Jun 17, 2012

Photoshop Basix

මේ බ්‍රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?

ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?


 " ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැ‍ටුනා වත්දෑ?

" මොන පිස්සුද, බලු රාළේ. එහෙම දිව්වෙ ඉස්සර උඹලෑ රටේ හිටිය හාවො. මං බ්‍රසිලියන් හාවෙක්"
" හරි මොන සිලියන් උනත් , උඹත් දුවනවා නෙව. දඩයක් කාරයො පස්සෙන් පන්නවා වත්ද?"
 " දඩයක්කාරියක්. මේ ලඟදි 'රියෝ" වලට ගොඩ බැහැල. 'කියුට්' හාවෙකුටවත් පාඩුවෙ ඉන්න නෑ. අහුවුනොත් ඉතිං'ක්ලොරෆෝම්' සාත්තුව තමයි. උඹත් දුවපාආආං..." කිය, කිය ඌ දිව්වා.


ඔය හාවට අන්දලා තියෙන්නෙ "රියෝ" වල ඉන්න කස්ටියක්, Photoshop වලින්.හා, හාවව පැත්තක තියලා ආපු වැඩේ ගැන කතා කරමුකො. Adobe Photoshop වලට තරඟයක් දෙන්න තරම් වෙන විකල්පයක් තවම නෑ කිව්වොත්, ඒක අතිශයොක්තියක් නෙමෙයි. අපේ සුප්‍රසිද්ධ ශ්‍රී ලාආආ..ආංකේය පුරුද්ද වන monkey business ක්‍රමේ, මේක ඉගෙන ගන්න එච්චරම ගැලපෙන්නෙ නෑ. මේ වැඩේට ඕනෙ කරන මූලික දැනුම ඔය පහල තියෙන සයිට් එකෙන් ගන්ට පුළුවනි. ඔක්කොම කෙටි video tutorials ඔහේ play වෙන්න ඇරලා බලාගෙන ඉන්න එකයි ඇත්තෙ. 




මේ අනික් පිංතූර නං දැම්මෙ, කස්ටියට උනන්දුව ඇතිවෙන්නයි :)

7 comments:

  1. කෙළඹි පුත්‍රයානන් වහන්ස,සමාවී වදාරණ සේක්වා!. පොස්‍ටුව, එව්වා මෙව්වා කිරීමට ගොස් ඔබවහන්සේගේ කොමෙන්‍ටුවට කෙලවිය

    මෙන්න එය ගෙඩිපිටින්ම :

    Bura wrote
    "ඔහේ ප්ලේ වෙන්න ඇරලා බලාන හිටියම කොහොමද බොල ඉගෙනගන්නෙ..!!?? බැරි මරගාතෙ හරි ඒව කොරාන්ට ට්‍රයි එකක් දෙන්ට ඕන.. එතකොටයි හරියන්නෙ.. :) අපට ඒ කාලෙ, ඒ කියන්නෙ දැනට අවුරුදු 10-12කට කලින් ඔය යූ-ටියුබ් වීඩියෝ තිබුනෙ නැත.. අපි ‍පොටෝසාප්පුව ඉගෙනගත්තෙ හෙල්ප් ෆයිල්ස් කියවලා වැරැදි වැරැදි හෝ ඒවා කරන ගමනුයි.."

    ReplyDelete
    Replies
    1. ඈ බොල.. මාත් මේ තකහනියක්ම ආපහු ආවෙ මොකදෑ මේ එකම පෝස්ට් එක ආයෙ ආයෙ පබිලිස් වෙන්නෙ බලාන්ට.. මේ පෝස්ට් එකේ දළු දානවදෑ..??

      Delete
  2. නෑ, නෑ සෑර්. එඩිට් කරනවා නෙව. අපෙන් වෙන්න ඕනෙ , "යුතුකං" කියලා ජාතියකුත් තියෙනවා නෙව. ඇදල ඇරියා හීනියට :)

    ReplyDelete
  3. සෑර් මේ බණ කතාකරනවා. රොස් නොකර බතක්, මාලුවක් තම්බ ගන්ට බෑ. පොටෝසාප්පුම ඉගෙන ගනී, හැලුප් ෆයිල් බලල?

    ReplyDelete
  4. පොටෝසොප් පැත්තක තියහංකෝ.... දැන් කව්ද මේ බ්ලොග්එක ලියන්නෙ ටොමියද? එතකොට බස්සා කව්ද,

    දෙන්නම එක්නෙක්ද?

    එමෙහ උනොත් බල්ලෙක්, බස්සෙක් විදිහට ලියන එකම බ්ලොග් එක මේක වෙනවා?

    වෛද්‍යාචාර්ය තුමනි මට පිළිතුරක් ලබා දෙන්න.

    ReplyDelete
  5. ආයි මොකටෑ පැටිකිරිය හොයන්නෙ? බළලා මැටියෙන් වුනාට මොකෑ, මීයො අල්ලනව නං? බ්ලොග් එක බස්සගෙ. මේක හවුල් ව්‍යාපාරයක් නෙව. බලහංකො අර පොර-ෆයිල් එක :D

    ඇයි රාළේ, අර වෙද මහත්තයට පාඩුවෙ ඉන්න දීපංකො, එයාට වෙන වැඩ නැතුවද? :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code