Jun 10, 2012

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..




මං මේ  උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු  තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.
" මොකද මචෝ, නිකං අප්සැට් මූඩ් එකේ. උඹ ආයෙ දාගත්තද වලියක්?"
" මං දාගත්ත වලියක් නෑ. පලමු වෙඩිල්ල තිබ්බෙ එහා පැත්තෙන්"
"හෑ, උඹ යුද්දෙට වත් ගියා වත්දෑ?"
" නෑ, මං කියන්නෙ. මට අනිවාරතේ දොස් කියනව. එක වංගියක්  ෆෝන් එකේ  කන්ටැක්ස්  මකා ගත්තා කියලා මාව කෑව.මේ වංගියෙ  බ්ලොග් එකේ ඇඳුම මාරු කරා කියලා"
" ඉතිං මොකටද උඹ ඔය  ඕන්නැති වැඩ කරන්න ගියෙ"
" මං ඔය ටින්කරින් වැඩ වලට කැමති හාදයා වෙච්චි. ඉතිං  පොඩි පොඩි හදිසි අනතුරු වෙන එක වලක්වන්ට පුළුවනියෑ"
"එකත් හැබෑ තමයි. උඹ කොහොමත් ටින්කරින් බාස් නොවැ. මං අහල තියෙන්නෙ, ඔය උඹ වගේ ගෙදර දොරේ වැඩ පල තමන්ම කරගන්න දන්න අයට, ඒරොප්පෙ හොඳ ඉල්ලුමක් තියනවා කියලයි"
"උඹ මේ ඉල්ලුමක් ගැන කියනවා. මං මේ මගේ  ත‍ටු සැට් එක බේරගන්ට හැටි කල්පනා කරනවා"
" ඔව්ව වැඩිය හිතට ගන්ට එපා. අර එන එන විදිහට ගහ උලු වස්සා කියල හිටහං. දැං වලිය ඉවරද?"
"ඔව්. යාන්තං ඉවරයි :D"                  
                

11 comments:

  1. බස්සා මාර විදියට ඇඳුම් මාරු කරන්නේ. ඒත් මාර ලස්සනයි.

    ඒරොප්පේ දැන් ආර්ථිකේ කඩන් වැටිලලු තමා. එහාට ටින්කරින් බාස්ලා ඕනේ කරන්නේ, කැඩිච්ච, බිඳිච්ච තැන් හදලා, ආර්ථිකේට තීන්ත පාරක් කාරිය ගාගන්ට වෙන්ටැති.

    ඒ පැත්තේ ගියොත් ඉක්මණින් තටු ගලවගෙනම එන්ට පුලුවන් වෙයි. ට්‍රයි එකක් දීලා බලන්ට.:D

    ReplyDelete
    Replies
    1. @ පොකු
      නොනෝ මං මේ ටොමියා - අර කූ කූ ටොමියා. ;p
      දැං ඔහේගෙත් බාසාව හරි දියුණුයි නොවැ :)

      @ මීයා
      හප්පේ මීයෙක් දැක්ක කල්! ඔහේට බඩගිනිද? බත් හැලියත් ඉදිලා නං, ආයි අහවල් එකටෑ බල, බල ඉන්නෙ? කොටාබාන එක නෙව තියෙන්නෙ :D

      Delete
  2. අර පින්තූරේ ඉන්නේ බසු අය්යද? දුකේ බෑ. :)))

    ReplyDelete
    Replies
    1. ඔව්, වොව් එයා තමා. පේනවනෙ සසර කලකිරිලා ඉන්න හැටි?

      Delete
  3. මේක පට්ට පරණ සිත්තරපටි සිංදුවක් නෙවැ.. බලලා තියේයැ මේ සිත්තරපටිය..??

    ReplyDelete
    Replies
    1. සිංදුව නං ලස්සනයි. සිත්තරපටියත් ඒවගේම ලස්සනද? YouTube එකේ හොයන්න ඕනෙ තියනවද කියලා

      Delete
    2. සිත්තරපටියෙ නම 'සිකුරු තරුව' (1963).. නාරද දිසාසේකර බොහොම ජනප්‍රිය වෙච්චි කාලෙ නෙවැ.. හොයාලා බලන්ට, හැබැයි මම හිතන්නෙ නෑ මේක තියෙයි කියලා නං..

      Delete
  4. අදමයි ආවේ. ලස්සන බ්ලොග් එකක්නේ.:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. අර ප්‍රොෆයිල් එකේ කියක තියෙන්නෙ කතා ටිකක් කියවල බලන්න කියල. කොහේද හැබෑටම එව්වා තියෙන්නෙ? :)

      Delete
  5. // වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
    යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ.. //

    හරි දුක හිතෙනවා මේ සින්දුවට . දුක සැප වගේම තමා ලෝක ස්වභාවය. ගස්වල කොල වැටෙනවා + දලු දානවා. පායනවා + වහිනවා. මල් පිපෙනවා + පරවෙනවා ....

    අර අලුත් පිංතූරෙනම් හරිම ලස්සනයි බස්සෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මටත් වින්ටර් එකට පස්සෙ ගහකොල දළු දාන කොට ඕක මතක් වෙනවා. පුදුම හදිස්සියකින් තමයි කොල, මල්, ගෙඩි එන්නෙ. එත් ආයෙ කොල හැලුනම ඒක අවසානය නෙමෙයි, අළුත් වසන්තයකට සූදානං වීමක්

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code