Aug 9, 2011

My Sassy Girl

ඔයාල දෛවය කියලා එකක් තියනවා කියලා විස්වාස කරනවාද? නැහැ කිව්වා, හරි, මං කතාවක් කියන්නම්. බස්සා පොඩිකාලේ බස්සලයි ගෙදර "බ්ලැකී" කියලා බලු නකුටෙක් හිටියා. නෑ, නෑ ඌ "my sweet Milo" වගේ බූල් බෝනික්කෙක් නෙමෙයි, මේ නිකංම නිකං පරයා ඩෝග් කෙනෙක්. දන්නවානෙ, අර
හොම්බ නිකං නරියගෙ වගේ, වලිගෙ රිට වගේ කෙලින් කරන් දඩාවතේ යන ජාතිය, ආන්න ඒ වර්ගෙ තමා. බ්ලැකියා වස කම්මැලියා, ඔය කොහේ හරි වල් ‍ටුවර් එකක් ගහලා ඇවිත්, දවස තිස්සෙම බුදියන එකමයි කලේ. ඒ වගේම මහා නෝන්ජලයා, ඒ වැයික්කියෙ හිටිය කුක්කො පවා, ඌට හයිකාරං පෙන්නුවා. මූ අර රිට වගේ නකුට දෙප‍රැන්ද අස්සෙ ගහගෙන යනවා මිසක් කවදාවත් වලියට ගියේ නෑ. කිසි කෙනෙක්ව හපලා නෑ, ඕන කෙනකුට නකුට වනනවා.

බස්සට දවසක් හිතුනා මූ හපා කන්නෙම නැද්ද කියලා බලන්න. එහෙම හිතලා ඌ බත් කන වෙලාවක බකුසු මූණ කිට්‍ටු කරලා නියවලා ගෙරෙව්වා. අර කාවත් නොකන නොන්ජ්ල් බලු නකුටා, පැන්න ගමන් කෑව බස්සගෙ නහය. ආන්ට බලන්ට, ඒක තමයි දෛවය. බස්සට නියවන්න හිතුනෙත්, බ්ලැකියට හපා කන්ට හිතුනෙත් ඒකයි.

මේ වැල්වටාරම් කිව්වෙ, බල්ලෙක් ගැන නෙමෙයි කෙල්ලෙක් ගැන කියන්නයි. මූණ ලස්සන උනාට ‍රැවටෙන්න එපා, මේක කොච්චි කරලක්. ඒත් එයිට යටින් හරිම සුන්දර බවකුත්, ආදරණීය බවකුත් තියනවා. මේක කොරියන් චිත්‍රපටයක්, නම "My Sassy Girl" . බලන්ට හිනාවෙලා පණ යනවා. පස්සෙ හදපු ඉංග්‍රිසි එකකුත් තියනවා, ඒක නං ජරාවත්, කොරියන් එකේ අහලින්වත් තියන්ට බෑ, ඒ තියා හින්දි වලටත් මේක කොපි කරලා තියනවා.බයිස්කොප් අඩවියේ විස්තරේ තියනවා මෙන්න ලින්ක් එක
http://www.baiscopelk.com/?p=4214

මේක ඇත්තම ආදර කතාවත් කියලයි කියන්නෙ. කොලුවට කෙලීව අහම්බෙන් හම්බු වෙන්නෙ, කෙල්ල කරටි කැඩෙන්න ගහල ඉන්න වෙලාවක (ආන්න කෙල්ලො!). ඉතිං අර හිත හොඳ මෝඩ උලමා යනවා උදව් කරන්ට, හුහ්, ඉතිං කාපන්කො පරිප්පු...

මං බලපු හොඳම, හාස්‍යජනක ආදර කතාව කිව්වත් වැරදි නෑ. ඉංග්‍රිසි සබ් ටයිටල් ෆයිල් එකත් බාගන්ට. මම නං පාවිච්චි කරන්නේ KMP player එක. ඒකට නං ෆයිල් දෙකම drag & drop කරන්න විතරයි තියන්නෙ.



මේ ට්‍රේලර් එක නං සතපහකට වැඩක් නෑ, වෙන හොයාගන්ට එකක් නැති හින්දයි දැම්මෙ.
බස්සා මේකට මෙච්චරම කැමති , ඌත් දන්න කොච්චි කරලක් ඉන්න හින්දද මන්දා...

 
            

3 comments:

  1. පිරිමි කොහොමත් කොච්චි කරල්වලට කැමතිනේ (බයිට් එකට ගන්ට පුලුවන් හන්දා...)

    කෙල්ල කොල්ලාගේ කම්මුල් අතගාන තැනයි, කොල්ලාගේ සපත්තු දාගන දුවන තැනයි තමා ලස්සනම. (ආන්න කෙල්ලෝ...)

    බස්සාගේ බකුසු නහය තාම 'බකුසු' විදියටම ඇතිනේද?......:D

    ReplyDelete
  2. ලංකාවේ මේ ෆිල්ම් එක හොයා ගන්න පුලුව්න්ද දන්නෙ නැහැ, කෝකටත් විපරම් කරල බලන්නම්.

    පොඩි කාලෙ ඉඳලම අනුන්ගෙ ඒවට හොට දාන පුරුද්ද තිබිල නේද? ඒකනේ බ්ලැකියා නහය හපා කාල තියෙන්නේ.

    කව්ද ඔය කොච්චි කරල ඈ......

    ReplyDelete
  3. @පොකු

    බලහල්ලකො මෙයාට ගිය සන්තෝසෙ, කම්මුල අත ගාපු එකයි, ගෑණු සපත්තු දැම්මෙව්ව එකයි දැකලා.හහ්, එව්වා කෙරෙන්නෙ කොරියාවෙ විතරයි, කුමාරිහාමි.

    බස්සගෙ නහය නේද? ඔය යස අගේට තියෙන්නෙ.

    @නීතා
    හොය හොයා ඉන්න දෙයක් නෑ, බාගන්ට සබ් ටයිටල් එක්කම. ඔය තියෙන්නෙ ලින්ක් එක.

    හුහ්, එව්වා මෙව්වට නෙමෙයි, කෙලින්ම බ්ලැකියගෙ බත් පංගුවටයි හොට දැම්මෙ :)
    කොච්චි කරල නේද? ඒ අර චීන පටස් එකම තමා.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code