Jul 28, 2012

සාපේක්ෂ

පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?

"මූණු දෙකේ හෝතම්බුවා", ඕං ඔහොමයි අල්ලපු ගහේ කොට්ටෝරුව මට බැන්නෙ. ඌගෙ වැඩේ හැම ගහකටම කොට, කොට යන එක, අපේ ගහටත් කොටන්න ඇවිල්ලා මං හරහට හිටියා කියල තමයි ඔහොම කිව්වෙ. මං නං කවදාවත් ඇත්ත "මූණු දෙකේ හෝතම්බුවෙක් " දැකලා නෑ :)

තව දවසක් අසනීපෙන් ඉන්න යාළුවෙක් බලන්න ගිහින් මොකක්ද එකකට හිනා වුනා කියලා " දාගනින් උඹෙ 'අවමඟුල් මූණ'" කියලත් අහගෙන තියනවා. හුටා!, ඒ කියන්නෙ අපට මූණු කීයක් තියනවද?

සමහර විට අවස්ථාවට හරියන විදිහට , එයට ගැලපෙන මූණ දාගන්න එක වැරද්දක් නොවෙන්නත් පුළුවන්. අපි හිතමු, මඟුල් ගෙදරක් කියලා, ඒ වෙලාවෙ මොකක් හරි කනස්සල්ලක් අපේ හිතේ තිබ්බත් "අවමඟුල් මූණක්" දාගෙන ඉන්න බෑනෙ. වැරදි දෙයකට, අනුන්ට අවැඩක් කරන්න නෙමෙයි නං මේ මූණු මාරු කිරිල්ලේ වැරද්දක් මට පේන්නෙ නෑ

මෙන්න මෙතනයි කොස්ස.හැම දේම සාපේක්ෂයි.  මේ හැමදේම එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ කියන්නෙ මං මේ ලියන්නෙ මට හරියි කියලා හිතෙන එක, තව කෙනෙක් කියාවි"හහ්, අපේ පොතේ එහෙම නැතේ" කියලා. අවුලක් නෑ , ඒකත් සාපේක්ෂයි. මූණු, හරි-වැරදි, තාත්වික- අතාත්වික, බුද්ධිමත්- මෝඩ, හුටා ඔන්න ආයෙත් මට පැටලිලා, වැඩේ අවුල් වේගන එනවා. මං ඉතිං කොහොමත් owl නිසා ඒකෙත් අවුලක් නෑ :)


ඔය පිංතූරෙ තියෙන වෙස්මූණ වැනීසියෙ එකද,ප්‍රංශ බාල් නැ‍ටුමෙ එකද? ඔන්න ආයෙත් පැටලුනා...

Everybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell…

9 comments:

  1. මට නම් මේ කතාව තේරුනේ නෑ බස්සෝ...:)

    ReplyDelete
    Replies
    1. ඒකෙත් අවුලක් නෑ :). මෙහෙම කිව්වොත්, මං මේ ලියන එව්වත් අදට සාපේක්ෂයි. කලින් ලියපුවත් එහෙමයි. සදාකාලික සත්‍යයක් නෙමෙයි. මංම ඊයෙ හරියි කියල කියපු එක අද වෙනකොට එහෙම නොවෙන්නත් පුළුවනි. ඒකෙ අවුලක් නෑ.

      අද මම ලියන්නෙ , අද මට හිතෙන එක. අනික් අය ලියන්නෙ එයාලට හරියි කියල හිතන එක. අවුලක් නෑ.

      හැමෝම ලියාපල්ලා , පුළුවන් නං ටිකක් වැදගත් විදිහට -නැතත් එච්චරම අවුලක් නෑ :)

      අනිකාගේ ලිවීමේ, කියවීමේ අයිතිය නැති කරන්ට හදන්න එපා - ආන්න අවුල්

      Delete
    2. //අනිකාගේ ලිවීමේ, කියවීමේ අයිතිය නැති කරන්ට හදන්න එපා - ආන්න අවුල්//

      මේ ටික නම් තේරුනා. ඒත් ඒක අවුල්ද? නැත්නම් owl ද කියලා තේරුනේ නෑ.:D

      Delete
  2. ගිය මාසෙ යාළුවෙක්ගෙ තාත්ත නැති වෙලා ඒ මළ ගෙදර යද්දි මග ඉඳන්ම මම දුක් මූණ දාගන්න එක ගැන හිතුවා. ඒ වුණත් ඇත්තටම දුකක් නැති නිසා ඒක මට හෙන අවුලක් වෙලා තිබුණෙ. හැබැයි එතනට ගියාට පස්සෙ මෙන්න අරූ හිනාවේගෙන ඇවිත් බදාගෙන ඉවර වෙලා සාක්කුවෙන් පැකට් එකක් ඇදල දුම් කූරක් දුන්නා.

    බැලින්නම් අපේ අනිත් සෙට් එක වෙන පැත්තක සෙට් වෙලා. කාටවත් දුක් මූණ දාගන්න වුණේ නෑ.

    මූණ මාරු කරගන්න එක ගැන කතා ඕන තරම්. මේක ළඟදි වුණ එකක්!

    ReplyDelete
    Replies
    1. ඕකෙ පැති දෙකක් තියනවා. වයසට ගිහිල්ලා කෙනෙක් මැරුණහම හෝ අසනීපෙන් ඉඳලා කෙනෙක් මැරුණහම, ඒක එතරම් දුක්වීමට දෙයක් ලෙස අප සලකන්නෙ නැහැ.

      තමන්ගෙ ලඟම කෙනෙක් නැතිවුනහම කෙනෙක්ට ඉස්සෙල්ලාම එන්නෙ , පොලු පාරක් වැදුනා වගේ හැඟීමක්. ඒකෙන් අනිත් හැඟීම තාවකාලිකව යටපත් කරනවා. දුක, වියෝව දැනෙන්නේ පසුව.

      Delete
  3. හ්ම්ම්..හ්ම්ම්.. :)

    ReplyDelete
    Replies
    1. හූම්..හූම්.. අවුලක් නෑ:)

      Delete
  4. අපේ පැරැන්නෝ මේං මේ වගේ උපහැරන කියාලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි බොල..

    "ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල්ගෙඩි"

    "සුදු කොකාගෙ කණ පේන්නෙ ඉගිලෙනකොටයි"

    "බස්සා නැති කලට ටොමියා පන්ඩිතයා"

    "පෙරලෙන ග‍ලේ පාසි නොබැදේ"... ආ නෑ නෑ, මේකනං කියලා තියෙන්නෙ වෙන මක්කට හරි.. ;)

    ReplyDelete
    Replies
    1. සෑර් , පලවෙනි එක ඔය සාවියෙ කියෙවෙන්නෙ "AA බනිස්වලට AA කෙහෙල්ගෙඩි"කියලද?

      අනික් තුන ගැන නං කියන්නෙ කෙහෙල් කැනක්ම කටේ ඔබන්ට වටිනවා කියලයි :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code