Feb 8, 2012

Part-time Lovers

We are undercover passion on the run
 Chasing love, up against the sun
We are strangers by day, lovers by night
Knowing its so wrong, but feeling so right

I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers




මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අඳුනන බළලෙක් කියපු කතාවක් ." මචං බෂ්ෂො, හොරා කන්න නං පුරුදු වෙන්න එපා. හැබැයි එක එක සැරයක් හොරා කෑවොත්, මඟුල් මේසයක් ඇරලා දුන්නත්, කුස්සියට පැනලා හැලිවලං පෙරල ගෙන කනවා මිසක්, වැදගත් විදිහට කනවා නං බොරු".සිංදුවෙ " Knowing its so wrong, but feeling so right " කියලා කියන්නෙ ඒකනෙ.

මේ අසම්මත ප්‍රේම කතා මෙච්චර රසවත් ඇයි? රසයත් සමඟ එන, අවදානම එයට උත්ප්‍රේරකයක් වෙන නිසාද?

හොරා කාපු කිසිම බළලෙක් ඇත්ත කියන්නෙ නෑ, ඒත් හොඳින් බැලුවොත්, ‍රැව්ල් ගස් අතරි ගෑවිච්ච දැලි පේනවා.ගිය සතියෙ අපේ ටීම් ලීඩර් කෙනෙක් කියුබා ගියා වැකේෂන් එකට. මිනිහගෙ පැටිකිරිය දන්න අය නං කිව්වෙ, එයා තනියම ගියේ කියුබා සුරුට්‍ටු බොන්නම විතරක් නෙමයි කියලයි. වැඩේ කියන්නෙ, කොච්චරවත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ මුඩ් ගහලා හිටපු හාදයා ආපහු ආවෙ , චන්දෙ කිට්‍ටු වෙච්ච අපේ දේසපාලු උන්නැගේ කෙනෙක් වගේ ප්‍රිය මනාපවයි. උන්දෑ මොල් කලන්තෙටත් බේත් කරගන්ට ඇති!

ගතානුගතිකව, කො‍ටු පැනීම, පිරිමින්ට විශේෂ වෙච්ච වරප්‍රසාදයක් විදිහටයි සැලකෙන්නෙ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතියෙ. ඒත්, වැඩේ කියන්නෙ මේ කිසිම පිරිමියෙක්ට තමන්ගෙ භාර්‍යාව ඒකට එකට එක කලොත් එය විඳ දරාගන්ට බෑ. මං මේවා දැකලා අහල තියනවා.ඒත් එහෙම කියලා ගෑණු අහිංසකයි කියලා මං කියන්නේ නෑ, මොකද පිරිමිටත් වඩා කිසිම හර්ද සාක්ෂියක් නැති විදිහට වැඩකරන්න දක්ෂ ගෑණු නිසා :p .



I've got something that I must tell
Last night someone rang our doorbell
And it was not you my part-time lover
And then a man called our exchange
But didn't want to leave his name
I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers
But, she and he, part-time lovers


චැහ්! මේව්වයෙ හරි වැරදි අහගන්ට අපේ ස'(ර්)ප්‍රියා වත් මේ සාවියට එන්නෙ නෑනෙ. ඒත් ජීවිත කාලයක් අපට පොවලා, දැන් අර‍ටු බැහැපු "හරි මඟේ" වරදකාරී හැඟීම, මේ සමාජයේ "සාමාන්‍ය" දෙයක් වන හොරා කෑමේ නිදහස සමඟ ඉඳලා හිටලාවත් සටන් කරන්නෙ නෑ කිව්වොත්, ඒක ඇත්ත නෙමෙයි.

බඩගිනි වෙලා මා ගිය කල කැන්ටිමට
රස කෑමක් ආවයි මගෙ ඉදිරියට
නහය ලඟින් ගෑවී ගෙනගිය කලට
කන්දෝ, නොකන්දෝ කියලා සිතුනි මට

නිකං බොරු කියන්නෙ මොකටද අපිත් හොරා කාල තියනවා. අපේ ගමේ අල්ලපු වත්තේ, පංසල් වත්තෙ පොල් ගස්, තැඹිලි ගස් වලින් ඇහැව්වොත් ඒවට සාක්කි කියයි.

