Nov 24, 2011

අපිත් සිංහ වංසෙ.....



පහුගිය දොහක බැස්සිත් එක්ක කතාවක් දාහෙන ඉන්නකොට, කියපි ඔයා හරි chicken කියලා. ඕක සිංහල හැරෙව්වොත් "ඔයා හරි කුකුලා" වෙනවා. එතකොට එන්නෙ වැරදි අදහසක් නෙව. හරි, අපි කා ගාවත් පොඩි "කුකුල්" ගතියක් නෑ, කියලා මං කියන්නෙ නෑ. Wikipedia එකේ chicken අර්ථදක්වල තියෙන්නෙ මෙහෙමයි "a domesticated fowl.". ඒ කියන්නෙ එයා සැවුළ් පවුලෙ කෙනක්. ඔය ලොකුවට හිතාගෙන හිටියට මොනරු, හංසයො,පාත්තයො ඔක්කොම ඒ පවුලෙ තමා :)). ඒ වගේම බවලත් උදවියට "ගිනි කිකිලි" කිව්වොත් ඒකෙන් එන්නෙත් වෙනත් අදහසක්.

 ඔය කුකුල් කතාව ඇදිලා ආවෙ, එයා අහපු දේකට මං ටිකක් අදිමදි කලා කියලයි. හහ්,"chicken" කිව්වා කියලා, හිතේ ඇති අපි අහුවෙයි කියලා. මං නං කියන්නෙ, හැම මිනිහෙක් තුලම, කුකුලෙක්, හරකෙක් සහ සිංහයෙක් ඉන්නව කියලයි


                

12 comments:

  1. හැම මිනිහෙක් තුලම, කුකුළෙක්, සිංහයෙක් කෙසේවෙතත් හරකෙක් නං ඉන්නවා අනිවා ඩෙෆා.. නැත්තං අපි ගොන් වැඩ කරයියැ බං.. ඔය චිකන් කතාවලට අහුවෙන්නෙපා, මායමක් දාලා වැඩේ කොරගන්ටයි තනන්නෙ.. :)

    ReplyDelete
  2. ඔන්න මං නං බූරාගේ කතාවට ඉතින් 200% එකඟයි. යාන්තම් ඉඳලා, ඉඳලා, ඉඳලා, ඉඳලා, බූරා ඇත්ත කතාවක් කියලා...:D

    බැස්සි උනත් ස්ත්‍රී පක්ෂේ කෙනෙක්නේ. ඕවට රැවටෙනවා එහෙම නෙමෙයි බස්සෝ....:D:D

    ReplyDelete
  3. හපොයි, 2012 ලෝක විනාසෙ වෙනවා කියලා තියෙන්නෙ බොරු නෙ‍වෙයි එහෙනං.. මෙන්න මේ උන්දැ මම කියපු දේකට 200% එකඟ වෙලා.. :D

    ReplyDelete
  4. අනේ ඇත්තමයි ඉඳල හිටල ඇත්තත් කියනවා නේද :))))))

    ReplyDelete
  5. ඔය මොකක් හිටියත් උන්ගෙන් හරියට වැඩගන්න නම් නරියෙකුත් ඉන්න ඕනේ! :D

    ReplyDelete
  6. බස්සෙක් සිංහ වංශේ කියලා ඇහුවේ අදමයි.

    ReplyDelete
  7. @Neetha,

    ඒකනෙ, බලාන්ටකො.. මං මේ දැක්කමයි පොකු ඇත්තක් කියනවා.. :p

    ReplyDelete
  8. @ Buratheno,

    අනේ මම නම් කිව්වේ බස්සට... :))))))

    ReplyDelete
  9. //කෙසේවෙතත් හරකෙක් නං ඉන්නවා අනිවා ඩෙෆා.. නැත්තං අපි ගොන් වැඩ කරයියැ බං.//

    මම ඇත්ත කීවේ මෙන්න මේක හොඳේ....:D:D:D

    ReplyDelete
  10. හපොයි මයෙ කට කහනවෝ, මේවට උත්තර දෙන්ට ගොහිං මොනා මොනා කියැවෙයිද දන්නෑ.. ඒ නිසා මොකුත් නොකියාම ඉන්නං.. :0)

    ReplyDelete
  11. @බුරා
    සහතික ඇත්ත. හරක් කතාවට නං 100% එකඟයි :))

    @ පොකු, නීතා
    ඔය බුරා උත්තර දීලා තියන්නෙ:))

    @ සමනලී
    සිංහයා කැලේ රජා නෙව, බය නෑ කිසිදේකට. ඒහෙම කිව්වෙ chicken නෙමෙය් කියලා කියන්නයි

    ReplyDelete
  12. මං හිතන් හිටියේ මේක ලියන්නේ බස්සෙක් විතරයි කියල.
    දැන් බලන් යනකොට සත්තු වත්තක්නේ!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code