයක් කරා යමින් පවතින බවයි. එකාතකට ඉන්දියන්-චීන මකරු දෙන්නගෙ සෙවනැල්ල යට ඉන්න, ඉතා කුඩා රටක් වෙච්ච අපිට, ඔය NPP එකේ "වැල යන අතට මැස්ස ගැසීම" හැර ලොකු "ඉදිරි දැක්මක්" දරන්න හැකියාවක් තියනවද? මම කියන්නේ අද ලෝක දේශපාලනේ "වැට උඩ ඉන්න බළලා" වගේ නිසා. හැබැයි පුටින් ගාව නං catnip තියනවා. 🤣
ඉන්දියන්-චීන මකරු දෙන්නගෙ සෙවනැල්ල යට ඉන්න - ඕක කිව්ව එක හොඳයි .
Deleteදැන් චීන සමගම ගැන දැක්කද බොරු ලියල් තියන්ව් අචින ආයෝජකය ගියා කියල . නැහැනේ එයට තව යෝජනා දෙකක් ලංකාවේ තියනව . ජැටිය දෙන එක පාඩුයි . ඒක නිසා අපහු ගත්ත . නැතිව එයා ගියේ නැහැ , අපි ටිකක් සත්වර වෙලා එනකොට දෙපයින් හිට ගන්නකොට ඉන්දියාව කලබල වෙනවා. හැම වරෙම ඒක වුනා . ප්‍රේමදාස හෙම එක ටක්කෙටම දැනන් හිටිය නමුත් මොට්ට විධිහාට LTTE එකට ආ යුධ දුන්න , ඉන්දියාව එක්ක එහෙම නෙමේ යන්න ඕනේ. හොඳ මුණින් . ඔන්න දැන් උන් කුරුගාමී සෙට් එක ගෙනියනවා ඉන්දියාවට. ට්‍රේනින් එකකට. රෝවර් ල ඉන්නකන් ලංකාවට ඔහොම තමා . චන් එක්කත් පරිස්සමින් වැඩ කරන්න ඕනේ අපි කියන දේවල් සමහර විට ඇමතිලා වුනත් කෙල වෙනකන් භාර ගන්නේ නැහැ , එහෙම දේවල් වුනා . වෙනවා . ඒවා නවත්වන්නත් අමාරුයි .
මට හිතා ගන්න ඇහැකියි. "ව්‍යාප්තවාදය" කියන්නෙ විහිලුවක් නෙමෙයි. මේ රට ගත්තාම, අපට න්‍යෂ්ථික බලය තියනවා, අපි අපේම යුරේනියම් එන්-රිච් කරනවා, කෝච්චි ඇන්ජින්, අහස් යානා, රොබොටික්ස්, ජාන, GMO තාක්ෂණය තියනවා. එහෙම තිබිලත් "තට්ට උකුස්සා" අපට අපේම ෆයිටර් ජෙට්ස් හදන්න දෙන්නෙ නෑ. අපේ ආර්ථිකය කඩාකප්පල් කරනවා. අභ්‍යන්තර දේශපාලනේට හොට දානවා. අන්තවාදී දක්ෂිනාන්ත කොටස් වලට මුදල් දීලා කොටවනවා. සුළු වැරදි තිබ්බත් අපේ "එකා" ලෙව්කේ මැතිඳු වගේ තනියම සටන් කරන නිසා, මම එන පාරත් උන්දලාටම චන්දෙ දෙනවා.
Deleteයකෝ මේ බ්ලොග් පෝස්ට් එක තවම රන් වෙනවද 😃 මම මේ මගේ පෝස්ට් කියෙව්වා ආපහු .වචන වැරදි ගොඩක් තියනවා . මේ කියවන විට ලිවිම හරියන්නේ නැහැ
Deleteඒ හැටිම අවුලක් නෑ ලොක්කා. පොඩි වැරදි තිබ්බත්, කියන්නෙ මොකක්ද කියලා තේරෙනවා. ඕනම නං, එඩිට් කරලා හදන්නත් ඇහැකි නෙව? සම්පූර්ණයෙන්ම ටයිප් කරනවට වඩා ලේසි වේවි.
Deleteඅනික, මෙහෙම දිගටම භාවිතා කරන කොට තව දියුණු වේවි නේද? දැන් ජෙමනායිගෙ සිංහල එහෙමත් කොච්චර දියුණුද?
//කියවන විට ලිවිම හරියන්නේ නැහැ// ආහා. එහෙම කියන්න එපා. පෝං එකෙන්ද කරන්නෙ. ඇපල්වලනං තත්වය නොදනී. (මේ කයන එක ගමේතුමා දන්නව. කෝකටත් තව කාටහරි වැදගත්වෙයි කියල කොටන්නං)
Deleteඇන්ඩ්‍රොයිඩ් වල මෙමෝ/නෝට් වගෙ ඇප් එකක ස්පේස් ඔබාගෙන හිටියම ඔන්වෙන වොයිස් ටයිප් එක ගොඩක් හොඳට වැඩ කරනව. මම මේ ලඟදිත් ටැස් කරල බැලුව. රහසක් කියන්නෙයි. නිදි ලොක්ක, අමිල අයිය එක්ක කරැණාරත්න සැර් හම්බුවෙන්න ගියයම එතුමත් අර බුකියෙ දාන දිග පෝස්ට් ටයිප් කරන්නෙ මේ ක්‍රමේට. වැඩෙ ලේසී.
මටතාම ටයිප් එකෙන් වොයිස් එකට යාගන්න බෑ. නුහුරැව තමා. වාක්‍යය හරියට ගලපගෙන කියාගන්ට බෑරි සීන් කෝන් එකක් වගෙ 😪😜. ගමෙ ලොක්ක වොයිස් ටයිපින් නං ඉන්නෙ ඒක හරියට කරගන්න විදියක් බලන්න. ටයිපිං පැත්තට එන්නෙ නැතිව. කාලෙත් බොහොම ඉතිරිවෙනව!
වොයිස් ටයිපින් වගේම ජෙමනායිගෙත් සිංහල අංසෙ දියුණුව ගැන සතුටුයි. මම නං කියන්නෙ සම්පූර්ණ බෞද්ධාගම ම AI ට උගන්නලා සිවුරක් පොරෝල ගන්න එකට වුනත් මම නං සපෝට්. පඞුකරද ගස් වලට සිවුරු පොරෝන, සිවුරු පාපිස්සෙ පිහිදාන එකේ, ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?🤔
Deleteඅස්ගිරි මහනායක කම ජෙමිනියටයි, මල්වතු මහනායක කම චැටාටයි දුන්නොත් මොකද?
Deleteඔව් ඒකත් නරකම නෑ. එතකොට සෑසනේ උන්නතියට වෙනම හිර ගෙවල් හදන්නත් ඕනෙ වෙන්නෙ නෑ නොවැ? හැබැයි ජාතියේ පංචායුදේ දාන්න වෙයි නේද, විදේශීය අධිරාජ්ජවාදී කුමන්ත්‍රණ, සෑසනේට රිංගලද බලන්න. 🤔
Delete//සම්පූර්ණ බෞද්ධාගම ම AI ට උගන්නලා// මේකම රනිල් පාර්ලිමන්ට් එකෙ කීව. සමහරැ ඒක මෝඩ කතාවක් කියල බැන්න. ඒත් ඇත්තටම ඒක හොඳ අදහසක්.
Deleteබුදු දහමේ පහදල තියෙන ගැඹුරැ සංකල්ප, මහායානේ/ වේදාන්තයේ අහුවෙන දාර්ශනික මතවාද හෙම AI එකකට දාලා තාර්කික විමසීමක් කරන එක මරැම වැඩක්!
මම මේක ජෙමනායිගෙන්ම(හොරාගෙ අම්මගෙන්) ඇහැව්වා.
Deleteධර්මය සුරක්ෂිත කිරීම සහ විශ්වීය ප්‍රවේශය, සංසන්දනාත්මක ධර්ම අධ්‍යයනය සහ පාලි/සංස්කෘත භාෂා පරිවර්තනය වගේ ඒවට හා කිව්වා.
