Oct 6, 2013

කෝපි


http://www.tmstshoes.com/wp-content/uploads/2015/08/coffee-love-heart-kofe-chashka.jpgමම කෝපි වලට කැමතියි. අර කට්ටිය කියන්නෙ " get your lazy a** out of the bed & smell the coffee, mate" කියලා. ආන්න ඒ කෝපි තමා.

කෝපි ගැන කිව්වාම උගුඩුවො ගැනත් නොකියාම බැහැ. .නෑ, නෑ උගුඩුවො කෝපි බොන්නෙ නෑ : එයාල බොන්නෙ රා :). ඒත් ලෝකෙ මිල අධිකම කෝපි වර්ගයක් වන "Kopi Luwak" .හදන්නෙ උගුඩුවො", මෙන්න මෙහෙම :


ඒ නිසා අනිත් සැරේ , කරටි කැඩෙන්න රා බීලා වැනි, වැනි යන උගුඩුවෙකුට උනත් ටිකක් වැදගත් විදිහට සලකනව හොඳයි :)


මට ඊ-මේල් එකකින් ආපු මේ කතාවත් කෝපි ගැන. කතාවෙන් කියන්නෙ " Life is like a cup of coffee. Enjoy it, before it get too cold " කියලයි






කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ඔය "කෝපි" එක රස විඳින්න නං " ජීවිතේ මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න ඕනෙ. කිව්වෙ මං නං නෙමෙයි,  මෙන්න මේ ගොයියා.

එහෙම "මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න කෙනෙක් නං , තමන්ගෙ "comfort zone". වෙලා ආතල් එකේ කෝපිවල රස බල, බල හිටියාට කාරි නෑ. නෑ, නෑ " ආත්ම සත්තියක් තියෙන" ගෑණු පරාණයක් " හිරේට " ගන්න එක ",මූලික අවශ්‍යතාවයක්" කියල සැලකෙන්නෙ නෑ :)

18 comments:

  1. බස්සාගේ 'කෝපි' කියවපුවාම මගේ හිතට ආපු අදහස් මෙන්න. :)

    1. අනේ ඔය මහලොකු අයගේ කියුම් කෙරුම් වලින් වැඩක් නෑ. කෝපි බොන්ට ඕනි නම් එක්කෝ ගෙදර තියෙන කෝපි ටිකක් හදාගෙන, ගෙදර තියෙන තමන් කැමති, ඕනෑම කෝප්පයකට දාගෙන බොනවා. එලියේ හිටියොත් තමන් කැමති තැනකට ගිහින් කැමති වර්ගයේ කෝපි එකක් දෙන කෝප්පයක බොනවා...සිම්පල්...

    2. //ආත්ම සත්තියක් තියෙන" ගෑණු පරාණයක් " හිරේට " ගන්න එක ",මූලික අවශ්‍යතාවයක්" කියල සැලකෙන්නෙ නෑ :)//

    මෙන්න මගේ පෝස්ට් එකට මඩක් ගහලා...
    මේකටත් කියන්ට තියෙන්නේ අර කෝපි කතාවම තමයි.
    Me thinks thou doth protest too much:D

    3. බස්සාට හොඳ කෝපි කෝප්පයක් බොන්ට හිතිලා වගේ. ඉතින් ඕක ඔච්චර හිත හිතා ඉන්නේ නැතුව, ගත්තා කාරෙක, ගහගත්තා පෙට්රල්, බෑන්ක් කාර්ඩ්ස්, ක්රෙඩිට් කාර්ඩ්ස් ගත්තා.(කියන්ට බෑනේ. මාර ගණන් කෝපි වර්ග තියෙනවනේ. ) ගියා කැමති කෝපි කඩේකට . බීවා ඇති තරම් කෝපි...හී හී....

    ReplyDelete
    Replies
    1. 1.හා :)

      2.චෑ, චෑ , මේ ඕනම කෙනෙක් කියන එකක් "හූම්, හූම්" කියල ඉස්මුදුණින් පිළිගන්න , මේ මං වගේ අහිංසක බස්සෙක් එහෙමත් කරනවද? තරහා අවසර , අපේ කුමාරිහාමි. නිළමෙවත් මතක් කොලා කියන්ට

      Delete
  2. ඔය කෝපි කතාව මාත් කියෙව්වා.. ඒත් කෝපි මගේ නම් එච්චර කැමති පානයක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. "ඔය කෝපි කතාව" කිව්වෙ කොයි කෝපි කතාවද? උගුඩුවො ටොයිලට් පැට්ටේරියෙ හදන කෝපි එකද?

