Apr 22, 2012

The Machine is Us

තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සු‍රැකීම වගේ.


මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :)) 


ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.
                                


ලොකුවට ඕනෙ නෑ, ඔය හීනියට HTML ටිකක් ඉගෙන ගත්තොත් නරකද? දැං ඔහෙලා කියාවි WYSIWYG නැහ්නං what you see is what you get එඩිටර් එකක් Blogger දීලා තියෙන කොට HTML ඉගෙන ගෙන වරිගෙ නහ ගන්නෙ මොන ඇන්නෑවකටද කියලා? හරි ඔය එඩිටර් එකේ දීලා තියන පහසුකං වලිනුත් කීයෙන් කීයද අපි පාවිච්චි කරන්නෙ? simplicity is the real beauty කියන එකට මාත් එකඟ වෙනවා, ඒත් අවශ්‍ය තැන් වල ඔය පාට අකුරු ටිකක් දාලා ඔය කවියක වගේ කැපී පේන්න ඕනෙ තැනක Italic font එකක් පාවිච්චි කලාට මොනව වෙනවද? අනික, දැං බලාන්ට
Blogger comment box එක, ඒකෙ WYSIWYG නෑ, එත් HTML පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි ඒකෙ ඔක්කොම HTML tags පාවිච්චි කරන්න බෑ.


එයිනුත් වැඩියම ප්‍රයෝජන එක තමා:

< a href="වෙබ් ඇඩ්‍රස් එක">පේන්න තියෙන වාක්‍යය<a/>



කියන එක. වැඩි විස්තර මෙතනින් බලා ගන්ට මෙතනට කොටන්න.


Word-press blog comment box එකේ නං මීට වඩා tags support කරනවා. ඒත් උන්න හැටියට මලා මඳැයි කියලා මේ ටිකවත් ඉගෙන ගෙන ඉමු නේද? :))


13 comments:

  1. හැමෝගේම සුබ සෙත, යහපත සඳා මෙවැනි පෝස්ටූ පල කිරීම කෙතරම් යහපත් ක්‍රියාවක්ද?

    මේ පිනෙන් වැඩි වැඩියෙන් චෙරීස්, සහ බෙරීස් කෑමේ වාසනාව ලැබේවා!!! :)

    ReplyDelete
  2. මට මතක්වෙනවා ඒ කාලෙ notepad එකේ html tags type කර කර internet explorer වලින් page එක open කරලා හරි-වැරැදි ටෙස්ට් කර කර web design කරපු හැටි.. අපි ආන්න එහෙම දුක් මහන්සියෙන් තමා ඉගෙනගත්තෙ.. බොලාට වගේ අපට WYSIWYG editors තිබ්බෙ නෑ.. බොලාට කියන්න අපි C++ කෝඩින් කලේ DOS editor එකේ, compile කලේ DOS command prompt එකේ, අයියෝ ඒව මතක් වෙනකොට ඇඩෙනවා..

    ReplyDelete
  3. මන් ඕවා මුකුත් නොදනී . බුරෝ අපේ බනිලයි තාත්තා ඔයා වගේ තමයි ඉගෙන ගෙන තියෙන්නේ . කැම්පස් යන්න කලින් එයා කලම්බු කැම්පස් එකේ වැඩ කළා . ඔන්න ඒ කාලේ තමයි ඔහොම අතපත ගාල කම්පියුටර ඉගෙන ගෙන තියෙන්නේ . එව්වට උන තියෙන්න ඕනේ . මට ඔය තාක්ෂණ උන ඒ කියන්නේ ජානය පිහිටලා නැහැනේ .

    ReplyDelete
  4. බූරා වයස කීයද?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. බලමු ආයි චැක් කරලා

    මාත් ආසම සබ්ජෙක්ට් එකක් තමා ඕක. ඉගෙන ගන්න ගියා. ඒත් අල්ලගන්න අමාරු උනා. ලාංකීය සිතිවිලි වල වැඩ කරන කාලේ දවසක් වැප්නි සාන්තයා "ටික ටික හරි ඉගෙන ගනිං යකෝ... අපිටම වද දෙන්නැතුව...!" කියලා බලෙන්ම උගන්නන්න ගියා. ඒත් අනිත් දේවල් අහුවෙනවා වගේ මට මේක අහුඋනේ නෑ. ගුරා සිරා උනාට මට දිරවගන්න බැරි උනා?

    හැබැයි මේක නං දිරවගන්න පුලුවන් උනා. ඉස්සර කමෙන්ට් වල ලින්ක් දාද්දි යූආර්ඇල් එක නිකම්ම පේස්ට් කරනවා.

    බස්සාටයි මේ සයිට් එකේ අයිතිකරුවටයි ස්තුති වෙන්ඩ දැං ඒ කරදර නෑ. ස්තුතියි බස්සා!. අවුරුදු දෙකක් බ්ලොග් ලියලත් අදයි මම මේක ඉගෙන ගන්තේ. මෙන්න බස්සට මගෙනුත් පොඩි මෙව්වා එකක්!

    ReplyDelete
  7. ලින්ක් එක මේවවා වෙන්නෙ නෑ

    ReplyDelete
  8. @ බුද්ධි,

    උඹේ http://content.contentthatworks.com/images_articles/2010/jobs/jobs_20101019_thanks_banner.jpg/ කියන
    URL එකේ ප්‍රශ්නයක් තියෙනවා.. http://content.contentthatworks.com/ කියලා තියෙන්න බෑ, ඒ තියෙන්නෙ server එකේ PHP content page එක.. හරිවිදියට නං ඕක http://www.contentthatworks.com වෙන්න ඕන.. හැබැයි එහෙම ගියාම අර කියන jpg image එකක් නෑ කියනවා.. :s

    ReplyDelete
  9. ජපං හයිකු කවියක් ග්‍රීක් බාසාවෙන් තේරුං කරද්දි මට ඔයිට වඩා තේරුං ගියා. ඒත් ස්තුතියි බූරා උදව්වෙන්ඩ ආ එකට.

    බූරා උඹගෙ යාලුවා උත්සාහය අත ඇරියේ නෑ. වෙද මහත්තයගේ එකේ දැම්මා ඔයින් කොමෙන්ටුවක්. ඔය වැඩ කරන්නෙ නිල් කෑටේට ඒක නං.....

    ReplyDelete
  10. ඒක තමා මං කියන්නෙ.. කලින් ලින්ක් එකේ URL එකේ වැරැද්දක් තියෙනවා..

    ReplyDelete
  11. බස්සෝ!!! මොනවද අර බුද්ධි ඔයාට දීලා ගිහින් තියෙන්නේ? :D:D:D

    ReplyDelete
  12. කුමාරිහාමි,

    බලන්ඩකො, කවද හරි මම තමා බස්සා සර්ගෙ හොදම ගෝලයා වෙන්නෙ.... ඉගෙන ගෙන පැයක් යන්න කලින් කමෙන්ට් වලින් ලින්ක් දෙකක් දැම්මා කෙහෙල්කොටුවට.... හැක් හැක්....

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code