දැනුම සහ අවබෝධය වෙනස් කියලා ඒකට බෑ කිව්වා. දැන් අපේත් "අවබෝධ" කරගත්ත ඇත්තො පිරිනිවන් පාලා නෙව? එක්කෙනෙක් විතරක් යාන්තං ඉන්නව උමන්දාවෙ. මෙතන අවුලක් නැත්තෙමත් නෑ. AI කියන්නෙ ෆ්‍රී තින්කර් කෙනෙක් නෙමෙයි. නිෂ්පාදකයාගෙ "ටොප් රූල්ස්" වලට යටත්. අර අහන එකාගෙ හිත නොරිදෙන්න බයිලයක් කියලා, සුරුස් ගාලා ලිස්සන එකත් එක රූල් එකක්.
ඔන්න බලාපන්කො, ජෙමනායි මට කියල දුන්න නෙව ථේරවාද, මහායානෙට අමතර මහායානෙන් බිඳිච්ච වජ්රයාන කියල එකකුත් තියනව කියල. වජ්රයානෙ තන්ත්ර හා මන්ත්‍ර, මුද්‍රා, මණ්ඩල සහ ගුරු-ශිෂ්‍ය සම්ප්‍රදායන් ඕකේ ලු. වජ්රයාන මණ්ඩල තුළ වයිචන, අක්ෂොභ්ය, අමිතාභ, රත්නසම්භව සහ අමෝඝසිද්ධි යන පංච තථාගතවරුන්ට සහ වජ්රපාණි වැනි බෝධිසත්වවරුන්ට විශේෂ ස්ථානයක් හිමිවේ.
ඈ බම් දැන් බලාන ගියාම අපේ දියබ....සොරි, කින්ස්බරියො සැට් එකම වජ්රයාන නෙව?😮😋
ඇත්තටම මම නං මොලේට සමනල් ගැටේ වැටෙන ගැඹුරැ සංකල්ප, දාර්ශනික මතවාද වලට ඒ හැටිම කැමැත්තක් නෑ. ඒත් අපෙ අම්මට බුදු වෙන්න බැරි ථේරවාදෙ විතරක් නිර්මල බුදු දහම වුනේ කොහොමද කියල මට තේරෙන්නෙත් නෑ.
Deleteඔන්න දවසක් බස්සෙකක යනවලු කැම්පස් සාදුලා දෙන්නෙක්. "පන්සලක් තියනවා, අරගෙන කරමුද?" කියලා එක සාදු කෙනෙක් ඇහැව්වලු. දැන් එතකොට සෑසනේ රකින්නෙ තෝද කියලා කවුරුහරි ඇහැව්වොත් මට ඒකට උත්තරේකුත් නෑ.
ඇයි බොලං, ටිබෙට් වල තියෙන්නෙ වජ්රයානෙ නෙව. බෝ මෙච්චර කල් ඔය වගක් දැනන් උන්නෑ කියනෙක හරි පුදුමයි නෙව.
Deleteමේ දවස්සල මම කියවනවා ෂෝක් පොතක්, ඇමසන් එකෙන් ගෙන්න ගත්තෙ. Notebook of a wondering Monk.
පන්සලක් අරන් කරන්න පුලුහන්නං අද කාලෙ හොඳ බිෂිනස් එකක් නෙව. සුදු බෝල ගෙඩියක් වගේ සාදු කෙනෙකුයි, මිහිරි හඬින් කවි කියන්ට හැකි සාදු කෙනෙකුයි තමා ඕන කරන්නෙ. සාදුලම නොවුනත් කමක් නෑ, සාදුලා විදියට රඟපාන්න පුලුහන්නං ඒත් ඇති.
අර පන්සල් කතාව හරියටම හරි - එක්තරා බිස්නස් එකක්ම තමයි. ඒත් බාගදා ඒකෙන් හුදීජනයගෙ අධ්‍යාත්මික වොයිඩ් එක පිරෙනවා නං, බුද්ධාලම්බන ප්‍රීතිය ලැබෙනව නං, ඉතිං සාදු,සාදු......සාආඅ
DeleteNotebook of a wondering Monk ගැන හොයන කොට මේකත් හම්බ වුනා.
Art of Dying & Living: Tibetan Book of the Dead with Bob Thurman
මට මේවා බරපතල වැඩියි. කවුරු හරි කියවල,බලල සරලව කියා දෙනව නං හා!👌🙏
බාගදා, ඉස්සරහට AI ඒ ගාණට දියුණු වෙන්නත් බැරි නෑ නේද?🤔🙏
මේකට ෆොටෝස් දාන්න විධිහක් නැහැනේ . මම ෆේස්බුක් එකේ දැම්ම මගේ ළඟ තියන වජ්රපානි යක්ෂයාගේ පිළිරුවක් . ජපානෙන් ගත්තේ . මම හිතුව අබසු මහායාන සීන් එක දන්නවා කියල . ඒ පැත්තේ රටවල හෙනට හඳුන්කුරු පත්තු කරලා වඳිනවා . ඔය ඉවනායා හෙම මට බනින නිසා ඔලුවටම දීලා
Deleteමේ මම බාඩෝ සන්කම්පය , මළවුන්ගේ පොත ගැන ලියපු එකක් . අට දාහකට වැඩිය මේක කියවල් තියනව . -අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත හා මළවුන් සමග කතා කිරීම-https://kolambagamaya.blogspot.com/2016/11/blog-post_17.html
Deleteවජ්රපානි යක්ෂයාගේ?? හ්ම්... මහායාන බෝධිසත්වරයෙක් කොහොමද යකෙක් වුනේ?🤔 ඔය ජපානෙ බුදු දහම නං ටිකාක් අව්වාරුයි කියලයි හිතෙන්නෙ. ෂින්ටෝ ආගම සහ කමී සංකල්ප වගේම, දල තියෙන මූණ කජු ලෙල්ල වගේ තැලිච්ච හතරැස් මූණු තියෙන පිලිම වලට වඳිනවා දැකලා තියනවා. අපට නොතේරුනාට, සොබා දහමට දේවිවරු වගේ සලකන එක නං වැරැද්දක් නෑ තමා.
Deleteලින්ක් එකට ස්තූතියි. මම හෙමීට කියවන්න පටන් ගන්නම්.👌🙏💐
කියෙව්වා. බුදු සන්තෝ! එතන ගේම තිබ්බෙ කමෙන්ට් වලියෙ නෙව? ඒවා කියෙව්වාම සමනල ගැටේ තවත් තදට වැටුනා.😮😋😵💫🤔💢😇😂
Deleteටිකක් මෙන්න මෙහෙම වුනා:https://www.youtube.com/shorts/Fg2ZslQmAbI
පෙනුන හැටියට එතන තිබ්බෙ ධර්ම සාකච්චාවකට වඩා වාදයක් කියලත් හිතුන වෙලාවල් තිබ්බා. ඒ හැටි අලුත් දෙයක් ඔලුවට ගියේ නෑ. ඒ නිසා ඔය දැන් යන විදිහට ම යනවා කියල හිතා ගත්තා. හන්ටින් යන්නෙ නෑ, ඒත් මදුරුවෙක් කෑවොත්, චටස් ගාලා සබ්බුව දෙන එකත් නතර කරන්නෙත් නෑ. චිකන් පෝක් දෙකම කනවා. යන දවසට යයි, යන තැනකට යයි. එච්චරයි. 🤔
මේ පොස්ට් එකේ අදට ගැලපෙන කොටහ හොයාගන්න බැරුව තමයි මාත් අවුල් උනේ. අද කොළඹ වටලන්න සේනාවක් එනවා ලයිටුත් නැති අල්ලපනල්ලේ. ඒ ගොල්ලෝ මොන බල සේනාවේද මන්දා.හැම සේනාවම සතුටින් විසිර ගියොත් හොඳයි. කවුන්සිලේට යන්න එකම සුදුසුකම අධ්‍යාපනේ කියපු නිසා දැන් නම් මල් පැල පිරිලා. ලෙමෙන් පෆ් ගිලපු උන් උරුමේ කරුමේ කරගත්ත උන් ගෙදර නැවතුනා.
ReplyDeleteනිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා......
කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......
ලේ හැලුනේ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
තවත් සුමිහිරියි අද ඒ පානෙ මිතුරනී.......
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල.......
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ඔස්ටින් මුණසිංහ.
