Mar 22, 2012

අඳුනා ගත්තොත් ඔබ මා........

අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි 
ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.


ඕන්න ඔතනදි තමයි, අපි සීන් එකට එන්නෙ. අපෙ ජීවිතේ සහජයෙන්ම 100% සොභාව ධර්මයට අනුකුල නිසා, එයා අපිට බොහොම හිතවත් උනා. පේනව නේද වටේ සාවධානව ඉඳගෙන දර්ශණය හදාරණ අපේ කස්ටිය?

එව්වා ඇරිච්චාවෙකො, අර ලන්තෑරුම තියනව නේද? ඕක පත්තු කරගෙන එයා , දවසක් මහ දවාලෙ කාවද හෙව්වා. මිනිස්සු ඇහැව්වාම කිව්වෙ, " මං මේ අබංක කුසුමව හොයනවා " කියලයි. ඔහෙලා හිතන්නෙ හම්බ උනා කියලද? නෑ.

එහෙම "අබංක කුසුමව" හොයාපු තව හාදයෙකුට වෙච්ච සංතෑසියක් මේ:






විලියොං කියලා සුද්දෙක් කිව්වලු " ලෝකය රඟ මඩලකි, අපි එහි නළුවෝ වෙමු" කියලා. එක අතකට අනුන්ගෙ වැරදි හොයන්නෙ කොහොමද, අපිත් කරන්නෙ, අපේ කොටස රඟපාන එක කොට?

මේක මට කිව්වෙ, ඒරොප්පෙ ඉහල විබාග පාස් කොරලා, ඉහල රස්සාවක් කරලා, පවුලේ යුතුකං හොඳින් කරපු, ඒත් පසු කාලෙක ආරථික අවපාතෙට අහුවෙලා වැටිලා හිටපු මහත්තයෙක්" ටොමියො, මිනිසුන්ගෙ හැටි සුබාව තේරුං ගන්ට නං අපි වැටෙන්න ඕනෙ. එතකොට පිට එවුන් කොහොම වෙතත්, තමන්ගෙම පවුලෙ අයත් අපි දිහා බලන්නෙ හරියට අත පල්ලෙන් වැටිච්ච ගානටයි" කියලා.

ඒත් බලාපොරොත්තු අත අරින්න එපා. මොකද බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ඒ වගේම කව්ද දන්නෙ මෙන්න මෙහෙම අවංකවම කියන්න පුළුවන් කෙනෙක් ලැබෙයිද කියලා?   :D


7 comments:

  1. ඩයෝජිනිස් නං හිටියයි කියන්නෙ බාල්දියක.. ඔය අබංක කුසුමලත් හරි කැමැතියි බාල්දි වලට.. බාල්දි පෙරලන්ටත් දන්නවා මයෙ හිතේ.. :D

    ReplyDelete
  2. අර සින්දුව නම් මාර ලස්සනයි. :D

    ReplyDelete
  3. ඇයි අබංක කුසුමා ගැන ම ලියන්නේ?
    පලි: අර Diogenes of Sinope නම් කියුට් පාටයි

    ReplyDelete
  4. හැබෑට ඇයි මේ අබංක කුසුමා ගැනම ලියන්නේ? වෙන කුසුමලා නැද්ද?:D:D:D

    ReplyDelete
  5. අබංක නෙවෙයි අපේ අබක්ක.. අබක්ක කුසුම..

    ReplyDelete
  6. @බුරා
    ආයි අහල, ඇයි ලන්තෑරුම්? එව්වාත් පෙරලලා හිනි තියන්න තමා වඩාත්ම කැමති ;D

    @ පොකු & අමා
    මොකද මන්දා, හරි වැරද්ද කෙසේ වෙතත් අබංක කුසුමා මං කැමතිම චරිතයක්. ඩයෝජිනිස් නං කියුට් තමා, අහන්නත් දෙයක්ද එයා ග්‍රීක් නෙ. එයාත් FB එකේ ඉන්නවද දන් නෑ? රික්වෙස්ට් එකක් යවල බැලුව නං ;D

    @ කිංකිනි
    හුටා! අබංක නෙමෙයිද? මං හිතුවෙ අවංක කියන එක වරද්දලා ලිව්ව කියලයි. ඇයි අබක්ක කියන්නෙ?

    ReplyDelete
  7. අය්යෝ මම නම් කිව්ට් කොල්ලන්ට රික්වෙස්ට් දාන්නේ නෑ හික්ස්

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code