Apr 30, 2011

ඊසොප් (බස්සාගේ )ගේ උපමා කතා

ඊසොප් ගේ උපමා කතා:

ඔන්න එකමත් එක රටක හිටියලු ඉබ්බියෙක්. ඔය ඉබ්බිට හිටියලු ඉබ්බෙක් , ඌ නං හිටියෙ වෙන රටක ලු. අනේ අර අහිංසක ඉබ්බා එක ඇඟිල්ලෙන් කී-බෝඩ් ඔබ ඔබ ලියනව ලු පැදුරු, මාගල් වගේ දිග ලියුං. ඕං එක දවසක් ඉබ්බි කොහෙද ගමනක් ගිහින් ඇවිත් කිව්වලු, මං මේ ආව විතරයි, තව මිනිත්තුවෙන එවන්නං දිග...........ලියුමක් කියල. අනේ අර මෝඩ ඉබ්බත් කට ඇරගෙන බලන්ගිටියලු. ආපු ලියුමෙ දිග දන්නවද? පේලි හතරයි.


ආදර්ශය : ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමත්, ඉබ්බියන්ගෙන් දිග ලියුම් ඉල්ලීමත් දෙකම එක වගේය

ප.ලි: ඊසොප් යනු ඔන්-ලයින් ඕඩර් කලහැකි සබන් ජාතියක නම නොවේ!


මේ බස්සා කැමති තව සිංදුවක්. මේකෙම තව වර්ෂන් එකක් තියනවා "shrek" වල. ඒකෙ අදහස් නං ලස්සනයි ඒත් මේ ඔරිජිනල් එකේ කටහඬට ගහන්න බෑ.


4 comments:

  1. පව් අප්පා...හැබැයි ලස්සන උපමාව.

    ReplyDelete
  2. මට නං ඕකෙ ලස්සනම Alexandra Burkeගෙ වර්ෂන් එක..

    ReplyDelete
  3. ඔන්න බකුසු කතා අහන්න මමත් ආවා.
    Word verification අයින් කරන්ටෝ. අපිට කමෙන්ට් කරන්න.

    ReplyDelete
  4. @පොකු
    @පොකු
    අපි නොදන්න, මැනිකෙගෙ සත්ව කරුනාව..හෙහ්..හෙහ්

    @බුරා
    බැලුවෙමි.
    මං ගෑණුත් දැක්කා..ඒ වගෙ ගෑණු නොදැක්කා...හෙහ්..හෙහ්

    @ප්‍රියන්ත
    බුදු සෑර්, උඹ කියනව නං පෝස්ට් එකම උනත් අයින් කරන්නං. ඇයි අප්පා, නැත්නං දෙයි කොහොඹ ගහටත් බැස්ටිය...
    අයින් කලෝ..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code