Vocals: Nanda Malini
එහෙම හරියටම "අදට ගැලපෙන කොටහක්" නැතුවත් ඇති. ඒත් "පරණ එලවලු ලෑල්ලේ" අලුත් එලවලු විකිණීම සහ පිං ගොනා තාම කුණු ගොඩෙන් ගෝවා කොලේ කෑම අදටත් අදාලයි කියල හිතුනා. 2014 බාගදා සහෝදරවරු, දුප්පත් සාමාජිකයින් දුන්න කිරිහට්ටිය, කරවල කූරියා, කෙහෙල් කැනෙන් යැපිච්ච කාලෙ වෙන්නත් ඇහැකි?🤔
Deleteඒක පංකාදුයි. කාලය කවදා වුනත් පමණක් දේවල් අදටත් පොදුයි.
ReplyDeleteහැබැයි දියවන්නාවේ උගතුන් ඉන්න ඕන කියපු කාලයක් තිබුණා, ඒකට අද එතැන පමණක් ඉස්පිරිතාල වලට වඩා දොස්තරලා ඉන්නවා, උසාවි වලට වඩා පෙරකදෝරුවෝ ඉන්නවා, ප්‍රයිවේට් යුනිවලට වඩා ආචාර්ය, මහාචාර්යලා ඉන්නවා, ඔස්තාර්ලා ඉන්නවා. හැබැයි කටින් බතල ප්ලාන්ටිං.
පෝස්ටුව අද ලිව්වා නම් ලිප්ටන් වටරවුම හෙරිටේජ් එකක් වෙන්නත් තිබුණා.
හෙහ්, හෙහ් " ලිප්ටන් වටරවුම හෙරිටේජ් එකක් වෙන්නත් තිබුණා" තමයි හොඳම එක.
Deleteස්තූතියි ගල්මල් තුමා. කැට හොලෝපු අතීතෙ මැකෙන්න මාගල් පෝස්ටරයක් අලවයිද දන්නෙත් නෑ, ආයිබෝං. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාත්, සමාජවාදී "අයිඩියොලොජි" එක වෙනුවෙන් ජීවීතේ දියකර හැරපු එවුන් ගැන මට දුකයි ගල්මල් තුමා. උන්, යහපත් ලෝකයක් පැතූ හිත හොඳ මිනිස්සු.😔
කඩ මණ්ඩියෙ එළවළු ලෑල්ල යට කියල පටාන් ගන්නකොට මට මතක් වුනෙ... 'ගමේ කොපි කඩේ දෙන්න දෙපැත්තෙ' සිංදුව. ඒත් මේක කලටිපොල් පොස්ටුවක් නෙව 😂.
ReplyDeleteසත්තු සර්පයි තමයි හොඳටම කොරේ... 😜😜🤭
මමත් කලටිපොල් පොස්ට් ලියන්න කැමති නෑ. ඒත් අපට පොලිටික්ස් වලින් ගැලවෙන්න බෑ. අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයාගෙ සත්ක්‍රියාවන්ට ඇරියෙත් පොලිටික්ස්. ඒ පෝස්ට් එක FB දාපු එකත්, බ්ලොග් දාපු එකත් පොලිටික්ස්. මගේ මේ රී-පෝස්ට් එකත් පොලිටික්ස්. ඕනෙම නං මෙන්න මේකත් කියවහං, ඈ?😋
Deleteබස්සා සහ මකරාක්ෂයා
කලටිපොල් ගැන ලියන්ට, කතා කරන්ට වුවමනයි. මධ්‍යස්තව/ අපක්ෂපාතීව. ඒකයි වැදගත්ම දේ. අපිට ඕක එපාවෙන මාතෘකාවක් වෙන්නෙ හිටං... අර විදිහෙ නැති අන්තාවදී, පාක්ෂික, කුලප්පුවෙන අය එක්කලා කතා කතා කරන්න ගියහම. නැතිනං දේශපාලනය කියන්නෙත් කතා කරන්න හොඳ මාතෘකාවක්.
Deleteබ්ලොග් දාපු එකත් පොලිටික්ස්/ පහලම අර්ථයකින් ගත්තොත් නැත.
මම පොස්ටුවේ මුලින්ම ලීව "පනින්න පෙර සිතා බලනු/ සමාජ මාධ්‍යයේ අන්තරාධායක බව/ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි/ ඇවිලෙන ගින්නට පිදුරු ලෑම වගෙ පිරුළු මතක් වෙන සටහනක්... කියල. එහෙම ලීවෙ... පරිකල්පන ශක්තිය/ චිත්තාවේග පාලනය/ සබුද්ධික වීම වගෙ පුද්ගල කුසලතාවල අබල දුබලතා පැත්තෙන් හිතලා.
ඒත් සමාජ ක්‍රියාවලිය ගැන ඇහැ යොමනවා කියන්නෙත් politics ශානරයට වැටෙන කේෂ් එකක් තමා... 🙉
මේවා එච්චර සීරියස් ගන්න එපා නමියො. politics හෝ නැතා උඹ දාපු පෝස්ටුව කෙරෙන්න ඕනෙ දෙයක්. නැහ්නම් නිදියා කිව්වෙ එයා දානවා කියලා දොස්තර මහතැන්ට වෙච්ච අසාධාරණේ ගැන.🤔
Deleteකලටිපොල් ගැන. මධ්‍යස්තව/ අපක්ෂපාතීව ලියන්ට, කතා කරන්ට අමාරුයි. එහෙම කරන්න උත්සාහ ගන්නව වුනත් අපි හැමෝම කොයි පැත්තට හරි වැඩියෙන් ඇදෙනවත් ඇති. අජිත්ගෙ එහෙම නැඹුරුවක් තිබ්බත්, ඒක මට නං අවුලක් වෙලා නෑ. මයියගෙ "කාටූන්" පෝස්ට් එකේදී උඹලා හැමෝම සෑහෙන "දේශපාලන පරිණතභාවයක්" දක්වූවා කියන එකයි මගේ අදහස. කලටිපොල් වගේ සංවේදී මාතෘකාවකදී ගහ,මරා, අපහාස කරගන්නෙ නැතුව එහෙම කරන එක සෑහෙන දියුණුවක්. සිංහල බ්ලොග් ස්වර්ණමය යුගයේ ඔය තත්ත්වය "මාරාන්තික" එකක් වුන බවයි මට මතක.🤔😋🤣
රතු මකරා කතාව මරු . මේව මේ මිනිස්සු නොදන්නා දේ . රතු මකරා වැඩේ පටන් ගන්න කලින් මම ගිහින් දන්න කියන නායකයන්ට කියල බැලුවා ඔය වැඩේ කරන්න එපා කියන්න . කොහෙද සුළු ධනේශ්වර සෝවියට් තක්කඩියෙක් කියල එලව ගත්තනේ මාව . අන්තිමට හබක් කර ගත්ත . අපි කියන විධිහට තමා වුනේ. ඒ අපට බැනපු සමහර උන්දලා බුරුසු මකරට එකතු වෙලා ලොකු තානාන්තර පවා ගත්ත . උන්ට ගෝනි බිල්ලෝ කියලත් කියනවා . තවම් ඉන්නව . ඒත් මම නම් සතුටු වෙන්නේ නැහැ මියගිය අය ගැන .
Deleteමගේ නැඹුරුව - මම තාර්කිකව හිතල ගත්ත එකක් . සමහර යාළුවොත් තරහ වුනා . අද මට අර අලි ගැන ඇනෝ ගමය එකේ ලිව්වා ලිපියට ෆේස්බුක් එකේ එකෙක් බැන්න ඩෝබි යෙක් චිත්තයක් ආණ්ඩුවට කඩේ යන කියල . ඌ ට තේරිලා නැහැ මම දෙපැත්තේම කාරණා ලිව්වා කියල
Deleteහෙහ්, හෙහ් "සුළු ධනේශ්වර සෝවියට් තක්කඩියෙක් කියල එලව ගත්තනේ" 😋😮🤣
Deleteවීජේවීරගෙ සෝවියට් ඇරියස් එකත් බලපාන්න ඇති නේද, බාගදා? සාමාන්‍යයෙන්, මිනිස්සු ඇරියස් කවර් කරන්න ගියාම, යන්න ඕනෙ පාර අමතක වෙනවා. ඔය "පන්ති වෛරයත්" ඔය වගේ බොරු වලක් නෙව? පං මල්ලෙ, ගල් කටස් එක දාගෙන බඩට බත් නැතුව සටන් කරලා ටයර් සෑයෙ නිවන් ගිය ෆුට් සෝල්ජ්ර්ස්ලා ගැන දුකයි. මොනවා වුනත් "පන්ති පහෙන්" මොල හෝදපු එකත් මාරම ටැලන්ට් එකක් නේද? අපරාදෙ අකාලෙ අපතේ ගිය තරුණ ජීවිත. හේතුව මොකක් වුනත් අනුරලා වෙනස් වෙච්ච එකට සතුටුයි. කාලයට අනුව වෙනස් නොවුන ඩයිනසෝරස්ලා/දෑවැන්ත සෝවියට් යාන්ත්‍රණය දෙකම වඳ වුනා.