මේ සිංදුවෙන් කියවෙන්නෙ නං අසම්මත ප්‍රේමයක්,  නැහ්නම් කො‍ටු පැනිල්ලක් පිළිබඳ කතාවකුයි. ඒත් අසම්මතත් නැති, සම්මතත් නැති ප්‍රේම කතාවකුත් තියෙන්න පුළුවනිද? ඇයි බැරි සුදු සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාව. එතකොට සුදු මහත්තයක් පැන්නෙ කො‍ටුද? නැත්නම් අබංක කුසුමගෙ අයියට අහුවුනාම සුදු මහත්තයා ආත-බුත කඩාගෙන දිව්වෙ ඇයි? කව්ද දන්නෙ , "පරම්පරාවෙ නම්බුව ‍‍රැකගන්ට , මලයණ්ඩි" කියලා කවුරුහරි කිව්ව වත්දෑ කියලා? 
මට නං හිතෙන්නෙ සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාවට ගැලපෙන්නෙ මේ සිංදුව කියලා: 
 

        


මේ ඒක නෙමෙයි , ඔහෙලටත් ඔය " part-time love " වගේ දේවල් වෙලා තියෙනවද? නෑ මං මේ කිව්වෙ, ඔය නිකං මේ ඉන්නවා, මේ නෑ වගේ හැඟීමක් එන එව්වා.


මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හින්දා

12 comments:

  1. උඹ කියපු කතාව මට තේරුණේ නෑ... හැබැයි ස්ටීවි වොන්ඩර් මහත්තයගෙ සින්දුවනම් හෙන පුංචි කාලෙ රූපවාහිනියෙ කල් මරන්න (අර ඇඩ් වැඩිය නැති කාලෙ) දාපු දවස්වල ඉඳන් හෙන ආසාවෙන් අහපු සින්දුවක්!

    ReplyDelete
  2. @හරේ
    හුටා! පුදන කොටම කාපි යකා කිව්වලු. ඇයි බොල , මං තාම මේක ටයි කරලවත් ඉවර නෑනෙ :D

    ReplyDelete
  3. මේක සිංහලෙන් ලීවොත් මොකද වෙන්නේ? :D

    ReplyDelete
  4. මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා............ ;)

    ReplyDelete
  5. මුනිවත හොඳයි
    තේරෙන්නේ නැති හන්දා....:D

    ReplyDelete
  6. @පොකු
    අනේ බෑ. මගෙ සිංහල ටිකක් අප්සෙට්නෙ, ඔය දන්න හිංගලෙන් තමා ලියල තියෙන්නෙ ;D

    @ බුරා
    අනිවා, ඩෙෆා :D

    ReplyDelete
  7. මේ ඉන්නවා මේ නෑ? ඇයි මැජික් ෂෝ එකක්ද ?!

    ReplyDelete
  8. @ අමා
    බොලේ මේ අර කාටද කුඩේ කුඩුවෙන්ට ගහපු "අපූරු" නෝනෙ නේද? කුඩේ කුඩු උනාට පස්සෙ අළුත් කුඩයක් ගත්තාද?
    ඔහෙට කියන්ට නෝනෙ, මේකත් එක්තරා මැජික් එකක් තමා.

    ReplyDelete
  9. අනේ මන්ද ..හොරෙන් කනකොට රස වැඩි ඇති . හැබැයි වැඩේ ගැස්සුනොත් කුම්බලා කාපු බලල වගේ තමයි ඉන්න වෙන්නේ .

