Nov 12, 2013

බස්සෙක්, කෝපි කෝප්පයක් සහ සිංදු දෙකක්...

මේ ලඟදි දවසක , බස්සගෙ ඉන්දියන් අඹ යාළුව එව්වා සිංදුවක්.

ඊට කලින් යාළුවව හඳුන්වල දෙන්නම්කො. ඌ කොට මොඩල්. කොටා වුනාට මූ හිත හොඳ එකා. මේකාත් එක්ක යාළු කම පටන් ගත්තෙ කවදද, කොහොමද කියන්න මතක නෑ. මොන ඇන්නෑවකට මූ මගේ සීමිත මිත්‍ර සංගමයෙ යාව-ජීව සාමාජිකයක් උනාද මන්ද? එහෙමට කියන්න තරම් අපේ කිසිම සමානකමකුත් නෑ. ඒත් මේකා මගේ හොඳම යාළුවෙක්


අපේ යාළුකම තියෙන්නෙ, ඌ මට කෝපි ගේන හින්දා කියල මං හිතෙන්නෙ නෑ. මේ පට්ට හීතල රෑ ජාමෙට කෝපි එක වටින්නෙ නැතුවම නෙමෙයි. ඒත් මං කියන්න හදන්නෙ, ඊට එහා ගිය මිත්‍රත්වයක් අපි අතරේ තියනව කියන එකයි. මේක මටත් ටිකක් පුදුමයක්, මොකද මේකා ඉන්දියන් නිසා. මට මේක කිව්වාම මතක් උනේ කාලෙකට ඉස්සර ලෙබනන් කාරයෙක්, උගේ රටේ "තුවක්කු සංස්කෘතිය" ගැන කියපු කතාවක්. ඌ කියනවා, උන්ගෙ රටේ කාට හරි වෙඩි තියන්න, හේතුවක් අවශ්‍යම නෑලු, " මං උඹේ මූණට කැමති නෑ" කියලා , අනිකාට වෙඩිතියන එව්වොත් ඉන්නවාලු. මට කියන්න ඕනෙ උනේ, දැක්ක ගමන් කිසිම හේතුවක් නැති වුනත්, හොම්බට දෙකක් අනින්න හිතෙන පොරවල් ඔහේලට හම්බවෙලා නැත්ද? ආන්න , ඒ වගේ දැක්කාම , කලින් කිසිම ඇඳුනුම් කමක් නැතත්, ප්‍රියමනාප හැඟීමක් ඇතිවෙන පොරවල් ඉන්නව කියන එකයි. 

හරි ඉතිං මේකා උගේ කරුමට හරි, මගේ කරුමට හරි , යාළුවෙක් වුනයි කියමුකො. වාසගම පටෙල්, ඉන්දියාවෙ ගුජරාත් ප්‍රාන්තයෙන්. මම එයාලගෙ උත්සව, වෙඩිං වල පිංතූර දැකල තියනවා, හරිම වර්ණවත්. මේ සිංදුවත් එහෙට සම්භන්ධ එකක්. බලන්නකො:





කොහොමද දීපිකාගෙ වැනිල්ල? :) ඒත්, මේ සිංදුව පුරාමෙ දිවෙන , මොකක්ද දුක්මුසු හැඟීමකුත් තියෙනවා කියල මට හිතෙනවා.

කොටා නං කිව්වෙ, මේක ගුජරාති සම්ප්‍රදායික නව-රාත්‍රී ,නැ‍ටුං-ගීත ආශ්‍රයෙන් කල එකක් බවයි. මං නං මේකෙ කැමතිම ,අර පියර-බබා වගේ හිනාවෙවී උඩ-පැන, පැන තඩි බෙරේට තඩිබාන එකාටයි :)

දැං දෙවෙනි සිංදුව:
මේකෙ ඉන්නෙ ප්‍රියංකා චොප්රා.සඳහන් වෙන විදිහට, වැඩියම දෙනා බලල තියෙන්නෙ මේ දෙවනි එක. එයා හොට්ලු, සෙක්සිලු, අරකලු , මේකලු. වරදවා හිතන්න එපා, ප්‍රියංකා චොප්රා, හොට්, සෙක්සි තමයි. ඒ වගේම ටැලන්ටඩ්, ඒකෙ කතා දෙකක් නෑ. " බර්ෆි" වල එයාගෙ රඟපෑම දැකපු ඕනම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි.