බසූ /සීරියස්. ඉමොජියක කොමෙන්ටුවට ඇඩ් කරන්ට බැරිවුනානෙ හිටං 😁😆🦉. ෆෝන් එකෙන් රිප්ලයි කරන හන්ද පුලුහං තරං කෙටිව ලියන්ට බලන්නෙ.
Deleteඑහෙම කීවෙ සමහරැ මොක කතාකරන්ට ගියත් පොලිටික්ස් ඇදලා ගන්ට එක. සිංදුවක් කවුරැහරි බුකියෙ කීවත්, පොටෝවක් දැම්මත්, ඒ තියා මොකෙක් හරි ඔලුව කැහුවත් පොලිටික්ස් වර්චස් එක ගාගන්න කස්ටියක් ඉන්නව. ඒකත් පහත්ම/ පක්ස දේසපාලු තැනකින් නෙව. කියවන කාටහරි ඔයමටට්ටමින් අර පෝසට් එක දාපු එක ගැන හිතෙ කියලයි අර කොමෙන්ටුව දෑවෙ. (අවභාවිතාව ටිකකින් හරි වලක්කන්ට) 😁😁🤗
ඒ හැරැනම කාව්විය සේකරේ කියල තියෙනො වගෙ "මිනිසා දේසපාලන සත්වයෙක් තමයි හිටං" 😂🐍🦉💐
උඹ බුකියෙත් ඉන්න නිසා, ඔය හැම දෙයක්ම "දේශපාලනීකරණය" නැඹුරුව මට වඩා දැනෙනවා ඇති කියල හිතෙනවා. ඒ එක්කම, අද යූ-ටියුබ් එකෙන් නඩු අහල, එල්ලන ට්‍රෙන්ඩ් එක පැහැදිලිවම සමාජ මාධ්‍යය අවභාවිතා කිරීමක්. උඹේ පෝස්ට් එකේදි නිහඬපාල තුමත් ඒ ගැන කියලා තිබ්බා.සන්නිවේදනය දියුණුවේ අයහපත් පැත්ත තමා, අද අපි මේ අත්විඳින්නේ.🤔
Delete//වීජේවීරගෙ සෝවියට් ඇරියස් එකත් බලපාන්න ඇති නේද, බාගදා? සාමාන්‍යයෙන්, මිනිස්සු ඇරියස් කවර් කරන්න ගියාම, යන්න ඕනෙ පාර අමතක වෙනවා.//ඔව් නේ . විජේවීර එක්ක එකට හිටි එකෙක් රුස්සියෙක් බැන්ද . රුස්සි දැන් ඉන්නේ ලන්ඩන් . සැහෙන්න වයසයි. ඒ වුනාට හොඳ මතකයක් තියනවා . විජේවීර චීන පිලට පක්ෂව ලුමුම්බා එකේ කරපු කතා හෙම කොමියුනිස්ට් පක්ෂයේ ඉහල තැන්වලට දන්වලා තියෙන්නේ අපේම එකෙක් නේ . ඒකෙන් තමා විජේවීරගේ වීසා එක කොපයෙන් සෝවියට් එම්බසි එකට කියල කැන්සල් කලේ . ඒ තරහට කොපයේ කිහිප දෙනෙක් ටම ගුණ්ඩුව දුන්න . වැරදි වැඩ. අර ඔයා කියනවා වගේ මාර්ගය අයාලේ යන්න හේතුවක් . ජෙප්පෙක් ලඟදී මාත් එක්ක මරා ගත්ත (පෙසපේ උනුත් කියන්ව මේක ) විජේවීර වෛද්‍ය උපාධිය අත ඇරලා රට වෙනුවෙන් දේශපලනය කරන්න් ආව කියල මම ශුද්ධ සිංහලෙන් කියල දුන්න . අරූ කේලම කිව්වේ නැත්නම් රටත් ශේප් . විජේවීරත් ජිවතුන් අතර ඉන්නව කියල . හැබැයි වෛද්‍ය උපාධිය ඉවර කරලා ආවත් දේශපාලනේ කරයි . අපි වගේ දේශපාලන උණක් තිබ්බ එකෙක් .
Deleteවිජේවීරගේ තාත්ත ට යුඇන්පී මැරයෝ ගහල කකුලක් කලා ඔත්පල වුනා . ඒ වැදුවා ගත්ත ගෝනවල සුනිල් ගේ ඉඳන් මැරයෝ ටියෙගෙන හිටපු හැමෝ එක්කම . ඒ දවස් වල අපට උඅගන්නපු සෝවියට් දේශපාලන ගුරුවරු කියනව ඔන්න අන්ත වාමාංශික ළඳරු වලිප්පුව කියල ලෙනින් කියපු දේ කියල . ඉවර කරන්නේ නැතිව ගිය නිසා ඕක වුනේ කියල . එතකොට මං උන්ට බනිනවා තොපිනේ යැව්වේ කියල . ගුරුවරයා මට සොරි කියනව . උන්ගේ ආණ්ඩුවේ වැරදි ගැන . හරි මරු සංවාද එව්වා
Deleteඅඩේ මේවා සෑහෙන වටින විස්තර ටිකක් නෙව? ස්තූතියි මේ විස්තර ටිකට.👌💐🙏
Deleteඅජිත්තුමා, අපි දෙන්නගෙ දේශපාලන අදහස් හැම විටම සමපාත නොවෙන බව ඇත්ත. ඒක එහෙම වෙන්න ඕනෙත් නෑ. මේ ද්වන්ධාත්මක ප්රතිවිරෝධය (Dialectical Contradiction) මම අගය කරනවා.
ඒත් ඔබතුමාගේ මේ "යකඩ තිරෙන් එහා" දැණුම පට්ට වටිනවා. අද අපි ඉන්න මේ දේශපාලන නූල්-බෝලෙ අවුල් ටිකක් වත් ලිහන්න ඒවා උදවු වේවි කියන එකයි මගේ හැඟීම. ස්තූතියි.👌🙏💐
ඔය විජේවීර වෛද්‍ය උපාධිය දාල ආව කියල හිතල හෙන තොගයක් භාගෙට ඉවර කරා විප්ලව කරන්න ගියා මතකද ? චේ ගුවේර පවා වෛද්‍ය උපාධිය ඉවර කරා . බෙහෙත් කරන්න පුළුවන් කම තිබ්බ. ඕවා අපි කියල කියල හදා ගත්ත . පෙරේට්ටන්ගේ අන්තරේ තවමත් ඒක කරනවා භාගෙට උපාධි කරල් දාල යන එක . මොට්ට් කම තමා . නමුත් අනුරලා , ව්ජිත , , නලින්ද ජයතිස්ස , ලාල් කාන්ත ඔය සෙට් එකම විශ්ව විද්‍යාල උපාධි ඉවර කළා . ව්ජෙවිර වුනත් උපාධිය ඉවර කලානම් දේශපාලනයට කොහොමත් එයි . හැබැයි අර විධිහට නොව ටිකක් වෙනස් තාලෙට . අනුර වගේ
Deleteහ්ම්.......එකඟ විය හැකි තර්කයක්.🤔
Deleteආණ්ඩුවේ නායකයින් උපාධිධරයන්/ ප්‍රමාණික උගතුන් වීමත්, වරදින්න හෝ ඔවුන්ගේම තීරණ ගැනීමත්, ඒ අතරම ලන්ඩන් ශාඛාව වැනි නියාමක උපදෙස් වලට යම් පමණකට හෝ සවන් දීමත්, මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙසයි. මතක නෙව, අපට ගෝටා-වියත්මඟ නැවත රිපීට් කරන්න ඕනෙ නෑ නෙව? මේ ලන්ඩන් ශාඛාව හෑල්ලු කිරීමක් නෙමෙයි. ඔවුන් ගේ "ෆීඩ්-බෑක්" එක වටිනවා. ඒත් අවසාන තීරණය ගන්න ඕනෙ ආණ්ඩුව. අනික මේ දේශපාලන ප්‍රවණතාවය, අපේ ගතානුගතික වලව්, නීතීග්ඥ , කරිස්මැටික් කල්ට් ලීඩර් සිට උපාධිධාරී "තඹුත්තේගම *****" දක්වා වෙනස් වීමත්, මම දකින්නේ දියුණුවක් ලෙසයි.
