බස්සා ඉතිං නිශාචර පක්ෂියා නෙව, බුදියන්නෙ දවල්ට. ඔහෙලට කියන්ට ලොක්කා, ඔය දවල් බුදිය ගනිල්ල තියනවා නෙවද, ඒක වෙනමම කෝස් එකක්. ඇයි ඉතිං අනිත් එවුන් දන්නවෑ අපි බුදියි කියලා, දැන ගත්තත් උන්ට ගානක් නෑ. කෑ ගහනවයි, සිංදු දානවයි, එක සෙල්ලමයි.
වැඩි දොහක් නෑ මේ ඊයෙ පෙරෙයිදා, මං ෂපාන් එකේ නියම හීනයකුත් දැක දැක බුදි. මාව උඩ විසිවෙලා ඇහැරුනා. හෙන ගහපිය , ගණන් බලාපිය, අල්ලපු ගෙදර එකා වඩු මඩුවක් දාලා, "ටෝන්, ටෝන්" ගාලා ලෑල්ලකට ඇණ ගහනවා. මං ඉතිං හිතිං උන්දැගෙ ආච්චිට පිං අනුමොදන් කරවලා, ඉයර් ෆෝන් කනේ ගහගෙන සංගීතයක් දාගත්තා.
ඔව්වා, මෙව්වා සහ තවත් එව්වා නිසා මං නිස්කලංක අළුත් බෙනයක් බලන්ට හිතේ තියනවා. මේං එහෙම තැනක් බලනකොට "ටැස්" කරලා බලන විදිහ
Aug 5, 2011
10 comments :
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
Subscribe to:
Post Comments
(
Atom
)
හෙහ් හෙහ්.. ඒ ටැස්ට් එකත් නරක නෑ බොලං..
ReplyDeleteමාත් කාලයක් ඔය නයිට් ෂිෆ්ට් ඇද්ද නොවැ.. අපෝයි, මටනං දවල්ට කොච්චර නිදාගත්තත් රෑට පැයක් දෙකක් හරි නිදාගන්නවා වගේ නෑ බං..
පුලුවන් තරම් ඉක්මනට හොඳට නිදාගන්ට බෙනයක් හොයාගත්තානම්...
ReplyDeleteහැබැයි ඉතින් ටෙස්ට් කරන්ට යනකොට ඔය නෝනාත් අරගනම යන්ට වෙයි......:D
අනේ මේ බස්සත් හොයා ගන්න දේවල්.
ReplyDeleteහි.. හි..හි..
තාම ටැස්ට් කරනවා වෙන්ටෑ.......හී හී හී
ReplyDeleteමේ බස්සටත් ඕනෙ නැති ඉටි ගෙඩියක් නැහැ....
ReplyDelete@බුරා
ReplyDeleteවණේ අමාරුව දන්නෙ, වණේ තියන එකෙක්ම තමා
@ පොකු
ඒ නෝනම නැතුවට වෙන නෝනෙක් ගෙනියන්ට බැරුවයෑ?
@පොගු
සොයාන්නාට සම්භවේ කියන්නෙ ඒකනෙ ලොක්කා
@නීතා
හා, ආවද නඟේ? හප්පේ තියෙන සිරියාව! බක්මහ අකුණක් ගැහැව්වා වගේ
@ ප්‍රියන්ත
ReplyDeleteආයිබෝං සෑර්. කාලෙකින් මේ පැත්තෙ? බිසී වෙන්ටෑ? ඕව්, ඕව් තවම ටැස් කොරනවා :))
අර මගේ නයා පෝස්ට් එකට කමෙන්ට් කළ ප්‍රවීනා ( කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල නං පේන්ට නෑ) බස්සො ගැන ලියන්න කියල තිබුනට බැලුව මේකෙන්වත් කොපි කරන්ට. මේ වෙන බස්සෙක් ගැනනෙ කියන්නෙ.
ReplyDeleteහී..හී.. එයා කෙල්ලෙක්. නිකම්ම කෙල්ලෙක් නෙමෙයි, කුමාරිහාමි කෙනක්, ඉන්නෙ "මැලිබන් හංදියෙ". එයා බස්සොන්ට හරී කැමතියි :))
ReplyDeleteහත් ඉලව්වට ගහපි කලාබරේ කිව්වලු, සෑර් විස්තර හොයන්ට ඇවිත් තියෙන්නෙ වැරදි තැනටනෙ. ඔය බෂ්ෂා වනාහී නිශාචර පක්සියෙක්. අනික් නිශාචර පක්සින් හොරු සහ පොලිස් රාළාමිලාය.
අපේ නැන්දගෙ දොරකොඩ "බක,බක" ගෑවෙත් මූය, වගේ ලියලා දාන්ට. සෑර් මොනවා ලිව්වත් ලස්සනට තියෙයි.
ආ මට කියන්න බැරි උනා නෙව, ප්‍රවීනා කියන්නෙ ඔය උඩින් ඉන්න "පොඩි කුමාරිහාමි" ම තමා.
ReplyDelete