    ReplyDelete
  10. හපොයි මට ගොඩක් කට්ටියගෙ පෝස්ට් මිස් වෙලා නෙව... වස වැරැද්දයි වෙලා තියෙන්නෙ.... බස්සයිය උදාහරණෙට අරං තියෙන්නෙ මං දන්න දෙන්නෙක් නෙව... ඒ හන්දයි මෙහෙම ලියන්නෙ...නැතුව තාමත් ජීවතුන් අතර ඉන්න ඒ දෙන්නට අපහාසයක් කරනව හෙම නෙවෙයි ඕං... මේ අබංක කුසුමයි සුදුමහත්තයගෙයි කතාව බොහෙම කාලාන්තරයක් තිස්සෙ ඇදෙන එකක් අයියෙ....දෙන්නගෙ ඇති නැති පරතරේ ඒ කාලෙ නං බොහොම වැඩියි...ගැටිස්සි කාලෙ පටං ගත්තට මොකෝ අන්තිමට දීග යන්ඩ වුනේ සාමාන්‍ය ගැමියෙක් එක්ක නෙව... සුදු මහත්තය කොළඹ ඉගෙන ගන්ඩ ගියා ... කුසුම දීගෙක ගියා... ඒත් කොහොමිං හරි මේ සම්බන්දෙත් පැවතුණාලු...මේ ගැන තරහ ගිය කුසුමගෙ මනුස්සය කුසුමට දීපු දඩුවම ඔයාලට හිතාගන්ඩවත් බැරි, මට මෙතන විස්තර කරන්ඩවත් බැරි එකක්....එහෙම වෙලත් මේ සම්බන්දෙ පැවතුනා... කාලෙකට පස්සෙ කුසුමට කරදඩු උස් මහත් වෙච්ච දරුවො දෙන්නෙක් ඉන්න කාලෙ සුදුමහත්තයගෙ කසාදෙ කෙරුණෙ... වැඩි ආයුසක් තිබුණෙ නෑ.... මනමාලිට යන්ඩ වෙන තැනට වැඩ කෙරුවෙ කුසුම කියල ගමේ කතා වුනා.... මේ කතාව ඇත්තම එකක් වීම හා මම අහපු ඔයාලට දැන ගන්ඩ මට කියන්ඩ බැරි දේවල් ගොඩක් තියෙන නිසා පෞද්ගලිකව මට නං මේක අවංක ආදරයක් කියල හිතෙන්නෙ නෑ... හැබැයි ඒක කොටු පැනිල්ලකුත් නෙවෙයි අයියෙ... කොටු පනින්නෙ බයෙන් නෙ... කෙනෙක් දැක්කොත් මොනව වෙයිද කියල.. මෙතන එහෙම දෙයක් නෑ.... ගමම දන්නව දෙන්න ගැන... එක අතකට මම කවුද ඒ අයගෙ ජීවිතවල අභ්‍යන්තරයට එබිල බලන්ඩ?? එයාලව විවේචනය කරන්ඩ මට තියෙන අයිතිය මොකද්ද?? මෙහෙම මගේ හෘද සාක්ෂිය මට විරිත්තන නිසා මං නවත්තනව.... මං තියන්ඩ හැදුවෙ මොකද්ද කියල පැහැදිලි නැත්තං සමා වෙන්ඩ ඕනැ....

    ReplyDelete
  11. @හංසකිංකිනි
    සමාවෙන්න උත්තර දෙන්න පරක්කු වුනාට. මං දැනන් හිටියෙ නෑනෙ , නඟා මේ කතාව ගැන මෙච්චර විස්තර දන්නවා කියලා. මට නං හිතෙන්නෙ මේක ලෝකල් Wuthering Heights කතාව කියලයි. එක්කෙනෙක් ඉහල සමාජයේ,අනෙකා පහල, දෙන්නට කවදාවත් සම්මත විදිහට එකතු වෙන්න බෑ. දෙන්නම තමන් ආදරය නොකරන දෙන්නෙක් බඳිනවා. ඒත් ඒ අතරින අසම්මත උනත් සදාකාලික ආදරයක් ගලාගෙන යනවා. "එයාලව විවේචනය කරන්ඩ මට තියෙන අයිතිය මොකද්ද?" සහතික ඇත්ත.

    ReplyDelete
  12. @ Bindi
    බලල නෙමයි නෝනෝ බළලා, බළලා..:D

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code