Soviet apartment
ඒක බසු වෙන්නේ මෙහෙම . හැමෝම එනවා ඉස්සරත්. ඉස්සර ආපු කට්ටිය වැඩිය කලේ ෂොපින් යන එක. දැන් හුඟක් වෙලාවට කට්ටිය රැස් කරල් අහනවා මොනවාද වෙන්න ඕනේ . මොනවාද ප්‍රශ්න කියා . මොනවා කරනවද කියල තීරණය කරන්නේ එයාල . අපි කරන්නේ විවේචන සහ ප්‍රශ්න දාන එක . මම ඒකට කැමතියි . මාස ගානකට කලින් අගමැති හරිනි ආපු වෙලේ ඇහුවා පල්ලෙගම් සිද්ධිය ගැන හෙම. ගියාට පස්සේ සාවිත්‍රි පෝල්රාජ් ඒකට අවශ්‍ය පියවර අරන් තිබ්බ . දැන් ප්‍රාදේශීය පොලිසි වල ළමාරක්ෂක කාර්යාංශය අඩු වයස් ළමයි අනතුරුදායක (අම්ම තාත්තා හෝ ) තැන් වල නම් ඉන්නේ මාසෙකට සැරයක් ගිහින් බලව . තව වැඩ තියනව . https://www.youtube.com/watch?v=O6kOI6dBfmc
Deleteමේ ක්‍රමය හොඳයි කියල හිතෙනවා. අප නොදන්න විස්තරය දැම්මාට ස්තූතියි.
Deleteඕනැම රටක ඕනැම දේශපාලකයෙකුට ගැළපෙන හින්දා උපහාස කතා සර්වකාලීනයි.
ReplyDeleteඒකත් හැබෑ තමයි. මම නං වැඩියක්ම මේක දැම්මෙ පොඩි ෆ්න් එකක් ගන්නත් එක්කයි. ඒත් ඒ හරහා අජිත්/නිහඬපාල/මයියා මහත්තුරු නිසා සීරියස් පොලිටිකල් සාකච්චාවකුත් ලැබුනා - බෝනස් එකක් විදිහට.😁🫠
Deleteතග් නිකායේ ගනින්නාසාරලා ගැනත් ලියන්න වෙයි.
ReplyDeleteඋන්නැහේල ගැන නම් වෙනම පොතක් ලියන්න තමයි වෙන්නෙ. මෙන්න ඒ වෙනතෙක් කාටුන් එකක්:
Deleteපැස්බරා
තග් නිකායේ ගනින්නාසාරලා ගැනත් ලියන්න වෙයි.
ReplyDeleteසුවපත් වේවා!
Deleteගල්මල් තුමා ලස්සන Suno සින්දුවක් කරලා.💐
ReplyDeletehttps://galmal.blogspot.com/2026/10/you-can.html
අහන්න: https://suno.com/s/dpgFrA3uCf88dEaa
එහාට ගොඩ වෙලා වටලප්පමක් කාලා, කෝපි එකක් බීලා වැටක්වත් ගහලා වරෙල්ලා.🙏
මට මේක මතක ඥෑ...
ReplyDeleteබොට මතක හිටින්නෙ කොහොමද, ඒ කාලෙ මයෙ ගැන්සියෙ හිටිය අයගෙන් තාම ඉන්නෙ බුරයි, අපේ රිටිගල උන්නාන්සෙයි විතරමයි නෙව? ආ තව හැලපයයි, Unknown සහ Anonymous එහෙමත් හිටියා.
Deleteබින්දි, බූරු බෙබේ, ප්‍රින්ස් ඔෆ් මූන්ෂ්යින්, පොත්ගුල්ලා අද කොහේ හරි හොඳින් ඇතියි හිතනවා.🤔👌🙏🫠. බෝ, ගමරාල, නිදි සහ සෙසු මිත්‍ර පිරිවර සෙට් වුනේ පස්සෙ.😁🫠
මගේ අහිකුණ්ථික ජීවිතයේ හැටි එහෙම තමයි. විවිධ රටවලදී සෙට් වෙලා , කාලයත් එක්ක දියවෙලා යන යාළු-මිත්‍රකම් වලට අපි කිව්වෙ "පාස්පෝට්" මිත්‍රකම කියලා. කිසිම අහිතක් නෑ, ඕක තමයි සංසාරෙ හැටි හාංදුන්නේ!
හෙහ් අපිත් ඒ දවස් වල හිටියේ . ඔහේ වගේ ඇනෝ තමා . අර බෝ නංගි අරලිය මල් කතා ලියන කාලේ ඉඳන් . ටැබූ හිටි දවස් වල . මට MSN ගෘප් දෙකක් තිබ්බ බ්ලොග් එන්න කලින්. මේ නම දාගන්න උනේ වෙන අවුලක් නිසා . මගේ බ්ලොග් එක නැති වෙන්න ගිහින් නම දාන්න වුනා .
Deleteබූරු බේබි කියන්න රන්ගි හැරිස් ට නේ. රසික (කතන්දර ) ගේ යාලුව ඉතාලියේ ඉන්න . මාත් එක්ක වලියක් දාගත්ත වල්ගේ පාගාගෙන. මම ඇමැති (ඒ කලේ යුඇන්පී ඇමතිලා ගෙන් ගත්ත කියල කිව්වේ ) අරගෙන හොඳම බ්ලොග් එකට මාසෙකට රුපියල් දාහක් දෙන්න හැදුව කියල . අතින් කයිට් කරගෙන දුන්නේ. හොඳ වෙලාවට බ්ලොග් දානපතියෙක් හිටි නිසා ශේප් වුනා පස්සේ .
Deleteහුඟ දෙනෙක් ටැබූ ගැන අහලවත් නැතුව ඇති. බූරු බේබි ගැන විස්තර හෙව්වෙ නෑ. මගෙ බ්ලොග් කට්ටටත් ඇවිත් ගියා. ඒ කාලෙ හිටි බ්ලොග් දෑවැන්තයො අතර, අපි "ස්මෝල් පොටැටෝස්". අම්මපා! ඒ කාලෙ නෙව බ්ලොග් වලි තිවුනෙ? මරාගත්තා වුනත් ඒකත් කලේ කලාවකට. 😋🤣
Deleteඒ අතරම කියවන්න ක්‍රියේටිව් දේ එමට තිබුනා.
දුකා/ ඇවිද්ද පය ගෲප් එක තිබ්බ "2026 බ්ලොග් හමුව" පින්තූර මෙතන තියනවා.
https://sandhakadapahana.blogspot.com/
චේතනාව හොඳ වෙන්න ඇති. ඒත් බ්ලොග් හමුවීම්, සම්මාන උළෙලවල් ගැන මගේ මතය වෙනස්.
ඒ බ්ලොග් හමුවේ ඇත්තටම හිටියේ එක්ස් බ්ලොගා ල . දුකා වුනත් දැන් ලියන්නේ නැහැනේ . - අපොයි සම්මාන උළෙලවල් මතක් කරන්න එපා .😃
Deleteමම නං ඉස්සර ඉඳන්ම හිටියෙ ඔය මතේ තමයි, අපේ උන්දැලගෙ හැටි දන්න නිසා. හැමෝම නූනත්, නරක අඹ ටිකක් තිබ්බත් ඇති, ගොඩම කුණු වෙන්න.
