Jul 17, 2012

පාරාදීසය


හැමෝටම තමන්ගෙ ගතවුනු කාලය ගැන සොඳුරු මතකයක් තියනවා නේ.
මටත් එහෙමම තමා.

 


මේක දැක්කාම මට මතක් වෙන්නෙ එව්වා තමයි.
මෙන්න මගේ මතක ලැයිස්තුව:

ඉස්සො වඩේ
ටෙස්ට් දැමූ කඩල
පොල් වෙරළු අච්චාරු
හැලප
ලැවරියා
වණ්ඩු ආප්ප, පැනි ආප්ප
ඉඹුල් කිරිබත්
මාළු පාන්
දිවුල් සහ කිරල
හැන්දෑවට වාඩිවෙලා බකංනිලාගෙන හිටපු පහල වෙලේ බෝක්කුවක්
කුඹුකෙ ලිඳේ වතුර
කොණ්ඩෙ කපල, බෙල්ල කඩන හන්දියෙ බාබර්ගෙ හෙඩ් මසාජ් එක



මං මේ බලන් ඉන්නෙ ගුගල් කාරයා ලංකාවට ස්ට්‍රීට් වීව් දෙනකං. අම්මපා , ඇවිදිනව ගමේ පාරවල් වල කකුල් ගෙවෙනකංම :)

බලන්න මහත්වරුනි,දුරින් ඉඳන් අගේ කරන්නත්, මාස තුනකට අඩු සංචාරයකටත් කදිම , ඉන්දියන් ( හුටා, ඒකත් උන්ගෙ) සාගරයෙ කඳුළු බිංදුව!

11 comments:

  1. මාස තුනක්..!!?? උඹ විහිළු කරනවද..?? යාන්තං මාසයක් ගෙවෙනකොට එපාවෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙ ඉන්නකොට රස්නේ ඉවසන්ට බෑ. ඒත් ගම නම් හොඳයි. සනීපයි. :)

      Delete
    2. හුහ් සිංහල වෙන්ට බැහැ, ඔච්චර රස්නෙ නම් ලංකාව :)

      Delete
    3. මං කිවු‍වෙ රස්නෙ ගැන නෙවේ, රටේ ඉන්න මිනිස්සු ගැන.. :D

      Delete
    4. @බුරා
      මාසයක්? හයියෝ සල්ලි කිව්වලු :)
      @පොකු
      හෑ, අපි නොදන්න මැලිබන් හංදිය :)
      @නීතා
      මං හිතන්නෙ, ගිණි මද්දහනෙ කොළොම්පුරේ ශ්‍රියා නරඹල නැතුව ඇති? :)
      @බුරා
      සහතික ඇත්ත :)

      Delete
  2. මම මේ බැලුවේ බස්සාගේ ලිස්ට් එක. ඔය ඉස්සෝ වඩේ , කඩල එහෙම එලියෙන් කන්ට දෙන්නේ නෑනේ. පැනි ආප්ප, වන්ඩු ආප්ප, හැලප, පැනි ආප්ප , ඉඹුල් කිරිබත් මැනිකා ගෙදර හදනවා. පහල වෙලේ බෝක්කුවක් නම් තියෙනවා. තනියම ඒක උඩ ඉඳගෙන බකංනිලාගෙන ඉඳලා නෑ. ගමේ බාබර් සාප්පුවෙන් කොන්ඩේ කපලත් නෑ. ඒ හන්දා බාබර්ගෙන් හෙඩ්මසාජ් නම් ලැබිලාම නෑ හී හී..

    පොඩ්ඩිට මිස් වෙන්නේ අත්තම්මා. එයා ලඟට ගියාම ඔය අනෙක් හැම දේම ලැබෙනවා.:)

    ReplyDelete
    Replies
    1. ඉස්සො වඩේ කන්ට පිං කරලා නෑ :)

      Delete
  3. ඔය එක එක කෑම මතක්කරන්න එපා, කඩවලින් ඕවා කාලා බඩේ අමාරුව හැදුනාම කෑම එපා වෙනවා .. ඒ උනත් ඔය කෑම නම් මාර රහයි නේ.. :)

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරුව කියන්නෙ මං කැමතිම ලෙඩේ :). මං මේ ලඟදියි දැනගත්තෙ, සමහරුන්ට හිතේ අමාරුවටත් , බඩ රිදෙන්න ගන්නවා කියලා. අම්මපා දැං කාලෙ තියෙන අරුම ලෙඩ :)

      Delete
  4. හිතන් ඇති ගුගල් පාරවල් පෙන්නුවට බස්සා ඇන තියන් උන්න බෝක්කු තාම ඇති කියල . එව්වා උඩින් හයි වේ ගිහින් නම් තමා වැඩේ . ලස්සන වීඩියෝ එක

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ පාරවල් හයිවේ වෙන්ට නං ඉතිං දියසේන කුමාරයා පහල වෙන්ට ඕනෙ.:)
      බෝක්කුව තාම තියනවා,මං ගුගල් මැප් එකෙන් බැලුව :) . එත් ඒක උඩ බස්සා හිටියෙ නෑ :(

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code