ඒත් බකුසු ටේස්ට් එක අනුව නං , වැඩිය හොට් දෙවනි සිංදුව නෙමෙයි, පලවෙනි එකයි. අනේ මන්දා, මට නං ප්‍රියංකාගෙ නැ‍ටුම දකිද්දි හිතුනෙ "Gosh,she's got bitch written all over her " කියලයි. සමහර විට ඒ බස්සො අමුතු සත්තු ජාතියක් නිසා වෙන්නත් ඇති. මං බේගල් ටෝස්ට් කරල, බටර් ගාල, මීපැනි එක්ක කනවා, දැකපු අයත් එහෙම කියල තියනවා :)

කොහොම උනත්, එකක් නං බුදු ෂුවර්, අර බැලුවයි කියන ප්‍රේක්ෂකයො බස්සො නං, කප් එක උස්සන්නෙ ප්‍රියංකා නෙමෙයි, දීපිකා :)

13 comments:

  1. මට නම් ඉස්සල්ලාම ඔලුවට ආවේ මෙන්න මේ හිතුවිල්ල.
    'බස්සා තාම පොඩ්ඩි නටන හැටි දැකලා නෑනේ' :D:D:D

    අනෙක මේ, මේ, මේ,...ඇහුණද? ගෑනුන්ව ඔය නැටිලිවලින් මනින්ට එපා හොඳේ. පිරිමි නටනකොට කවුරු හරි කියනවා දැකලා තියෙනවද "Gosh, he's got dog written all over him " කියලා...

    ඒ කියමනට මගේ තදබල විරුද්ධත්වය මින් ප්‍රකාශ කරන්ට කැමතී. :)

    ReplyDelete
    Replies
    1. හහ්, මට දැන් නෙව මතක් වුනේ, ඇයි ප්‍රියංකා ගැන මෙයාට මෙච්චර ඩෝං ගියේ කියලා? :)

      නෑ, නෑ ප්‍රියංකා හොඳයි..
      එයාගෙ නැ‍ටුමත්.. හොඳා....යි :)

      Delete
    2. මං කලින් කිව්ව වගේ, ප්‍රියංකා දක්ෂ නිළියක්. අපට මෙහෙම හිතෙන්නම රඟපාන මේ චරිතෙ සමහර විට එහෙම එකක් වෙන්න ඇති.ඉන්දියන් සිනමාව බොහොම දූෂිත තැනක් කියල තමයි කියවෙන්නෙ. එහෙමයි කියල නිළියන්ගෙ චරිත ඝාතන කරන ජාතියෙ බස්සෙක් නෙමෙයි මං. කොටින්ම දීපිකා "හා" කිව්වොත් ගෙට උනත් බඳිනවා : :) බය වෙන්න කාරියකුත් නෑ නෙව, celebrity marriages don't last long

      මෙතන වෙනස නෝනේ, GF material සහ wife material. ඕක තේරුං හන්න නං දෙකක් නමා ගන්නම වෙනවා.

      Delete
    3. අන්න දීපිකා ඔයාව හෙටම බඳින්ට කැමතිලු...හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ...