Deleteදිග ගමනක් ගිහින් ඇවිත් කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වුණේ.
ReplyDeleteමේකේ නාට්යානුසරී ගතියට මම කැමතියි.රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට සීරිස් පිටින් ලියන්න පුළුවන් කතා මෙව්වා.
අහා! බොහොම ස්තූතියි ආවට.🙏💐
Deleteඑහෙනං අපට ලඟදීම, ලස්සන දේශ සංචාර කතා අහන්න ලැබෙයි නේද?🤔😁
මට පිළිවෙලට travel journal ලියන්න බැහැ බස්සා. මොකද්දෝ නොහැකියාවක්/ කම්මැලිකමක් තියෙනවා. ඒ නිසා පොඩි පොඩි හයිලයිට් කතා ටිකක් ලියන්නම්. :)
DeleteTravel journal නැතුවට කමක් නෑ. දැක්ක විශේෂ දේ, චරිත වගෙ දේ තමයි වටින්නෙ. ඔබේම පින්තූර නැතත් කමක් නෑ, ජාලෙන් ගත්ත පින්තූර, ජෙමනායි චිත්‍ර වුනත් කමක් නෑ, අදාල ලෙස.🙏👌
Deleteදැම්මා. :D
Deleteකම්මැලි කම පැත්තකට දාන්න දුන්නු motivation එකට thank you
තව දාහක් වටිනවා! කාලෙකින් මලීගෙ පෝස්ට් එකක් නොදැක්ක එකේ.👌💐🙏
Deleteලස්සන අතීත මතක කතාවක්:
ReplyDeletehttps://miduma.blogspot.com/2026/10/blog-post.html
ගුටිකා වැටෙන එක්කෙනා බල සේනාව හයිජැක් කරයිද?
ReplyDeleteගුටිකා වැටෙන එක්කෙනා?? තේරුනේ නෑ. මගේ වර්ථමාන ලාංකීය දේශපාලන දැණුම අප්-ටු-ඩේට් නෑ අපෙ හාංදුන්නෙ.🙏😋
DeleteBalangoda K
Deleteඔහෙට කියන්න ප්‍රාජේ තුමා, මේ ජෙමනායි ලමිස්සි සිරිලකාවෙ ඔක්කොම ඕප-දූප ටික දන්නවා නොවැ? දුන්නෙ නැතෑ අපේ අතිපූජ්ජ "බක"තුමාගෙ පැටිකිරියම. බාගදා අර නිදිය කිව්ව නාන පොකුණෙ "ලිඳ-ලඟ සංගමේ" ඉන්නවත් ඇති කියලා හිතෙන්නෙ මට විතරමද?😋
Deleteබුදු අම්මේ කොයි කාලෙකට කලින් ලියපුවද , සමහර ඒවා ගැලපෙන්නේ මොකේටද කියලාවත් මතක නෑ. අවුරුදුම 12ක් , අපි දැන් ලොකු ළමයි වෙලා
ReplyDeleteමයියත් ඔය කතාවම කිව්වාම, මම "කන්ටේනර් දෙකේ" කතාව මට මතකත් නෑ කිව්වා. අනෙක් මතක ටික, මම කමෙන්ට් වල පිළිතුරු හැටියට ලිව්වා. ඔව් අවුරුදුම 12කට පෙර උඹ බබ!😋😂
Deleteකිව්වත් වගේ සති දෙකක්වත් මතක නොතියෙන අපිට , මේවා මතක තියෙයියැ , ලෙමන් පෆ් කතාව මතකයි සමහර දේවල් සදාකාලික ජෝක්ස් නේ , අර මිලී අයි නීඩ් අ කොෆී කිව්ව විහිලුව වගේ :D
ReplyDeleteහුටා! ඔන්න බලහං මට එහෙම විහිලුවක් මතක නෑනෙ?🤔😁
Deleteඇයි අනේ අර මිලින්ද රාජපක්ෂ ගෝටා ගැන කියන්නේ , ඉන්ටර්විව් එක පුරාවටම ගොටාබය දැනගෙන හිටියා මොන පොතේ මොන පිටුවෙන්ද එයා කතා කරන්නේ කියල , ඉන්ටර්වීව එක ඉවරවෙලා මරියා මිලී අයි නීඩ් අ කොෆී කිව්වා කතාව , පස්සේ මාරියා කියල තිබ්බේ , ගෝටා එහෙම වැදගත් දෙයක් කතා කලේ නෑ , ඒ නිසා අපි ඒ ඉන්ටර්විව් එක දැම්මෙත් නැ , අනික ඒ කාලේ මම ප්‍රෙග්නන්ට් ඒ නිසා කොපි බොන්නෙත් නෑ ඒකාලේ කියල
Deleteදැන් තේරෙනවා. 👌🙏😂
Deleteඅපි මුලින් කතා කළේ සංවර්ධනයට ආඥාදායක පාලනයක් ඕනෙද නැද්ද කියනෙකෙන්. වියට්නාමෙයෙන් අපි පෙන්නුවේ එහෙම නෙමෙයි එක වෙන්නේ කියල . ඊළඟට කිව්වේ දුෂණය මානව හිමිකම් ආයෝජකයන්ට අවම බලපෑමක් කරන හැටි. Buratino පිලිපීනයේ උදාහරණයකුත් දුන්න. ඊට වඩා වැදගත් අවශ්‍යතා ආයෝජකයන්ට තියනවා.
ReplyDeleteනමුත් අජිත් මහත්තයා ලිව්වා මෙහෙම //අනුර එහෙම කරන්න ඉඩ තියනව රටේ අධිකරණය හා නීතියට කහකඩයෝ තර්ජනය කලොත් . නීතියට උඩින් කවුරුත් ඉන්න බැහැ . මේ ආණ්ඩුවටත් ප්‍රශ්න තියනව රාජ්‍ය නිල්ධරිවාදයෙන්. ඕන තරම් අන්නනවා. එයාල වුනත් දිගින් දිගටම මේවා කරන්න ගියොත් තද නීති ගෙනෙයි.//අවාසනාවකට දැන් ආයෝජකයෝ වෙනුවට කහකඩ සාකච්චාවක්. කහකඩයෝ දේශපාලනය කරන්න ඕනෙද නැද්ද කියන එක කවරදාකවත් කතාකරල ඉවර කරන්න බැහැ . බුද්ධ කාලයෙන් පටන්ගත්තත් 56 පටන්ගත්තත් . දේශප්‍රේමී භික්ෂු ව්‍යාපාරයෙන් පටන්ගත්තත් හෙල උරුමයෙන් පටන්ගත්තත් දේශපාලනය දේශපාලනය ම තමයි. අ.වී. භික්ෂු බලමණ්ඩලයේ කන්නොරුවේ සාදුත් එකපාරටම අහසින් වැටිලා අරගලයට ආපු කාශ්‍යප භික්ෂුවත් රූපාන්තරණය වෙන රතන සාදුත් ඔය ඔක්කොම එකම කුලකයේ. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි. දැන් බෞද්ධ භික්ෂුවගේ භූමිකාව මෙහෙම වියයුතුයි කියලා ආණ්ඩුව වටහාගෙන තියනවා. නමුත් 1956 ඉඳලා අජිත් මහත්තයා කතා කරනවානම් ජවිපෙ සහ භික්ෂුව අමතක කරන්න එපා. ධර්මන් වික්‍රමරත්න මෙහෙම ලියනවා. //ජවිපෙ දෙවනි කැරළි සමය වනවිට සමාජවාදි භික්ෂු සංගමය රහසිගතව ක්‍රියාත්මකවූ අතර එය කුඩහපොල බලකාය මගින් බෞතිස්ම කර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අනුගත කර තිබිණි. ජවිපෙ 1986 සිට 1989 මාර්තු දක්වා සිය භික්ෂූ ව්‍යාපාරයේ කටයුතු විවෘතව කරගෙන ගියේ 1983 ජවිපෙ තහනමින් පසු පිළියන්දල පුවක්දණ්ඩාව විහාරයේදී ආරම්භ වූ මානව හිතවාදී භික්ෂු සංගමය සහ 1985 මාර්තු 4 කැළණි සරසවියේදී ආරම්භවූ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගින් එම නාමයන් යටතේය.// මරුන අය මරපු අය ගොඩයි. ජවිපෙ විසින් භික්ෂුත්වය අතිශය දරුණු විදිහට අවභාවිතා කරා. කහකඩයම බල්ලෙක්ද මිනිහෙක්ද කියල තේරුම් ගන්න බැරිව හිටි කාලයක්. එත් අපි ප්‍රේමදාස ඒකාධිපති වෙනවට විරුද්ද වුණා .
