Jun 2, 2013

පක්ෂියා රජ කරවීම


කාලෙකට ඉස්සර ඉස්සර තිබ්බ SAF Games වලට අපේ කස්ටිය ලෝගො එකක් නිර්මාණය කරලා තිබ්බා. මේකෙ ඉන්නෙ වලි කුකුලෙක් -අපේ ජාතික පක්සියා. කුකුලා නං කාරියක් නෑ කියමුකො - ඔය මොකක්ද අහවල් එකක් ගුගල් කරලා කප් එක ඉස්සුවෙත් අපි නොවැ. ඇයි  වලි කුකුලා? අපි එහෙම වලි වලට යනවයැ, බොහොම සාමකාමී  ජාතියක් නොවැ? මං  නං  කියන්නෙ අපිට ගැලපෙන්නෙ බස්සෙක් - කියන, කියදේට "හූම්, හූම්" කිය, කිය, ගහන ගහන පදේට ඔලුව වන, වන ඉන්න කස්ටියට,  බස්සෙකුට වඩා ගැලපෙන ආදේශකයක් තවත් කොයින්ද?

කොහොම උනත් ඔය තියන ලෝගො එකට , මිනිස්සු කිව්වෙ " පන්දන් අල්ලන කුකුලා" කියලයි. ආන්න ඒක නං ගැලෙපෙනවා. ඇයි පන්දං ඇල්ලීම අපේ පුරාණයේ සිට පැවත එන  අනගි චාලිත්තරයක් නොවැ? කොහොම උනත් දැන් මේ ලෝගො එක පේන්න නෑ, අයින් කරලද කොහෙද? :)


මේ සාවියෙත් ඉන්නවා ජාතික පක්සියෙක් - පක්සියා කිව්වට මූ පාත්තයෙක්. මහ එපා කරපු එකා-මට පේන්න බෑ ඕකව.

 ඌ ජාතික පක්සියා කියල බොහොම හිතට අරගෙන ඉන්නෙ. මිනිස්සුන්ට සතපහක බයක් නෑ. ඉස්සර මම වැඩට පයින් ගාටන කොට මට කොටන්න පන්නලත් තියනවා.  ඌට විතරයි කොටන්න අයිතිය තියෙන්නෙ, අපි නිකංවත් පයින් පාරක්වත් ගහන්න බෑ, අහුවුනොත් දඩ.





මූ මහ අංග පුලාවකට නැති එකා. උන්ට ඕන , ඕන තැන් වලින් පාර පනිනව, පැටව් කෝච්චියත් අරගෙන.  අපි එහෙම වැරදිලාවත් පැන්නොත්, J walking කියල දඩත් ගහනවා. පේනවනේද   වාහන නවත්තගෙන ඉන්න හැටි? කොහොමද කස්ටිය පස්ස වන, වන යන හැටි හරියට මේක උන්ගෙ  බාප්පොච්චිගෙ පාර වගේ? 

ඕන්න දවසක්   උදේ පාන්දර , මං සුපුරුදු ලෙස රාත්තිරි වැඩමුරය ඉවර කරලා එනවා. අපේ වැඩපොලේ  ඉඳලා එන අතුරු පාර. මාත් සිංදුවකුත් දාගෙන ආතල් එකේ ආවා. වැඩිය හයියෙන් නොමෙයි- 40 ට.  කොහෝදෝ ඉඳලා එකා පස්සෙ එකා පන්න ගෙන ආපු  පාත්තයො දෙන්නෙක්, මතු වුනේ නැතෑ,එක වංගුවකදි. බැලින්නං පාත්ත වලියක් - ෂුවර් එකටම ගෑණු හුටපටයක් වෙන්ටෑ?   මට හිතන්නවත් වෙලාවක් වත් නොදී, මුං ඩබල ලෑන්ඩ් කලා පාර මැද්දට.මං දැම්මා පල්ලං පොල්ල. වදින සද්දයක් නං ආවෙ නෑ, පිහා‍ටු ටිකක් නං ගුවන්ගත වුනා. උන් දෙන්නා පියාඹලා ගියා.