      මෙච්චර බය උණාම ඇති...බයයිනේ බටකොළ ආච්චිලා මන්තර ගුරුකම් කරයි කියලා...:D:D

      Delete
  2. අනිවා.. මටත් හිත ගියෙ දීපිකාට තමයි ඕකෙ... ( මලා.. ඒ කියන්නෙ මාත් බකුස් ජාතියෙද මන්ද.. හි හි)

    බාර්ෆි එකේ නළු නිළියන්ට වඩා මට හිත ගියෙ ඒකෙ ඩිරෙක්ටර්ට.. රඟපෑම කියන්නෙ ඇඳුං ටික ගලෝන එක කියලා හිතං ඉන්න ජෙනරේෂන් එකේ නළු නිළියො ටිකක් අරං, උන් ටිකට ඇත්තටම රඟපාන්න වෙන විදියේ ෆිල්ම් එකක් කළාට... අඩු මානසික තත්ව වල චරිත රඟපෑම් වලින් මගේ ඔලුවෙ කෙටිලා තියෙන චරිත තුනක් තියෙනව... රිතික්ගේ කොයි මිල් ගයා එක... ශාරුක්ගේ මයි නේම් ඉස් කාන් එක... අනිත් එක ප්‍රියංකගේ බාර්ෆි එක...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නෙ.

      නෑ, නෑ අපි, ඒ කිව්වෙ, බස්සො, හොරු, පොලිස් රාළහාමිලා අයිති වෙන්නෙ නිශාචර පක්ෂි ගණයට. අපිට එළිවෙන්නෙ , හිරු බැස ගියාමයි :)

      Delete
  3. ගුජ්ජො ගැන මට තියෙන අත්දැකීම් එක්ක කියනවානම් (විශේෂයෙන්ම පටෙල්ලා ගැන) මට කියන්ට තියෙන්නෙ උඹෙ යාළුවා වැරැදීමකින් ගුජරාටියෙ ඉපදුනු එකෙක් කියලා තමා.. එහෙම එවුන් ඉන්නවා මගේ යාළුවො අතරත්, වැරැදීමකින් පාකිස්ථානෙ ඉපදුනු එවුන්, වැරැදීමකින් නයිජීරියාවෙ ඉපදුනු එවුන්.. :)

    පලි: පටෙල්ලා ගැන ඔහොම කියන්නෙ මං විතරක් නෙවෙයි, පටෙල් නොවන මගේ ගුජරාටි යාළුවො පවා කියන්නෙ 'Never Ever Trust a Patel' කියලයි..

    පපලි: දීපිකායි, ප්‍රියංකායි ගැන කියනවානම්, මට නම් ඔය දෙන්නම හොට් & සෙක්සි නෑ.. :D

    ReplyDelete
    Replies
    1. //දීපිකායි, ප්‍රියංකායි ගැන කියනවානම්, මට නම් ඔය දෙන්නම හොට් & සෙක්සි නෑ.. :D//

      ඇයි උඹට දෙපැත්තෙන්ම කොසු පාරවල් කන්ට හිතිල වත්ද? :)

      Delete
    2. කොස්ස ගත්තට අපි බයවෙයි.. උඹ දන්නෙ නැද්ද ඔය බටකොල ආච්චිලා කොස්ස අතට ගන්නෙ මොකටද කියලා.. ;)

      Delete
    3. එයාලා කොසු අරගෙන, බූරව ඒ උඩ තියාගෙන ලෝකේ වටේ ගියොත් තමා ඔය කතාව කවද හරි තේරෙන්නේ. ඒ හන්දා පරිස්සමින් බූරෝ....:D

      Delete
  4. එක එක්කෙනා නටන්නෙ එක එක විදිහටනෙ , ඒ උනාට සමහරු නම් අනුන්ගහන පදවලටත් නටනවා :D

    ReplyDelete
  5. ඒ වංගියෙ, කාටද, ඒ කෙලල ඇරියෙ :). මං අහිංසක පක්ෂියා , මං නං නටන්නෙ, දෙකක් නමා හත්තාම විතරයි

    [im]http://1.bp.blogspot.com/-0xK5TI1grHU/TiF6w0QBZnI/AAAAAAAAAN4/SoLt0a1PswE/s200/basuDance1.jpg[/im]

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code