//හිටපු කතානායකට හා ජයකොඩි ට අයින් වෙන්න කියල ලන්ඩන් වල NPP එකෙනුත් කැම්පේන් එකක් අරන් ගියා. මිනිස්සු ඒවා දන්නේ නැහැ, දැන් ඉන්න කතානායකට විරුද්ධව විමර්ශන යනව, එයා වැරදි නම් අස් වෙන්න කියල නිතිය ඉදිරියට පොලිසිය ගෙනියයි . පොලිසිය විමර්ශන හුඟක් තියනව. ඔයාලට හදිස්සි වුන්න් කියල ඒව කෙරෙන්නේ නැහැ. ඒවා නීතිපති දෙපාර්තෙම්න්තුව බලා ගනී.ජයකොඩි රැවට්ටුව බව එයා රැවටුන බව ඇත්ත . නමුත් කාටවත් සාක්කි නැහැ//. ඔබතුමන්ලාගේ කාර්යභාරය ඉතා විශිෂ්ටයි. ප්‍රථිපල බලල ඉමු. සාමාන්‍යයෙන් වෙනවා වගේ පොදුදේපොල පනත යටතේ රිමාන්ඩ් කරලා පරීක්ෂණ කරන්න ඕනේ නම් නැහැ . නමුත් නඩුවක් වත් වැටෙයි නේ.
//නමුත් අනුරලා , ව්ජිත , , නලින්ද ජයතිස්ස , ලාල් කාන්ත ඔය සෙට් එකම විශ්ව විද්‍යාල උපාධි ඉවර කළා .// මම හිතන්නේ ලාල්කාන්ත නෙමෙයි හදුන්නෙත්ති. අනුර මහත්තයට තියෙන්නේ Physics උපාධියක් කියනවනේ. විපක්ෂයට වෙනම භූමිකාවක් තියනවා ආණ්ඩුවට දේශපාලනයට අමතරව රාජ්‍ය පාලනයත් තියනවා. පොහොට්ටුවෝ 2% . ඒ අය රැස්වීම් තියන එකයි රාජ්‍ය නායකයෙක් රටවටේ දේශපාලන රැස්වීම් තියන එකයි සමාන නැහැ. අනුර මහත්මය ඔබේ බ්ලොග් කියවනවානම් එය සතුටක්. Physics පවා හොදින් විග්රහ කරනවා. මමත් අමාරු සංකල්ප ඔලුවට දාගත්තා.
අවසාන වශයෙන් බස්සා මහත්මයාගේ ලිපිය අපිව අවදිකරන ලිපියක් වුනා. ඔබතුමා කියලා තිබුනා විදේශ ප්‍රතිපත්තිය ගැන. ඒක මෙහෙමයි කියලා නීතියක් නැහැ හරියට Chess ගේම් එකක් වගේ . Moves මත තමා ඊළඟ පියවර ප්‍රේමදාසට JR ට මහින්දට ආපු විදේශ ප්‍රතිපත්ති අනුරට එන්නේ නැහැ. කැනඩාවට වගේම අපිටත් එහෙමයි.ගෝටට ආපු කොවිඩ් වලක්වන්න බැහැ.
මේ දවස්වල Netflix කතා මාලාවක් යනවා The New Stanford Prison Experiment ඇත්තම එකකින් අරගෙන පොඩි reality show එකක්. සංකල්ප කීපයක් තියනවා හිතන්න. Power Dynamics සහ Role Change . වර්තමාන ලංකාව හිරවෙලා ඉන්නේ මේ Role change එකේ . අවසානයට එකේ කියනවා මෙහෙම Power can be given and taken away, but respect and love must be earned.අනුර මහත්තයා ඒක කරයි කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමාගෙ දායකත්වයන් මමත් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ඔබතුමා කිව්ව "Chess ගේම්" කතාව හරි. අපි බලාගෙන ඉමු. NPP එක ඉත්තො අදින්නෙ කොහොමද කියලා, නේද? වැරදියි කියල හිතෙනව නං, පොඩ්ඩක් බනිමු, ටිකක් බුරමු.😋🤣
Deleteඅවසානයේදී, මෙතරම් පහන් හැඟීමක් ඇති දේශපාලන සාකච්චාවක් කරන්න උදව් කරපු ඔබ සැමටම ස්තූතියි.👌💐
දේශපාලන අතීතය දැණගෙන ඉන්න එක හොඳ දෙයක්.
Greek heroes and the Persians villains - According to Americans
බුරතිනෝ හා නිහඬපාල මහත්මයලගේ අදහස් වලින් ගොඩක් දේට එකඟයි මමත් . අර ජවිපෙ හාමුදුරු කතාවත් හරි . මගේ තර්කය මුලික වශයෙන් වෙන්නේ මිනිස්සු වෙනස් උනා නම් වැඩ කරන්නේ ඒ වෙනස් වෙච්හි එකට අනුව නම් ඒකට ඉඩ දෙන්න ඔඑ කියන එක . එකයි මම මයිය එක්ක වුනත් කොක්කක් ඇද ගත්තේ සහ රයිගම වගේ අඩවි වලට ගිහින් ලියන්නේ නැත්තේ . එයාලගේ තනිකර ජවිපෙට එරෙහි වෛරයක් තියෙන්නේ . (මම කියන්නේ ජවිපෙ අය ළඟ ඒක නැතෙයි කියල -නෙමේ . තියනව ) නමුත් මිනිස්සු චන්දෙ දුන්නට පස්සේ එයාල ඒ කලේ ජවිපෙප්රතිපත්ති නෙමේ ගෙනියන්නේ . අලුත් තත්වයන්ට අනුව වඩා ප්‍රයෝගික දේශපාලනයක් . ඇමෙරිකාව එක්ක , මෙහෙ සුද්දෝ එක්ක ගනු දෙනු කරන විධිහෙන්ම තේරෙනවා . මම ඒකට කැමතියි . එච්චරයි . සමහර ඇමතිවරු එක්ක වැඩ කරන්න අමාරුයි . ජවිපෙ පරණ සමාජිකත්වය එක්ක අමාරුයි . එයාලට පුරාණ සමාජවාදය සහ කියුබානු විප්ලවය . මේව ඔක්කොම හදාගෙන යන්න ඕනේ . අනුර රට වටේ යන එක හොඳයි . මිනිසුන්ට මේ වෙනස් වෙන්න ඕනේ කියන පණිවිඩේ දෙන්න වෙන විධිහක් නැහැ කියල මටනම් තේරිලා තියෙන්නේ .