      තේ හොඳයි තමා, ඒත් කෝපි කියන්නෙ වෙනම වෙනමම හාණ්ධයක්.කණ පැලෙන්න සීතල දවසක, නිදි මරන්න , ආයෙ කෝපි වලට ගහන්න දයක් නෑ

      Delete
  3. කෝපි කතාවක් දැක්ක ගමන් උඩ පැනගෙන ආවේ.. :(

    මට නම් හිතෙන්නේ දෙවියන්ගේ ලෝකෙන් ආව හොඳම පානය කෝපි කියලා. කෝපි නැති වුනොත් මම වගේ අහිංසකයින්ට මොනා වෙයිද දන්නේ නෑ...

    හිරයක් ගත්තයි කියලා ආරංචියි. සුභ පැතුම් ඔන්න.

    ReplyDelete
    Replies
    1. හිරයක් ගන්ට? මේ මම? හුහ්, අපි නං අහුවෙයි ඔය ගිරේට. පේන්නැද්ද ඔය ඉන්න හැටි , දෙකට කැපිච්ච පුවක් ගෙඩි වගේ? :)

      I'm a creature of night, living in frozen forest,yet a frrr...eeee bird. Heee..... Haaa :)

      If you don't appreciate freedom, try loosing it by getting married , then you will be a philosopher. I think, it must be Socrates' grand father, who said that :)

      Delete
    2. මමත් කෝපී රස හැම දේටම ආසයි. :)

      Delete
  4. Coffee is better when mixed with a drop of rum... :)

    ps: How is the weather forecast bro? Any hurricanes, tornadoes or tsunamis.?? ;)

    ReplyDelete
    Replies
    1. Ohh.. yes. Even Kahlua will do :)

      So far , so good. But you never know :)

      Delete
  5. මටත් ලඟදි රසම රස කෝපි එකක් හම්බ උනානේ :P දැන්නම් ආයෙම කෝපි බොනකොට බස්සව මතක් වේවි :)

    ReplyDelete
    Replies
    1. මාව නෙමෙයි, මතක් වෙන්න ඕනෙ අර කෝපි හදන උගුඩුවොන්ව නෙව :)

      Delete
  6. දැන් නෙස්කැෆේ හින්දා කෝපි වඳ වේගන යනෝ!

    ReplyDelete
    Replies
    1. නෙස්කැෆේ කියන්නෙත් කෝපි ජාතියක් තමයි

      Delete
  7. [im]http://www.friendskorner.com/forum/photopost/data/504/medium/BirthdayWishes-RednBlue.jpg[/im]
    මේ උපන්දින සුභ පැතුම උස්වැටකෙයියාවේ බුරාභිධාන කෙලෙඹි පුත්‍රයා වෙතයි. සුබ පතන්න අපත් සමඟ එකතු වෙනවා, මැලිබන් හන්දියේ පොඩි නෝනා, නිව්ඩාවේ ටොමියා සහ දොරකඩ ගහේ බකමූණා .

    කියයි ඉතිහාස කතා
    හොඳට රසට ගොතා
    කාගෙත් හිතවතා
    බුරා නියම සතා...

    ReplyDelete
    Replies
    1. ඇයි සුභ පතනකොට අපිව අමතක කලේ ,

      එහෙනම් මම තනියෙන් සුභ පතන්නම්කෝ.



      " සුබම සුභ උපන්දිනයක්වේවා!!!!! "

      Delete
    2. වලව්වේ හැමෝගෙන්ම සුබ උපන් දිනයක් බූරාට!!!
      සිතන පතන සියලුම දේ එසේම ඉටුවේවා....:D

      Delete
  8. කෝපි හොඳයි. කෝපි වලින් හදන ටිරමුසු හොඳා.....යි. :D

    ReplyDelete
  9. කෝපි හොඳ නැහැ සමහර වෙලාවට ... :) caffeine කියන මද්‍යසාරය තියෙන නිසා .... හෙම්බිරිස්සාව වගේ තියෙනවනම් කෝපි හොඳ නැහැ....... ඒ විතරක් නෙවෙයි ,, තවත් තියෙනවා.. :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code