Nov 6, 2026

මහරගම ගුරුපාරේ කෝපිකඩේ...

ගමේ පන්සල තිබුණේ ගම කෙළවරේ කඳු ගැටයක් මතය. ගම් ගොඩේ මෙහා කොනට වෙන්න කඩ මණ්ඩියත්, අනිත් කොනේ පන්සලෙන් එහා කුඹුරු යායත් පිහිටා තිබුණි. ගමේ වෙඩික්කාරයා සතෙක් එලා ගන්නා ලඳු කැලෑවද, ඉන් එහා හැමදාම අඳුර වැටී තිබෙන මහ මූකලානද විය. මූකලං බස්සන්ගේ හා නරින් ගේ මදක් ඈතින් ඇහෙන නාදය හැරුණු විට, ඒ රූස්ස කැලයට ළං වීමට ගැමියෝ කිසිවිටෙක ප්‍රිය කළේ නැත.

ගමත්, පන්සලත්, කඩ මණ්ඩියත් යා කළ ගුරුපාර ලඳු කැලෑව සහ ඉන් ඔබ්බෙන් ඇති මහ මූකලානද හරහා වැටී තිබුණේ ගමෙන් එපිටට යන්නට ඇති එකම මඟ ලෙසිනි.

මේ යටහත් විජිතවාදී යුගයේ මහරගමයි. ගමේ නම ගැමියන් "මහා රාජ ගම, මහ හොර ගස් ඇති ගම" ආදී නම්වලින් බිඳී ආ බව පැවසූ නමුත්, මං පහරන නීල-කාස හොරු සැට් එකක් සිටි නිසා "මහ හොරගම" මහරගම වූ බවට මූකලං බස්සන් අතර කට-කතාවක් විය. පුරාණ කාලයේ පටන් මේ ගම ගැන පැතිරී තිබුණේ අමුතුම කතාය. ගුරු පාර දිගේ ඈතට යන විට, මහ මූකලානේ ගස් අතරින් අතීතයේ සැඟවී ගිය මිනිසුන්ගේ සෙවනැලි පෙනෙන බවට කරත්තකරුවන් අතර විශ්වාසයක් විය. "මහරගම වැසියෝ, කුරහන් තලප එක්ක වල්-ඌරු මස් ගිලින්න රුසියෝ" යන්න ගමේ උද්ධෘත පාඨය විය.

මේ සුද්දා එකදාස් තිස් ගණන්වල හයි-ලෙවල් පාර සාදන යුගයයි.
රට බ්‍රිතාන්‍ය පාලනය යටතේ වුවද, මේ ගම්මානවල ජීවිතය ගලා ගියේ සියවස් ගණනාවක් පැරණි සිරිත් විරිත්වලට අනුවය. වෙද රාළ, කට්ටඩි රාළ සහ ඉස්කෝලේ මහත්තයා සහ තැපල් ස්ථානාධිපති සහ ගම් මුළාදැනියා ගමේ වැදගතුන් විය.

එක්තරා මීදුම වැටුණු උදෑසනක, පන්සලට පහළින් වැටී තිබුණු ගුරු පාර දිගේ කරත්ත නඩයක රෝද ඇඹරෙන හඬක් ඈතින් ඇහෙන්නට පටන් ගත්තේය. ඒ කරත්තය පාරේ එද්දී, එහි ගමන් කළ අයෙකුගේ හෝ ගොනෙකුගේ හඬක් ඇසුණේ නැත; ඇසුණේ රෝදය කඩ ලීය මත හැපෙන තනි හඬක් පමණි. පාර දෙපස අහස උසට වැඩුණු ගස්වල අතු ඉති එකිනෙක පැටලී, ගුරු පාරට දුන්නෙ පුදුමාකාර අඳුරු බවකි. මේ කැලෑව අස්සේ සැඟවී සිටින්නේ පාර මංකොල්ලකන සාමාන්‍ය මිනිසුන්ම පමණක් නොව, වෙනත් මාණයකට අයත් අදෘශ්‍යමාන මගීන් බවටත් ගැමියෝ විශ්වාස කළහ.

ගමේ කඩ මණ්ඩිය පිරී තිබුණේ උදේ වරුවේ කඩිසර කමෙනි. ඊට මදක් එපිටින් තිබුණු පොඩි කෝපි කඩය ගැමියන්ගේ තොරතුරු කේන්ද්‍රස්ථානය විය. අලුතින් කරත්තවලින් ගෙන ආ කෝපි ස්වල්පයක් උණුසුම්ව පෙරමින්, දුම් දමන කෝපි කෝප්ප මේසය මත තැබුවේ කඩ හිමියාය. කුඹුරට, හේනට යන අතර, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීත තොරතුරු දැනගැනීමට ගැමියෝ උදේ පාන්දරම මේ කෝපි කඩයට රැස් වූහ.

කඩය එලියෙන් ඇති ජම්බු ගස පාමුල ලී බංකුවක වාඩි වී සිටියේ ගමේ සිටි වයස්ගතම මිනිසාය; 'අප්පුහාමි' සීයාය. කාලයත් සමඟ ඔහුගේ දෑස් පෙනීම වෙනස් වී තිබුණද, එදා දුටු දේ ඔහුගේ මතකයේ අද මෙන් රැඳී තිබුණි. කෝපි කඩයේ සිටි තරුණයෝ කිහිප දෙනෙක් අතීතයේ කැලෑවේ සැරිසැරූ රහස් අසනු පිණිස ඔහු වටා නිහඬව රොක් වී සිටියහ.