ඉස්සරහින් ආව ගෑණු පරාණයක්, කටත් බාගෙට ඇරගෙන ඉන්නව නං දැක්කා. මාත් එක්ක ගිය අනිකා ඇහැව්වා " වැදුනා නේද?" කියලා. මං උරිස්ස අකුලල කිව්වා" මන්දා?මං ඕනකමින් කලායෑ?  උන් නෙව හප්ප ගන්ට ආවෙ?" කියලා. 

ඔහෙලා දන්නව නෙව, මං අහිංසක පක්සියා බව. උයලා දුන්නොත් මිස, පාත්ත  මස් කන්ට එහෙමම ආසාවක් නෑ. මං ඕනෙ කමින් ඔහොම නොසන්ඩාල වැඩක් නොකරන බව විස්වාසයි නේද? අම්මපා මං කියන්නෙ මුසාවක්, බේගලයක් නං , ඔය පාර ක්‍රොස් කරන පාත්තයෙකුට හෙන ගහන්ටෝනැ

පිදුම - තර්ජනය කර බ්ලොග් ලියවා, සිංහල බ්ලොග් කලාවේ උන්නතිය සඳහා දායක වන උස්වැටකෙයියාවේ (UK) බුරම්පියාට :)

18 comments:

  1. මාතෘකාව දැක්කාම මම හිතුවේ බස්සා රජවෙලා කියලා. බැලින්නම් පාත්තයෙක් නේද?:)

    යන්තම් ඇති හැංගිලා ඉන්න තැනින් එලියට ආවා. දැන් ඉතින් අපි ස්තූති කරන්ට ඕනි උස්වැට-කෙය්යාවේ බුරම්පියටද? :D

    ReplyDelete
    Replies
    1. එලියට ආවා නෙමෙයි , එලියට ඇදලා ගත්තා :)

      නැතුව, නැතුව . ඒක නෙව බුරම්පියට පුඩිම දුන්නෙ :)

      Delete
  2. බස්සා පාත්ත්‍තයෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ, නෑ මං බස්සෙක්.

      අපේ නැන්දගෙ දොරකොට බක, බක ගානා
      මේක තමයි බක-මූණා

      ආන්න එයා :)

      Delete
  3. කාලෙකින් බකුසු හාමිව දැක්කේ ...ඔහේ පාත්ත අයිතිවාසිකම් හොඳට රැකෙනවා වගේ නේ .. එතකොට ඔහේ අය පාත්තයින්ව කන්නේ නැතෙයි

    ReplyDelete
  4. පාත්ත අයිතිවාසිකම් හොඳට රැකෙනවා.මුං හරියට බජාර් එකේ කකුල් වගේ වලියට බර පක්සියො ජාතියක්. ඒත් wild life act එකෙන් ආරක්සා වෙන නිසා මුකුත් කරන්න බෑ. මේ තියෙන්නෙ උන් වලියට ආවොත් කොහොමද සාම-සාකච්චා පවත්වන හැටි:)

    How Can I Prevent Conflicts

    වැඩිවන ජනගහනය පාලනය කරන්න, හන්ටින් සීසන් එකට දඩයම් කරන්න පුළුවනි. මං හිතන්නෙ ලයිසොං කරදහියක් ගන්ට ඕනෙ. මාත් මේ බලන් ඉන්නෙ හන්ටින් සීසන් එකට එකෙකුට පයින් ගහන්ට :)

    ඒත් සතුන්ට කෘර කං කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. මට තේරෙන විදිහට නං , වන් ෂොට් දෙන්ට ඕනෙ නොකවුට් වෙන්නම, ඊට පස්සෙ ඇතිලියට.

    අපිට මොකද අපි දසසිල් උපාසක
    මරන්න බෑ, වලඳන්නේ රෝස් කොට

    ReplyDelete
    Replies
    1. මට ලඟදි ඕස්ට්‍රේලියන් කාන්තාවක් කිවා ඒගොල්ලෝ මෙහෙ ලෝකල් මස් ජාති කන්න අකමැති කෘර විදිහට මරණ නිසාලු ..මටත් ඉතින් කට පොපියෙව්වා ..

      Delete

    2. මේක ටිකක් මතභේදයට තුඩු දෙන කාරණාවක්. උදාහරණයක් විදිහට ඔය පාත්තයා ආරක්ෂා කරන ගිවිසුම ගැහැව්වෙ උන් වඳවීමේ තර්ජනයක් තිබ්බ නිසා. දැන් උන් බෝවෙලා, ඒ නිසා බෝවීම පාලනය කරන්න , කාලෙකට දඩයම් කරන්න ඉඩදෙනවා.