Deleteආණ්ඩුවෙන් ඇමතිලා ගාන බැස්සුවා 20 කට වගේ . ඉස්සර 107 වගේ හිටිය . මේවලින් මුදල් ඉතුරුයි. දැන් පර්මිට් දෙන්නේ නැහැ කාර් ගන්න . නියමයි . අන්තිම අසාධාරණ ක්‍රමයක් ඒක රටේ අනිත් මිනිසුන්ට . පගාවක් කෙලින්ම. දිට්වා , ට මැද පෙරදිග යුද්දේ අවට. ඒත් ආර්තිකය ස්ථාවරයි . ඉතිරි වෙන සල්ලි- ඔකද වෙන්නේ - ඔන්න මෙහෙම දෙයක් වෙලා තියනව . අපි හිතමු A කියා තැනට යමක් දාගන්න ඕනේ , ගාන රුපියල් මිලියනනයි . ඒවගේ තැන් සිය දෙසීයක් විතර තියනවා කියමු. සල්ලි පාස් කරා අර තැන්වල ලොක්කට කියනවා ලොකේෂන් දාල එවන්න . ඕනේ පොළොන්නරුවේ ගමකට නම් ඌවේ හරි කිලිනොච්චිචියේ හරි තැනක් දාල එවන්ව . අමාත්‍යංශයේ කට්ටිය ගියොත් යන්නේ වැරදි තැනට . වැඩේ අහු වුනහම කතා කරල් කියනව හරි පි එන්නම් . කියල නැහැ නැහැ ලියුමක් ගහල් එවන්න අපි ලොකේෂන් එවන්නම් කියල . ලියුම ගැහුවොත් අමාත්‍යංශ ලේකම් ගෙන් විෂය ලේකම්ට , විෂය භාර ලිපි කරුට , එතනින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට , එතනින් විෂය භාර ප්‍රාදේශීය තැනට . එතනින් ග්‍රාම සේවකට හෝ අර ලොක්කට , මාස හයක් වත් ගිහින් . ඒ වෙනුවට දැන් අමත්‍යන්ශයම හොයාගෙන ගිහින් හදනව පුලුවන් තැන්වල . ඔන්න ඔහොම මිනිස්සු ඉන්නේ . එක තැනකදී කොපමණ සල්ලි ඕනෙද මේවා කරන්න කියල ඇහුවම නිලධාරීන් කියල මිලියන් 10 විතර ඕනේ කියල . හිතල නැහැ දෙයි කියල. හරි දෙන්නම් කියල . ටිකකින් කට්ටිය කියනවලු නැහැ මිලියන් දෙකක් දෙන්නකෝ . එක මිලියන් එකක් ඉස්සෙල්ල . අනික් පස් . හේතුව එකපාර මුදල පාස් වුනොත් වැඩ වැඩි වෙනව. ඒ නිසා . ඔහොම තමයිලංකාවේ කාර්යාල වැඩ කරන්නේ . මොනවා කරන්න ඕනේ මේ මිනිසුන්ට . හිරේ දාන්න බැහැනේ . කොහොම හරි ඒ අය එක්කලම වැඩ කරන්න ඕනේ .
Deleteමට මතකයි, දිට්ටාට ලැබිච්ච ආධාර බෙදා නොදී, කාමර වල යතුරු දාගෙන නරක් වෙන්නෙ ඇරපු කතාවක් පත්තරේ තිබ්බා. ඒකෙ ප්‍රාදේශීය ලේඛම් නෝන පොලොවෙ හැපි, හැපී නිදහසට කරුණු කිව්වා. හැබැයි ඔහොම කිසිම දඞුවමක් නැතුව යන්න දෙනවා කියන්නෙ "පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්" කියලයි මට හිතෙන්නෙ.🤔
Deleteඑවට් දඬුවම් දෙන්න බැහැනේ . කොහොමද ? දැන් අමත්යංහ , වගේ ආයතන දෙකක් තියනවලු . එකක තනිකරම ගෝටා දාපු කට්ටිය ලු ඉන්නේ . තව එක්ක සජිත් දාපු කට්ටියාලු . පාක්ෂිකයන්ට රස්සා දීල / කිසිම වාදක අක්රන්නේ නැහැලු . වැඩක් පටන් ගත්තත් අකුරට වැඩ වගේ අදිනවලු . මොකද එයාල වැඩිපුර කියවන්නේ විපක්ෂයේ නිව්ස් . ආණ්ඩුව දැන් වැටෙයි , දැන් වැටෙයි කියල හිතන් ඉන්නේ . ඉතින් ඒ වගේ අයට මුකුත් කරන්න බැහැනේ . ඒ මිනිසුන්ටම තේරෙනකන් ඉන්න ඕනේ මේක පක්ෂයකට කරන වැඩක් නෙමේ එයාල වැඩ අකරන්නේ රටට කියල .
Deleteඉඉසර උසාවි වැඩ ඉවර කරන්නේ 2.30 ට . දැනගෙන හිටියද ? දැන් 2.30 ට ඉවර කරන්න බැහැ . 4.30 වෙනකන් ඉන්න ඕනේ . නඩු ඉක්මනට ඉවර වෙන්ව . ඉතින්නීතිඥයෝ කොටසක් අකමැතියි. ඉස්සර වගේ නඩු ඇද ඇද ගාන කපා ගන්න බැහැ. 2.30 ඉවර කරල් ලෑන්ඩ් රෙජිස්ට්‍රි දුවන්න බැහැ , ඒ නිසා දැන් ලෝයර්ස් ල මුලු නඩුවටම එකපාර ගානක් ගන්නවලු . නඩු ඉවර කරන නිසා .
Deleteඋසාවි වැඩේ නං හොඳයි. ඒත් මුංව ඉතිං මකවලා හදන්නෙ වෙයි, එහෙම රටට කියල වැඩ කරවා ගන්න. මොකක් හරි එකවුන්ටබිලිටි සහ පනිෂ්මන්ට් ක්‍රමවේදයක් ගෙනැල්ලා බල කෙරෙව්වෙ නැත්නම් ඉතිං ඔහොමම තමයි. මම දැක්කා, අනුර කියනවා වැඩකට නැති අමාත්‍යාංශ 34 වහන කතාවක්. හරියට හරි, මේ රටට හෙන ගහලා තියෙන්නෙ මේ පිං බතාල නිසා තමයි.
Deleteඑහම අමාත්‍යංශ සංස්ථා වහනව ඇරෙනන් කරන්න දෙයක් නැහැ . ඒ දවස් වල ප්‍රේමදාස මහත්තය කඩද පනිනවලු අමාත්‍යංශ වලට . ඇත්තද දන්නේ නැහැ . මට කතාවක් මතක් වුනා . යුරි අන්ද්ර්පොව් කියන්නේ කේජිබි එකේ ලොක්ක . පස්සේ සෝවියට් ජනාධිපති (පක්ෂ ලේකම් කම සමග ) වුනා . දව දවසේ පාරේ බ්ලෙක් නැහැලු . ඔක්කොම වැඩ.බයට . අපි ගිය කාලේ මම ඇත්තටම කල්පනා කලා කොහොමද මේ මිනිස්සු (සෝවියට් එවුන් ) කඩවල , පාරේ ඉන්නේ මුන් වැඩ කරන්නේ නැත්ද දවල්ට කියල ? ඕක අහල රුස්සෙක් තමා කිව්වේ අන්ද්රෝපොව් ගේ සීන් එක .
Deleteප්‍රේමදාසගෙ භීෂණ බිය සමහර "පිං බතාලගෙන්" වැඩ ගත්ත බව ඇත්ත. ඒ කාලෙ රටේ යම් ආර්ථික දියුණුවක් ඇති වුනා. ඊට පස්සෙ එජාප නායකත්වය" ලෙඩ අලියා" වගේ ඔහේ වැනි,වැනි හිටියා. චන්ද්‍රිකා සහ පොහොට්ටු ආණ්ඩු වල එකම අරමුණ වුනේ "හතර වරං ගැහිල්ල" විතරයි. මට හිතෙන්නෙ ගෝටට ඕනෙ කම තිබ්බා ""පිං බතාලව" කූද්දවන්න. ඒත්"වියත් මඟ" උන්දැව නැති බංගස්ථාන කෙරෙව්වා.
Deletehttps://lighthouseq.blogspot.com/2026/10/smile.html?m=1
ReplyDeleteනියමයි. ගිහින් ආවා.👌💐
Deleteටොමියා තමා හොඳටම කරලා තියෙන්නේ හි... හී....
ReplyDeleteපරණ පෝස්ට් එකක්. ඕකා පරයා ඩෝග් නෙව, කටකම සෙයියාවකට නෑ?😋
Deleteකියවද්දි මොළේට ගැට වැටෙන්න ගත්තනෙ. ඔය අර ලෙමන් පෆ් වගේ සිල්ලර කෑලි දෙක තුනක් තමයි මතක තිබ්බෙ. අපට මතක තියෙන්නෙ සුමාන දෙකයි කියන එක හරියටම හරි.
ReplyDeleteතෑන්ක්ස්. හෙහ්, හෙහ් ඕව ගැන ඒ හැටි මොලේ වෙහෙසවන්න එපා, හැලපෙ. මෙන්න මගෙන් ගැට ලිහෙන්න:
Deletehttps://www.youtube.com/shorts/fmCYpL9SXj8
මට තාම මතකයි හැලපෙ ලිව්වෙ කාලෙකින් කියල ඇනෝවෙක් පස්පඩංගුවෙ බැන්නාම හැලපෙ කිව්ව දේ.😁🤣😋