Nov 6, 2013

පිල්ලෝ මල් කඩන කොට....


මාත් එක්ක වැඩ කරන පිල්ලෙක් හිටපු ගමන් අළුත් ෆෝන් කට්ටක් අරන් ආවා. මං දැම්මා බකුසු ඇහැ..

" ඇයි අර තිබිච්ච එකට මොකද වුනේ?"
" ආ මං එක ගැහැව්ව නෙව පොලොවෙ"
" හෑ, මොන ඇන්නෑවකටද බොල, අර යස අගේට තිබ්බ කිරි ටොයියට එහෙම කලේ?"
" ගෑණි ඇද්ද වලියක්. මං ඇදල ගත්තා , දමල ගැහැව්ව පොලේ"



" ඈ බං. තොට පොලේ ගහන්න වෙන මොකත්ම තිබ්බෙ නැද්ද? මීට පස්සෙ ඔය ලාබ පිඟන් කෝප්ප, මල් පෝච්චි ටිකක් ගෙදර තැන් තැන් වල තියාපිය" , මං කිව්වෙ ඇත්තටම හිතේ අමාරුවෙන්

" හා දැන් එතකොට කෝ පොලේ ගහපු ෆෝන් එක"
" ඒකෙ ගන්න දෙයක් නෑ , බස්සො. සුනේ, සුං, මං ඒක දැම්මා නෙව කුණු බක්කියේ"
ඒක අහපු ගමන් , මයේ කන් දෙකත් එක්ක රතු වුනා" ඈ, බොල රට උගුඩුවෝ, ඒ මොන අලුගුත්තේරු
වැඩක්ද කලේ? අරං වර කිව්වෙ ඒක හෙට"

" හා, මං ගේන්නං, හැබැයි ලොක්කා, ඒකෙ කෑලි හැලෙනව"
" උඹ ගෙනෙන්කො, මට් එහෙම උනොත් , කෑලි වලටවත් ගන්න බැරියැ"

ඔය තියෙන්නෙ පිල්ලගෙ අහක යන වලියට, ගුටිකාපු අහිංසක ෆෝන් රාජයා"

ඉස්සරහයි, පස්සෙයි කෑලිත් නෑ, ඒත් මදේ හීරිලවත් නෑ.
කෑලි බෑලි ටික ඔඩර් කල ඔන්-ලයින් . සුපියල් පනාහක් විතර තමයි ගියේ ( චින්නු බුදු වේවා!) :). මං හිතන්නෙ ගොඩදා ගන්න පුළුවනි.

ඕකා හරි හබන් කුකුල, පුදුම වෙන්න දෙයක්යෑ, පිල්ලෙක් නෙව. ඔය අහුමුළු වලට වෙලා රෑ ජාමෙට කොල් ගන්නව මං දැකල තියනවා, ඉස්සර කිව්වෙ වයිෆ්ට ගන්නව කියලා, ඒ දවස් වල එයක් ‍රැ වැඩ. වැඩේ කියන්නෙ, මු තාමත් ඒක කරනව, හැබැයි මේ දවස් වල වයිෆ් ගෙදර :).මං කියන්නෙ, මුගේ හොර , චැට් , කෝල්ස් මොනව හරි වයිෆරේට මාට්‍ටු වෙන්න ගියා, මූ ගැහැව්වා ෆෝන් එක පොලොවෙ.
මට මොකටද, ඒකෙ වගක්, නිකං ෆෝන් හම්බ වෙන කොට


ආදර්ශය: පිල්ලො කැකුන තලන කොට මල් කඩන කොට, බස්සොන්ට රජ මඟුල්

7 comments:

  1. මගේ යාළුවෙක් මේ ළඟදි එයැයිගෙ iPhone එක උස්සන් එනවා, ඒක හරියට කෝච්චියට අහුවෙලා වගේ.. අපි ඇහුවම ඇයි කියලා කිවුවෙ බිම වැටුනා කියලා.. බුවා ඉන්නෙ ෆ්ලැට් එකක 3වෙනි තට්ටුවෙ, ඒකෙන් බිමටම වැටුනා කියලා තමා කියන්නෙ.. හැබැයි අපි අනුමාන කලේ වයිෆ්ට මල පැනලා පොරට ෆෝන් එකෙන් ගහන්ට ඇති කියලා තමා..

    ඔය චයිනීස් ස්පෙයාර් පාර්ට්ස් දාපු ෆෝන් පාවිච්චිය පරෙස්සමෙන් බස්සො.. ඔවුවයෙ කිසිම වගකීමක් නෑ, සේෆ්ටි එකක් නෑ.. උඹ ෆෝන් එක කණේ ගහන් ඉන්දැද්දි 'ඩෝං' ගාලා පුපුරන්ට පුළුවන්.. මතකනේ මීට ටික කාලෙකට කලින් චීනෙ කෙල්ලක් මලා එහෙම වෙලා..

    ReplyDelete
    Replies
    1. චීනෙ විතරක් නෙමේ මෙහෙත් ඔහොම දෙයක් වුණා වගේ මට මතක යි.

      Delete
    2. @Buratheno, දිලිනි

      හුටා, එහෙමත් එකක්ද? කෙලිය නේද පාත්තරේටම? මොකේදෑ දං වලඳන්නෙ? :)

      පිංසිද්ධ වෙච්චාවෙ අනතුරු ඇඟවීමට. මගේ පාවිච්චියට ඒ ජාතියෙ- පොලේ නොගහපු එකක් තියනවා. ඒක කනේ තියාගන්නවා.
      ඔය කියන විදිහට වෙනවා නං, ලංකාවට යවන්නත් බෑ, විකුණන්නත් බෑ නෙව? එක්කො ඔන්න ඔහේ ජේල්-බ්‍රේක් කරලා , ටැස්ටිං වැඩ වලට තියාගන්නවා

      Delete
  2. හොඳ ෆොන් එකක් තියන එකෙක් හොයාගෙන ඒක පොලවේගහන්න පොලඹවනව මාත්.

    ReplyDelete
    Replies
    1. ඔව්, වොව්. එච්චරම හොඳ නැති ෆෝන් එකක් උනත් කාරි නෑ, නිකං හම්බ වෙන අස්පයා නෙව :)

      Delete
  3. මම නම් හිතන්නේ මේක බස්සට උනු දෙයක්...බස්සා කෙල්ල එක්ක රන්ඩු කරලා ෆෝන් එක පොලවේ ගහන්ට ඇති. දැන් ඒක හදලා කෙල්ලට කියනවා ඇති අලුත් ෆෝන් එකක් ගත්තා කියලා.:D:D

    ReplyDelete
  4. මම දුප්පත් පක්ෂියෙක්. අපට ඔය ෆෝන් පොලේ ගහන පුරුද්දවත්, එහෙම කරන්න තරම් හයියක්වත් නෑ :)

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code