      මේක හරියට අපේ කැලෑවලට මායිම් ගම්වල අලි-මිනිස් සටන වගේ. මිනිස් ජනගහනය වැඩි වෙලා , මිනිස්සු කැලේ අල්ලනවා. අලින්ට ඉන්න ඉඩ මඳි වෙලා, උන් ගම් වලට ඇවිත් වනසනවා. වැඩි හරියක් වෙන්නෙ, මිනිස්සුන්ට තර්ජනයක් වුනාම, එහෙම අලින්ව මරල දාන එක. මෙතනදි පැත්තක් ගන්න හරිම අමාරුයි. මට මතකයි, එක වතාවක් හිස් අහසෙ සඳරු ලියල තිබ්බා, අපි ඒ මිනිස්සු විඳින දුක දන්නවා නම් ඔහොම කියන්නෙ නෑ කියලා. එහෙම කලත් , ඒ ගැමියන් අතර පවා යම් සමාජ සම්මත - ආචාර ධර්ම තියනවා. මිනිස්සු අලි පැටවුන්ව බේරගන්නවා, ගැබ්බර ඇතිනියොන්ට හානියක් කරන්නෙ නෑ. ඔය අතර ටික දෙනෙක්, හක්ක පටස් තියලත් අලි මරණවා. මෙතනදි සතා මැරෙන්නෙ දුක් විඳලා. මේ වැඩේ අපි වැඩි දෙනෙක් අනුමත කරන්නෙ නෑ. මෙව්වා හැමදෙයක්ම සාපේක්ෂයි. එක සංස්කෘතියක වරදක් ලෙස , දකින දේ තව තැනක එසේ නොවෙන්න ඉඩ තියනවා.

      Delete
  5. අඩෝ බස්සා, හැදුවෙ නොමිලෙම පාත්ත මස් කන්ඩ නේ?

    ReplyDelete
    Replies
    1. අපි එහෙම කරනවද, ආදිපාදතුමා? අපට , දන්න චිකන් හොඳා :)

      Delete
  6. ඉඳල ඉඳල හොයාගෙන තියෙන්නෙ පාත්තයෙක්ව :)

    ReplyDelete
    Replies
    1. මං හොයා ගත්ත එකක්යෑ, උන් නෙව මයෙ පස්සෙන් පන්නන් ආවෙ? :)

      Delete
  7. වින්ටර් එකට හයිබර්නේට් කොරනවා කියලා බොරුවට බෙනේ ඇතුළෙ හැංගිලා හිටිය බස්සන්ව කකුල් කෙටි දෙකෙන් ඇදලා එළියට ගත්තට අපට පුදන්ට ඕන ඔහොම නෙවෙයි..

    උඹ දන්නවයැ, පක්ෂියා රජවෙන්නෙ නත්තලටය කියලා.. එදාට ඌ මේසෙ උඩම තමා ඉන්නෙ.. මං කිවුවෙ මේ.. මේ.. කළුකුමා ගැන..

    ReplyDelete
    Replies
    1. මේ සාවියෙ නං කළුකුමා රජවෙන්නෙ Thanksgiving වලට නෙව.

      මේ ඉන්නෙ:

      [im]http://pikachakula.com/wp-content/uploads/2012/12/roast-turkey.jpg[/im]
      ගත්තෙ මෙතනින්

      Delete
  8. බස්සොයි පාත්තයොයි වැඩිය මුණ ගැහෙන්නේ නැති නිසා හොඳයි... නැත්තං බස්ස පයින් ගහන්න කලින් ඔය පොර පාත්තයා දෙනවා විසි වෙලා යන්න... හි හි

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්. උන් බෙල්ල දික් කරගෙන කොටන්න එනකොට මොන පයින් ගැහිලිද?, කකුල් දෙකට වැඳ, වැඳ දුවන්නම තමා හිතෙන්නෙ :)

      Delete
  9. ඒකත් නරක නෑ ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. නරක නෑ, කිව්වෙ රජ වෙලා ඉන්න කළුකුමාටද? :)

    ඔව්,වොව්, වේලෙන්නෙ නැති වෙන්න, හරියට උයා ගත්තොත් නරක නෑ තමා :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code