"සීයේ... අර මූකලාන මැදින් අදත් බඩු කරත්ත නඩේ ගියා. ඒත් දැන් කාගේවත් සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ පාරේ අමුතුම මූසල කමක් තියෙනවා..."

අප්පුහාමි සීයා කෝපි කෝප්පයෙන් උගුරක් බී, මදක් ඈත බලාගත්තේය. ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේ බැරෑරුම් පෙනුමකි.

"බොලාට කියන්න කොල්ලනේ... ඔය මාගල් කන්දෙදි, කාලෙකට කලින් නැතිවුණු මිනිස්සුන්ගේ මතක තාමත් පාර දිගේ ඇවිදිනවා."

"ඉස්කෝලේ මහත්තයත් කිව්වා ඉස්සර ඔය පාරේ ගියපු සමහර මිනිස්සු අතුරුදන් වුණ කතාවකුත් " තරුණයෙක් ඇසුවේ කුතුහලයෙන් හා මඳ බියකිනි.

"අතුරුදන් වෙනවා නෙවෙයි පුතේ... සමහර මිනිස්සු ජීවත් වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ; ඒ කැලේ මතකයන් එක්කම බැඳෙනවා."

අප්පුහාමි සීයා කතාව පටන් ගත්තේ හීනියට හුස්මක් හෙළමිනි.

"උඹලා අද ඔය දකින කැලෑව, ඉස්සර මේ වගේ නෙවෙයි. මං තරුණ කාලේ ඔය හතර-මං හන්දියේ මහ නුගේ යටින් යද්දී, දවල්ටත් අමුතුම සීතලක් දැනෙනවා. ඒ කාලේ සුද්දෝ පාරවල් කපද්දී, මම කරත්ත පාරවල් දිගේ තනියම බඩු අරන් ගියා. ඒ කාලේ හිටියා අමුතුම මිනිහෙක්; මිනිස්සු ඌට කිව්වේ 'සොහොන' කියලා. ඌට ගෙයක් දොරක් තිබුණේ නැහැ; හැන්දෑ වෙද්දී ඌ අර රූස්ස නුග ගහ යට පේන්න නැතිව යනවා, ආපහු උදේට එතනම ඉන්නවා."

කඩයේ සිටි සියල්ලන්ගේම ඇස් පුළුල් වී තිබුණි. ඒ සමඟම අවට සීතල සුලඟක් හමා ගියේය.

"ඉතින් සීයේ, ඌට කවුරුත් බය නැද්ද?" තවත් කෙනෙක් ඇසීය.

"බය? අපෝ නැහැ. අපිට පුරුදුයි ඒ හැමදේම."

අප්පුහාමි සීයා සිතින් අතීතය ස්පර්ශ කරන්නාක් මෙන් දෑස් පියා ගත්තේය.

*"දවසක් මමයි මගේ මස්සිනායි බඩු කරත්තයකින් එනවා ඔය නුග ගහ ළඟට හරියටම හිරු බහින වෙලාවක. එකපාරටම පාර මැදින් කවුද හෙමින් ඇවිදින් කරත්තය ඉස්සරහින් නැවතුණා. ඒ අර කියපු මිනිසාය. කතා කළේ නැහැ; අතේ තිබුණු පුංචි ලී කැබැල්ලකින් කරත්තයේ රෝදයට තට්ටු කළා විතරයි. මගේ මස්සිනාට කතා කරගන්න බැරි වුණා.

මම කළේ... කරත්තයේ බැඳලා තිබුණු ලී දණ්ඩ අරගෙන, ඌ හිටපු පැත්තට හැරුණු එකයි. පුදුමේ කියන්නේ, මම ලීයෙන් ගහන්න යද්දී ඌ හරියට හුළඟක් වගේ අර ගස් අතරට වැටුණු සෙවනැල්ලක් එක්ක එකතු වෙලා ගියා! පස්සේ අපි ඒ ගැන ගම් මුලාදෑනියාට කිව්වම, උන්දෑ කිව්වේ 'ඕක ඔය කැලේ හැමදාම වෙන දෙයක්, අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි' කියලා."*

"ඉතින් ඊට පස්සේ ඌට මොකද වුණේ සීයේ?" තරුණයෙක් ඇසුවේ මහත් කුතුහලයෙනි.

"මොකක් වෙන්නද? ටික දවසක් යද්දී ඌ පාර පැත්තට එන එක නැති වුණා. හැබැයි අදටත් ඔය මහ නුගේ යටින් තනි කරත්තයක් යද්දී, අර කවුදෝ කෙනෙක් රෝදයට තට්ටු කරන හඬ අපිට තාමත් ඇහෙනවා වගේ දැනෙනවා..."

අප්පුහාමි සීයා කතාව අවසන් කරමින්, තමන් ඉදිරිපිට තිබුණු කෝපි කෝප්පය මඳක් ස්පර්ශ කර මේසය මත තැබුවේය. ඒ සමඟම, කෝපි කඩයේ ජනේලයෙන් එපිටින් මෘදු හුළං පහරක් සමඟ කොළ පොඩි වෙන හඬක් පමණක් ඇසෙන්නට විය..





(ඡායාරූප නැනෝ බනානා සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

No comments:

Post a Comment

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code